Saturday , December 5 2020
Breaking News

Tag Archives: Bob Morley

The 100 [S06 : E09] Sinhala Subtitles | කළ යුත්තෙ කුමක්ද?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සති දෙකකට පස්සෙ තමා අපි අද මුණ ගැහෙන්නෙ. මුලින්ම මේක කියන්න ඕන. මං දන්නවා ගොඩක් දෙනෙක් ලිපිය නොකියවන බව. හැබැයි පුලුවන්නම් විනාඩියක් අරගෙන ලිපියේ මුල ටිකයි අග ටිකයිවත් කියවන්න පුරුදු වෙන්න. මොකද කලින් කොටසේ ලිපියේ මම පැහැදිලිවම සදහන් කළා ඊළග සතියේ කතාව විකාශය වෙන්නේ නෑ අපි ආයේ හම්බවෙන්නෙ …

Read More »

The 100 [S06 : E08] Sinhala Subtitles | විෂමතාවයේ අභිරහස? [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ගැන කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇති ගිය සතිය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබ්බේ ක්ලාක්ගෙ සහ ජෝසෆින්ගේ මනසවල්වල ඝට්ටනය උදෙසා කියලා. මතකයිනේ ජොසෆින් නින්දට ගියාම ක්ලාක් අවදි උනා, හැබැයි එහෙම උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් උනත් ඒකටත් ගිය සතියේ කොටසින් උත්තරයක් ලැබුනා. ඒකට හේතුව උනේ ඇලී. මතකයිනෙ …

Read More »

The 100 [S06 : E07] Sinhala Subtitles | මනෝ ලෝකයක අරගලය.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇතිනේ ජොසෆින් සෑහෙන්න උත්සහයක් දරනවා තමන්ට අවශ්යන දේවල්වලට කට්ටියව කැමති කරවගන්න. ජොසෆින්ට ගොඩක්ම අවශ්යබ දෙයක් තමා ඇබිව රවට්ටගෙන නයිට්බ්ලඩ් හදවගන්න එක. ඉතින් මර්ෆිගෙ උදව්වෙන් දැනගත්තු දේවල්වලින් ජොසෆින්ට හැකියාවක් ලැබුනා මතක ඇතිනේ ඇබිව නයිට්බ්ලඩ් හදන්න කැමති වෙන තැනට පත් කරගන්න. ඒ වගේම …

Read More »

The 100 [S06 : E06] Sinhala Subtitles | අවිනිශ්චිතතාවයේ මොහොතක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සෙ ආවා THE 100 හයවැනි කතාමාලාවේ හයවැනි කොටසත් අරගෙන. ඉතින් සමාවෙන්න ඕන, මේක ඊයේ ආවට මට ටිකක් පරක්කු උනා සබ් එක ගේන්න. කට්ටියට මේක කියලම ඉන්න ඕන. අධ්‍යාපන කටයුතු එක්ක ඉස්සරහටත් මේ වගේ හෝ මීට වැඩිය පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ ආව දවසෙම දෙන්නනම් …

Read More »

The 100 [S06 : E05] Sinhala Subtitles | අමරණීය ඇත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා the 100 හයවැනි කතාමාලාවේ පස්වැනි කොටස. සමාවෙන්න ඕන පොඩ්ඩක් පමා උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ ගැන කොටස ගැන මතක් කළොත් ගිය සතියෙ මතක ඇති නගරෙන් එළියෙ ඉන්න ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ග්‍රහණයෙන් රෝස් එක්ක පැනලා යන්න සමත් වුනා. ඒ වගේම තමා ප්‍රයිම්ලගෙ …

Read More »

The 100 [S06 : E04] Sinhala Subtitles | නාමකරණය සහ යළි ඉපදීම! [සිංහල උපසිරැසි සමඟ]

