අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Fault In Our Stars (2014) | දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ…[සිංහල උපසිරැසි ]

Rating: 8.5/10. From 26 votes.
Please wait...

The Fault in Our Stars (2014)

සමාවෙන්න පමා උනාට. සෑහෙන දෙබස් ගානක් තිබ්බා සබ් එක කරන්න ගත්තෙත් පමා වෙලා. කොහොමහරි ඔන්න ගෙනාවා වැඩේට බහිමු එහෙනම්. මට කිසිම අදහසක් නැහැ මේක කොහොම පටන් ගන්නද කියල. ඒත් කොහෙන්හරි පටන් ගන්නත් එපැයි ඒ නිසා මේ විදියට පටන්ගන්නම්. එයාගේ නම.. ඔගස්ටස්. ආදරේට කිවුවේ ගස් (Guz) කියල. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. අපි මේ ලෝකෙට එනවා යනවා. එන්න හා යන්න ලේසි කියමුකෝ හැබැයි ඔය දෙක අතර තියෙන ජීවිතය කියන දෙය ගෙවාගන්න තමයි බොහොම අපහසු. බොහොම බාදා කම්-කටොලු බොහොමයක් එනවා. ඒවා නිසා හිතෙන්නෙම දමලා ගහලා යන්න. අද ලෝකයේ එහෙම කරන මෝඩයන් නැතුව නෙමෙයි ඕන තරම් ඉන්නවා, ඒක හපන් කමක් ද? මම නම් හිතන්නේ නැහැ, බොහොම දෙනෙක් මගෙත් එකක් එකග වේවි. හැබැයි ජිවිතයේ අමාරුව දැනෙන්න අපේ දෙමව්පියන් කියනවා වගේ ලොකු වන්න ඕනේ, අත්දැකීම් ලබන්න ඕනේ… අත්දැකීම් ලබන්න නම් කලක් ජිවත් වෙන්න වෙනවා නේ හැබැයි ඔබට තරුණ වියේම “ඔන්න දැන් යන්න කාලේ හරි, මේ තරම් දවසක් ජිවත් වෙන්න පුළුවන්” කිව්වොත්. විනාසයි නේද ?

හේසල්, ඒ කියන්නේ මම. යාන්තම් ජිවිතයේ ලස්සන දකින්න ලෝකය ලස්සන කරන්න ජිවත් වෙන මම ජිවත් වෙන්නේ මහා බරක් එක්ක, ඒ බර තමයි පිළිකාව. මිතුරන් නැහැ අනික් තරුණ තරුණියන් කරනා විනෝද කෙලී සෙල්ලම් උරුම නැහැ. බොහොම පැත්තකට වුන ජිවිතයක් තමයි ගෙවන්නේ. ගස් කියන්නේ මැරෙන්න බලාගෙන ඉන්න තරුණයෙක් නෙමෙයි, හැබැයි ඔහුටත් මැරෙන දවසක් නම් වෛද්‍ය විද්‍යාව ලබාදීලා තියනවා. ඔහුගේ අරමුණ මේ ඔකොම එකක් සතුටෙන් ඉන්න. විනෝද වෙන්න හැබැයි නරක හැටියට නම් නෙමෙයි. නමුත් ජීවිතය විදින්න. ඉන්න ටිකේ හොදින් ඉන්න එක, ඔහුට නෙමෙයි අපි කොයි කාට වුනත් හොඳයි නේ.. අපි දෙන්නා ඔහොම දෙලොවක ජීවිතය ගෙවනකොට දෙමව්පියන් සුදානම් නැහැ මේක අපිට තනියම දරාගන්න දෙන්න. ඔවුන් අපි දෙන්න යොමු කරනවා උපකාර කණ්ඩායමක් වෙත, දැකලා ඇතිනේ රවුමට ඉදගෙන තමුන්ගේ දුක සතුට බෙදාගන්නා කණ්ඩායම්. එහෙම එකකදී ඔන්න අපි දෙන්නා ඔවුනොවුන් හමුවෙනවා අහම්බයෙන්….. එතෙකින් මම කතාවේ නවතින්නම් හැබැයි අවසානය පුදුම ලස්සන ආදරයක්, ජීවිතය ගැන පාඩමක්, ආදරේ කියාදුන්නු ජිවිතයට ආදරේ ගෙනත් දුන්නු හදවතක්, අනිවාර්යයෙන්ම ඔබේ ඇසට කදුලක්… ඔබත් ගැහැණු ළමෙක් නම් ඔබත් ඔගස්ටස් කෙනෙක්ව ප්‍රර්ථනා කරාවි….

