Wednesday , September 23 2020
Breaking News

Tarzan, the Ape Man (1981) with Sinhala Subtitles | වානර මිනිසා [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Tarzan the Ape Man (1981)

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් නවවන උපසිරැසිය අරගෙන ආව. ටාර්සන් ගේ චිත්‍රපටයක්. ඔයාල දන්නවා ටාර්සන් කියන්නේ කවුද කියල. එඩිගර් රයිස් බරෝස් විසින් නිර්මාණය කරන ලද මේ චරිතය ලෝකයේ තියන ජනප්‍රියම මනංකල්පිත චරිත කිහිපයෙන් එකක්. එයා ටාර්සන් කතා විසි හතරකට ආසන්න ප්‍රමාණයක් ලියල තියනවා. එම ජනප්‍රියබාවය හින්දම එයාගේ මරණින් පස්සෙත් එයාගේ නමින් වෙනත් ලේඛකයෝ කිහිපදෙනෙක් ටාර්සන් කතා ලියනවා. ඒ වගේම ඔයාල දන්නවා එම කතා විසි හතරෙන් දා හතරක් සිංහලට පරිවර්තනය වෙලා තියනවා. ඒ වගේම විත්‍රපට විශාල ගණනක් (මේ අවුරුද්දෙත් එකක් ආවා), රුපවාහිනී කතා මාලා බොහොමයක් මේ ආශ්‍රයෙන් නිර්මාණය වෙලා තියනවා. එයින් එකක් තමා මේ මම ඔයාලට සිංහල උපසිරසි සමග අරන් එන්නේ.

ඔයාල දන්නවා ලෝකයේ නිර්මාණය වෙච්ච ගොඩක් ටාර්සන් චිත්‍රපට කාටුන් සහ ඇනිමේෂන් චිත්‍රපට. ඒත් එසේ නොවන ආකාරයේ සැබෑ නළු නිලියන් යොදා නිර්මාණය වෙච්ච ටාර්සන් චිත්‍රපට කිහිපයෙන් එකක් තමා මේක. කලාත්මක පැරණි චිත්‍රපටයක් උනත් ටිකක් විතර චිත්‍රපට ලෝකයේ කතා බහට ලක්වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියත් අධ්‍යක්ෂක වරයත් අඹු සැමියන්. එමනිසා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය රඟපාන ලද සමහර දර්ශන ලෝකයේ විවේචනයට ලක්වූවා. එසේම සමහර විචාරකයන් මේ චිත්‍රපටයට ටාර්සන් නම යොදාගැනීමට පවා විරෝධය දැක්වුවා. හරියට මාවල්ලා ඩෙඩ්පූල් වැඩිහිටියන්ට සුදුසු වෙන විදියට නිර්මාණය උනාම විචාරකයෝ කතා කළා වගේ. කොහොම උනත් අදායම් අතින් අති සාර්ථක වෙච්ච ලෝකයේ තියන ටාර්සන් චිත්‍රපට කිහිපය අතරින් එකක් වෙන මේක මේ ප්‍රශ්න නිසාම IMDb අගය 3.2 වනි අඩු අගයක් ගත්තත් CSI රුපවාහිනී කතා මාලාවේ සහ ඔයාලට Sharknado 3: Oh Hell No චිත්‍රපටයෙන් හමු උන බෝ ඩෙරක් නිළිය ජේන් ගේ චරිතය රඟපාන සුපිරි චිත්‍රපටයක්.

කතාව විදියට අප්‍රිකාවේ කැලයේ ඇත් සොහොනක් හොයාගෙන යන ජේම්ස් පාකර් කියන ගවේෂකයෙක් ට සුදු වානරයෙක් ඉන්නවා කියල දැනගන්න ලැබිලා එයා හොයන්න යනවා. ඒකට එයාගේ දුව වන ජේන්වත් එකතු වෙනවා. ඉතින් වනයෙදි ටාර්සන් ගේ මුණගැසීම, සත්තු එක්ක ගැටුම්, වනචාරීන්ට අසුවීම වැනි ටාර්සන් ගේ කතාවල ඇති සියලුම සිදුවීම් මේ චිත්‍රපටිය තුල ඇතුලත් වෙනවා. ඒ අතරේම ටාර්සන් සහ ජේන් ආදරයෙන් බැඳීම ගැනත් කතාවෙනවා. කලාත්මක චිත්‍රපට කැමති අය මේ චිත්‍රපටයට ගොඩක් කැමති වෙනවා කියන්න පුළුවන්.

මේ චිත්‍රපටියේ තියන සමහර දර්ශන හේතුවෙන් මේ චිත්‍රපටය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් විදියට වර්ග කරන්න පුළුවන්. එත් කියන්න තියෙන්නේ මේක කුණුහරුප චිත්‍රපටයක් නෙවි. මේකේ පරුෂ වචන නැ. ඒත් අවස්ථානුකුලව උදාහරණයක් විදියට උඩුකය නිරුවත් ගෝත්‍රිකයින් සහ ජේන් ගේ සමහර වනගන දර්ශන මේ චිත්‍රපටයේ ඇතුලත් හින්ද තමා මේක වැඩිහිටියන්ට පමණක් විදියට වර්ගීකරණය වෙන්නේ. ඉතින් පැරණි කලාත්මට මෙන්ම සම්බාව්‍ය චිත්‍රපට බලන්න කැමති අය මේක බලන්න. අනිත් යාලුවෝ සහ අවුරුදු දහ අටට අඩු යාලුවෝ මේ චිත්‍රපටය බාගත කිරීමෙන් වලකින්න.

