Friday , September 18 2020
Breaking News

The Contract (2006) Sinhala Subtitles | කොන්ත්‍රාත්තුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 8 votes.
Please wait...

හරි, ඔන්න දීර්ඝ කාලෙක ඉඳලා බයිස්කෝප් එකෙන් උපසිරැසි අරන් ෆිල්ම් බලපු මම හා හා පුරා කියල ෆිල්ම් එකකට සබ් දැම්මා. මේක මගේ පලමු උපසිරැසි නිර්මාණය. මේකෙදි ස්තුතිවන්ත වෙන්න ඕන සිසිල ප්‍රසාද් සහෝදරයට, මොකද එයා තමයි කිවුවෙ සබ් එක කරල එවන්න කියලා. වැඩේ භාර අරන් ටික දවසක් වෙනවා. ඒත් පලවෙනි වැඩේ නිසා ටිකක් කල් ගියා. හරි, ඒව පස්සට තියල අපි හැරෙමු ෆිල්ම් එක දිහාට.

මේ චිත්‍රපටය ටිකක් පරනයි.තිරගත වෙන්නෙ 2006 අවුරුද්දේ. Action/thriller යන කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය IMDb දර්ශකයෙ 5.6 ලබා ගන්න සමත් වෙලා තියෙනවා. සම්පූර්ණ ධාවන කාලය පැය 1 විනාඩි 37 යි.

ෆ්‍රෑන්ක් කාර්ඩන් කියන්නෙ කුලී ඝාතකයින්ගෙ කණ්ඩායමක් මෙහෙයවන පුද්ගලයෙක්. මෙයාලට ලැබෙනවා කොන්ත්‍රාත්තුවක් එක්තරා බිලියනපතියෙක්ව මරන්න කියල. ඒකෙදි මෙයාල කරන්නෙ එයාගෙ පුතාව මරල, ඒ අවමගුලට සහභාගී වන අවස්ථාවේ අර ප්‍රධාන වැඩේ වුන බිලියනපතියව මරන්න සැලසුම් කරනව. ඔන්න ඒ අතරෙදි මේකෙ ප්‍රධාන මොලකරු වන ෆ්‍රෑන්ක් කාර්ඩන් රිය අනතුරක් හින්ද පොලීසිය අල්ලගන්නවා.ඉතින් මෙයාව පොලිස් වාහනේ දාගෙන යන අතරෙ කාර්ඩන්ගෙ මිනිස්සු මග ඉඳලා යම් සිද්ධියක් ඇති වෙලා කාර්ඩන් හිටපු වාහනේ ගඟට පෙරලෙනවා.මේ මුකුත් නොදන්න රේ කීන් සහ එයාගෙ පුතා කැලේට යන්නෙ කෑම්පින් කරන්න. ඔන්න ඒ වෙලාවෙ තමයි ගඟට වැටුනු කාර්ඩන් ව රේට අහුවෙන්නෙ. එතන ඉඳන් හොඳ කතාවක් තියෙනව බලන්න. කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඉතින් චිත්‍රපටිය බලලා ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න. ඒක ලොකු ශක්තියක් වෙයි ආයෙත් උපසිරැසියක් කරන්න. එහෙනම් ලඟදිම අලුත් චිත්‍රපටයකි න් හමුවෙමු. ජය වේවා….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රියංකර මනම්පේරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-08-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Thank you

  2. ලව්ලි බෝයි

    එල ඈ….

  3. Good work friend, Thanks

  4. isuru srinath sjs

    පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා..
    ජය!!

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Welcome bro!!!!

  7. අඩවියට සාදරයෙන් පිළිගන්නවා සිසිල සහෝ! 🙂 අඩවියට තවත් සිසිල කෙනෙක් එකතු වුණා එහෙමනම් 😛
    පළමු උපසිරසගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්! 🙂
    දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය 😀

  8. Thanks Machan <3

  9. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    HITMAN: AGENT JUN (2020)
    Bill & Ted Face the Music (2020)
    Cut Off (Abgeschnitten) (2018)

  10. රොෂාන් ශමීර

    පළමුවෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    තව තවත් උපසිරසි නිර්මාණය කිරීමට කාලය, ධෛර්යය ලැබේවා..
    ~ ජය වේවා ~

error: Alert: Content is protected !!