රාත්‍රී දහයත් පහුවෙලා තියෙන වෙලාවේ ඔන්න එහෙමනම් කතාව ඉවරයක් කරගත්තා. හැබැයි මුලින්ම මේක කියලා ඉන්න ඕන. THE 100 විකාශය වෙන්නෙ අගහරුවාදා ඒ කියන්නෙ මේ කොටස විකාශය උනේ 21වැනිදා. හැබැයි එහෙම විකාශය උනාට ඒ ඇමෙරිකාවේ වෙලාව මිසක් ලංකාවේ වෙලාව නෙවේ. ලංකාවේ වෙලාවෙන් අපිට මේක විකාශය වෙන්නෙ ඊළග දවසේ උදේ ඒ කියන්නෙ …

Read More »

The 100 [S06 : E03] Sinhala Subtitles | ගේබ්‍රියල්ගෙ දරුවන්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන අද කොටස ගේන්න ටිකක් පමා උනා. පමා උනා කිව්වට උපසිරැසිය ඇවිත් පැය 24ක් ඇතුළත වැඩේ ඉවරයක් කරගන්නනම් පුළුවන් උනා හැබැයි. ඔන්න එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන කතා කළොත් ඔබට මතක ඇති ඇල්ෆා ග්‍රහලොවට මුලින්ම ආව පිරිස ගැන පෙන්නුවා කියලා. එයාලා ඇවිත් තිබ්බේ …

Read More »

The 100 [S06 : E02] Sinhala Subtitles | රක්ත සූර්‍යයාගෙ බලපෑම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 සයවැනි කතාමාලාවේ දෙවැනි කොටස. අදත් යාන්තම් ආව දවසෙම වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ලෝක විනාශයෙන් පස්සේ අභ්‍යවකාශ ගතවුණු පිරිසට මොන්ටිගේ පිහිටෙන් අලුත් ලෝකයක් හොයාගන්න පුළුවන් උනා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසුද නැද්ද, මෙහෙ එලිජියස් තුන යානයෙන් …

Read More »

The 100 [S06 : E01] Sinhala Subtitles | නව ලොවක්, නැවුම් අපේක්ෂාවක්. [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම බොහෝ දෙනෙක් එනකම් මග බලාගෙන සිටි THE 100 කතාමාලාවේ හයවැනි කතාසමය ඔබ වෙත ගෙන එන්නයි. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. පසුගිය කතාමාලාව පිලිබදව කෙටියෙන් විමසා බැලීමක් කළොත් ඔබට මතක ඇති ෆ්‍රයම්පායාගෙන් ලෝකය විනාශ වෙන්න යද්දි පෘථිවියේ හිටිය පිරිසක් අභ්‍යවකාශයටත් තවත් පිරිසක් බංකරේ තුළටත් ගියා. ක්ලාක්ට විතරක් …

Read More »

The 100 [S05 : E13] Sinhala Subtitles | අපි නැවත හමුවේවා!! [සිංහල උපසිරැසි සමඟ]

THE 100 පස්වැනි කතාසමය ආරම්භ වන්නේ ප්‍රයම්ෆායා එනම් ලෝක විනාශයෙන් පස්සෙ නටබුන් වෙලා ගිය ලෝකයකයි.. ජිවිත බේරාගනිම උදෙසා පිරිසක් භූගත බංකරයක් තුළටත්, කීප දෙනෙක් අභ්‍යවකාශයටත් ගියා. හැබැයි ක්ලාක්ට විතරක් යන්න ලැබුනේ නෑ නෙව.. ඉතින් පස්වැනි කතාසමය ආරම්භ වන්නේ එම විනාශයෙන් සය වසරක් නික්ම ගිය පසුවයි… අපිට දැකගන්න ලැබුනා සමස්ත ලෝකයම …

Read More »

The 100 [S05 : E12] Sinhala Subtitles | අවසන් භුමිය උදෙසා අන්තිම සටන [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා පස්වන කතාමාලාවේ 12වන කොටස.. හරි එහෙමනම් අද තමයි අපි සති ගානක් තිස්සේ පුන පුනා බලා සිටිය ඒ දවස.. ගෝත්‍රය සහ එලිජියස් සිරකරුවන් අතර ඒ මහා යුද්දය ආරම්භ වෙන්නයි යන්නෙ.. හොදයි අපි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙනම් අපට දැක බලාගන්න ලැබුනේ …

