Thursday , September 24 2020
Breaking News

The Circus (1928) | චාලි චැප්ලින්ගේ සර්කස් එක…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Circus (1928)

මේක ඇවිල්ලා මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මගේ පළවෙනි උපසිරැසි නිර්මානය තමයි Bait (2012). ඒක බලපු නැති අය මෙතනින් ගන්න. සිනමා වංශ කථාවෙ විකට රජා ලෙස කිරුළු පැළඳගෙන ඉන්න චාලි චැප්ලින් ගේ එළම කොමඩි චිත්‍රපටියක් තමයි මම දෙවෙනියට තෝර ගත්තෙ උපසිරැසි දාන්න. දැන් කියයි චාලි චැප්ලින් ගේ ෆිල්ම් වලට මොකටද සිංහල සබ් කියලා. ඇත්තම කියන්න එපැයි මේකේ සම්පූර්ණ උපසිරැසියෙම තිබුනේ ලයින් 145 යි. මේ ෆිල්ම් එකට තියන ආසාවටමයි මම සබ් දැම්මේ. මට අද උදේ තමයි මේ ෆිල්ම් එක යාළුවෙකුගෙන් ලැබුනේ. මම බැළුවා චිත්‍රපටිය. ආයි කියන්න දෙයක් නැහැ එළම එල. මම කියන්න ඕනි නැහැනේ චාලි චැප්ලින්ගේ චිත්තරපටි ගැන නේද. මේ ෆිල්ම් එක හුස්ම හිර වෙනකන් හිනා වෙන්න පුළුවන් වගේම හිතට ලොකු දුකක් දැනෙන සංවේදී අවස්ථා ගොඩක් මේකෙ තියනවා. මේක බලපු අය වගේම නොබලපු අයත් ඇති නේද. මම හිතන් ඉන්නේ චාලි චැප්ලින් ගෙම චිත්‍රපටියක් වන The Gold Rush එකටත් සබ් දාන්න…

මේක තිරගත වෙලා තියෙන්නේ 1928 අවුරුද්දේ. පට්ට පරණයි නේද. අළුත් පරණ බේදයක් නැහැනේ හොඳ නිර්මාණයක් රසවිදින්න. මේක ජාත්‍යන්තර චිත්‍රපටි දර්ෂකයේ රේටින් (IMDB Rating) 8.0/10 ලබාගෙන තියනවා.

හරි දැන් අටුවා ටීකා මැදැයි නේද. අපි මේකේ කථාවට බහිමුකෝ පොඩ්ඩක්. ඉබාගාතේ යන රස්තියාදු කාරයො ඉන්නවා නේද.? මේකෙත් ඉන්නෙත් ඒ වගේ චරිතයක් තමයි. චාලි තමයි ප්‍රධාන චරිතේ. ඔහු ඇවිද ඇවිද ඉන්නකොට අහම්බෙන් වගේ සර්කස් එකකට ගිහින් කරන වෙනස්කම් දිගේ තමයි චිත්තර පටියෙ කථාව දිවෙන්නේ. මම වැඩිය කථාව ගැන කියන්නේ නැහැ. ඔයාලා මේක බාගෙනම බලන්න කියලා මම ආරාධනා කරනවා. චිත්‍රපටිය බලලා කොමෙන්ටුවක් එහෙම කොටාගෙන යන්න හොඳේ…

අමතක වෙනවා තව ටිකෙන්. මේ ටිකත් කියන්න එපැයි. බයිස්කෝප් සයිට් එකෙන් ඔයාලට සිංහල උපසිරැසි 1000 ක් දීලා තියන මේ මොහොතේ ඒ උපසිරැසි 1000 අතරට මටත් එකතු වෙන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.. ඒ වගේ මේ සිංහල උපසිරැසි 1000 සීමාව උපසිරැසි 2000 සීමාව කරා ඉක්මනටම ගෙන යන්න එකතු වෙන්න කියලා ඔයාලා ඔක්කොටම ආරාධනා කරන ගමන් මම මෙහෙම කියලම ලිපිය ඉවර කරන්නම්. ජයවේවා බයිස්කෝප්සිංහලෙන්…!! වෙන අය කොච්චර කෑ ගැහැව්වත් සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප්ම තමයි…නැත්ද මම අහන්නේ..

The Circus (1928) on IMDb

ed031becd60b00cdbd00945bfcc828dc2c42e3f1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් ඉරේෂ් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Thanks Bro

  2. Thank U Pradeep brother & baiscope team for the sub, it was beautiful. all the best to baiscope team………

  3. එල එල

  4. වරුණ නිරෝෂණ

    චාලි චැප්ලින්ගේ තවත් කතාවක්… මේ වගේ පැරණි රසාංග අපිට දෙනවට ගොඩක් ස්තුතියි මචං…..

