අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Tetris (2023) Sinhala Subtitles | කොටු හතරේ (අයිතියේ) කතන්දරේ. [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 15 votes.
Please wait...

විඩියෝ ගේම්වලට කවුද ආස නැත්තේ? නිවාඩු පාඩුවේ කම්මැළි කමේ ඉන්නකොට කාලෙ ගෙවන්නත්, අදකාලේ හැටියට යාළුවො එක්ක, බැච්මේට්ලා එක්ක එකතුවෙන්නත්, ඇත්තෙන්ම එක අතකට සිතීමේ ශක්තිය දියුණු කරගන්නත් (Critical thinking, බලන්න Vsauceගේ මෙන්න මේ වීඩියෝ එක), නැත්නම් තවත් අතකට අපේ බහුතරයක් ගතානුගතික වැඩිහිටියෝ කියන විදිහට ළමයින්ගෙ ඔළු නරක් වෙන්නත්, විබාග පේල් වෙන්නත්, අපේ සමහර ඇච්චො බැච්චො සියදිවි නසාගන්නත් විඩියෝ ගේම් එක එක විදිහට හේතුපාදක වෙනවා. කොයි දේත් හොඳ නරක දෙපැත්තක් තියෙනවා. කොහොම හරි ඒක වෙන කතාවක්.

Bulletproof Software එකේ හෙන්ක් රොජර්ස් කියන්නෙ ලන්දේසි සම්භවයක් තියෙන අමෙරිකානු වීඩියෝ ගේම් ඩිසයිනර් කෙනෙක් වගේම ව්‍යවසායකයෙක්. 1988 දි ලාස් වේගාස් වල ඉලෙක්ට්‍රොනික් උපකරණ ප්‍රදර්ශනයක, තමන්ගෙ GO කියන අලුත්ම වීඩියෝ ගේම් එක විකුණගන්න කට්ට කාලා, වැඩේ හරි නොගිය තැන, එයා එයාගෙ stall එකෙන් එළියට යනවා එතන හිටපු එයාගෙ වෙළඳ සේවිකාව හොයාගෙන. බැලින්නම් එයා වෙන stall එකක අලුත් ගේම් එකක් ගහනවා. වෙළඳ සේවිකාවත් පෙරැත්ත කරනවා එන්නකෝ බලන්න කියලා. කොහොමහරි හෙන්ක් ගෙත් හිත ඇදිල යනවා ඒ සෙල්ලමට. සෙල්ලමේ නම අමුතුවෙන් කියන්න ඕන නෑ කියල හිතෙනවා. අන්තිමේ මෙයා තීරණය කරනවා ඒක මිල දී අරගෙන, ජපානයේ Nintendo ආයතනයෙන් නිෂ්පාදිත NES කොන්සෝලය වෙනුවෙන් කාට්‍රිජ් හැටියටත්, Gaming Lounges සඳහා Arcade Game Machines විදිහටත් හදලා දෙන්න. මේ කියන්නෙ ටෙට්‍රිස් ගේම් එක බෙදාහැරීමේ අයිතිය ලබාගැනීම.

කොහොමින් හරි, මේ ගේම් එකේ එවකට බෙදාහැරීමේ අයිතීන් තියෙන Mirrorsoft Software ආයතනයට ඒක ආවෙ කොහොමද කියන එක හොයද්දි, රුසියානු රජයට අයත් ELORG කියන සමාගමෙන් Andromeda Software එකේ රොබට් ස්ටයින් ටත් රොබට් ස්ටයින් ගේ කොන්ත්‍රාත්තුවක් හරහා Mirrorsoft ආයතනයටත් ලැබුණයි කියල හෙළිවෙනවා. නමුත් ELORG එකේ Programmer කෙනෙක් විදිහට නිහඬව වැඩකරන මේ ගේම් එකේ හැබෑ නිර්මාතෘ, අලෙක්සී ලියනිදොවික් පජිත්නොව්, තමන්ගෙ ගේම් එක රොබට් ස්ටයින් යටතේ ලියාපදිංචි කළ බවකින් එහාට දන්නෙවත් නෑ මේ කිසිම දෙයක්. අඩු ගානේ එයාට ලැබෙන්න වුවමනා කර්තෘ භාගය වත් ලැබෙන්නේ නැහැ… කොහොමහරි මේ ටිකෙන් තේරෙනවා ඇති මේ චිත්‍රපටියෙදි ටෙට්‍රිස් ගේම් එක හෝ ඒකෙ Source code එක හෝ technical specs ගැන හෝ දෙයක් ගැන මේ කතාවෙ ඒ හැටි අවධානයක් නොවන බව. කොටින්ම කිව්වොත් මේ චිත්‍රපටයේ දිගහැරෙන්නෙ ටෙට්‍රිස් වල නිසි අයිතිය සහ නිසි ආදායම, නිස්සන්ට ලබාදීමේ ගැටලුව නිරාකරණය කරන්න හෙන්ක් රොජර්ස් සහ අමෙරිකානු නින්ටෙන්ඩෝ ශාඛාවේ පිරිසකුත් දියත් කරපු මෙහෙයුම.

