You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / Tag Archives: Jensen Ackles (page 5)

Tag Archives: Jensen Ackles

Supernatural [S11 : E14] with Sinhala Subtitles |දෙවියන්ගේ අත සොයා. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ ගෑණු කෙනෙක් එයාගේ ස්වාමි පුරුෂයාව වසග කරගන්නයි, එයා ගැන වැඩිය බලන්නේ නැති වෙයි කියලා හිතලා එයාගේ කොණ්ඩේ හදන තැන සැලුන් එකේ ඉන්න මායාකාරීට කියලා මන්තරයක් ඉල්ලගෙන ඒක ජප කරලා එයා සිපගන්න කෙනාව මැරෙනවායි එයා ගිහින් තවත් කෙනෙක්ව මරනව්‍යි. එක විකාර ගොඩයි. නිකන් නෙවෙයි ගියේ වෙනත් කෙනෙක්ගේ …

Read More »

Supernatural [S11 : E13] with Sinhala Subtitles | මරණයේ සිපගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

“මට අද පොඩි විශේෂ දවසක්. ඒ මොකද කිව්වොත් ගිය අවුරුද්දේ පෙබරවාරි 11 තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලබාදුන්නේ. ඒ කියන්නේ අදට අවුරුද්දක් වෙනවා මං මේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට එකතු වෙලා. හැමදාමත් වගේ මං එක්ක හිටිය අපේ කණ්ඩායාමේ හැම කෙනෙක්ම හා ලබාදෙන උපසිරැසි බාගත, අදහස් පල කරන කරන ඔයාලටත් ගොඩක් ස්තුතියි …

Read More »

Supernatural [S11 : E12] with Sinhala Subtitles | පරණ කෝන්තර පිරිමහන්න වැම්පයර්ලා ආයෙමත් ඇවිත්. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ කට්ටියම දකින්න ඇති සෑම් හා ඩීන් බැන්ෂි කෙනෙක්ව අල්ලන්න ගියා. එයා නිකන්ම බැන්ෂි කෙනෙක් නෙවෙයි කියලා මං ඔයාලට කිව්වා. ඒවගේම ඔයාලා දකින්නත් ඇති. එයා කරන්නේ රෝගී තත්වයේ ඉන්න කෙනෙක් ගොදුරු කරගන්න එක. කෙටියෙන්ම කියනවනම් එයාගේ ඔළුවට රිංගලා තමන්ට තමන්වම මරවන්න හදන්නේ. ඊටපස්සේ තමයි ඒ බැන්ෂි ඒ කෙනාගේ මොළය …

Read More »

Supernatural [S11 : E11] with Sinhala Subtitles | බැන්ෂි. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න අද නම් පරක්කු වුණාට. හැමදාම වගේ ඉතිං එදාටම දෙන්න බැහැනේ. ආපු දවසේ රෑ ටිකක් කරලා පහුවෙනිදා තමයි ඉවරයක් කරගන්න ලැබුණේ. මං දන්නවා එදාටම දෙන්න තිබුනා නම් ඔයාලට වගේම මටත් ලේසියි. ඒත් ඉතිං පුද්ගලික වැඩ වළට හිර වුනාම නිදහසක් නැහැ. පහුගිය කොටසේ දකින්න ඇතිනේ සෑම්ට එපා කියද්දීම ලූසෆර් ළගට ගියපු …

Read More »

Supernatural [S11 : E10] with Sinhala Subtitles|ලූසෆර්… [සිංහල උපසිරැසි සමඟ]

මාසයක විතර නිවාඩුවට පස්සේ කතා සමය මේ සතියේ ආයෙමත් ඇරඹුනා. තව සමහර ඒවා අද රෑ විකාශය වෙනවා. අළුත් අළුත් ඒවා. ඒ අතරේ මේ ඇතැම් අය ආශා කරන supernatural වලත් දහවෙනි කතාංගය ඊයේ දිනයේ විකාශය වුණා. සමාසයක නිවාඩුව නිසාත් මට කතාවත් මතක නැහැ මොකක් උනාද කියලා. ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. …

Read More »

