Friday , December 4 2020
Breaking News

Tag Archives: Jamie Foxx

Project Power (2020) Sinhala Subtitles | සුපිරි බල ව්‍යාපෘතිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හැමෝටම, ගොඩක් අය නොඉවසිල්ලෙන් මග බලාගෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන, විදුලි ඇණ හිටීම නොතිබුනනම් මීටත් කලින් ඔයාලට මේක අරන් එනවා. ඉතිං මේ කොරෝනා ව්‍යසනයත් එක්ක තිරගත වෙන්න තිබුන ගොඩක්  ෆිල්ම් දින නියමයකින් තොරව කල් ගියා කියලා ඔයාලා දන්නවනේ. තිරගත වෙන්න තිබුන ක්‍රියාදාම සහ සුපිරිවීර චිත්‍රපට …

Read More »

Just Mercy (2019) Sinhala Subtitles | වර්ගවාදය වෙනුවෙන් සටන් කල නව පරපුරේ විරුවා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරේදී නිකුත් වුන තවත් අපූරු චිත්‍රපටයක් අරගෙනයි ආවේ. අපූරු කියලා කිව්වට මේක ඩ්‍රාමා චිත්‍රපටයක්. නිකන්ම නිකන් නෙවෙයි, සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. වැඩි කතා නැතුව බලමු මේක මොන විදිහේ එකක්ද කියලා. 2014 වසරේ ඔක්තෝම්බර් 21’වැනිදා පොතක් නිකුත් වෙනවා “Just Mercy: A Story of Justice and Redemption” …

Read More »

Robin Hood (2018) Sinhala Subtitles | රොබින්හුඩ් [සිංහල උපසිරැසි සමග] (50*)

හැමෝටම සුභ දවසක් වේවා! මේක මගේ 50 වෙනි උපසිරැසිය වුනත්, ඇත්තටම මගේ 50 වෙනි කඩයිම ගෙවිලා ගියේ Robin hood (2006 – 2009) කතාමාලාවත් එක්කයි. ඒත් බයිස්කෝප් කාර්ය මණ්ඩලය අපි හැමෝටම විශේෂ විදියට කඩයිම සම්පූර්ණ කරන්න දෙනවා නොවැ. ඒ අනුව මේ තමයි මගේ නීත්‍යානුකූල 50 වෙනි උපසිරැසිය. ඒ වගේම කතාවක් අන්තර්ජාලයට …

Read More »

The Kingdom (2007) Sinhala Subtitles | ත්‍රස්තයින් සොයා රාජධානිය හෙල්ලූ අපූරු මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

කතා දෙකක් නෑ. පොඩ්ඩක් විතර පරණ වුනත් පට්ටම පතුරු බයිස්කෝප් එකක්. මට පුදුම කවුරුවත් මේකට සබ් නොකරපු එකයි. IMDB අගය 7/10 ක් අරන් තියෙන්නේ 111,114 කගේ මනාපයෙන්. සවුදිය කියන්නේ තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ පලවෙනියටම ඉන්න රටක්. 1932 දී ඉබන් සවුඩ්, වහබි ඉස්ලාම් රණශූරයින් සමඟ එකතු වෙලා අරාබි අර්ධද්වීපයෙන් සෑහෙන කොටසක් …

Read More »

The Soloist (2009) Sinhala Subtitles | සවන් යොමනු මැන, සංගීතයට නොව මිනිසත්කමට… [සිංහල උපසිරසි සමඟ]

මම ස්ටීව් ලෝපේස්, වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්තරේට. ලිපියක් ලියන්න මාතෘකාවක් නැතිව දහඅතේ කල්පනා කර කර ඉන්දැද්දි ඇහුනා වයලින් වාදනයක්. නිකමට ගිහින් බලද්දි තමයි මම ඒ වයලින් වාදකයාව පළවෙනි වතාවට දැක්කේ. යන්න තැනක් නැතුව පාරේ පදිංචි වෙලා ඉන්න, නිකම්ම කළු ජාතික මනුස්සයෙක්. නම නතානියල් ඇන්තනී අයර්ස්. කතා කරනකොට තමයි …

Read More »

Ali (2001) with Sinhala Subtitles | බොක්සින් වළල්ලේ කළු වයාඝ්‍රයා [සිංහල උපසිරැසි සමඟ]

කැසිස් ක්ලේ හෙවත් බොක්සින් වළල්ලේ කළු ව්‍යාඝ්‍රයා මොහොමඩ් අලි උපත ජනවාරි 17, 1942 ලුයිස්විල් ඇමරිකා එක්සත් ජනපදය. බොක්සින් දිවිය ආරම්භ වන විට ඔහුගේ වයස 10යි. මුල්ම බොක්සින් පුහුණුවීම පොඩි ශරීර සුවතා මද්‍යස්ථානයක සහ පුහුණුකරු පොලිස් නිලධාරියෙක්. කුඩා කාලයේ ආදර්ශ පාඨය “සමනලයෙක් වගේ පියාඹන්න,මිමැස්සෙක් වගේ අනින්න.” 1960 ඔලිම්පික් වලදී රන් පදක්කමක් …

