Monday , July 4 2022
Breaking News

Tag Archives: Matthew Macfadyen

The Pillars of the Earth [E08] | කරදර වැලක අවසානය…[සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටසත් ඉවරයක් කරගන්න පුළුවන් උනා ඔන්න. තරහ අවසර වෙලා මේ කොටසත් අරගෙන කතාව බලල ඉවරයක් කරගන්න එහෙනම් 😀 .  මේ කොටස සමඟින් මේ කතාව මෙතැනින් අවසන් වෙනවා. මේ කතාව තුල සිටි චරිත බොහොමයක් දැන් දක්ෂ චිත්‍රපට නළු නිලියන්. ඔයාල එයාල ගැන සොයා බැලුවොත් ඒ අය රංගනයෙන් දායක උන චිත්‍රපට …

Read More »

The Pillars of the Earth [E07] | නව ආරම්භයක්…[සිංහල උපසිරැසි සමඟ]

හැමෝගෙන්ම සමාව අයදිනවා මේ කොටස් දෙක මෙතරම් ප්‍රමාද කලාට. ගෝතම් කතා මාලාව එක්ක සහ අනික් වැඩ එක්ක ටිකක් මේ වෙනුවෙන් යොදවන්න තිබුන කාලය අඩුවෙලා ගියා. හත්වෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්.  කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර්ගේ අභාවයෙන් පස්සේ …

Read More »

The Pillars of the Earth [E06] | මායා කර්මය…[සිංහල උපසිරැසි සමඟ]

හයවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්.  කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර් මරණයට පත් වීම. විලියම් සහ ඔහුගේ සහචරයෝ කින්ග්ස්බ්‍රිජ් බැටළු ලොම් පොල කඩාකප්පල් කරන්න කරපු ප්‍රහාරයේදී ටොම්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම  ජැක් සහ ඇල්ෆ්‍රඩ් අතර …

Read More »

The Pillars of the Earth [E05] | උරුමය…[සිංහල උපසිරැසි සමඟ]

මේ කතාවේ කොටස් ටික දෙන්න තරමක් ප්‍රමාද උනා එත් අනිවාර්යෙන්ම ඉතිරි ටික ඔයාලට ලැබේවි. අද මේ හමුවෙන්නේ පස්වෙනි කොටසත් සමඟින්. කලින් කොටස අවසානයේ දකින්න ලබුනේ යුද්ධයක්. ඒ ස්ටීවන් සහ මෝඩ් කියන දෙදෙනාගේ හමුදාවන් අතර සිද්ධ වෙන යුද්ධය. එහිදී අනපේක්ෂිත විදිහට ස්ටීවන්ට වෙනවා ග්ලොස්ටර්ගේ හමුදාවේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න. ඒ වගේම ග්ලොස්ටර් …

Read More »

The Pillars of the Earth [E04] | යුද්ධය…[සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන සුපුරුදු පරිදි විස්තරයක් දෙන්නම්. දැන් කින්ග්ස්බ්‍රිජ් දේවස්ථානය කෙමින් ඉදිවෙනවා. එහෙත් සුළු සේවක පිරිසක් පමණයි ඔහු සතුව පවතින්නේ. දේවගැති පිලිප් බලාපොරොත්තු වෙනවා  බැටළු ලොම් වලින් එන අදායමෙන් තවත් කම්කරුවන් කුලියට ගන්න. එහෙත් දේවස්ථානයට අවශ්‍ය ගල් සපයන කොරියා තුල යම් අර්බුදයක් පවතිනවා. ඒ විලියම් විසින් ටොම් සහ ඔහුගේ පිරිසට …

Read More »

The Pillars of the Earth [E03] | මෝක්ෂය…[සිංහල උපසිරැසි සමඟ]

පළමු සහ දෙවන කොටසේදී සිදු උන සිදුවීම ගැන කීවොත් ටොම්ගේ බිරිඳ මිය යනවා දරු ප්‍රසූතියෙන් පසුව. එත් ඔහු කරන හිත් පිත් නැති ක්‍රියාව අවසානයේ ඔහුම පීඩා විඳිනවා. අවසානයේ ටොම් සහ එයාගේ දරුවන් යනවා එලන් කී පරිදි කින්ග්ස්බ්‍රිජ් වලට එහි ගරා වැටෙමින් තියෙන පල්ලිය අලුත් වැඩියා කරන්න. එහෙත් අවසානයේ බලාපොරොත්තු නොවූ …

Read More »

The Pillars of the Earth [E02] | ඔටුන්න කාටද? [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි කොටස බැලුවා නම් කතාව ගැන දළ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මුලින් වෙන සිදුවීම එංගලන්ත රජ පෙළපත දෙදරවා යන්න තරම් බලවත් වෙනවා. මොකද ඊළඟ රජතුමා තමයි ඒ අනතුරින් මිය යන්නේ. මෙසේ පුරප්පාඩු වෙන ඔටුන්න හිමි කුමාරයා තනතුර සඳහා දෙදෙනෙක් යෝජනා වෙනවා. කෙනෙක් දැනට සිටින රජතුමාගේ අවජාතක පුත්‍රයා ස්ටීවන්. ඒ …

