අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Beauty Inside (2015) with Sinhala Subtitles | දුටු රුව සොයන ඇය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.3/10. From 10 votes.
Please wait...

 

The Beauty Inside 2015

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි,

2015 නිකුත් වුනු ලස්සන කොරියානු චිත්‍රපටයක් තමයි අරගෙන ආවෙ. මේ මගේ දෙවනි එක. මේ වගේ එකකට සබ් එකක් කරන්න ආසවෙන් ඉඳියේ. ඉතින් කොරියන් ඒවට විශේෂයෙන් කැමති අය ඉන්නවනම් මෙන්න ලස්සන කතාවක්. මුලින්ම ටිකක් ප්‍රහසනාත්මක ස්වරූපයක් තිබුනත් නළු නිළියන් ගේ චරිත වල ස්වභාවයත් එක්කම චිත්‍රපටය මැදක් වෙනකොට සංවේදී ස්වරූපයක් ගන්නවා. කතාව ගැන කියනවනම්…

කොහොමද උදේට නැගිටලා කණ්ණාඩියෙන් මූණ බැලුවහම මීට කලින් කවදාවත් දැකල නැති කෙනෙක් දැක්කොත්…? සමහර විට මැදිවියේ පෙනුමක් තියෙන කෙනෙක්, නැත්නම් පොඩි එකෙක්, එහෙමත් නැත්නම් ලස්සන ගැහැනු ළමයෙක්…!! මේ චිත්‍රපටියේ ඉන්න කෙනා ඒ කියන්නෙ වූ ජින් නම් එහෙම කෙනෙක්. එයා අවදිවෙන වතාවක් ගානෙ වෙනස් වෙනවා. යාලුවෝ බලල තියෙනවනේ අමුතු බලයක් තියෙන නැත්නම් හොල්මන් එක්ක ගනුදෙනු කරන වගේ කොරියන් චිත්‍රපට සහ මාලා නාටක. මේකත් ඒ විදිහෙ එකක්. මේකෙනම් මේ සිදුවීම නිසා මෙයා ගොඩක් අපහසුවෙන් තමයි ජීවිතේ ගෙවන්නේ. වූජින් කියන්නේ ගෘහ භාන්ඩ නිර්මාණ ශිල්පියෙක්. වූජින්ගෙ අම්මා දන්නවා මෙහෙම වෙන්න හේතුව. ඒත් එයා ඒක හංගනවා. කොහොමහරි එයාට හම්බවෙනවා ගෑනු ළමයෙක්. එයාගෙ හිත තදින්ම ඇය වෙත ඇදිල යනවා. දවසක මේ දෙන්නා මුණගැහෙනවා.. ඒ දෙන්න ආදරයක් පටන් ගනීද… ඇයගේ හිතත් වූජින්ට ගොඩක් ලං වෙලා… වූජින්ගෙ මේ ප්‍රශ්නෙ එයා දැන ගනීද… ඒක හංගන්න නම් වූජින් නිදාගන්නෙ නැතුව ඉන්න ඕනෙ. ඒත් එයාට එහෙම ඉන්න පුලුවන් වෙන්න නෑ. එයාට නින්ද ගිහින් එයා වෙනස් කෙනෙක් වෙනවා. ඒත් එයාට ගෑනු ළමයව අමතක කරන්න බැරි වෙනවා.දිගින් දිගටම ස්වරූපය වෙනස් වෙන නිසා පටන් ගත්තු ආදරේ එක්කම එයත් ලොකු කරදරේක වැටෙනවා.​කොහොම හරි එයා ආයිත් ගෑනු ළමයා හොයාගෙන යනවා.. ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නේ…? වූජින් ගේ ප්‍රශ්නේ දැන ගත්තම ඇය මොනවා කරයිද ? ඇයටත් ඔහුව අමතක කරන්න බැරි තරමට හිතට ලං වෙලා.. මේ දෙන්නාගේ ආදරය නිසා දෙන්නටම ගොඩක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. ඔවුන්ගේ ආදරයට කෙබඳු වේවිද…? ඇය වෙනුවෙන් ඔහු මොනවගේ තීරණ ගනීද? ඒ තීරණ වලට ඇය එකඟ වෙයිද?

මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ඒ කියන්නේ වූජින් ගේ චරිතයට නළු නිළියන් 123ක් රඟපෑමෙන් දායක වෙනවා. තරුණ, වැඩිහිටි, කාන්තා පිරිමි හා ළමා චරිත ඊට ඇතුලත්. සම්මාන උලෙල කිහිපයකදීම සම්මානයට පාත්‍රවුනු සිනමා පටයක්. උසස් මට්ටමේ සිනමා සංගීතයක් අඩංගු වෙලා තියෙනවා.ඉතින් මේක ලස්සන ආදර කතාවක්. හැමෝටම බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා. තවත් එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම නවතින්නවා.

ඔබට ජය!!

 

 

The Beauty Inside (2015) on IMDb

 

 

 

 

The.Beauty.Inside.2015.BRRip.720p.x264.AAC-PRiSTiNE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

22 thoughts on “The Beauty Inside (2015) with Sinhala Subtitles | දුටු රුව සොයන ඇය. [සිංහල උපසිරසි සමඟ]

  • Thank U Ishara brother & baiscope team for the sub, all the best to baiscope team…………

    Reply
  • thxx sub ekata.wenasma kathawak.

    Reply
  • Lassana kathawak 🙂 Thank you so much!!!

    Reply
  • txxx sub ekata .puluwannam thawa korean sub tikak denna balanna.

    Reply
  • බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • නියමයි සහෝ
    එල ෆිලුමක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • උපසිරැසියට තුති ඉෂාර සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Reply to Witharanage Suranjith Cancel reply

Your email address will not be published. Required fields are marked *