1989දි නින්තෙන්දෝ සමාගමේ Game Boy කියන නිපැයුම ඉදිරිපත් වීමත් මේ කතාවෙදි මුණගැහෙන එක සිද්ධියක්. ඒ නිසා මම මේකත් කියල ඉන්න ඕන කියල හිතුවා. අපේ සමහර උදවිය Game boy කියල බොහෝ විට කියන්නෙ, 1990 ගණන්වල ඉඳන් චීනෙන් හදන Brick game කියල වෙනත් ඩිවයිස් එකකට. නමුත් මේ Brick Game එකේ තියෙන්නෙ පුංචි CMOS මෙමරියක් සහ ඒකට සරිලන පොඩි ක්ලොකින් ඩිවයිස් එකක්. Game Boy කියන්නෙ තමන්ගෙම CPU එකක් (SHARP LR35902 CORE) සහ රැම් එකක් (4KB) තියෙන ජංගම ගේමින් කොන්සෝල් එකක්. ඉතිං ඒකට අපි කැමති ගේම් කාට්‍රිජ් එකක් දාලා අපේ හැටියට ඒක පාවිච්චි කළ හැකි. අනික් පැත්තෙන්, අපිට බෑ අපි කැමති ගේම් කාට්‍රිජ් එකක් Brick Game එකකට දාලා වැඩ කරවන්න. ඒ වගේම Gameboy ට සාපේක්ෂව මේ Brick game එකේ resolution අහසට පොළොව වගේ අඩුයි. චිත්‍රපටයේ කියවෙන විදිහට Game boy ගේ Resolution එක 160×144යි, Brick game වලදි ඒක වමතින් 10×20ක ත් (ටෙට්‍රිස් වලට විතරක් හරියන Resolution එක), දකුණු පැත්තෙන් කැල්කියුලේටරයක වගේ ලකුණු වගේ දේට අදාල වචනවලට අච්චු කපපු සරල LCD ඩිස්ප්ලේ එකක්. තව, Brick game එකේ Sound on-off කරන්න බට්න් එකක් තිබුණට Game boy එකේ තියෙන්නෙ Volume Controller එකක්, එහෙම නැත්නම් Variable Resistor එකක්. ඒ වගේම Game boy එකේ Stereo Audioත් තියෙනවලු!

මගෙ ගැනත් කතා කළොත්, මම කවදාවත් ඔය රැල්ලට IGI, COD, GTA ගහපු පොරක් නෙමෙයි. ඒත් කාලෙන් කාලෙට Pinball, Solitaire, Snake II/Xenzia, Space Impact, Bounce, Inkball, NFSHP2, Mahjong Titans, Minesweeper, Clash of Clans, 2048, Plants VS Zombies, Chrome Dino Easter Egg, Google Doodles, Synthesia (CRACK), Need For Speed (2010), Duke Nukem 3D Atomic Edition, Hill Climb Racing, Temple Run, Subway Surfers, MS Tinker, MS Sudoku වගේ එක එක ප්ලැට්ෆෝම් වල කප් ගහපු, නාගත්තු, මතක් කරද්දිත් ආස හිතෙන ලස්සන අහිංසක අතීතයක් මටත් තියෙනවා. (ගහපු ගේම්වල නම් තමයි මොනව නැතත් මට හොඳටම මතක… සමාවෙන්න ඒ හරිය නිකං Cringe-y වගේ උනා නං…) මේ දවස්වලත් මම ඉඳල හිටල Archive.org එකෙන් නොමිලේ පරණ ගේම්ස් බාගන්නවා සහ මම ගාව Windows 7 වල ආපු ගේම් ටිකත්, Desktop Gadgets ටිකත්, Vista වල Tinker, Inkball, Hold’em ගේම්සුත්, XP වල Pinball එකත් Windows 10 උඩ ඉන්ස්ටෝල් කරල තියෙනවා.

ඉතිං මේ කතාවේ තේමාව නිසාත් වගේ එහෙම ඔය Archive.org වල ලෙගසි ටෙට්‍රිස් එක හොයන අතරමගදි Mirrorsoft ලා ගේ හෝ Andromeda කාරයින්ගෙ සංස්කරණයත් හම්බවුණා, DOSBox වල වැඩ කරන විදිහෙ, ඒක පටන් ගනිද්දිත් දඩබඩ ගාලා රුසියන්කාරයෝ සම්බන්ධ Basckstory එකක් ගලාගෙන ගියා. ඒක ගිය වේගෙට මට හරියටම කියවන්න බැරිවුණා. නමුත් ඒකෙන් පස්සෙ පොල්ගෙඩි අකුරින් ඉංග්‍රීසියෙන් තිබුණ Game එකේ title එක රුසියන් අකුරුවලටත් මාරු වුණා. කොහොමහරි, ඒක මට එච්චරම අල්ලලා ගියෙ නෑ. (මම bias වෙලා කියල ටිපර් වෙන්න එපා හොඳේ,) කොහොම හරි ඇන්ඩ්‍රොයිඩ් සඳහා රෙජිස්ටර් කරපු (sub-licensed) ඔරිජිනල් ටෙට්‍රිස් ගේම් එක ඔයාලට Playstore වලින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, Tetris (R) නම බලලම ගන්න.

