Thursday , December 8 2022

Tag Archives: Tracy Spiridakos

Revolution [S2E22 – Declaration of Independence] | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

2012 සැප්තැම්බර් 06 වෙනිදා සිට පුරා කොටස් 42 ක් පුරා චාලි, මයිල්ස්, රේචල්, මොන්රෝ, නෙවිල්, ඇරොන් හා තවත් අය එක්ක අපි කාලය බෙදාගත් කතාමාලාවේ අවසානයයි මේ. ඇමරිකාවේ විකාශය වෙන දිනයට පහුවදා උදේ වෙද්දි එන කොපියට එදා දවස ගෙවන්න කලින් මේකේ උපසිරැසිය මම හිතන්නෙ මම අරගෙන ආවා. ඒත් මේක විකාශය වෙන …

Read More »

Revolution [S2E21 – Memorial Day] | සතුරු මිතුරු හවුල්. [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!! හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආස කරන මේ කතා මාලාව් විසි එක් වෙනි කොටස. හැබැයි ටිකක් විතර කනගාටුදායක ආරංචියක් එක්ක තමා අද කොටස අරගෙන ආවේ. ඒ තමා nbc ආයතනය තීරණය කරලා තියෙනවා මේකේ තෙවන අදියරකට අරගෙන නොයන්න. ඒ කියන්නෙ ඉතින් ලබන සතියේ විකාශය වෙන්නේ මේකේ …

Read More »

Revolution [S2E20 – Tomorrowland] | විෂ වායු ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ 20 වෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්. කලින් කොටසේදී අපි දැක්කා ජේසන්ගේ මරණය දැනගන්න ටොම් නෙවිල් සෑහෙන බලාපොරොත්තු සුං වෙච්ච තත්වෙකට පත්වෙන හැටි. ඒ වගේම දැන් නැනයිට්ලා සෑහෙන ඉල්ලීම ඉදිරිපත් කරනවා ඇරොන් හට. හැබැයි ඇරොන් ඉල්ලන එක දෙයකටවත් ඔවුන් …

Read More »

Revolution [S2E19 – $#!& Happens] | දේවාලය හිසේ කඩන් වැටීම. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ The 100 කොටසෙදි පොරොන්දු වුණා වගේම මෙන්න ගෙනාවා ඔයාලා ආශාවෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ දෙවන අදියරේ 19 වැනි කොටස. ඒත් මේ ලිපි කියවන්නෙ නැද්ද මන්දා. නැත්තම් මේ කොටස විකාශය වෙන්නෙ මාසෙ අග හරියේ කියලා මම ලියලා තියෙද්දිත් මොකෝ මේ කොටස අපි දීලා නැත්තෙ කියලා අහන අයත් ඉන්නවනේ. 😉 …

Read More »

Revolution [S2E18 – Austin City Limits] | නික්මයෑම් හා උදව්. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා විද්‍යා ප්‍රබන්ධ වලට කැමති ඔයාලා වෙනුවෙන්ම The 100 කියන විද්‍යා ප්‍රබන්ධය මම සිංහල උපසිරැසි එක්කම ගේන බව. මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක සිටින මේ කතා මාලාවේ තෙවැනි කොටස ඔබට අද මම ලබාදුන්නා. ඉතින් ඒකත් බාගන්න කියලා මතක් කරමින්ම අපි මේ …

Read More »

Revolution [S01 : E20] Sinhala Subtitles – The Dark Tower | අඳුරු කුළුණ….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස. හැබැයි දෙවෙනි අදියර මේ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ විකාශය වෙන්න ගන්නවා කියලා තමා ආරංචිය තියෙන්නේ. ඒ වගේම මේ කතා මාලාවේ තද රසිකාවියක් වෙච්ච නෙරංජි බොහොම හොඳ විචාරයක් Revolution ඇසුරෙන් කියවෙන මානසික රීතීන්…… නමින් මෙන්න මෙතන ලියලා තියනවා. කියෙව්වට පාඩුවෙන්නෙ නෑ ඕන්. හොඳයි …

