Tuesday , October 22 2019
Breaking News
Home / All / The Big Trip (2019) AKA Un panda en apuros Sinhala Subtitles | මිතුදමේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

The Big Trip (2019) AKA Un panda en apuros Sinhala Subtitles | මිතුදමේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 17 votes.
Please wait...

යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නේ Sheep And Wolves කියන ජනප්‍රිය කාටුන් ඒක හදපු රුසියානු සමාගමේ. ඉතින් ඒ නිසයි මම මේ ෆිල්ම් එක තෝරගත්තේ. ඉතින් මේ ෆිල්ම් එක ගොඩක් කාලෙකට කලින් තමයි රිලීස් වෙලා තිබ්බේ. හැබැයි මට හොඳ ඉංග්‍රීසි සබ් ටයිටල් එකක් හොයා හොයාගන්න බැරිවුන හින්දා ඔයාලට මේ ෆිල්ම් එක ගේන්න ගොඩක් කල් ගියා. ඒකට සොරි කියලා මම කියනවා ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකට මට subtitle කරන්න හරියන english subtitle එකක් තිබ්බේ නෑ. ඒ නිසා මම ඉන්දුනීසියන් සබ්ටයිටල් එක අරගෙන ඒක ඉංග්‍රීසියට trahslate කරලා තමයි මේ ෆිල්ම් එකේ sub හැදුවේ. ඒ නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා අඩුපාඩු දැනගන්නත් එක්ක පල්ලෙහායින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේක රුසියානු සමාගමක් විසින් හැදුවට මේකෙ ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රංශ වචන. ඒක හින්දා මේක ප්‍රංශ ෆිල්ම් එකක් කිව්වත් ඒක අවුලක් නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න මේක ඉංග්‍රීසියෙන් තියෙන්නෙ කියලා. සමහරු ඉතින් වෙන් භාෂාවලින් තියෙන ෆිල්ම් බලන්න කැමති නැහැ. හැබැයි ඉතින් ඒ ගොල්ලොන්ට මම කියන්නේ වෙන භාෂාවලින් තියෙන ෆිල්ම් එකක් උනත් අනිවාර්යෙන් හොඳ නම් බලන්න කියලා.

මට ගොඩක් හම්බෙලා තියෙන spanish ෆිල්ම් වලින් සමහර ඒවා ගන්න දෙයක් නැහැ. හැබැයි සමහර ඒව තියෙනවා හොද ඒවා. ඉතිං ඇත්තටම මට හිතෙනවා ඒවාට සබ් ලබාදෙන්න. හැබැයි දැන් මට වෙලාවක් නැහැ. මම මේ සබ් ටයිටල් එක පවා හැදුවේ මගේ නිවාඩු දවස් වියදම් කරගෙන. ඒ උනාට මගේ නිවාඩු දවස් වියදම් කරලා හරි ඔයාලට සබ් එකක් ගේන්න තියෙනවා නම්, ඒක තමයි මට තියෙන එකම අරමුණ. ඉතින් මම වෙලාවක් හදාගෙන හරි ඒ වගේ වැඩක් කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ දවස් ටිකේ නම් ගොඩක් වෙලාවට මට සබ් එකක් කරන්න හම්බ වෙන්නේ නෑ. ඒ වගේම මට මේ දවස් ටිකේ ෆිල්ම් වගයක් හම්බවුණා. ඇත්තම කිව්වොත් කියන්න සතුටුයි ඒ ඔක්කොම subtitle බයිස්කෝප් එකේ දීල තියනවා. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම ඒක ගොඩක් හොඳ දෙයක් අපේ ලංකාවේ මේ වගේ සයිට් එකක් තියෙන එක. ඇත්තටම ඒ ෆිල්ම් හොයන්නත් නැති හරිම අමාරුවෙන් ඩවුන්ලෝඩ් කරන්න තියෙන ෆිල්ම් ටිකක්. ඉතින් ඒවට සබ් දෙන ඒක ගැන ඇත්තටම මං හිතන්නේ බයිස්කෝප් එකේ ඉන්න හැමෝගෙම තියෙන කැපවීම එතනින් අපිට පේනවා. ඉතින් මටත් එතැනට සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම සතුටුයි.

