Friday , October 2 2020
Breaking News

Tag Archives: Hannah New

Black Sails [S04 : E10] with Sinhala Subtitles | අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

බ්ලැක්සේල්ස් කතාමාලාව අහවරයක් කරන්න තමා මේ සූදානම! හැමෝම වගේ දන්නවා ඇතිනේ මෙතනින් බ්ලැක්සේල්ස් කතාමාලාව නිල වශයෙන් සමාප්ත වෙනවා. ඉවරවෙලා නම් මං හිතන්නේ දැන් මාසයකටත්  වැඩියි. එතරම් ප්‍රමාදවීමක් වුනා. ඉතින් මේක කරන අතරේ චිත්‍රපටි ආවම තවත් හිරවුනා. කොහොමවුනත්, බොහෝ විට මේකෙන් පස්සේ ආයේ ටීවී සීරීස් එකක්නම් කරන්න වෙන එකක් නෑ. මොකද …

Read More »

Black Sails [S04 : E09] with Sinhala Subtitles | ඇටසැකිලි දූපත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී, ටිකෙන් ටික ගිලිහෙමින් තිබුන ෆ්ලින්ට් සහ සිල්වර් අතර විශ්වාසය මුළුමනින්ම බිදී ගියා. මොකද සිල්වර් ෆ්ලින්ට්ට දැනුම් නොදී නිධානය ගොඩ අරගෙන ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබුනා. නමුත් සිල්වර් හිතුවා වගේම ඔහුට ඒක ඕනවුනා මැඩීගේ ජීවිතය බේරගන්න. නමුත් ගණුදෙනුව කරන්න කලින් ෆ්ලින්ට් තවත් කෙනෙක් හවුල් කරගෙන නිධානය රැගෙන යනවා. ඊශ්‍රායෙල් …

Read More »

Black Sails [S04 : E08] with Sinhala Subtitles | තුරුම්පුව! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ජැක් රැකම් ඇතුළු පිරිස අරගෙන ආව යෝජනාවට එලනෝර්ගේ සීයා එකවරම අකමැති වුනත් එලනෝර්ගේ ආච්චි සැලසුමට එකඟවෙනවා. නමුත් අවසන් වශයෙන් ඔවුන්ගේ වටිනාකම පෙන්වන්න කැප්ටන් ෆ්ලින්ට්ව ජැක් අතින් මරන්න ඕනේ කියලා එලනෝර්ගේ ආච්චි කියනවා. මේ අතර බිලී ආණ්ඩුකාරයාව මුනගැහෙනවා. දැන් බිලීට ඕනකරන්නේ කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසගෙන් පලිගැනීම විතරයි.මොකද කට්ටිය ඔහුට ද්‍රෝහිවුන නිසා. …

Read More »

Black Sails [S04 : E07] with Sinhala Subtitles | නැවත නැගිටිමු! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යත් හවුල් කරගෙන නැවත වතාවක් නසාවූ දූපත අල්ලගන්නවා. නමුත් ඒ අවස්තාවේ එලනෝරුත් දූපතේ නිසා ආණ්ඩුකාරයා ඇයව අරගන්න කට්ටිය යැව්වත් ඔවුන්ට ඇයව හොයාගන්න බැරිවෙනවා. අන්තිමේදී එලනෝර්ට ජීවිතයෙන් සමුගන්න සිද්ධවුනා මතක ඇතිනේ. කතාව ආරම්භයේ ඉදලම ප්‍රධාන චරිතයක් වුන එලනෝර් ගත්‍රීත් කතාවෙන් අන්න ඒ විදියට සමුගත්තා. මැඩීත් මියගියා කියලා හිතුවත් ඒක …

Read More »

Black Sails [S04 : E06] with Sinhala Subtitles | යුද්ධය අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන පමාවෙලා තමා හයවෙනි එපිය අරන් එන්න පුළුවන් වුනේ. ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න බලන්නම්. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී බිලීට සිද්ධවුන දේ මතක ඇතිනේ? හැබැයි සිල්වර් බිලීව මරන්නේ නෑ. එතකොට ජැක් ආපහු දූපතට ගොඩ බහිනවා. හරියටම ෆ්ලින්ට්ගෙයි එලනෝර්ගෙයි ගණුදෙනුව සිද්ධවෙන්න තිබුන තැනටම. හැබැයි කිසිම ගණුදෙනුවක් සිද්ධවුනේ නෑ.මොකද …

