Saturday , June 19 2021

Tag Archives: Ben McKenzie

Gotham [S03 : E05] with Sinhala Subtitles | බලය උදෙසා ද්‍රෝහි වීම [සිංහල උපසිරැසි සමඟ]

නගරාධිපහිවරණය දිනපු පෙන්ගුයින් අද ඔන්න ඒක සමරනවා. දැන් පෙන්ගුයින්ගෙ විශ්වාසවන්තම යාළුවා වෙන්නෙ නිග්මා. අද ඉතින් පෙන්ගුයින්ට නොසිතූ වෙලාවක රතු හිස් වැසුම් එහෙමත් නැත්නම් රෙඩ් හුඩ් කණ්ඩායමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. රතු හිස් වැසුම්??? ඒ කියන්නෙ… අනේ මංදා, පොඩ්ඩක් ඔයාලම බලන්නකො ඔයාල හිතන දේද කියල. අද නිග්මට ගහලා පොල්ල වරද්ද ගත්තද මන්දා …

Read More »

Gotham [S03 : E04] with Sinhala Subtitles | නගරාධිපතිවරණය [සිංහල උපසිරැසි සමඟ]

අදත් මං මුකුත් වැඩිය කියන්න යන්නෙ නෑ. පරක්කුයි කියලා දන්නවනේ. වැඩ ගොඩගැහිලා. මේ සතියෙත් කතාව සුපිරියි. මතකනේ එදා අන්තිමට බෲස් වගේ අනිත් කෙනා ෆයිව් සෙලීනව හොයාගෙන යනවා. ඉතින් අද දෙන්නා එකතු වෙලා මොකද කරන්නෙ? ඒ අතරේ ඔන්න නගරාධිපතිවරණයත් පවත්වනවා. කවුරු දිනයිද? ඕබ්‍රිද නැත්නම් පෙන්ගුයින්ද? ඒ අතරේ අපේ අළුත්ම දුෂ්ඨයා මෑඩ් හැටර් …

Read More »

Gotham [S03 : E03] with Sinhala Subtitles | ටික් ටික් ටික් ටික් [සිංහල උපසිරැසි සමඟ]

අද නම් හොඳටම පරක්කුයි. ඒ ගැන සමාවෙන්න. පොඩි කරදර වගේකට මුහුණ දෙන්න වුණා. :/ එහෙනම් වැඩි කතාවක් නැතුව අද එපිය ගැන පොඩ්ඩක් බලමු. ඔන්න පලවෙනි වතාවට අද තමා ඩොක්ටර් ජර්විස් ටෙච් එහෙමත් නැත්නම් මෑඩ් හැටර් එන්නෙ. අපි දන්නවනෙ මෙයා දක්‍ෂ මනස පාලනය කරන වැඩේට කියලා. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. …

Read More »

Gotham [S03 : E02] with Sinhala Subtitles | අළුත් අයිවි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ආවා ගෝතම් තුන්වෙනි කාර්තුවේ දෙවනි කතාවත් අරගෙන. අදත් කියන්න දෙයක් නෑ කතාව සුපිරි. ගිය සතියෙ මතකනෙ අන්තිමට ඇල්ෆ්‍රඩ්ට ගහලා අන්තිමට බෲස්ව අරගෙන යනවා. අද ඉතින් පටන් ගන්නෙ එතන ඉඳන්. අද බෲස්ට අවස්ථාව හම්බවෙනවා එයා මෙච්චර කල් හොය හොය හිටපු කට්ටියව හම්බවෙන්න. කට්ටිය කිවුවට ප්‍රධානම කෙනාව විතරයි (මං …

Read More »

Gotham [S03 : E01] with Sinhala Subtitles | අමනුස්ස දඩයම ඇරඹේ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියට. ගෝතම් තෙවැනි කතා සමයේ පළවෙනි කතාවත් අරගෙන ඔන්න ආවා. දෙවනි කතා මාලාව ඉවර වෙද්දි මං මේක කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට අන්තිමට කරනවා කියලා හිතා ගත්තා. මොකද මේ ටිකේ කරන්න වෙන කෙනෙක්වත් හොයාගන්න අමාරු නිසයි, මේ වගේ සීරියස් එකකට සබ් නොදී ඉන්න එක අපරාධයක් නිසයි. ඉතින් ඔන්න …