John Green නම් තරුණ ලේඛකයා අතින් ලියවුන The Fault in Our Stars නම් කෘතිය ඇසුරෙන් ඔහු වැනිම තරුණ අධ්‍යක්ෂකවරයෙක් වන Stuck in Love (2012) හි අධ්‍යක්ෂක Josh Boone පුළුල් තීරණය ගෙනා The Fault in Our Stars කතාවයි. මේ වෙනවිට IMDB මීටරයේ 8.3 ක වගේ ඉහල අගයක් ලබාගත්ත මේ සිනමා පටය පාදක වෙන ග්‍රන්ථයත් විශාල වශයෙන් අලෙවි වුන ග්‍රන්ථයක්. චිත්‍රපටය අති සාර්ථක මිලියන 226 කඩයිමක් ලොව පුරා පසු කරන්නේ මිලියන 12 වගේ සුළු මුදලක වියදමෙන්. ඔක්සිජන් ටැංකියක් සමඟ ජිවිතයට පොර බදන ඇය වෙනුවෙන් Divergent (2014) හි රංගනයෙන් දායක වූ සුරූපී (හප්පේ ඉතින් නේ 😀 ) Shailene Woodley නම් තරුණ නිළිය බොහොම හැගුම්බර රංගනයක නිරත වෙන විට ඇය හා ආදරය බෙදාගන්නා ගස් ලෙස එක්කාසු වෙන්නේ තරුණ නළු Ansel Elgort. මොවුන් දෙදෙනාට අමතරව Nat Wolff, Laura Dern, Sam Trammell හා තවත් විශාල තරුණ හා මහලු නළු නිලි පිරිසක් කදුළු හා මුසුවුන මේ ආදර අන්දරය අපි වෙත ගෙන එන්න මහන්සි වෙලා තියනවා. ඒ වගේම මේකේ එක දර්ශනයක් තියනවා හේසල් ඔගස්ටස් එක්ක බංකුවක වැඩිවෙලා ඉන්නවා. කවුරුහරි කෙනෙක් ඒ බංකුවත් හොරකම් කරලා කියල ආරංචියි 😛 අවසාන වශයෙන් කියන්නේ තියෙන්නේ මේ චිත්‍රපටය සිනමා ශාලා ආක්‍රමණය කල සතියේ වැඩිම අදායම උපයන්න සමත් වුනා ඒ 48,002,523 වගේ විශාල මුදක්, හැබැයි අන්තර්ජාලයේ වැඩියෙන්ම කැපිලා පෙනුනේ වෙනත් දෙයක්. ඒ සිනමා පටය නරඹා පැමිණි ප්‍රේක්ෂකයන් දැක්වූ අදහස්. බොහොම දෙනෙක් John Green තිත්ත කුණුහරුප භාවිතයෙන් වර්ණනා කොට තිබුනා, ඒ ඔවුන්ගේ හිත පෑරුන නිසා, ඔවුන් කදුළු සාගරයක ගිල්වූ නිසා, ඒ වගේම සිනමාපටය අවසානයේ තිබෙන ගීතයටත් සිංහල උපසිරැසි ගණවල තියනවා මෙතනින් ගිහින් බලාගන්ට ඇහැකියි. සිනමාපටය අවසානයේ තියනවා මේ සින්දුව ඒකටත් උපසිරසි එක්කලා. ඉතින් එහෙමනම් ඔබත් සුදානම් නම් දශකයේ ආදර කතාව නරඹන්න ඔවුන් හා හැඟුම්බර වන්න, හැබැයි බයිස්කෝප් අපිට නම් බනින්න එපා ඔන්න… සහය දැක්වූ දිල්ශාන් කාලිංග අයියට බොහොම ස්තුතියි 🙂 මේකටනම් කමෙන්ට් එකක් දාගෙන යමු නේද?

“If you want the rainbow – you have to deal with the rain”

The Fault in Our Stars (2014) on IMDb

 

 

HD, Web සහ BR පිටපත් සඳහා උපසිරසි ලබා දී ඇත

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

161 thoughts on “The Fault In Our Stars (2014) | දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ…[සිංහල උපසිරැසි ]

  • Thanx Vima

    Reply
  • Vima ayye plz “All the bright places” eke sinhala subtitles hadannakoooo…

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • thanks sub ekata………..
    request-five feet apart[2019] film

    Reply
  • උපසිරැසි බාගෙන මාසයක් විතර උනත් cmnt එකක් දාන්න ඕනෙ කියල හිතුන.කාටහරි film එකක් බලල අඩන්න ඕනෙනම් හරි නැත්තම් පිස්සෙක් වෙන්න ඕනෙනම් හරි මේක තමා ෆිල්ම් එක.කියන්න වචන නැ.sheliene woodly ගෙ ඇක්ටිනුත් පට්ට.ෆිල්ම් එක බැලුවහම තේරෙයි.අනිත් එක මේකෙ තියෙන්න සින්දු ටිකත් පට්ට ලස්සනයි…දැන් තියෙන මෝඩ love seen තියෙන කතා වගේ නෙමෙ ජිවිතේටත් ලොකු දෙයක් ගත්තැහැකි. කොටින්ම කිවුවොත් මේක බලල ඉවර වෙනකොට cancer එකක් තීන කෙල්ලෙක්ට උනත් love කරන්න හිතෙයි. # thank you shan vimukthi for the great sub#.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි!

