You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , May 19 2019
Breaking News
Home / All / Tharkappu (2016) Sinhala Subtitles | වැටලීමක් කළ හදියක් ! [සිංහල උපසිරසි සමඟ]

Tharkappu (2016) Sinhala Subtitles | වැටලීමක් කළ හදියක් ! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 18 votes.
Please wait...

සර්…මගෙ දරුවට අනතුරක් වුණා සර්
ඉක්මනටම ඔයාගෙ ලේ ලැබුණොත් මගෙ දරුවගෙ ජීවිතේ
බේරගන්න පුලුවන් සර්

අනේ සර් කරුණාකරල ඔයාගෙ ලේ ටිකක් දීල මගෙ දරුව
බේරගන්න සර්

සර්..ඉක්මනටම එන්න සර්
සර් උදව් කරන්න සර්
එකම ළමය සර්
සර්…

තම දරුවා අනතුරට ලක්වෙලා රෝහල් ගත කරල ඉද්දි ලේ බැංකුවෙන් අංකය අරගත්ත මවක් තම දරුවාගේ ජීවිතය බේරාගැනීමට කරන අහිංසක ඉල්ලීමක්.ඒත් ඒ අම්මා දන්නෙ නෑ මේ ඉල්ලීම කරනකොට විනූ ඉන්න
තත්ත්වය.විනූ ඉන්නෙ මොන තත්වෙකද ? ඒත් විනූගෙ මුවින් පිටවෙන්නෙ….

ඉස්පිරිතාලෙට එක්ක යන්න සර්
පොඩි ළමයෙකුගෙ ජීවිතේ බේරගන්න ඕන සර්
අනේ උදව් කරන්න සර්
මම මැරෙන්න කලින් ඒ ළමයව බේරගන්න ඕන සර්

ඒ සමගම වෙඩි හඩක්….විනූගෙ දේහය එසැනින් නිසල වෙයි…ඒත් ඒ බව නොදන්න රෝහලේ ඉදන් කතා කරන අම්මාගෙ මුවින් තවමත් පිටවෙන්නෙ….

හෙලෝ ….
මගේ ළමයව කොහොම හරි බේරගන්න සර්
කරුණාකරල සර්…හෙලෝ
හෙලෝ….කරුණාකරල සර්…
ඔයාගෙ ලේ නැතිනම් මගේ දරුව මැරේවි සර්
ඔයාගෙ ලේ ඕනෙ සර්….

මහාදේවපුර ගුවන් පාලම – බැංගලෝරයේ චාන්දි නගරයේදී පාන්දර 5ට පොලීසියේ සිටි දක්ෂ පොලිස් නිළදාරියෙක් වන ශක්තිවේල් ඇතුළු ඔහුගේ සගයන් දෙදෙනාව වැටලීමක් කර ඝාතනය කිරීමට ඉහල දේශපාලන අධිකාරියේ බලපෑම් මත පොලිසියේ විසින්ම සැලසුම් කරනවා. එයට හේතුව වන්නේ කලින් වතාවක ශක්තිවේල් විසින් මිට කලින් මිනී මැරුම් 16ක් සිදු කරන ලද අර්ජුන් නැමැත්තා වැටලීමකින් ඝාතනයට ලක් කරනවා.අර්ජුන්ගේ ඝාතනය සිදුවන්නෙත් දේශපාලන අධිකාරියේ බලපෑම ඇතුව නමුත් ශක්තිවේල් මේ ගැන දන්නෙ නැහැ. කොහොම හරි මානව හිමිකම් එකෙන් මෙය ව්‍යාජ වැටලීමක් බව දැනගෙන ශක්තිවේල් ඇතුලු නිළධාරීන් ප්‍රශ්න කිරීමකට ලක්කරනවා. කොහොම වුණත් මේ අවශ්‍යතාවේ ශක්තිවේල් දැනගන්නවා. තමන් ඇතුලු කණ්ඩායම උසාවියට ඉදිරිපත් කිරීමට ප්‍රථම ඝාතනව කිරීමට දේශපාලන බලපෑමක් මත සැලසුමක් ක්‍රියාත්මක වන බව.පාන්දර 5ට ශක්තිවෙල් ඇතුලු නිළධාරීන් දෙදෙනා මහාදේවපුර ගුවන් පාලමේදී කොටුවෙන අවස්ථාවේදීම නිවෙස්වලට හොරෙන් පැනල යන්න එන පෙම්වතුන් ජෝඩුවකුත් මාට්ටු වෙනව. ශක්ති බේරෙන්න වෙන මාර්ගයක් නොමැතිව ඔවුන් සිව් දෙනා ප්‍රාණ ඇපයට අරන් පොලීසියෙන් පැනගන්නවා. නමුත් පොලීසියේ ඉහළ නිළධාරියා පවසන්නේ ශක්තිවේල් ඇතුලු සියලු දෙනාවම ඝාතනය කරන ලෙසටයි. අවසානයේ සිදුවන්නේ කුමක්ද ? දේශපාල ධනය, බලය හමුවේ අසරණ ජීවිත වලට අත්වන්නේ කුමන ආකාරයේ ඉරණමක්ද ? 2016 ජනවාරි 01 දින් තිරගත වීම ආරම්භ කරන ලද Action, Thriller ගණනයට අයත් පැය 2 විනාඩි 08ක් පුරා දිවෙන IMBD අගය 6.0ක් වගේ ඉහළ අගයක ඇති කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්. Shakthi Vasudevan, Samuthirakani (Thondan-2017, Appa-2016, 60 Vayadu Maaniram-2018, Nimir-2018, Aan Devathai-2018) ප්‍රධාන චරිත දායකත්වයෙන් හැඩවුණ,මගේ 23 වන උපසිරැස නිර්මාණය විදියට ඔබ සැමට තිළිණ කරනවා.අසා ලිවීමක් කරපු නිසා අඩුපාඩු ඇති සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. වීඩියෝ පිටපතට අදාළ යුටියුබ් ලින්ක් එක උපසිරස සමඟ ඇති ෆයිල් එකෙන් ලබාගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

19 comments

  1. Madushan Lakshitha

    Ela broo

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  3. thank u for sub bro

  4. ගොඩක් ස්තූති සහෝ සබට.. ජය වේවා !!!

  5. bohoma sthuthi sahoo

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  7. සබට තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Eranda Malith 2.0

    එල මචන් සබ් එකට ස්තූතියි

  10. ස්තුති සහො
    තෙරැවන්සරණයි

  11. kelumchathuranga

    thanks

  12. Lalani Maduwanthi

    Thank you

  13. thanks bro

  14. godak sthuthi sub ekata

  15. උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!