Read More »

Revolution [S01 : E19] Sinhala Subtitles – Children of Men | නැවත හමුව….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 19 වෙනි කොටස. තව තියෙන්නෙ එකම එකයි. කට්ටිය දකින්නත් ඇතිනේ ඔයාලා දක්වපු අදහස් මෙතන තියෙනවා. බලමු අද ඒවලින් කීයක් හරි යාවිද කියලත්. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එකත් බාගමු එහෙනම්. දැන් හැමෝම ඉන්නේ කුළුණ ළඟයි. මයිල්ස් ප්‍රමුඛ කට්ටියට තමුන්ගේ විශ්වාසවන්තම හඩ්සන් ද්‍රෝහී වීම …

Read More »

Revolution [S01 : E18] Sinhala Subtitles – Clue | හෝඩුවාව….. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා, මේ උපසිරැසියත් වෙබ් අවකාශයට මේ කොටස සඳහා එක්වෙන මුල්ම උපසිරැසිය කියලා. මේ වන විටත් තවම කිසිදු භාෂාවකින් උපසිරැසියක් නෙට් එකේ නෑ. ටයිම් ලයින් හදලා දෙබස් එකින් එක අසමින් තමා මේකත් පරිවර්ථනය කලේ. සබ් එකක් ඒවි කියලා මෙච්චර වෙලා බලන් ඉඳලා බැරිම තැන ඔනන් කරන්න ගත්තා. ඉතින් වැරදිත් …

Read More »

Revolution [S01 : E17] Sinhala Subtitles – The Longest Day | දිගම දවස ….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්. පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්‍රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව …

Read More »

Revolution [S01 : E16] Sinhala Subtitles – The Love Boat | බෝට්ටුව….. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අද කොටස දෙන්න පරක්කු වීම ගැන. නොවැළැක්විය හැකි වැඩක් වැටුණු නිසා අද කොටසට සබ් දාන්න ගන්න රෑ වෙනකම්ම නොහැකි වුණා. හරි කොහොමහරි මේ කතා මාලාවේ මුලින් කොටස් 22ක් යෝජනා වී තිබුණත් පස්සෙ 20 කට බැස්ස නිසා අද කොටසෙන් පස්සෙ තව තියෙන්නෙ කොටස් 4 ක් කියලා තමා …

Read More »

Revolution [S01 : E15] Sinhala Subtitles – Home | උපන් නගරය ….. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනා. ගිය පාර කාපු කට්ටම මෙදාපාරත් කන්න වුණා. කිසිම සබ් එකක් ආවේ නැති නිසා අලුතෙන්ම ටයිම් ලයින් හදන්නවුණා. හොඳයි හැමෝම මේ කතාමාලාවේ 14 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු. පහුගිය කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා. කොහොම හරි අවසානයේ රේචල් …

Read More »

Revolution [S01 : E14] Sinhala Subtitles – The Night the Lights Went Out in Georgia | ඒ රැය ….. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනා වෙලාගියාට. තාම අද කොපියට ඉංග්‍රීසි සබ් එකක් තියා මොන භාෂාවකවත් සබ් එකක් මේ දැනටත් ඇවිත් නෑ. ඒත් ඔන්න අපි ඔක්කොම ටයිම් ලයින් හදලම සිංහල සබ් එකක් දෙනවා. හැමෝම මේ කතාමාලාවේ පහුගිය 09 වෙනිදා දුන්න 13 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. බෝම්බයක් පිපිරෙන්න ගිහින් ගිය සතියේ කොටස ගියේ …

Read More »

Revolution [S01 : E13] Sinhala Subtitles – The Song Remains the Same | එකම තැටිය ….. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම මේ කතාමාලාවේ 12 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු. දැන් ඩැනී ගේ මරණය නිසා කැරලිකරුවන්ට සහය දෙන්න මයිල්ස් මැතිසන් පවා පෙලඹුණත් කැරලිකාරයන්ගේ තියෙන පුහුණුව මදකම ගැන හිතලා කලින් මයිල්ස්ගේ මොන්රෝ මරණ කුමන්ත්‍රණයට උදව් කරලා, මයිල්ස් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් …

Read More »

Revolution [S01 : E12] Sinhala Subtitles – Ghosts | හොල්මන්….. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම මේ කතාමාලාවේ 11 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔවුන් කියපු විදියට ක්‍රියාදාම සපිරි බවක් නම් පේන්න තිබ්බා. බලමුකෝ ඉදිරි කොටස් කොහොමද කියලා. මුලින්ම අපි පසුගිය කොටස ගැන මතක් කරගම්මු. අපේ 007 ජේම්ස් බොන්ඩ් හාදයා වෙච්ච සමීර සහෝ කෙමෙන්ට් එකකින් කිව්වා වගේ පළමු කොටස් දහයෙම තිබ්බ අරමුණ වෙච්ච ඩැනීව …

Read More »

Revolution [S01 : E11] Sinhala Subtitles – The Stand | නැගී සිටීම….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කතා මාලාවේ නොවැම්බර් මාසේ 26 වෙනිදා විකාශය වෙච්ච පළමු අදියරේ 10 වෙනි කොටසෙන් පස්සේ එන එම අදියරේම 11 වෙනි කොටස. මුලින්ම අපි පළවෙනි කොටස් දහය ගැන ඉතාම සැකවින් මතක් කරගම්මු. කතා මාලාවේ කාල රාමුව තමා මුළු ලෝකයේම විදුලිය අහිමිවී අවුරුදු පහළොවකට පසු කාලය. විදුලිබලයේ සිට කුඩා විදුලි කෝෂය …

Read More »

Revolution [S01 : E10] Sinhala Subtitles | වරද කාගෙවත් නොව මගේමයි ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ දහවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මම දන්නා විදියට අදින් පස්සෙ සෑහෙන දින කිහිපයක් මේ කතාව විකාශය වෙන්නේ නැහැ. හොඳයි ඒක අපි පස්සෙ බලමුකෝ. දැන් අද කතාවෙ විස්තරය බලමු. නවවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට ගියපු ගමන දැන් අවසානයි. …

Read More »

Revolution [S01 : E09] Sinhala Subtitles | අධිතක්සේරුව හා යථාර්තය ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී ස්ට්‍රව්සර්ගේ ගැටයකට …

Read More »

Revolution [S01 : E08] Sinhala Subtitles | ජීවිතයේ බැඳීම්….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ අටවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. හත්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න යන කණ්ඩායමට හමුවන දෙමව්පියන් අහිමිවුණු ළමුන් කණ්ඩායමක වැඩිමහල්ම ළමයා ව බේරගැනීමට යෑමේදි ළමා සොල්දාදුවන්ව බඳවා ගන්නා තැනක් එක්ක හැප්පෙන්න සිදුවෙනවා. ඒ කාර්යයේදී චාලිගේ අතට …

Read More »

Revolution [S01 : E07] Sinhala Subtitles | ළමුන්ගේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හත්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. හයවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට පිහි ඇනුම් කාපු නෝරාගේ තුවාලය පැසවා තිබීම නිසා බෙහෙත් කිරීමට අවශ්‍ය වුවත් බෙහෙත් හිඟ නිසා මයිල්ස් …

Read More »

Revolution [S01 : E06] Sinhala Subtitles | මිල අධික බෙහෙත්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හයවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. සමාවෙන්න ඕනා වැඩකරන අස්සේ මේක ගේන්න ටිකක් ප්‍රමාද වෙන එකට. 🙁  පස්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ට අත පොවන්න තරම් ළඟට චාලි, මයිල්ස්, නෝරා හා ඇරෝන් එනවා. ඒත්අවාසනාවකට නෙවිල් ට චාලි හා පිරිවර …

Read More »
error: Alert: Content is protected !!