Supernatural [S11 : E09] with Sinhala Subtitles|මම තමයි එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයේ ආවා සුපර්නැචුරල් අරගෙන. අදනම් කොහොම හරි වීඩියෝ පටය හා උපසිරැසි නිකුත් වුන දවසේම මං අරගෙන ආවා හොදේ. ලිපිය ලියනකොට රාත්‍රී 8.15. කලින් කොටසේ මතක ඇතිනේ සෑනලා එහෙමත් නැත්තම් තනියෙන් ඉන්න පොඩි ළමයිගේ හිතට සතුටක් හා ප්‍රීතියක් වගේම එයාලා එක්ක දෘශ්‍යමානිව ඉන්න කට්ටිය. ඒ අයගේ එක එක වර්ගයේ …

Read More »

Supernatural [S11 : E08] with Sinhala Subtitles |මගේ මවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකට පස්සේ ඔන්න ආයෙමත් සුපර්නැචුරල් එකළොස්‌වැනි කතාමාලාවේ අටවෙනි කොටස අරගෙන ආවා. අදත් කොහොම හරි ටොරන්ට් එකයි උපසිරැසියි අන්තර්ජාලයට නිකුත් උන දවසෙම ඉවරයක් කරගත්තා. ලිපිය ලියන්න ගන්නකොට රෑ නවයයි තිහයි. අනේමන්දා සතියක් ගෙවුන නිසා කලින් කොටස මතකත් නැහැ. කලින් කොටසේ වුනේ චෙස්ටර් කියන මනුස්සයව එයාගේ සහෝදරිය හා ජිම් එකේ කෝච් …

Read More »

Supernatural [S11 : E07] with Sinhala Subtitles | චෙස්ටර්ගේ අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තර්ජාලයට කොටස නිකුත් වුන දවසෙම ඔයාළාව මුණගැහෙන්න මං අදත් සුපර්නැචුරල් කතාමාලාවේ එකළොස්‌වැනි කතා සමයේ හත්වෙනි කොටස අරගෙන ආවා. හැබැයි ඉතිං මං ලිපිය ලියද්දි මධ්‍යම රාත්‍රිය පසු වී හරියටම විනාඩි දහයයි. වෙනදා වගේ හවස වෙද්දී කරලා එවන්න මට අද නම් වෙලාවක් තිබුණේ නැහැ හවස තමා වැඩේට බහින්න වුණේ. ඒත් …

Read More »

Supernatural [S11 : E06] with Sinhala Subtitles | අන්ධකාරය යනු දෙවියන්ගේ සහෝදරියද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තර්ජාලයට කොටස නිකුත් වුන දවසෙම ඔයාළාව මුණගැහෙන්න මං අදත් සුපර්නැචුරල් කතාමාලාවේ එකළොස්‌වැනි කතා සමයේ හයවෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඩීන් හා සෑම් පරණ විදිහට හොල්මන් දඩයමේ යන්න හිතාගෙන ලීසි බෝඩන්ගේ නවාතැනට ආවා. නමුත් ඇත්තටම එතන හිටියේ ලීසි බෝඩන් නෙවෙයි කියලා කලින් කොටස බලපු අය දකින්න …

Read More »

Supernatural [S11 : E05] with Sinhala Subtitles | ලීසාගේ අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]

1967 අප්‍රේල් 21 දින මිලියන දහස්ගණනක් වටිනා කාරයක් ජේන්ස්වේල් වලදී නිපදවන ලදී. දවස් දෙකකට පසුව එම කාර් එකේම තවත් එකක් නිර්මාණය විය. මේ 1967 දී නිර්මාණය චැවලේට් ඉම්පාලා කාරය මේ විශ්වය තුළ පවත්නා වඩාත් වැදගත්ම වස්තුව විය හැක. ඔන්න ඔහොමයි කලින් කොටස් ආරම්භය වුනේ. කැස්ගේ ඇගේ තිබුන මන්ත්‍රය නම් අයින් …

Read More »

Supernatural [S11 : E04] with Sinhala Subtitles | අමුතුම මෘගයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