මේ අවුරුද්දේ මාර්තු 31 වෙනිදා තිරගතවුණු උණුසුම වියැකෙන්න පෙරාතුව, බාගයක් දුරට නින්දකුත් නැති දින දෙකක ඇවෑමෙන්, සබ ගහල, ටයිමින් හදල, SubRip Sequence Numbering එක්කත් ඔට්ටු වෙලා, මගේ කලින් වේගයට ආපහු එන්න ලැබීම ගැන සතුටුයි. Taron Egerton (හෙන්ක්), Nikita Efremov (අලෙක්සී), Mara Huf (ට්‍රේසි), Toby Jones (ස්ටයින්), Togo Igawa (යමඋචි-සන්), Oleg Stefan (බෙලිකොව්), Rick Yume (එඩී), Kanon Narumi (මායා), Ayane Nagabuchi (අකෙමි), Roger Allam (රොබට්), Anthony Boyle (කෙවින්… සොරි. “මිස්ටර්” මැක්ස්වෙල්), ආදී නැවුම් නළුනිළි කැළකගෙන් වර්ණවත් වුණු Tetris, Apple TV+ දොරට වැඩුමක්. අධ්‍යක්ෂණය Jon Baird. මිනිත්තු 138ක් පුරාවට ප්‍රවේගකාරී කුතුහලයකින් ඔබ පුරවාලන්නට සමත් මේ සලරුවේ තරමක හාස්‍ය රසයකුත් කැටිවෙනවා. ප්‍රේක්ෂකයන් 13000කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිචාර අනුව IMDb ශ්‍රේණිගත කිරීම්වලින් 7.4/10 ක මධ්‍යන්‍ය ලකුණකුත්, තක්කාලි මාපකයෙන් 81%ක “Certified Fresh” ප්‍රතිචාරයක් සහ 91%ක Audience Score එකකුත් මේ සලරුවට හිමියි. හුදු අපවාදාත්මක බස් වහර නිසාවෙන් MPAA (US) R පන්තියට ඇතුළත් වුණත් බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් කිහිපයක් 15+, 6+, 13+, 12+, ආදී වූ අඩු වැඩි වශයෙන් වයස් පරතර ලිහිල් කරලා තියෙනවා. Biography, Drama, Thriller, History ආදී ශානරවලට Tetris අයත්. Fun Fact: රුසියාවේ දර්ශන අන්තර්ගත වුණාට මොකද මේ සලරුව රූගත කළ වගට සඳහන්වෙන්නේ ස්කොට්ලන්තයේ හා/හෝ බ්‍රිතාන්‍යයේ පමණයි.

හැමදෙනාගෙන්ම සමාව ඉල්ලා හිටිනවා අද ලිපිය මාගලක් තරම දික්වුණා නම්. කොහොමහරි සීඩ්ස්/පියර්ස් නැති ටොරන්ට් එකක් එක්ක ෆිල්ම් එක බාගන්න ජල්ලි අල්ලපු අල්ල පනල්ලෙ, HEVC කොපියක් බාගන්න අවස්ථාව ලබා දුන්න ශාන් විමුක්ති (විමා) අයියටත්, ලශේන් ද මැල්, සිසිල ප්‍රසාද්, හාවි ඔබ්රියන්, ඇතුළු මා දත් නොදත් බයිස්කෝප් එල්කේ සොයුරු කැළේ සියළු දෙනාටත්, මෙය කියවන, උපසිරැසිය බාගත කරන ඔබ හැමටත් ස්තුතිවන්ත වෙමින් අදට සමුගන්නම්, තවත් අලුත් සලරුවකින් හමුවන බලාපොරොත්තුව ඇතුව.ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

15 thoughts on “Tetris (2023) Sinhala Subtitles | කොටු හතරේ (අයිතියේ) කතන්දරේ. [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Brother…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. වටින ෆිල්ම් එකක්. ජයවේවා!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Niyamai saho saba. thanks.. jaya wewa

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Supiriyak machan. Download karanawa onna.

    Reply
  • ගොඩක්ම ස්තූතියි දුවිඳු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ.
    මේ වගේ ඒවට සබ් දෙන්න හිතන අය ගොඩක් අඩුයි.
    ඒ නිසා මේ වගේ දේවල් බොරළු ගොඩේ තියෙන මැණික් වගේ. 🙂

    Reply
    • බොහොම ස්තුතියි අයියේ.

      මම ලිපියත් එක්ක (word doc) එකේ එවලා තිබුණු Gameboy එකෙයි Brick ගේම් එකෙයි පින්තූර දෙකක් තිබුණා. ඒ දෙකත් අවුලක් නැත්තන් හෙමීට පේජ් එකට පොඩ්ඩක් දාන්න පුළුවන්ද? අර මම ඒ දෙකේ වෙනස පැහැදිලි කරන හරියට.
      ඒ දෙකට කැප්ෂන් එහෙම වැටෙනවනම් තවත් හොඳයි…

      Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *