Saturday , January 28 2023

Tag Archives: Sonam Kapoor

AK vs AK (2020) Sinhala Subtitles | හෝරාවන් දහයක්.. උන්මත්තකයන් දෙන්නෙක්.. එක සටනක්.. [සිංහල උපසිරසි]

නීරස කොමඩි, එකම රාමුවේ චරිතාපදාන, දේශප්‍රේමී කතා, අරුත් සුන් රීමේක් වලටම බොලිවුඩය දැන් සීමා වෙලා. ඒ පැත්තෙන් වෙනත් සිනමාවන් හොයාගෙන වෙනත් පැත්තකට යන පිරිස වැඩි වෙලා. මොලිවුඩය, ටොලිවුඩය, කොලිවුඩය ගුණාත්මක තත්ත්වය, විවිධත්වය අතින් බොලිවුඩය අබිබවා ගිහිල්ලා. එකී නොකී හේතු දහසක් නිසා බොලිවුඩය හැර යන කවුරු හරි කෙනෙක් වේද ඉඳහිට විඳින …

Read More »

The Zoya Factor (2019) Sinhala Subtitles | වාසනාවේ දේවතාවිය…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සෝයා සිං සෝලන්කි! අවුරුදු විසි ගානයි. වැඩ කරන්නෙ ඇඩ් ඒජන්සියක. ඉපදිල තියෙන්නෙ ඉන්දියාව කපිල් දේව් යටතෙ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත්තු දවසෙ. ඒ මොහොතෙ ඒ තත්පරේටමයි. ක්‍රිකටුයි සෝයයි අතරෙ සම්බන්දෙ ඇති වෙන්නෙ ඒම. දවසක් දා, මැච් එකකට කලින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම එක්ක සෝයාට උදේ කෑම ගන්න වෙන්නෙ අහම්බෙන්, රාජකාරි වැඩකදි. …

Read More »

Delhi-6 (2009) Sinhala Subtitles |දිල්ලි 6 ! [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. …

Read More »

Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) Sinhala Subtitle | ඔබ දුටු විට මා හට ඇති වූ නොපැතූ පෙම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් යහළුවන්ට! අද ඔයාලට අරගෙන ආවේ 2019 පෙබරවාරි මාසයේ 1 වෙනිදා නිකුත් වෙච්ච වෙනස්ම තාලෙක හින්දි ආදර කතාවක්. ඇත්තමට මේක නිකුත් වෙලා ගොඩක් කාලයක් වෙනවා. සබ් බාරගෙනත් ටිකක් කාලයක් වෙනවා. මේක දෙන්න මෙච්චර කාලයක් ගත වෙච්ච එකට සමාවෙන්න ඕනි. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක …

Read More »

Oru Adaar Love (2019) with Sinhala Subtitles | අරුම පුදුම ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! පොඩ්ඩක් පමා වෙලා උනත් අරගෙන ආවේ සමාජ ජාලාවන්හි සෑහෙන පෙරලියක් කරපු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන. හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ 2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා …

Read More »

Sui Dhaaga: Made In India (2018) with Sinhala Subtitles | ඉඳිකට්ටයි නූලයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් කට්ටියට? ගොඩක් දවසකින් මම නම් මේ පැත්තට එන්නේ. වරුන් අයියා නිසා තමයි හද්සියේම එන්න වුනේ ;). කාලෙකට පස්සේ වරුන් ධවාන් එයා නිතරම කරන චරිත වලින් මිදිලා, ටිකක් වෙනස්ම විදිහේ චරිතයක් තෝරාගෙන තියෙනවා. දඟකාර ප්‍රේමවන්තයාගෙන් මිදිලා ටිකක් සීරියස් ප්‍රේමවන්තයෙක් වෙලා. චිත්‍රපටිය තමයි Sui Dhaaga: Made In India. චිත්‍රපටය තිරගත …

Read More »

Sanju (2018) Sinhala Subtitles | මිනිස්සු නම් කියාවි.. කියවන එක මිනිස්සුන්ගේ වෘත්තීය නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ 1981 දී… එක පැත්තකින් රෝහල්ගතව ඉන්න බිරිඳක්, අනෙක් අතින් මත්ද්‍රව්‍ය වලින් මත් වෙච්ච කාලකන්ණි පුතෙක්… ඉතින්… මගේ තාත්තා මේ යුද්ධ දෙකම සටන් කරේ තනියම… අද මං ජිවතුන් අතර ඉන්නේ.. එයා නිසා.. තාත්තා සාමය සැනසුම වෙනුවෙන් ගොඩක් තැන් වල යාත්‍රා කරා.. හිරෝෂිමා ඉදන් නාගසාකි, මුම්බායි ඉඳන් අම්රිත්සර් වෙනකන්.. ඒත් ඒ …