හරි එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු. මේ කතාව ටිකක් වෙනස්ම විදිහේ කතාවක්. මම ගොඩක් වෙලාවට තොරගන්න හදන්නේ ඒ වගේ ෆිල්ම් තමයි. මම මේ ෆිල්ම් ඒක නම් තෝරාගත්තේ රේටින් බලලා. මම හිතුවා මේ ෆිල්ම් එක හොද වෙයි කියලා. මම දන්නේ නෑ ඔයාලා කියන්නේ මොකද්ද කියලා. හැබැයි මේ ෆිල්ම් එකට සමහර අය බැනලා පවා තිබුනා. මේකේ දෙබස් කියන විදිහ එච්චර කොලිටි නෑ, තව මේකේ අවසානය හොඳ නෑ. ඒ වගේ දේවල් කියලා තිබ්බා. කොහොම හරි මේ ෆිල්ම් එකේ ඉන්නේ කුන්ෆු පැන්ඩා. ඉතින් එයාව අත් වැරද්දකින් වලහෙක් ගාවට දාලා යනවා. ඉතින් ඒ දාලා ගියපු වලහා අමුතු ජාතියේ වලහෙක්. එයා යාළුවො හදා ගන්න කැමති නැහැ. ඉතින් එයා කැමති තනිවෙලා ඉන්න. ඉතින් මෙයා තීරණය කරනවා අර දාලා ගියපු පැන්ඩාව ආයේ ගිහින් දෙන්න. ඉතින් මේ වැඩේ එයා තනියම තමයි කරන්න යන්නේ. ඒත් ඒක කරන්න බැරි වැඩක්. මොකද අර පැන්ඩා බබා කොයි වෙලෙත් අඬනවා. ඉතින් එයාව නලවන්න පුළුවන් කට්ටියවත් එයාට අරගෙන යන්න වෙනවා. ඉතින් ඔය එක්කන් යන කට්ටිය පස්සේ මෙයාගේ යාළුවො බවට පත්වෙනවා. හැබැයි ඉතින් එයාල යාළුවො වෙන්නේ කොහොමද කියලා නම් මම කියන්නේ නෑ. ඒක දැන ගන්න නම් අනිවා ඔයාට ෆිල්ම් ඒක නම් බලන්නම වෙනවා ඔන්න. මේ ෆිල්ම් එකේ තියෙන සමහර වචන ප්‍රංශ භාෂාවේ තියෙන දේවල්. ඉතින් ඒ නිසා මේක ප්‍රංශ ෆිල්ම් එකක් කිව්වත් කමක් නැහැ.

හරි අපි දැන් බලමු මේ ෆිල්ම් එකට රේටින් කොච්චර ලැබිලා තියෙනවද කියලා. ඇත්තම කිව්වොත් එහෙම මේ ෆිල්ම් එකට තියෙනවා ඇති විශාල රේටින්ග්ස් ප්‍රමාණයක්. ඔයාලා මම කියන නිසා මේ ෆිල්ම් ඒක බැලුවට කමක් නැහැ. හැබැයි මම ඔයාලට කියන්න කැමතියි කවදාවත් රේටින් මතම ෆිල්ම් එකක් හොඳයි කියලා කියන්න එපා. ඔයා හැමෝම හොඳයි කියන FIFTY SHEDES OF GRAY ෆිල්ම් එක මමත් බැලුවා. හැබැයි මට නම් ඒක සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් කියන්නේ රේටින් මතම ෆිල්ම් එක හොඳයි කියලා ෂුවර් කරන්න එපා කියන එක. මේ ෆිල්ම් ඒක ගැන කතා කලොත් මේ ෆිල්ම් එකට IMDb 5.5 ක් වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා. හැබැයි මතකනේ. රේටින් විතරක්ම නෙවෙයි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඕනේ.

හරි එහෙනම් මම දැනට සමු ගන්න තමයි හදන්නේ. මට වෙලාවක් හම්බවුනොත් අනිවා අලුත් ෆිල්ම් එකකට සබ් හදනවා කොහොම හරි. ඉතින් හැමදාම වගේ මම ඔයාලට කියන්නේ ඔයාලා දන්නා හොඳ ෆිල්ම් එකක් තිබ්බොත් අනිවා කමෙන්ට් කරගෙන යන්න කියලා. සබ් හදලා තියෙන එකක් වුනත් කමක් නැහැ බලන්න හරි අනිවා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි එහෙනම මම ගිහින් එන්නම්

>>> ඔබ සැමට ජයට වේවා <<<

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පවන් විකසිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-04-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

23 comments

  1. AsithaDilruwan

    ela saho thanks

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරැසි වලට ස්තූතියි

  4. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ….ජයවේවා! ✌
    Checkered Ninja (2018)
    Dragon Force- Rise of Ultraman (2019)
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  5. Sandeepmadushan

    Elama saho.. good luck

  6. Thanks lot..Pawan Bro

  7. Bandarajbandara

    ස්තුතියි

  8. මේ සබ හැදුවෙ මම අනුන්ගෙ සබ් දැම්මට කමක් නෑ එයාලගෙ පරිවර්තන අයිතිය සුරකින්න. එහෙම නොකලොත් හොරට දාන්න හරි සුබ් හදන්න අය නැතිවෙනව

      • මේ සබ මම හැදුවෙ බන් මගෙ සබ බාල මෙයාල නම වෙනස් කරල දාල සබ දැම්මට කමක් නෑ පරිවර්තන අයිතිය සුරකිනවා නම්. අපි අමාරුවෙන්නෙ බන් සබක් හදන්නෙ මෙහෙම කලාම ආපහු හදන්න හිතෙන්නෙ නෑනෙ

  9. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේක download කරලා තිබ්බ දැන් සබ් එක්කම බලන්න පුළුවන්….

  10. thanks machooo

  11. නියමයි මචෝ…නියමයි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට 🙂

    ජය වේවා.!

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. උදයංග සම්පත් හතරසිංහ

    “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ” බලල තේරුම් ගන්න උඹ තාම පොඩි වැඩියි මලයා.. තව ටිකක් වයසින් මුහුකුරා ගියාම ආයෙත් අවධානයෙන් බලන්න. එතකොට තේරුම් යාවි සීන් එක. එනිවේ සබ් එකට තෑන්කස්.. ජය වේවා!

  15. keep up the good work

error: Alert: Content is protected !!