Read More »

The Pillars of the Earth [E01] | පූජනීය කිසිත් නොමැත..[සිංහල උපසිරැසි සමඟ]

අද මේ මුණ ගැහෙන්න එන්නේ තවත් කතා මාලාවක් අරගෙන. මේක කොටස් අටකින් සමන්විත කතා මාලාවක්. මේ ගැන කියනවා නම් මෙන්න මේ වගේ කරුණු කාරණා ටිකක් ඔයාලට කියන්න පුළුවන්. 1989 වසරේදී Ken Follett අතින් මෙනමින්ම ලියවුනු කෘතියක් පාදක කොටගනිමින් 2010 වසරේදී ඩොලර් මිලියන 40ක වියදමින් නිපදවී Starz නාලිකාවේ විකාශනය ආරම්භ කල …

Read More »

Ripper Street [2×8 – Our Betrayal – Part two] | දිනුමක්ද පැරදුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

කාලෙනම් ගත්තා ටිකක් වැඩි වුණත් මෙන්න අදින් මේ කතා මාලාව අවසාන කරනවා. මේ කතා මාලාව මෙතනින් අවසාන කරන්න නිෂ්පාදකයෝ මුලින් තීරණය කළා වුණත් පසුව කියවෙන කාරණා අනුවනම් ආයතන දෙකක් මේ කතාමාලාවේ ඉදිරි කොටස් වෙනුවන් අරමුදල් සැපයීමට සාකච්ඡා කරන බව පැවසෙනවා. කොහොම වුණත් එතෙක් මේ කොටසෙන් දෙවෙන අදියර නිමාවෙනවා. කලින් කොටසෙදි …

Read More »

Ripper Street [2×7 – Our Betrayal – Part one] | ද්‍රෝහී වීම. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත්වෙනි කොටස. මේ කොටස හා අවසාන කොටස එකට බැඳුණු කොටස් දෙකක්. අපි බලමු මුලින්ම කතාව ගැන. මේ වෙද්දි සාජන් ඩ්‍රේක් තම බිරිඳගේ අභාවයෙන් පස්සේ කලකිරීම මත පොලිසිය හැරදා ගිහින්. රීඩ් ට ඔහුව හොයාගන්නවත් බැහැ. රෝස් ඔහුව හොයනවා. ඒ වගේම ජැක්සන් ගේ අයියා දකුණු අප්‍රිකාවේ දියමන්ති පතලකින් හොරකම් …

Read More »

Ripper Street [2×6 – A Stronger Loving World] | ආදරය හා රහස්. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ දෙවන අදියරේ හයවෙනි කොටස. තව කොටස් දෙකක් විතරයි මේකෙන් පස්සෙ දෙන්න තියෙන්නේ. අපි හැරෙමු කතාව දිහාට. මෙදාපාර කතාව පටන් ගන්නේ ආගමික ගැටුම් වලින්. ක්‍රිස්තියානි හා යුදෙව් ආගමික ස්ථාන පුළුස්සනු ලැබීම් හා ඒ සමඟම වෛරය පතුරවන පත්‍රිකා බෙදීම් වාර්තා වීම නිසා රීඩ් හිතනවා මේ සියල්ලෙන් …

Read More »

Ripper Street [2×5- Threads of Silk and Gold] | අනිසි ඇසුර [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මෙදාපාර කොටසෙ කියවෙන්නේ ලන්ඩනය ඒ කාලේ වෙව්ලුම් කාපු සිද්ධි දෙකක් ගැනයි. එකක් තමා 1889 විදුලි පණිවුඩ කොල්ලෙක්ගෙන්එළිවූ පිරිමි සමලිංගික මඩමක් අල්ලා ගැනීම, අනික තමා බෙයාරින් බැංකු අර්බුදය. මුලින් කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ දුරකථන නොතිබුණු ඒ කාලේ විදුලි පණිවුඩ ගෙන ගොස් …

Read More »

Ripper Street [2×4 – Dynamite and a Woman] | විදුලි සටන්. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතාමාලාවේ හතරවෙනි කොටස. මේ කොටස බොහොම සිත්ගන්නා සුළු එකක්. මොකද සෑහෙන්න ප්‍රසිද්ධ දෙන්නෙක්ගේ නම් මේකට ඈඳීම නිසා හා ඇමරිකාවේ තිබ්බ ඒ විවාද එංගලන්තයටත් පැතිර යාම නිසා. අපි කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ එංගලන්තයට විරුද්ධව ස්වාධීන අයර්ලන්තයක් පිහිටුවන්න කැරලි ගහපු, IRA සංවිධානය එන්න කලින් තිබ්බ Irish Republican …

Read More »