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

  7. give more…. charlies movie thanks to you dear

  8. හිනාවෙවී බලන්න බැරියැ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  9. හික්ස්…. පට්ට ෆිල්ම් එකක් වගේ….. 😀

  10. mareeeeeeeeee maru niyamai machan mewama dapan ela ela

  11. පට්ට මචං

  12. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,චාලි චැප්ලින්ගේ සියලුම කතා වලට සබ් දෙන්න සහෝ, මොකද ෆිල්ම් වල වැඩිය දෙබසුත් නැහැනේ, මේ කතා ටික දෙන්න කාලය දැන් හරි සහෝ,ජයවේවා.

  13. ප්‍රදීප් ඉරේෂ් චතුරංග

    නිහඩ යුගයේ අනගි නිමැවුම් වල කාරණයක් ගැන විකියා සහෝ මාව දැනුවත් කරයි කියලා කිව්වට විකියා සහෝ මට මොනවත් කිව්වේ නැහැ නොවැ….

  14. ඇත්තෙන්ම සහෝ නිහඩ යුගයේ අනගි නිමැවුම්, එකිනෙක නිහඩවම රස විදින්ඩ ඉඩ ලබා දෙන්ඩ හිතීම අගය කරනවා. මේ ආශ්‍රිත කාරණයක් ගැන විකියා ඔයාව දැනුවත් කරයි කියලා මම විශ්වාස කරනවා. ඒකටත් ඔයාගේ සහයෝගය ලැබ දෙන්නට කටයුතු කරනවානම් හරිම අගෙයි සහෝ…

    මේකට තුති! ජය!

  15. ehenan onna thanks machan.Puluwan nam chaplin ge the great dictator eke sub danna,

  16. මොනවා ලියන්නද මංදා.බාගෙන බලනවා මිසක්.ස්තූතියි බොහොමත්ම

  17. thanks macho
    lesiyan hambaven nathi film. saahenda watinawa.
    jayama wewaa

  18. බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. නියමයි සහෝ…. ඔන්න එහෙනම් සිංහල සබ් එක්ක ආයෙමත් බලනවා…

  20. “චූටී මල්ලි”

    ඔව් ඔව් සබ් නම් බයිස්කෝප් තමා
    මේ සබ් එකට තෑන්ක්ස්
    ඔබට ජය…..

  21. Bicycle Thieves (1948)

    me film ekatath subs denna puluwannam loku help ekak..

  22. Apocalypse Now (1979)
    IMDB 8.6

  23. Thnx….

  24. බොහොම ස්තුතියි සහෝ

  25. එලකිරි බන් උදාගෙ ආරම්භය ඔන්න බලපන් ඉතින්,
    දැන් ඉතින් නිහඩ සිනමාවත් බයිස්කෝප් එක ආක්‍රමණය කරනව
    මේව තමයි පට්ටම නිර්මාණ
    oLd iS goLd කියන්නෙ නිකමටද ඉතින්..
    වෙන මොන කතාද බන් අනිවා බැලිල්ලක්
    ජය හොදේ!
    උපසිරසියට බොහොම තුති

  26. mudiya / මුදියා

    මාර ෆිල්ම් එකක්නෙ ප්‍රදීප් දීල තියෙන්නෙ.නියමයි හොඳේ.මේ ළඟදි මේ ෆිල්ම් එකේ වෙන්න ඇති පොඩි කෑල්ලක් පෙන්නුව ටීවී එකේ.අර සිංහයෙක්ගෙ කූඩුවක් ඇතුලෙ යන කේස් එකක්.දිගටම මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

  27. නලින්

    ස්තුතියි ප්‍රදිප් සහෝ

    ජය වේවා

  28. බෝම පිං සහෝ මමත් ගත්තා ජය වේවා

  29. niyamai 🙂

  30. baiscope aka dinewa 😀 thxz

  31. මාත් බලනවා.. බොහොම තුති

  32. sinahala nam baiscope thama 😀

  33. බොහොම පින් මචං

  34. ela ela ela ela

  35. thnxxxxxxxxxxxx

  36. wow… maru 😀

  37. එලකිරීනේ මේවා නම් අනිවා බලන්න ඕනේ

  38. පට්ට පට්ට මචං 🙂

  39. Charley Chaplin kiyanne mee looketa hambuna loku sampathak..
    godak thanks machan meeekata sub dammata

error: Alert: Content is protected !!