මම ඊළඟට දෙන්නේ නටන්න ගයන්න කැමති යාලුවොන්ට අල්ලලා යන චිත්‍රපටයක්. මම කලින් දුන්නේ නැති වර්ගයේ චිත්‍රපටයක් උනත් මේක බයිස්කෝප් එකේ තියෙන්නම ඕන එකක් හින්දා මම අරන් එන්නම්. නම දැක්ක ගමන් ඔයාලට උනත් ඒක හිතේවි. ඔන්න එහෙනම් මම ගියා. එන්න බලන්නම් ඉක්මනට.

බුදු සරණයි ….!

 

 

 

 

Tarzan, the Ape Man (1981) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Tarzan, the Ape Man 1981 DVDRip Xvid LKRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply to pramoda Cancel reply

Your email address will not be published.

34 comments

  1. ලංකාවෙ shoot කරපු එක.

  2. ඒක description එකට දැම්මොත් වටිනව සහෝ.

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. ටාසන් ද අපේ මෑන් මතක් උනා බන්.

  5. Ela bro..

  6. Darshana Tharanga

    (Oya karana wade niyamai. Bohoma Sthuthi. Thawa thawath me wade sarthaka wenna one. Me film walatath sub denna puluwanda? Galaxy Quest – 1999, King Cobra – 1999, Tarzan, the Ape Man – 1981, Robin Hood: Prince of Thieves – 1991, 12 Rounds – 2009) July 3 wanida mama dapu me kament eke thiyena Tarzan film ekata sub dapu ekata oyata bohomo isthuthi. Me karana wade thawath hodata karaene yanna labwewa!

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. kaalayak thisse films download karata comment kare na ne.onna apith patan gaththa commentuwak daanna 😛
    thanks hode

  9. අපි කුඩා කාලෙ වරද්දන්නෙ නැතිව බලපු කතා මාලාවක්, නැවතත් ඒ අතීතයට ඇදල දැම්ම වගේ දැනෙන්නෙ. ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් දරන මහන්සියට……

  10. සබ් එකට ගොඩක් ස්තුතියි! ගොඩක් ජනප්‍රිය එකක් ඔබ නැවතත් සමාජගත කළා. එවැනි දේවල් නැවත ගෙන ඒම හැමෝටම කරන්නට බැහැ කියා මට සිතෙනවා. ඒ මන්ද පොදු සාමාන්‍ය දැනුම ඇති අය ගොඩක් අඩුයි. ඔබේ ලිපිය වුවත් අනෙක් ඒවාට වඩා අපව දැනුවත් කරනවා.

  11. Thanks..

  12. ස්තුතියි උපසිරැසියට සහෝ

  13. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි. ඔන්න බාන්න දැම්මා.

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. ඔයාලට දීල තියන සබ් ෆයිල් එකේ නමින් ගුගල් කරන්න. එතකොට ඔයාලට වීඩියෝ එක හොයා ගන්න ලේසියි. 820MB ෆයිල් එකක්. සීඩ්ස් හොඳයි. මට 4G වලින් ඩවුන්ලෝඩ් කරන්න ගියේ විනාඩි විස්සයි.

  16. Chalana Rukshan

    thnx bro..

  17. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර, මගේ අදහස අනුව ඔබ උපසිරසිකළ එකක්නම් එය නැරඹිය යුතුම එකක් විය යුතුයි. මෑත කාලයේ ඔබේ උපසිරසි මා බලන්නට පටන් ගත්තේ. ඔබ මේ වෙබ් එකට වෙනසක් රැගෙන එන කෙනෙක්. එයට මාගේ ගෞරවය පුද කරනවා! එමෙන්ම නැවතත් මෙවැනිම “කල් පවතින ස්වර්ණමය” උපසිරසියක්ම ගේන්න කියා යෝජනා කරනවා. ස්තුතියි!

  18. තෑන්ක්ස් කොල්ලො මෙකත් සබ් කරමුකො මේක ටාසන්ගෙම කොමඩි එකක්

    George of the Jungle (1997)

  19. අසංක ප්‍රදීප් රණතුංග

    මේ චිත්‍රපටය හොයා ගන්න අමාරු නම් Tarzan, the Ape Man 1981 DVDRip Xvid LKRG කියල සර්ච් කරන්න. එතකොට හොයා ගන්න පුළුවන්.

  20. සබ් එකට තුති සහෝ 40 වෙනි උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    • කනගාටුදායක කාරනය කියන්නේ මෙය උපසිරසි ගන්වපු සහොදරයවත් දන්නෙ නෑ මෙම චිත්‍රපටය තනිකරම රූගත කරෙ ශ්‍රීලංකාවේ කියල.

    • වැඩිහරියක් ලංකාවෙ රූගත කරෙ. ශිෂෙල්ස් දුපත්වල බොහොම පොඩ්ඩයි රූපගත කරෙ.

      • ow seashells islands wala muhuda ine podi podi kali wagayak karala thiyenne. naththan thanikarama kare nuwara udawaththakale saha peradeniya gardens wala.

  21. patta bro thank for sub………….

    • ටාර්සන් ද අපේ මෑන් 😀

    • නිලන්ත

      im 1st

    • pradeep dasanayake

      ලෝකේ හදපු බාලගනයේම Tarzan film එකලු බන් මේක. කොහොම වෙතත් බොහොම ඉස්තුති සහො subtitle එකට.

      • මිලාන්

        මෙකෙ රගපාන්නෙත් ලංකාවෙ මිනිස්සු. අප්‍රිකාවේනුත් සෙට් එකක් ගෙන්නුවා.

error: Alert: Content is protected !!