රොවීනාව සුපිරි මායාකාරියන්ගේ කල්ලියක් හදන්න උත්සහ කලා. ඇය උත්සහ කලා ශ්‍රේෂ්ට මායාකාරියන්වත් ඇයගේ රංචුවට එකතු කරගන්න. ඒක කරන හැම වෙලාවකම උනේ එක මායාකාරියක් හො මැරුණ එකයි. මොකද ක්‍රව්ලි රොවීනාව මරන්න කට්ටිය යොදවලා තිබුණේ. ඒවගේම තමයි රොවීනා එදා ඩීන්ගේ අතේ තිබුණු කේන්ගේ සලකුණ අයින් කරන මන්ත්‍රය කරා වගේම කැස්ටියල්ට බන්ධනයක් කලානේ …

Read More »

Supernatural [S11 : E03] with Sinhala Subtitles | නිමාවක් නැති කුසගින්න… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ දකින්න ඇතිනේ අන්ධකාරයේ බබා. අහ්හ් නෑ නෑ බබී. 😀 ලොකු වුන ඉක්මන. ඒවගේම දකින්න ඇති ඒ කොහොමද කියලා. ඇය ආත්ම කාලා තමයි පෝෂණය වෙන්නේ. ආත්ම කාපු හැටියේ ටිකක් වෙලා යද්දී වැඩෙනවා. සෑම් නම් ප්‍රතිකාරය ඔන්න මෙන්න තියලා හොයාගත්තා. අර අන්ධකාරයේ බබා නිසා ජෙනා හා ඇයගේ ආච්චි මැරුණා. ක්‍රව්ලි …

Read More »

Supernatural [S11 : E02] with Sinhala Subtitles | අවසන් මොහොතේ ප්‍රතිකාරය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සමගාමී උපසිරැසිකරණයට ආවා. හැමෝම කැමතිනේ. ඊයේ කතාව විකාශය වුනා. අද උදේ වීඩියෝ ෆයිල් එකයි සබයි අරගත්තා. ඒත් අද දවාලේ වැඩේට  බැස්සා. හවස 6.15 වෙද්දී ඉවරයක් කරගන්නත් ලැබුණා. කලින් කොටසේ මතක ඇතිනේ අන්ධකාරය නිදහස් වුනාත් එක්කම සිදුවීම් ගොඩක් එක පෙළටම සිද්දවුනා. අන්ධකාරයේ ගැහැණිය, අර ළමයා ඒවගේම ආවේශ වෙච්ච බල්ලෝ වගේ දගලන …

Read More »

Supernatural [S11 : E01] with Sinhala Subtitles |අන්ධකාරයේ බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වන හැමෝම මේ වෙද්දී දන්නවා ඇති CW නාලිකාව වැඩ පටන් ගත්තා කියලා. ඒ නාලිකාවේ කතාමලාවන් අතරින් Supernatural කියන්නේ තවත් සුපිරිම කතාමාලව්ක් කියලා කට්ටිය දන්නවා ඇති. මමත් මේ කතාමාලා අතරින් පිස්සුවෙන් වගේ බලන කතාමලාවක් තමයි මේ Supernatural  කියන්නේ. මොකද මම තියෙන ආශාව වැඩි කමට පළමු සීසන් 9 …

Read More »

Supernatural [S10 : E23] with Sinhala Subtitles | සොහොයුරු පෙම. [සිංහල උපසිරැසි සමඟ]

ගෝනා සහ ලේනාගේ වීර වෘතාන්තය 🙂 දහවෙනි අදියරත් ඉවරයි ඔන්න. කතාව බලලම දැනගමු මොකද්ද වෙන්නේ කියලා. මං කලින් CW එක නිවේදනය කරපු සතියෙමත් කිව්වනේ. 11 සීසන් එකක් එනවා. ඒ වගේම ඒගොල්ලෝ කතා කරන විදිහට රසිකයෝ ඉල්ලන තාක් කල් සහ නළුවෝ දෙන්නා එකග වෙනතාක් කල් නවත්තන්න අදහසකුත් නෑ වගෙයි පේන්නේ. තවම …

Read More »