Read More »

Black Sails [S04 : E05] with Sinhala Subtitles | සටන අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොටසින්, එලනෝර් තමන්ගේ යෝජනාව ගැන ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවනවා. …

Read More »

Black Sails [S04 : E04] with Sinhala Subtitles | හුවමාරුව! (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ කතාව අරන් එන්න පමාවුනාට. මොනා කරන්නද. තියෙන වැඩත් එක්ක තවත් උපසිරැසි ගොඩගැහුන නිසා මේක එන්න එන්න කල් ගියා. මේ වෙනකොට 5වෙනි එපියත් ඇවිත් ටික දවසක් වෙනවා. ඉක්මනින්ම ඒකත් දීලා ආයේ සමගාමී විකාශයට එන්න තමයි උත්සහ කරන්නේ. සබ් ටික හිරවුන වෙලාවේ ගියවර එපිය අරගෙන ආව, කතාවේ මුල් අයිතිකාරයා …

Read More »

Black Sails [S04 : E03] with Sinhala Subtitles | බ්ලැක්බියඩ්ගේ අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම! සීසන් දෙකෙන් පස්සේ ආය වතාවක් කළු රුවල් ඔසවන්න ආයෙත් මම ආවා. හැබැයි ඊළඟ කොටසේ ඉඳන් ඉසුරු උන්නැහේ මේක අවසන් වෙනකන් කරගෙන යාවි. අද මේ පොඩි උදව්වකට තමයි කලින් ආරම්භ කරපු කතාව එක්ක එකතු උනේ. එහෙනම් මෙහෙම කියන්නම් කලින් කොටස ගැන. ඉසුරු කලින් කොටසේ කිව්වා වගේ ෆ්ලින්ට් බිලි කියන්නේ …

Read More »

Black Sails [S04 : E02] with Sinhala Subtitles | ලෝන්ග් ජෝන් සිල්වර්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි කොටස අරගෙන ආවා! සුපුරුදු පරිදි පරක්කුයි තමා. මොනා කරන්නද ඉතින්. වෙලාව ලැබෙනවා අඩුයිනේ. බලමුකෝ එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. හතරවෙනි සීසන් එකට හොද ආරම්භයක් ගත්තා නේ? ආණ්ඩුකාරයා ෆ්ලින්ට් ඇතුළු පිරිසගේ ප්‍රහාරය වලක්වනවා. ඒ වගේම නැව් දෙකක් ගිල්ලන්න ආණ්ඩුකාරයාට පුළුවන් වෙනවා. එතනදී ජෝන් සිල්වර් අතුරුදහන් වෙන නිසා කට්ටිය …

Read More »

Black Sails [S04 : E01] with Sinhala Subtitles | අනපේක්ෂිත ප්‍රහාරයක්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. බ්ලැක් සේල්ස් කතාමාලාව මතක ඇති කියලා හිතනවා. ආසාවට වගේ කලින් සීසන් එක භාරගත්ත මේ කතාවේ මේ සීසන් එකත් ඉතින් මටම භාරවුනා. 🙂 මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියවත් මේ වෙලාවේ මතක් කරනවා. කතාව එන්න මාස ගානකට කලින්ම මට මේක මතක් කරලා මාට්ටු කරලා තිබුනේ. ඒ වගේම ගොඩක් අය …

Read More »

Marvel’s Daredevil [S02 : E12] with Sinhala Subtitles|ස්ටික් සහ ඉලෙක්ට්‍රා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්න යන්නේ නෑ. මෙවර කොටසින්, කතාවේ අවසානයට ලංවෙනවත් එක්කම සටන් වලින් නම් අඩුවක් නෑ. මෙවර කොටසත් ක්‍රියාදාම, සටන් පිරුණු කොටසක් විදියට හදුන්වන්න පුළුවන්. නැව් තටාකයේ සිද්ධියෙන් පස්සේ කතාවේ මොනවාද වෙන්නේ? කියන එක වගේම ස්ටික් හා ඉලෙක්ට්‍රා අතර ඉස්සර සිදුවුන දේවල් වගේම තවත් ගොඩක් දේ මෙවර …