Read More »

Veere Di Wedding (2018) Sinhala Subtitles | මොන මගුලක්ද මන්දා [සිංහල උපසිරැසි සමග](18+)

ආයුබෝවන් හැමෝටම. අද අරන් එන්නේ 2018 අවුරුද්දේ දැනට ඉන්දියාවේදී වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වෙච්ච චිත්‍රපටිය කිව්වොත් හරි මම හිතන්නේ. හොඳ කෙසේ වෙතත් වැඩිපුර බැනුම් අහගත්තු චිත්‍රපටියක්. එහෙම උනා කියලා කිසිම පාඩුවක් වෙච්ච නැති චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Shashanka Gosh.රංගනයට එකතු වෙන්නේ කරීනා කපුර්, සෝනම් කපුර්, ස්වරා භාස්කර් සහා ශිඛා තල්සානියා සමඟ සුමීත් ව්‍යාස්. ඔව් …

Read More »

Padman (2018) Sinhala Subtitle | උත්සාහය අත් නොහරින තුරා ඔබ පරාද නැත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොම හැම කෙනෙක්ටම. පෑඩ් මෑන් දෙන්නේ නැද්ද කියල තමා පහුගිය ටිකේ ගොඩක් අය මේල් එව්වේ මැසේජ් කලේ. මේ වෙනකම් නොදෙන්න වුණ හේතුව උනේ හරි හමන් උපසිරසියක් ආවේ නැති එක. ඇවිල්ල තිබ්බේ මහා කාසි කබල් උපසිරසියක්. බයිස්කෝප් වෙබ් අඩවියෙන් හින්දි සිනමාපටයක් උදෙසා මම ලබා දෙන පළමුවන සහ අවසන් හින්දි උපසිරැසිය වේවි …

Read More »

Mausam (2011) with Sinhala Subtitles | ආදරයට කොහේදෝ බාධා නැත්තේ [සිංහල උපසිරසි සමඟ]

ඔබ සැමට ආයුබෝවන්. මේ මගේ පළමුවෙනි උපසිරැසියයි. ඇත්තෙන්ම මම කවදාවත්ම උපසිරැසියක් කරන්න සිතුව කෙනෙක් නෙවෙයි. ඒක කරන්නේ කොහොමද කියල දැනගෙන හිටියෙත් නැහැ. ඒ දැනුවත්වීමට හිමි ප්‍රණාමය හිමිවෙන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටයි. ඒ වගේම මෙම උපසිරැසිය මාහට බාර දුන් “ ශාන් විමුක්ති ” ටත් මගේ ප්‍රණාමය. විදේශයක ගතකල වසර 5 ක  …

Read More »

Neerja (2016) with Sinhala Subtitles | මිය යමි.. නමුත් පලා නොයමි.. [සිංහල උපසිරැසි සමග]

බොහෝ අයට මේක සර්ව සම්පුර්ණ චිත්‍රපටියක් විතරක්ම වෙන්න ඇති. එයාලා ඒ ගැන කතා කරන්න ඇති, පොප්කෝන් සෝඩා කන බොන ගමන් බලන්න ඇති, සමහරුන්ගේ හදවත සසල වෙන්න ඇති, සමහරු බලන ගමන් අඬන්න ඇති.. හරි.. පැය දෙකක් ගියා.. චිත්‍රපටිය ඉවරයි. දැන් ගෙදර ගිහිල්ල කියයි මේ චිත්‍රපටිය කොච්චර හොඳයිද කියලා, කොච්චර රසවත්ද කියලා. …

Read More »

Prem Ratan Dhan Payo (2015) with Sinhala Subtitle |ආදරය සෙනෙහසට රජකමත් යටයි.! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පරක්කු නම් උනා, වැඩ රාජකාරි අතරේ වේලාව ලැබෙන විදිහට ඉක්මනට ඉවර කරලා ගෙනාවා හුගක්ම සිද්ධ උනේ, ආපු ඉංග්‍රීසි උපසිරැසිය තරමක් අවුල් සහගතයි, සබ් එකේ සින්දු ටික අන්තිමට කරන්න කියලා ඉතිරි කරගෙන සබ් එක කරලා ඉවර කරලා සින්දු ටික කරන්න පටන් ගන්නකොට, සින්දු වල තේරුම එහෙම පිටින්ම වැරදියි, …