Supernatural [S10 : E22] with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

චාලි මැරෙන්න පොඩ්ඩකට කලින් රහස් භාෂාව විසදන හැටි හොයා ගත්ත බව දැක්කනේ. ඒ එවාපු මේල් එක සෑම්ට ලැබෙනවා. ඩීන් යනවා චාලිව මරපු එවුන්ගෙන් පළි ගන්න. වැඩි විස්තර ඕනේ නෑ. බලලම දැනගමු මොකද වෙන්නේ කියලා. ————————- ගිය සතියේ ප්‍රශ්නෙටත් උත්තර දුන්න අයට බොහොම ස්තුතියි. මේක දිග ෂෝ එකක්. ඒ වගේම ලොකු …

Read More »

Supernatural [S10 : E21] with Sinhala Subtitles | දුෂ්ඨ වංශය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සීසන් ඒකෙත් අවසාන තුනට ආවා. රොවීනා කියනවා හොයාගත්ත කෝඩෙක්ස් එකත් ලියලා තියෙන්නේ කියවන්න බැරි විදිහට කියලා. ඉතින් සෑම් චාලිටයි කැස්ටයි උදව්වට එන්න කියනවා. මේ අතරේ ඩීන් ස්ටයින් පවුල ගැන හෝඩුවාවක් හොයා ගන්නවා. ස්ටයින් පවුල කියන්නේ ඇත්තටම කවුද කියලා අද දැනගන්න පුළුවන්. පහුගිය සතියේ කට්ටිය දීලා තිබුන උත්තරවල හැටියට …

Read More »

Supernatural [S10 : E20] with Sinhala Subtitles | මුර දූතයා. [සිංහල උපසිරැසි සමඟ]

ක්ලෙයා පාරක සිහි නැතුව වැටිලා ඉන්නවා කියලා ලැබුන ආරංචියකට එයාව හොයාගෙන යන කැස්, සෑම්ගෙයි ඩීන්ගෙයි උදව්වත් ඉල්ලනවා. පස්සේ බැලුවම ක්ලෙයා ගිහින් තියෙන්නේ අම්මව හොයන්නයි. බලමු හොයා ගනියිද කියලා. —————————— අර ප්‍රශ්න තුනට උත්තර දුන්න කීප දෙනාට ස්තුතියි, බලපු සීසන් 10 මතක් වෙන්නත් එක්ක මේ ටිකත් එකතු කරන්නම්කෝ. (spoiler alert!) 1. …

Read More »

Supernatural [S10 : E19] with Sinhala Subtitles | මාරක සේප්පුව [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඉතින් හැමෝම ලෑස්තිද 10යෙ ඉතුරු ටික බලන්න. 🙂 බොහෝ දුරට මේ තමයි මං සුප(ර්)නැචුරල් වෙනුවෙන් උපසිරැසි ගන්වන අන්තිම එපිසෝඩ් කීපය. ඒ නිසා තවම බලන්නේ මගනං ඉක්මනින් ඉතුරු ටික බලලා දැම්ම එකතු වෙන්න මේ එපිසෝඩ් කීපයත් එක්ක 😉 😉 ඉතින් අද කතාව ගැන බැලුවොත්, දැන් සෑම් රොවීනා එක්ක ගිවිසුමක් …

Read More »

Supernatural [S09 : E23] with Sinhala Subtitles | හාස්කම් විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]

හෙහ්, හෙහ් 🙂 🙂 🙂 මොනවා කියන්නද මන්දා. අවුරුද්දයි මාස ගානක් තිස්සේ දුවපු මැරතන් එක අදින් ඉවරයි. මෙච්චර කල් මා එක්ක රැදුන හැමෝටම බොහොම ස්තුතියි. කියන්නනං තව දේවල් තියෙනවා. ඒත්, හෙට වෙනකොට බලන්න එපි 18ක්ම තියෙනවනේ. 😛 ඒ නිසා මං කියන්න තියෙන ඔක්කොම දේවල් දහවෙනි සීසන් එකේ අන්තිමට තියාගන්නං. දැන් …

Read More »
error: Alert: Content is protected !!