Read More »

Black Sails [S03 – E10] with Sinhala Subtitles 18+ | ඉංග්‍රීසින්ට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Black Sails කතාමාලාවේ තුන්වෙනි සීසන් එකේ අවසාන කොටසත් අරන් ආවා! කතාව ඉවරවෙලානම් දැන් ටික දවසක් වෙනවා මං හිතන්නේ. කොහොමහරි වැඩත් එක්ක මේක සමගාමීව නම් දෙන්න බැරිවුනා. අවුලක් නෑනේ? කොහොමහරි ඔන්න අද  වැඩේ ඉවර කලා. ඉතින් මේකෙන් පස්සේ ඉදිරියේදී කතාමාලාවක් නම් කරන්න බැරිවෙයි. බලමුකෝ නේද? එහෙනම් බලමු කතාවේ මොකද වුනේ කියලා, …

Read More »

Black Sails [S03 – E09] with Sinhala Subtitles 18+ | සමුගැනීම ! [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලින්ට්, වේන් ඇතුළු පිරිසට ජැක්ව බේරගන්න පුළුවන් වුනත්, අන්තිමේදී හමුදාව විසින් වේන්ව අල්ලගන්නවා. වේන්ව බේරගන්න ෆ්ලින්ට් යන්න හදද්දී බිලී ඒකට ඉදිරිපත් වෙනවා.මොකද ෆ්ලින්ට්ට මොනාහරි වුනොත් ඔවුන්ගේ හැම උත්සහයක්ම වතුරෙනේ. ඒවගේම තමයි හෝර්නිගෝල්ඩ් දැනගන්නව නැව පේන්නේ නැති විදියට දූපත ලගින් තවමත් තියෙන බව. ඉතින් හෝර්නිගෝල්ඩ් ෆ්ලින්ට්ගේ නැව හඹා යනවා දකින්න ඇති. මෙතනින් එහාට …

Read More »

Black Sails [S03 – E08] with Sinhala Subtitles 18+ | නිදහස ! [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලින්ට් සහ රොජර්ස් අතර සාකච්ඡාවක් ගියවර කොටසේදී දැකගන්න පුළුවන් වුනා. ඒක ඉතින් හොද විදියටනම් අවසන් වුනේ නෑ වගේ. ඒවගේම ජැක් ලග තිබුන නිධානයේ කොටසත් ආණ්ඩුකාරවරයා ලබාගන්නවා.හැබැයි ඉතින් ඒක නිකන්ම දීලා දැම්මට ඔවුන්ගේ සැලසුම වෙනත් එකක්. ඒ තමයි නිධානයේ කොටසත් එක්ක ජැක්වත් බේරගන්න එක. ඒ සැලසුම මොකක්ද කියලත් දැකගන්න පුළුවන් වුනා. …

Read More »

Black Sails [S03 – E07] with Sinhala Subtitles 18+ | යලිත් නසාවු වලට ! [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලින්ට් හා ටීච් අතර සටනේදී වේන් ෆ්ලින්ට්ට උදව් කරනවා. වේන්ගේ උදව් නැත්නම් ෆ්ලින්ට් පරාද වෙන්නත් ඉඩ තිබුනා. ඉතින් මේ විදියට දෙවෙනි වතාවටත් වේන් ටීච්ට ද්‍රෝහිවෙනවා.අන්තිමේදී වේන්වත් එක්කන් යන්න කියලා ටීච් ෆ්ලින්ට්ට කියනවා. ඉතින් ඔය විදියට තමයි නසාවු ආක්‍රමණයට ෆ්ලින්ට් වේන්වත් එක්කාසු කරගත්තේ. ඒවගේම ජැක් හංගපු නිධානය ආණ්ඩුකාරයාට දෙන්න කැමති වෙන්නේ …

Read More »

Black Sails [S03 – E06] with Sinhala Subtitles 18+ | තවත් ඉදිරියට. [සිංහල උපසිරැසි සමඟ]