Read More »

The 100 [S05 : E11] Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්.. ඔන්න ගෙනාවා පස්වන සමයේ 11වන කොටස.. ඒ කියන්නෙ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත තව. හරි එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියේ අපි දැක්කා රතු රැජිණව මරලා මැඩිව කමාන්ඩර් කරන්න හදපු බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා තුන්දෙනාට සටනකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඉන්ද්‍රාට ඕන බෙලමිව …

Read More »

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතියේ අපිට දැකගන්න ලැබුනා බෙලමි ඔක්ටෙවියාව ලෙඩ ඇදට යැව්වට පස්සෙ ගෝත්‍රය තුල ඇතිවෙන බල අරගලයක්.. බෙලමි සහ ඉන්ද්‍රාගෙ සැලැස්ම උනේ පාලන බලය ඉන්ද්‍රාගෙ අතට අරගෙන ඩියෝසට යටත්වෙලා නිම්නයට යන එක. නමුත් මිලර්ගෙ මැදිහත්වීම නිසාවෙන් ඉන්ද්‍රාට අපේක්ෂා කළාක් මෙන් පාලන බලය ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඒ නිසාම බෙලමිගේ දෙවැනි උපාය …

Read More »

The 100 [S05 : E09] Sinhala Subtitles | පාලනයේ වෙනසක්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ …

Read More »

The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල.. මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ …

Read More »

The 100 [S05 : E07] Sinhala Subtitles | යුද්ධයේ පෙර සූදානම පරාජයට හේතුවක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනමනම් මේ අපි ආයේ හමුවෙන්නේ සතියකට පස්සේ. ගිය සතියෙත් THE 100 කොටස සමගාමිව විකාශය උනේ නෑ නොවෑ.. දැන් මේක සතියක් ඇර සතියක්ද මන්දා විකාශය වෙන්නෙත්.. හරි ඒ බයිලා ඕන නෑ අපි කතාව ගැන බලමුකෝ.. කලින් කොටසේ මතකයිනේ ඔක්ටේවියා නිම්නය අල්ලගන්න ගිහින් ලබපු පරාජය නිසාවෙන් වගේම පරපෝෂිතයෝ පහර දීපු නිසා …

Read More »

The 100 [S05 : E06] Sinhala Subtitles | දෙපිළකට බෙදී යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් මේ ඔබ හමුවට එන්නේ THE 100 පස්වන කතාසමයේ හයවන කොටසත් සමගින්. අදත් ඔන්න දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනවද වෙන්නෙ කියලා එහෙමනම්. ගිය සතියෙ අපට දැකගන්නට ලැබුනා බ්ලඩ්රෙයිනා තමන්ගේ සෙබළු 50දෙනෙකුත් අරගෙන ඩියෝසා එක්ක සටන් වදින්න …

Read More »

The 100 [S05 : E05] Sinhala Subtitles | බිහිසුණු කාන්තාරය මැද…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදාගන්නවා. …

Read More »

The 100 [S05 : E04] Sinhala Subtitles | මහා සටනකට මංපෙත් විවර වෙයි.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා... ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ගණුදෙනුව ක්‍රියාත්මක …

Read More »

The 100 [S05 : E03] Sinhala Subtitles | නිදා සිටින යෝධයින්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වැනි සමයේ තුන්වන කොටස. දින දෙකක්ම පමා උනානම් තමයි. කට්ටිය මට බැන බැන නේද ඉන්න ඇත්තෙත්? හරි එහෙමනම් අපි බලමුකො මොකද කතාවේ අද වෙන්නේ කියලා.. ගිය සතියේ කොටස මුළුමනින්ම පාහේ වෙන් කරලා බංකරය ඇතුලෙ පිරිසට මොනවගේ දේවල්ද සිද්ද වුනේ කියලා පෙන්වන්න. ඒ …

Read More »
error: Alert: Content is protected !!