Sunday , September 20 2020
Breaking News

Tag Archives: Harold Perrineau

Constantine [S01 : E13] | දුෂ්ඨයා [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, කලින් සතියේ කිව්වට වඩා කියන්න විශේෂ දෙයක් නෑ. ඇත්තටම ඊලග සීසන් එකක් ගැන කිසි සද්දයක් නෑ. කොහොම වුනත් පහුගිය දවසක වැඩසටහනේ නිෂ්පාදකයෝ ප්‍රසිද්ධ කළාලු ඊලග එපිසෝඩ් එකේ නම “Devil Doc” බව. මං දන්නේ නෑ ඒ හරුපේ මොකද්ද කියලා. දෙවැනි සීසන් එකක් සදහා රසිකයෝ වගේම විචාරකයෝත් ගොඩක් ඉල්ලීම් …

Read More »

Constantine [S01 : E12] | කළු දියමන්තිය [සිංහල උපසිරැසි සමඟ]

NBC නාලිකාව පහුගිය සතියේ තවත් සීසන් එකකට අවසර දුන්න වැඩසටහන් එලි දරව් කලත් ඒ ලයිස්තුවේ කොන්ස්ටන්ටීන් තිබුනේ නෑ. දිගට හරහට පහල වැටෙන රේටින් එක්ක ඒකෙ පුදුම වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි කට කතාවල හැටියටනං තවමත් කොන්ස්ටන්ටීන් නවත්තලා දාන්න තීරණයක් අරගෙන නැති NBC නාලිකාව, ෂෝ එක syfy නාලිකාවට මාරු කරන්නත්, නම …

Read More »

Constantine [S01 : E11] | එහා ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවත් බලාපොරොත්තු වුන තරම්ම හොද නැති වුනත් නරකම නෑ. චැස්ගේ කතාව පැහැදිලි කරපු එක හොදයි. ඒත් කලින් පෙන්නගෙන ආපු විධිහට මීට වඩා බරපතල සංවේදී හේතුවක් චැස්ගේ අමරණීයත්වය පිටිපස්සේ තිබුනනං ඒක ඊට වඩා සාර්ථකයි.  කතාවේ පෙන්නපු අමරණීයත්වයට හේතුව සරල වැඩියි.  අර මැද්දේ තිබුන ඩයිනසෝර ඩීමන් මොකට හිටියද කියලා ලියපු එව්වගෙන් …

Read More »

Constantine [S01 : E10] | අමරණීය චැස් [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාව (එපි 8 සහ 9) ගැන කියත්දී මට මුලින්ම අහන්න තියෙන්නේ යක්කු ටික පැටලුන අය ඉන්නවනං අත උස්සන්න කියලයි. මොකද අවංකවම මටනං පැටලුනා. (ඉවොන්චේයි බෘහරියායි පවා ජාති දෙකක් බව මට මීටර් වුනේ කතාව ආයි බැලුවමයි 😳 ඇයි දෙයියනේ යක්කු ජාති කීයක් මතක තියා ගන්න කියලද? විභාගෙකට පාඩම් කරනවා වගේනේ …

Read More »

Constantine [S01 : E09] | අවසන් තුරුම්පුව – 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

 හොදයි, කොන්ස්ටන්ටීන් ඉතුරු ටික බලන්න ලෑස්ති ඇති කියලා හිතනවා. මේ කොටස විකාශනය වෙන්න තිබුනේ ගිය සතියේ වුනත්, NBC නාලිකාව ඒක සතියකින් පස්සට දැම්මා, ඒ නිසයි 9 වෙනිදා වෙනුවට 16 වෙනිදා වුනේ. ඒ වගේම මේ කතාව විකාශනය වුන සිකුරාදා රෑ 10 – 11 පැයෙන් අයින් කරලා 8 – 9 පැයට මාරු …

Read More »

Constantine [S01 : E08] | අවසන් තුරුම්පුව – 1 කොටස [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස ගැන කිව්වොත්, මෙච්චර කල් හැම එපිසෝඩ් එකකම වගේ දකින්න ලැබුන එක දුර්වල කමක් ඒ කොටසේත් තිබුනා, ඒ තමයි ප්‍රධාන චරිතයක් හලන එක, හලනවා විතරක් නෙමේ ඒ චරිතේ නැති එක ගැන මෝඩ නිදහසට කාරනාවකුත් කියනවා. මේ ගැන ටිකක් හොයල බැලුවම මට තේරුන විදිහට, මෙහෙම වෙන්නේ වැඩසටහනේ වියදම වැඩි නිසා …

Read More »