Read More »

Saawariya (2007) With Sinhala Subtitles | ඔහු එනතුරු… [සිංහල උපසිරසි සමඟ]

සිහින වල මේ නගරය. ඔයාට මේ නගරෙ ලෝකෙ තියෙන කිසිම සිතියමකින් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ඒක මගේ සිහින වල විතරක් තියෙන නිසා. මගේ නගරෙ තියෙන හොඳම බාර් එක තමයි RK බාර්. බිස්නස් හොඳ වෙනකොට මෙහෙ ඇවිල්ල හොඳ ඉංග්‍රීසි බීමක් බොනවා. මම ගුලාබ් ජී. මන් වගේ ගෑනියෙක් ඔයගොල්ලො කොහේවත් දැකල නැතුව …

Read More »

Dolly Ki Doli (2015) | මංකොල්ලකන මනමාලි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් මං හින්දි චිත්‍රපටයක් අරන් ආවා, මේක නිකුත් වුනේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ, ඒත් හොඳ පිටපතක් ලැබුනේ ලඟදි, ඒකයි උපසිරැසිය ටිකක් පරක්කු වුනේ. එහෙමනම් මං කතාව ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ඩෝලි (Sonam Kapoor). ඩෝලි කියන්නේ අහිංසක තරුණියක් නම් නෙමේ. මෙයා කරගෙන යන්නේ ටිකක් අමුතුම තාලේ …

Read More »

Kill Dill (2014) | සැබෑ ජිවිතයේ අරුත සොයා…!!! [සිංහල උපසිරැසි සමඟ]

98 වැනි මගේ උපසිරැසිය අරගෙන එන්න තමයි මේ හදන්නේ. හින්දි ෆිල්ම් බලන අපේ රසික රසිකාවියෝ මේ පිංතූරය දැක්ක ගමන් දන්නවා මේ මොකක් ද කියලා. Gunday (2014) වල හිටිය Ranveer Singh සහ Daawat-e-Ishq (2014) එකේ හිටිය Parineeti Chopra තමයි ප්‍රධාන දායකත්වය. මීට අමතරව Govinda සහ Ali Zafar එහෙමත් ඉන්නවා. අධ්‍යක්ෂණ දායකත්වය …

Read More »

Khoobsurat (2014) | ආදරය සඟවා ගත හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ඉතින් නෙහ්.. සෑහෙන කාලෙකට පස්සේ නොවැ මම අඩවියට ගොඩවදින්න හදන්නේ. අපේ යාලුවන්ට නම් මාව මතකත් නැතුව ඇති. කොහොමද සැප සනීප හොඳින් ඉන්නවා නේද? වැඩ රාජකාරි නිසා මේ ටිකේ සබක් කොටන්නත් බැරි උණා. අද අරන් එන එකත් මම කරන්න හිතන් හිටිය එකක් නෙමේ. කරන්න හිටිය කෙනාට කරන්න වෙන්නේ නැති නිසා …

Read More »

Bewakoofiyaan (2014) | ආදරයේ මෝඩකම් ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 2014 වසරේ මාර්තු 14 වන දින තිරගත වීම අරඹපු තවත් ලස්සන හින්දි චිත්‍රපටයක්. ඉක්මනින්ම ලබා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ වගේම තවත් හින්දි චිත්‍රපටයක් ලබා දෙන්න බලාපොරොත්තුවකුත් තියනවා. විකියා සහෝදරයාගේ දැනුවත් කිරීම මත තමයි මම මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න හිතුවේ. වෙනදා වගේම විකියා සහෝදරයා සහ අදහස් දැක්වීමෙන් දිරිමත් …

Read More »

Aisha (2010) | බඹා කෙටූ එක්කෙනා. [සිංහල උපසිරසි සමඟ]

අයිෂා කියන්නේ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන පොෂ් කෙල්ලෙක්. මෙයාට අමුතු විනෝදාංශයක් තියෙනවා. ඒ තමා යාළුවන්ට, නෑදෑයන්ට මගුල් කපුකම් කරන එක. තමන්ගේ හිතේ ඉන්න ජෝඩුව එකට එකතු වෙනකම් මෙයාට නින්ද යන්නේ නෑ. රන්ධීර් කියලා කොල්ලෙක් මෙයාගේ පස්සෙන් එනවා ආදරේ පතාගෙන. මෙයාට ඒක හරි වදයක්. මේ අතරේ මෙයාට ෂෙෆාලි කියලා සම්ප්‍රදායික විදිහට …

Read More »
error: Alert: Content is protected !!