Ripper Street [2×3 – Become Man] | කක්කා කරත්තයේ අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මාතෘකාව ගැන වැඩියේ හිතන්න එපා. කලින් කතා දෙක එකිනෙකට සම්බන්ධ වුණාට මේක වෙනස්ම කොටසක්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. මෙදාපාර කතාව පටන් ගන්නේ ලන්ඩන් කවුන්සිල් සභිකයෙක්ව රෝස් වැඩකරන සංගීත ශාලාවෙන් පැහැර ගැනීමකින්. ඒ වගේම ඔවුන් ඉතා දක්ෂ විදියට ඔහුව එතනින් …

Read More »

Ripper Street [2×2 – Am I Not Monstrous?] | නැට්ට. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න මේ කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේකත් පළවෙනි කොටසට සම්බන්ධයක් තියෙනවා. නමුත් කතාව පටන් ගන්නේ වෙනමම පරීක්ෂණයකින්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් රෝහලට එන තරුණ කාන්තාවක් විසින් ප්‍රසූත කරන ළමයා රාත්‍රී කාලයේ පැහැරගැනීමකට ලක්වීම මඟින්. ඒ වගේම ඒ අවස්ථාවේදී ඒ තරුණ කාන්තාව පඩිපෙළෙන් …

Read More »

Ripper Street [2×1 – Pure as the Driven] | අමිශ්‍ර කුඩ්ඩ. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ කොටස් අටෙන් හතකටම පහුගිය දෙසැම්බර් වෙද්දි උපසිරසි දාලා අවසාන කළත් නොවැළැක්විය හැකි හේතුවක් මත මේ වෙනකම් නොදී තියාගන්න වුණා කියලා. විශේෂයෙන්ම මේ ගැන අහලා කමෙන්ට් දාපු, විද්‍යුත් ලිපි එවපු අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනා. ඒ අතරට අපේ සහෝදර උපසිරසි නිර්මාණකරුවෙක් වෙන චූටි මල්ලි විශේෂයි. කමක් …

Read More »

Ripper Street [1×8 – What Use Our Work?] | සහායකයෙක්ද අපරාධකාරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අවසාන කොටස. මම ඊයෙත් කිව්වා වගේ අද කොටස ඊයේ කොටස හා ඈඳිලා තියෙනවා. මේ වෙද්දි කැප්ටන් ජැක්සන්ගේ හා සූසන් ගේ රහස වගේම සාජන් ඩ්‍රේක් ගේ පසුගිය ජිවිතය ගැනත් අපි දන්නවා. දැන් තව ඉතුරු වෙලා තියෙන්නේ රීඩ් ගේ අතුරුදහන් වෙච්ච කුඩා දියණිය ගැන අභිරහසයි. බලමුකෝ ඒක අද එළිවෙයිද කියලා. …

Read More »

Ripper Street [1×7 – A Man of My Company] | දඩයම් බල්ලන්ගේ ඉව ඇල්ලීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හත්වෙනි කොටස. අද කොටස හා මේ කතාමාලාවේ අන්තිම කොටස වෙන අට වෙනි කොටස අතර අනික් කොටස් වලට වඩා යම් තරමක බැදීමක් තියනවා. මම එහෙම කියන්න හේතුව තමා මේ කොටස ඉවර වෙන තැනින්ම අනික් කොටස පටන් ගැනීම. ඒ වගේම අද කැප්ටන් ජැක්සන් හා ඔහුගේ ගණිකා මඩමක් හිමි සහායිකාව?/බිරිඳ? ගැන …

Read More »

Ripper Street [1×6 – Tournament of Shadows ] | වර්ජන හා බළල් අත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හයවෙනි කොටස. තව තියෙන්නේ කොටස් දෙකක් විතරයි. මේකත් ඊයේ එක වගේම වෙනම රචකයෝ හා අධ්‍යක්ෂකවරු කරපු එකක්. ඒ නිසා ටිකක් විතර වෙනසක් දැනේවි. දැන් අද කතාව ගැන අපි බලමු. අද කතාව පටන් ගන්නේ ලන්ඩනයේ සිදුවෙච්ච ඓතිහාසික වැඩ වර්ජනයක් වටා. ඒත් මේ කතාවේ දැක්වෙන අන්දමට වර්ජකයන්ට සහය දෙන බව …

Read More »

Ripper Street [1×5 – The Weight of One Man’s Heart ] | අසාධාරණය වෙනුවෙන් කොල්ලකෑම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පස්වෙනි කොටස. තව තියෙන්නේ කතා තුනක් විතරයි. අද කොටස හා මීලඟ කොටසත් කලින් කතා අධ්‍යක්ෂණය හා රචනය කරපු අයට වඩා වෙනස් දෙන්නෙක් අතින් තමා හැඩ වෙන්නේ. ටිකක් විතර ක්‍රියාදාම පැත්තට වැඩි නැඹුරු වීමක් කිව්වොත් වඩා නිවැරදියි. අද කතාව පටන් ගන්නේ මංකොල්ලයක් එක්කයි. කඩන්න බැහැ කියලා කියන සේප්පුවක් ඒ …

Read More »
error: Alert: Content is protected !!