Friday , May 7 2021
Breaking News

The Adventures of Sherlock Holmes [S03:E06] with Sinhala Subtitles |අභිරහස් ළමා කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Adventures of Sherlock Holmes

ඔන්න එහෙනම් ඊළඟ කතාංගයත් අරගෙන මම ආවා. මේ කතාව ගැන කතා කළොත් මේක කොනන් ඩොයිල්ගේ The Priory School කතාවේ සිංහල පරිවර්තනය. චන්දන මෙන්ඩිස් මහතාගේ “මළගිය ඇත්තෝ සාක්කි දෙති“ කියන පොතේ තමයි මේක අන්තර්ගත වෙන්නේ. හෝල්ඩනස් කියලා ආදිපාදවරයෙකුගේ පුතා අතුරුදන් වෙනවා. ඔහුව හොයාගන්න එක තමයි හෝම්ස්ට පැවරෙන වගකීම. මේ පරීක්ෂණය අරගෙන එන්නේ හෝල්ඩනස් සාමිගේ පුතා සැල්ටයර් සාමි ඉගෙනගන්න පාසලේ විදුහල්පති හක්ස්ටබල්. ඔහු අතුරුදහන් වුණ රාත්‍රියෙදිම ඒ පාසලේ ගුරුවරයෙක් වුණ හෙයර් හෙයිඩෙගර් කියලා කෙනෙකුත් අතුරුදන් වෙනවා. ඒ වගේම ඔහුගේ බයිසිකලයත් අතුරුදන් වෙනවා. හෝම්ස් මේ නිසා ප්‍රහ්න වැලකට මුහුණ පානවා. කාගෙත් සැකය අර ගුරුවරයා ළමයා පැහැරගත්ත බව. ඒත් හෝම්ස්ට මේ ගැන විශ්වාස නැහැ.

 ඇත්තෙන්ම සැල්ටයර් සාමි පැහැර ගත්තේ හෙයිඩෙගර් ද? එහෙනම් ඔහුට මොකද වුණේ? සැල්ටයර් සාමි පණපිටින්ද? හෙයිඩෙගර්ගේ බයිසිකලයට මොකද වුණේ? මේ ප්‍රශ්න වලට මැදි වෙන හෝම්ස් අන්තිමට ඒවට උත්තර හොයා ගන්නවා. විශේෂයෙන් කියන්න ඕන මේ ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් අඩුපාඩු තිබුණා, කාල රාමු වැරදියි, කතා කරන වචනය වෙනුවට වෙනත් වචන යොදලා තිබුණා, සමහර වචන මග ඇරිලත් තිබණා. ඒ ඔක්කොම මම මට පුළුවන් විදියට නිවැරදි කළා. ඊළඟට තියෙන්නේ තුන්වෙනි කතා සමයේ අවසාන කතාංගය නේද? ඒකත් අරගෙන ඉක්මනටම එන්නම්. මේ කතාවේ හෝම්ස්ට විසඳන්න ලැබෙන්නේ නෙවිල් සෙන්ට් ක්ලෙයාර් කියලා ව්‍යාපරිකයෙක් අතුරුදන් වීම සම්බන්ධ ගැටළුවක්. ඒක මිනීමැරුමක් කියලා පොලීසිය සැක කරනවා. මිනීමරුවා විදියට සැක කරන්නේ හිඟන ආබාධිතයෙක්. නෙවිල් සෙන්ට් ක්ලෙයාර්ගේ මෘතශරීරය හොයාගන්නත් බැරි වෙනවා. ඉතින් ඇත්තෙන්ම නෙවිල් සෙන්ට් ක්ලෙයාර් මැරිලද? එහෙනම් මිනීමරුවා කවුද? කොහොමද මැරුවේ? නැත්නම් සෙන්ට් ක්ලෙයාර්ට මොකද වුණේ? ඔය ප්‍රශ්නවලට උත්තර කතාව බැලුවම ලැබෙයි. එහෙනම් ඉක්මනටම ඊළඟ කතාංගයත් අරගෙන එන්නම්. ඒකෙ නම නම් මම කියන්නේ නෑ. ඒ කතාංගයත් එක්ක ආපහු හමුවෙමු.

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                           Next Episode >>

Check Also

The Eagle Has Landed (1976) Sinhala Subtitles | වැරදුණ කුරුමාණම [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Thanks Bro !!!

  2. බොහෝම ස්තූතියි……….

  3. ela ela mallo thank you very much…. patta patapata…..

  4. වැඩේ දිගටම කරගෙන යමු…..ඔහොම….
    බොහොම ස්තුතියි….මහන්සියට………….

  5. thanks bro…

  6. උපසිරසියට බෝම තෑන්ක්ස් මලයෝ…!!! ඉතිරි ටිකත් පට පට ගාලා දුන්නනම් තමයි සෝක් ඔන්න 😀

  7. බොහොම ස්තූතියි තාමර මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. නියමයි බ්‍රෝ..ජය වේවා

  9. niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. තාමර මල්ලි නියමයි ………මෙක එනකන් බලාගන හිටියේ ………

  11. oya nam supirima kollek ah. thnq malliya..

  12. Chalana Rukshan

    thnx bro… digatama demu

  13. නලින් පෙරේරා
    බොහොම ස්තූතියි තාමර මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
  14. thankz malliyooooooooo.. keep it up

  15. ela bro
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    baiscope alerts

    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න

    හැමෝටම ජය වේවා!!!!!!!

error: Alert: Content is protected !!