Read More »

Gotham [S02 : E22] with Sinhala Subtitles| වේන් සමාගම පාලනය කරන්නෙ කවුද??? [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න අරගෙන ආවා ගෝතම් දෙවන කතා සමයේ අන්තිම කතාව. මං ඊයෙම දෙන්න හිටියෙ එපිය, මොකද ඊයේ මට විශේෂ දවසක් නිසා. කොහොම වුණත් ඊයෙම දෙන්න බැරි වුණා. :/ අද කතාවෙත් හුඟක් දේවල් වෙනවා. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ෆිෂ් මූනිට පණ එනවා,  ස්ට්‍රේන්ජ් බෲස්වයි ලුසියස්වයි ගෝඩ්න්වයි අල්ලගන්නවා, අන්තිමට ගෝඩ්න් …

Read More »

Gotham [S02 : E21] with Sinhala Subtitles| බෲස් සහ ස්ට්‍රේන්ජ් මුහුණට මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. ඒ නිසා අදත් පරක්කු වුණා. තරහක් ගන්න එපා ඉතින්.  අද ගෙනාවේ 21 වෙනි කොටස. අද කොටස ගැනත් කියන්න වචන නෑ. අද අළුත් සාමාජිකයින් ජීප දෙනෙක්වම ස්ට්‍රේන්ජ් මරණයෙන් ආපහු නැගිට්ටවනවා. ඒ අතර කළින් ගෝතම් පාලනය කළ කෙනෙකුත් ඉන්නවා. මම කියන්නෙ නෑ. රසය නැතිවෙයි කියලා. සෙලීනත් දැන් …

Read More »

Gotham [S02 : E20] with Sinhala Subtitles| ඇස්රයෙල්ගෙ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

මුළින්ම සමාවෙන්න මේ සතියෙ ගෝතම් එපිය පරක්කු වුණාට. මේ සති දෙකේම වැඩ ගොඩගැහිලා. කොටින්ම කියනවා නම් යාළුවො එක්ක සිවිල් වෝ බලන්න සෙට් වුණාම ෆිල්ම් එක බලන්න යන්න වුණේ ඉන්ටර්වල් එකෙන් පස්සෙ. ඊට පස්සෙ BvS සබ් එක සෙට් වුණා කරන්න. අවුරුදු තුනක් කට්ට කළා ගත්ත සබ් එක. මේ වැඩ නිසා ඒක …

Read More »

Gotham [S02 : E19] with Sinhala Subtitles| ඇස්රයෙල්ගෙ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ගෝතම් අරගෙන මම ආවා. අද 19 වෙනි එපිය. තව කොටස්  තව කොටස් තුනකින් මේ සීසන් එකත් ඉවරයි ඔන්න. 😀 ඉතින් අද කතාව ගැනත් කියන්න වචන නෑ. සුපිරි. අද පොඩ්ඩක් විහිළු ගතියකුත් තියෙනවා එපියෙ. මතකනෙ ගිය සතියට කළින් සතියෙ වෙච්ච දේ. අන්තිමට ගැලවෑන්ට පණ ආවා. අන්තිමට තව කීදෙනෙක්ට …

Read More »

Gotham [S02 : E18] with Sinhala Subtitles| ඇස්රයෙල්. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න එපිය මේ සතියෙ හුඟාක්ම පරක්කු වුණාට. මේ සතියෙ යාළුවො සෙට් එකක් සෙට් උනා ඉතින් අළුත් අවුරුද්දට. එදා දවසම ඉවරයි ඉතින් ඒකට. අනිත් දවසේ පොඩ්ඩක් සබ් එක කරන්න ගන්න පරක්කු වුණා ඊට පස්සෙ. ඒකයි මේ සතියෙ මේ එපිය පරක්කු. ලබන සතියෙ ඉඳන් පුරුදු විදිහටම බදාදා උදේ වෙන්න කළින් එපිය දෙනවා. …

Read More »

Gotham [S02 : E17] with Sinhala Subtitles| ප්‍රෙහෙලිකාව විසඳයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ගෝතම් අරගෙන ආවා. ගිය සතියෙ ආවේ නෑනෙ එපිය. ඉතින් මතකනෙ ගිය සතියට කළින් සතියෙ අන්තිමට ජිම්ව හිරෙන් නිදහස් කරගන්නවා බුලොක් එහෙම ඇවිල්ලා. ඉතින් අද තියෙන්නෙ ජිම් එයාව මේ මිනීමැරුමට කොටු කරපු කෙනාව හොයන්න ගන්න එක. මං අද නම් වැඩිය ලිපිය ලියන්නේ …

Read More »

Gotham [S02 : E16] with Sinhala Subtitles| හිරකඳවුරේ ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ඉතින් අන්තිමට ජිම්ව පින්ක්නේව මරපු එකට එඩ් මාට්ටු කරනවනේ. දැන් ඉතින් ජිම් ඉන්නෙ බ්ලැක්ගේට් හිරකඳවුරේ. මෙයාව තාවකාලික රැඳවුම් කොටසෙ ඉඳලා ඊට පස්සෙ වෙන තැනකට මාරු කරනවා. එතන පාලකයාට ඉන්නෙ ලෝබ්ගෙ යාළුවෙක්. මතකනෙ ලෝබ් කියන්නෙ කවුද කියලා. ඉතින් දැන් ලෝබ් මේක ජිම්ගෙන් පළිගන්න අවස්ථාවක් කරගන්නවා. දැන් ඉතින් එතන ලොක්කා …

Read More »

Gotham [S02:E15] with Sinhala Subtitles | ප්‍රශ්නාර්තයේ මූලාරම්භය [සිංහල උපසිරැසි සමඟ]

හම්මෝ කියන්න වචන නෑ අද එපිය ගැන නම්. සුපිරි සුපිරි සුපිරි. මුළින්ම කියන්න ඕනා අදත් ලයින් 300+ කරලා හසා මට ලොකු උදව්වක් කළා. 😀 . ඒකෙන් පේනවා හසා  ගෝතම් එකට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා. අපිත් එහෙම තමා ඉහතින් .. 😀 ඔන්න අද නිග්මා නිළ වශයෙන්ම වැඩ අල්ලනවා. නිග්මා මොන වගේ …

Read More »

Gotham [S02:E14] with Sinhala Subtitles | බෲස්ගේ ප්‍රථම මිනීමැරුම [සිංහල උපසිරැසි සමඟ]

අද නම් හොඳටම පරක්කුයි. මොකද ඉතින් මේ ටිකේ විදුලි බලය සැරින් සැරේ ඇන හිටින නිසා. ලබන සතියේ නම් පරක්කු වෙන එකක් නෑ මේ වගේ. මුලින්ම ස්තූති කරන්න ඕනා අපේ කළින් ගෝතම් සබ් නිර්මාතෘ හසා අයියට. මොකද අද එපියේ ලයින් 800+ තියෙනවා. ඉතින් ලයින් 200+ ගානක් කරලා දුන්නෙ හසා අයියා තමා. …

Read More »

Gotham [S02:E13] with Sinhala Subtitles | තවත් ප්‍රබලයකුගේ නැගිටීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමින් කොහොම හරි තමන්ගෙ ආදරවන්තියගෙ ජීවිතේ බේරගන්න අදිටනින් ෆ්‍රයිස් කරපු පරීක්‍ෂණය අන්තිමේදි හරි ගියා. මෙයා අන්තිමට පොලීසියෙන් එළියට එන්නෙ “මං ඔයාව බේරගන්න එනවා නෝරා” කියාගෙන. අවසානයේ පත්තරකාරයෝ මෙයාට අන්වර්තනාමයක් දෙනවා. මිස්ටර් ෆ්‍රීස්. ස්ට්‍රේන්ජ්ටත් දැන් මේක ගැන ඉවසිල්ලක් නෑ. මොකද එයා කරමින් ඉන්නවා කියන වැඩ සටහනට මේ ශීත ජනක ක්‍රමය අවශ්‍යවනවා …

Read More »

Gotham [S02:E12] with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස් [සිංහල උපසිරැසි සමඟ]

ආ… කොහොමද ඉතින් ගෝතම් ප්‍රේක්‍ෂකයිනි(ප්‍රේක්ෂිකාවනි). මතකද අන්තිම ගෝතම් එපිය ආපු දවස.ඔව් 2015 නොවැම්බර් 30 වෙනිදා. ඉතින් ඔන්න අළුත් අවුරුද්දත් උදා වෙලා මාස දෙකක් ගතවෙලා ඉවර වෙනකොට 2016 පෙබරවාරි 29 වෙනිදා ආයෙත් DC රසිකයන් කෙළ හලමින් බලන ගෝතම් දෙවැනි සමයේ දෙවැනි අර්ධය පටන් ගත්තා.  කට්ටියට මතක නම් මුල් අර්ධයේ, ඒ කියන්නෙ …

Read More »

Gotham [S02:E11] with Sinhala Subtitles | තියෝ මරුමුවට, මිස්ටර් ෆ්‍රීස් කරලියට! [සිංහල උපසිරැසි සමඟ]

අද ආවේ ගෝතම් දෙවැනි සමයේ 11 වෙනි කතාවත් අරගෙන. අද මීට කලින් සබ් එක ගේන්න තිබ්බා. කොහෙද මේ පිස්සෝ දෙන්නෙක් පිස්සුවක් කරන්න ගත්තනේ. හරි අද කතාවේ නම Worse Than a Crime.අද නම් කතාව පට්ට රසවත්. ගිය සතියේ මතක ඇතිනේ, තියෝ නිදහස් වෙනවා. ඉතින් ජිම්වත් අන්තිමට පැහැරගෙන යනවනේ තියෝ. ඊට පස්සෙ පෙන්ගුයින් තමා …

Read More »

Gotham [S02:E10] with Sinhala Subtitles | සහෝදරවරු වැඩ අරඹයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආවා ගෝතම් 10 වෙනි කොටස අරගෙන. කතාවේ නම “The Son of Gotham”. අද නම් සබ් එක හුඟක් පරක්කුයි ආ. මම ඒක පිළිගන්නවා :/ ඒ ගැන සමාවනු මැනවි. කොන්ඩේත් කපාගෙන පොඩ්ඩක් රවුමක් දාලා එන්න ගියා. ඒකයි වෙනදා වගේ සබ් එක ඊයේ රෑම දෙන්න බැරි වුනේ 😀 අදත් රසවත් දේවල් හුඟක් වෙනවා. …

Read More »

Gotham [S02:E09] with Sinhala Subtitles | අද නම් ජිම්ව මරනවාමයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ගෝතම් දෙවනි සමයේ 9 වෙනි කතාව අරගෙන ආවා. දැන් වැඩ නිසා අපේ බයිස්කෝප් කණ්ඩායමේ හුඟක් අයට සබ් කරගන්න වෙලා නැතිව ඉන්නෙ. ඔයාලටම තේරෙනවා ඇති ඉස්සර උදේ හවා දකින නම් අද මාසෙකට සැරයක් වගේ දකින්නෙ කියලා. මටත් දැන් ඒ සෙතේම වේගෙන එනවා. වැඩ නිසා සබ් කරන්නත් බොහොම අමාරුයි. රොයිලි අයියට …

Read More »

Gotham [S02:E08] with Sinhala Subtitles | අද රෑ තමා රෑ [සිංහල උපසිරැසි සමඟ]

අද රෑ තමා රෑ ( Tonight’s the Night) :D. ඕක තමා අද ගෝතම් එපියේ නම. අද එපිය මම කරන්නත් නෙවේ හිටියේ. වැඩක් නිසා අපේ වෙන කොල්ලෙක්ට බාර දෙන්න කියලා හිටියේ. පස්සෙ වැඩේ කල් දාගෙන අද ගෙදර නැවතිලා එපිය කරා. 😀  ඉතින් ගිය සතියේ වෙච්ච දේ මතකනේ. විශේෂ දේවල් ගොඩක් වුණා. පෙන්ගුයින්ගේ …

Read More »
error: Alert: Content is protected !!