“කළු රුවල්” කතාමාලාවේ හයවෙනි කොටහත් ඔන්න අරන් ආවා! කලින් දෙන්න හිටියත් මේක දැන් තමයි ඉවරකරගන්න පුළුවන් වුනේ. අනිත් කොටසුත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව තරමක් පරිවර්තනය කරන්න අපහසු නිසාත් මේකට යන කාල වේලාව වැඩියි. එහෙනම් බලමු නේද මේ කොටසේ මොකද වෙන්නේ කියලා? කලින් කොටසේදී ෆ්ලින්ට් කියපු විදියට චාර්ල්ස්ව හොයාගෙන ඔහු ඉන්න …

Read More »

Black Sails [S03 – E05] with Sinhala Subtitles 18+ | නව සැලසුම් හා පැරණි කුමන්ත්‍රණ! [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී, කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසට දූපතේදී වෙච්ච අකරතැබ්බය මතක ඇතිනේ. කට්ටියවම කූඩුවක දාලා හිරකරලා තියාගන්නවා. ඒ විතරක් නෙමේ එහේ රැජිණගේ අදහස ඔවුන් සියළුදෙනාම මරලා දාන එක. ඒවගේම ටීච්ගේ උදව්වෙන් වේන්ට නසාවු වලින් පනපිටින් එන්න ලැබෙනවා. කතාව අවසානයේ දකින්න ලැබෙනවා අර දූපතේ රජ ඒ කිව්වේ අර ගෑණුකෙනාගේ මහත්තයා වෙන්නේ ෆ්ලින්ට්ව හොදින්ම අදුරන …

Read More »

Black Sails [S03 – E04] with Sinhala Subtitles 18+ | කුරිරු දූපත! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් හතරවෙනි කතාංගයත් අරන් ආවා! බලමු නේද කලින් කොටසේ මොකෝ වුනේ කියලා, අර්කා රත්තරන් ගැන ඇත්ත කතාව සිල්වර් විසින් ෆ්ලින්ට්ට කියනවා. හැබැයි ඉතින් ඒක අහලා ෆ්ලින්ට් නම් වැඩිය කලබල වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහුට හිතාගන්න බැරිවෙනවා ඔහුව රැවට්ටුව බව. දැන් නම් කොහොමින් කොහොම හරි ෆ්ලින්ට් හා සිල්වර් අතර විශ්වාසයක් ගොඩනැගිලයි තියෙන්නේ. දැන් …

Read More »

Black Sails [S03 – E03] with Sinhala Subtitles 18+ | නිසල බව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොටලා කොටලා තුන්වෙනි කොටහ අරන් ආවා! දැන් කොටස් 6ක් විකාශය වෙලා ඉවරයි. ඉක්මනටම සමගාමීව ලබාදෙන්න තමයි උත්සහ කරන්නේ. එහෙනම් කලින් වෙච්ච දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු, ෆ්ලින්ට් ඇතුළු කණ්ඩායම කුණාටුවට මුහුණදුන්න හැටි ගියවර කොටසින් බලාගන්න පුළුවන් වුනා. කොහොමහරි අන්තිමේදී ඔවුන් කුණාටුවෙන් බේරෙනවා. හැබැයි හෝර්නිගෝල්ඩ් නම් හිතන්නේ ෆ්ලින්ට් මැරුනා කියලා. ඔහු …

Read More »

Black Sails [S03 – E02] with Sinhala Subtitles 18+ | කුණාටුවට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං දෙවෙනි කොටහ අරන් ආවා! කට්ටිය එහෙනම් පලවෙනි කොටස බලලා තුන්වෙනි කතාසමයට ආරම්භයක් ගත්තා කියලා හිතනවා. පෙර කොටසේදී, දැන් රත්තරන් ටික තියෙන්නේ නසාවු වල බලකොටුවේ හරිහැටි ආරක්ෂාවක්වත් නැතුව. ඉතින් ඒ මදිවට බලකොටුව ආපහු හදන්න මිනිස්සුන්ව කැමතිකරගන්නත් බෑ. ඔය කියන ප්‍රශ්න තමයි දැන් ජැක් රැකම්, වේන් ඇතුළු පිරිසට තියෙන්නේ. ඉතින් ඒ …

Read More »
error: Alert: Content is protected !!