Read More »

Due Date (2010) with Sinhala Subtitles| මාර අකරතැබ්බ තමා! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම දෙන්න යන්නේ මගේ දෙවන පෝස්ට් එක. මේක නම් 2010 දි ආපු පට්ට බයිස්කෝප් එකක්. මේක IMDb වල 7. 0/10 අගයක් ලබා ගෙන තිබෙනවා. මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ Tod Philips විසින්. ප්‍රධාන චරිත විදිහට ඉන්නෙ අපි කවුරුත් දන්න Iron Man එකෙ රඟපාපු Robert Downey සහ Zach Galifianakis. ආයෙ ඉතින් …

Read More »

Valentine’s Day (2010) | සෙනෙහසේ දිනය [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්ම් ඔන්න ඉතින් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. අධික වැඩ රාජකාරි මැද අපේ විනෝදාස්වාදය වෙනුවෙන් පොඩි වැඩක් කරා. රොයිලි අයියා දුන්නු චිත්‍රපටියක් පොඩ්ඩකට ප්‍රමාද කරලා ජීවිතේට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක් අද ගෙනාවා. ආදරවන්තයින්ගේ දිනය පහු උනත් Comedy සහ Romance දෙකටම වර්ගීකරනය කල නමින් වැලෙන්ටයින් ඩේ. 2010 අවුරුද්දේදී නිකුත් වුනු මේ …

Read More »

Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ …

Read More »

Jarhead (2005) | අහිමි වන ජීවිතය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදියටම මේ චිත්‍රපටයත් ඔයාලට ගෙනාවා. දෙවෙනි එක බලපු අයට දැන් පළවෙනි එකත් බලන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එකේදී අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 2005 වසරේ නොවැම්බර් 05 වෙනිදා තමයි තිරගත වීම අරඹලා තියෙන්නේ. Biography, Drama, War තමයි වර්ග කර දැක්වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Anthony …

Read More »

Collateral (2004) with Sinhala Subtitles | පටන් ගත්තේ සාමාන්‍ය රාත්‍රියකින්, නමුත්…..? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? 2009 ජුනි 28 වෙනිදා මම බයිස්කෝප් අඩවියට ලියපු චිත්‍රපට විස්තරය, තවත් එහාට ගෙනියමින් උපසිරැසියක් කරන්න හිතුවා. Divergent (2014) එකට දාල තිබ්බ අදහස් දැක්වීම් වලට බොහොමත්ම ස්තූතියි. ආසිරිට ඇරෙන්න අනික් කට්ටියට නම් මාව අමතක වෙලා නෑ. 🙂 ඒකත් ලොකු දෙයක් නොවැ. කතාව ගැන කලින් ලිපියෙ කියලා තියෙන නිසාම වැඩි …

Read More »

Stealth (2005) with Sinhala Subtitles | රහස්කම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම. ඒ වගේම දෙවැනි ඉංග්‍රීසි චිත්‍රපටය. පළවෙනි ඉංග්‍රීසි චිත්‍රපටය වගේම මේකත් විද්‍යා ප්‍රබන්ධයක්.ඒක නිසා මේකෙත් විද්‍යාත්මක වචන ටිකක් නම් තියෙනවා.සමහර අයට ඒ වචන නම් තේරෙන එකක් නෑ.ඒත් චිත්‍රපටය රස විදින්නනම් ඒක පොඩ්ඩක්වත් බාධාවක් වෙන් නෑ.මොකද මේක සුපිරිම ගණයේ ඇක්ෂන් තියෙන සුපිරිම චිත්‍රපටයක්. පටන් ගත්ත …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »

Django Unchained (2012) Sinhala Subtitles | කලු සුදු අරගලය මැද ආදරය සොයා….[සිංහල උපසිරැසි සමඟ]

තවත් අලුත්ම නිර්මාණයක් පස්වෙනි වතාවට මගේ උපසිරසියක් ලෙස සිනමාලෝලි අපේ යාලුවන්ට තිළිණ කරන්න කියල බැලුවේ. අමුතුම කතාවක් Quentin Tarantino අත ගහපු වැඩක්. ලේසි නැහැ නතර උනේ IMDb මීටරේ ඉහලටම නැගල, ලකුණු 8.7/10 ක් කිව්වා වගේ ලේසි නැහැ තමා. ෆිල්ම් එක ඇවිත් කෙටි කලකදී ලෝකේ හොඳම චිත්‍රපට අතර 45 වෙනි තැනටත් …

Read More »

Law Abiding Citizen (2009) | යුක්තිය උදෙසා…

මගේ පලමුවන ලිපියෙන්ම මං ඔයාලට කියන්න යන්නේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් ගැන. සුප්‍රකට නලුවන් වන Jamie Foxx හා Gerard Butler මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පන පොවනවා. Clyde Shelton ( Gerard Butler ) කියන්නෙ පොඩි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. ඒත් එක්තරා රැයක පැමිනෙන දාමරිකයන් දෙදෙනෙක් නිසා අවාසනාවන්ත අයුරින් …

Read More »
error: Alert: Content is protected !!