Constantine [S01 : E07] | ආශිර්වාද ලද්දෝ අපාගත වන්නෝය! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස ඇත්තටම සැලසුම් කරලා තිබුනේ දෙවැනි කොටස විදිහට විකාශනය කරන්න බව මම කිව්වනේ. ඒ නිසා ඒ කොටස ගැන වැඩි විස්තරයක් ලියන්න අදහසක් නෑ. මුලින් සෙඩ්ව කතාවට ඇතුල්කරන්න සැලසුම් කරලා නොතිබුන නිසයි කතාවේ සෙඩ් නොහිටියේ. කතාව ගැන කියන්න තියෙන්නේ යක් ළමයින්ට බය හිතෙන්නේ නෑ. ළමයාගේ දෙමව්පියන්ව බේරගන්න බව දැනගන්න කතාව …

Read More »

Constantine [S01 : E06] | ළමා උදහස… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, කොන්ස්ටන්ටීන් ගැන NBC නාලිකාව අවසන් තීන්දුවක් අරන් තියෙනවා. (තරමක් දුරට) ඒ තමයි Full-Season එකකට අවසර නොදෙන්න. ඒ අනුව කලින් නිෂ්පාදනය කරන්න තීරනය කරලා තිබුන එපිසෝඩ් 13න් පලවෙනි සීසන් එක අවසන් වෙනවා. (ඒ කියන්නේ season brake නැතුව එක දිගට විකාශනය කරලා, ජනවාරිවෙන කොට සීසන් එක නිමා වෙයි ) කොහොම වුනත් …

Read More »

Constantine [S01 : E05] | වූ ඩු නාඩගම… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ දවස්වල හැම දේම පරක්කු කරනවට. 🙁 පහු ගිය සතියෙ කතාව පටන් ගනිත්ති මට හිතුන දේ මේකයි. “හරි, බෝතලෙන් යකෙක් එලියට ආව, දැන් ඉතින් මිනිත්තු හතළිහක් තිස්සේ දගලලා දගලලා අන්තිමේ ඌව ආපහු බෝතලේටම දාගනියි, නැත්නං අපායට යවයි. ඕකනේ ඉතින් වෙන්නේ” හරිම සතුටුයි ඒක එහෙම නොවුන එක ගැන. කතාවේ මුල් …

Read More »

Constantine [S01 : E04] | පරිත්‍යාගය… [සිංහල උපසිරැසි සමඟ]

සාමාන්‍යෙන් මං පහුගිය කොටස ගැන මොනවත් ලියන්නේ නැත්තේ ඒක තවම නොබලපු අය ගැන හිතලයි. ඒ වුණත් මේක අලුත් වැඩසටහක් නිසා මං කල්පනා කළා වෙනසකටත් එක්ක ඒ ඒ කොටස ගැන මට හිතුණ දේත් හැම සතියෙම ලියන්න. මේ සතියේ කොටස ගැන මේ සතියෙම ලිව්වොත් කතාව බලන්න කලින් ලිපිය කියවන අයගේ කුතුහලේ නැති …

Read More »

Constantine [S01 : E03] | යක්ෂයගේ ගායනාව… [සිංහල උපසිරැසි සමඟ]

ජෝන්ගේ පරණ යාලුවෙක් මැරෙනවා සංගීත තැටියක් අහන්න ගිහින්. මේ ගැන හොයන්න යන ජෝන් දැනගන්නේ මේ ප්‍රශ්නෙට යක්ෂයට ආත්මේ විකුනපු කෙනෙක් වගේම ටිකක් භයානක කට්ටඩියෙකුත් සම්බන්ධ බවයි. කොහොම හරි කතාව ඉවර වෙනකොට ජෝන් තමන්ගේ හතුරන්ගේ ලයිස්තුවටනං තව එකෙක්ව එකතු කරගන්නවා. විස්තර කතාව බලලම දැනගමු. —————- අධ්‍යක්ෂණය : රෝමියෝ ටිරෝනේ (Romeo Tirone) …

Read More »

Constantine [S01 : E02] | පතලේ භීෂණය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මං හිතන්නේ, පයිලට් එකට අනුව මේ ෂෝ එක ගොඩ නැගෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නයි. මොකක් හරි වෙනදා නොතිබුන දුෂ්ඨ දෙයක් මතුවෙමින් තියෙන බව කීප වතාවක් කියවුනා, ඒ මොකද්ද? (ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ පලවෙනි සීසන් එකෙන් එහාට යන්නත් ඉඩ තියෙනවා) ඇස්ට්‍රාව බේරගන්න පුළුවන් වෙයිද?නර්ගාල්ගෙන් පලිගන්න බවට කොන්ස්ටන්ටීන් දිවුරලානේ තියෙන්නේ, ඉතින් …

Read More »

Constantine [S01 : E01] | යලි සටනට… [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහනක්: පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික් රසිකයෙක් නෙමේ. ජනප්‍රිය කොමික් වීරයන්ට සාමාන්‍යෙන් මම අකමැතියි. ඒ චිත්‍රපටියක් හෝ රුපවාහිනි වැඩසටහනක් බලලා තියනවනං ඒ හරිම කලාතුරකින් තමයි. 2005 Constantine චිත්‍රපටිය බලත්දී මං දැනන් හිටියේ නෑ ඒක කොමික් එකක් …

Read More »
error: Alert: Content is protected !!