    Reply
  • Wachana na kiyanna pattai..
    Acting is Superb
    Thanks machan sub ekata..

    Reply
  • Thawa lassana love story 1k genapalla sahoo.. good luck

    Reply
  • Shan, thanks, thanks, thanks. kandulu pirunu deneth pisa damamin balanna wunu film ekak! hondatama duka hithenawa. Shan, oya sub kala siya ganen 10 k onna beluwa1 thanks!

    Reply
  • ගොඩක් ස්තුතියි විමා සහෝ මෙව්වා දැන් තමා හොයා හොයා බලන්නේ 😀 අද මේක බලන්න ඕනේ එහෙනම් 🙂 ජය වේවා !!

    Reply
  • bohoma sthuthiy sub ekata

    Reply
  • balanna godak try indala try kala. eth den thama time eka awe.. den balanna hadanne. balala iwara wela aai comment ekak dannam.. thanks for ur sub.. shaan(veema)

    Reply
  • නියමයි අයියේ සුපිරි ෆිල්ම් එහෙකට සබ දීල තියෙන්නේ 😀

    Reply
  • එල ෆිල්ම් එක සහෝ. මේ වගේ ෆිල්ම් එකක් හම්බවෙන්නේ කලාතුරකින් තමා. මගේ අස් දෙකටත් කදුළු ඉනුවා. මිය යනවා කියලා දැනදැනත් ඒගොල්ලෝ එකට බය නැති හැටි, ජීවත් වෙන පොඩි කාලේ සතුටින් ඉන්න හැටි. නියම තමා. අපිත් ඒ වගේ පිලිකා රෝගීන්ට උදව් කරන්ඩ ඕනේ. අගම මොකක් උනත්. ඒ ගොල්ලන්ගේ සතුට දැකලා අපිටත් සතුටු වෙන්න පුලුවන්නම් අන්න මනුස්සයා.

    Reply
    • Bro cool kids dont cry eka balanna english sub eka aran balanna eka dutch movie ekak meewage tamai

      Reply
  • Hi Admin,
    oyatai me site akata sub bana anikuth sahodarayanyai mama mulinma thnax karanawa. mama meken godak sub aragena balala tiyenawa me site aka godak hodai eth me laga kadi idala movies downloard karaganna bha ne (The URL “h.oc.gs” is not valid.) kiyala watenawa ne me nisa mama apahasutawayakata watila inne downloard kara ganna plz kiyanna puluwanda mokakda aula kiyala

    Reply
  • This movie was awesome saho….Thanx a lot….All the best…

    Reply
  • kiyanna wadan na mchn kalekata pazze balapu niyama movie eka bn adenawa

    Reply
  • බොහොම ස්තුතියි සහෝ 🙂

    Reply
  • 10 /10 | Nicole Yap | 4 Jun 2014
    I don’t really cry in movies unless
    they’re really, really sad. And this
    movie is bound to get you crying like
    there’s no tomorrow. I brought a box
    of tissues and I used about half of
    them.

    ^

    #The_Fault_in_Our_Stars_(2014) බලපු කෙනෙක් IMDb එකේ කියල තියෙන්නෙ !!

    ඇත්ත තමා සංවේදීයි , හිතට කාවැදෙනව

    ඒත් සල්ලි නැති පවුල් උනානම් ( ලංකාවේ බහුතර පවුල් වගේ ) මේ ඒ වගේ සුවනොවන රෝග හැදුනම
    චිත්‍රපටියක් හදන්න තරම් කල්වත් ජීවිත ගෙවාගන්න වෙන්නෙ නෑ
    ගස්ටයි හේසල්ටයි . !!

    සල්ලි තමා ඕන කොයිතරම් කාලයක් හෝ ජීවත් වෙන්න

    අනිත් දේ සල්ලි තිබුනත් මැරෙන කෙනා මැරෙනව අවසානයෙ
    සල්ලි වලින් මරණය නතරකරගන්න බෑ තවමත් ඒ වගේ මරණය ලං වෙලානම් !

    සංවේදීයි ,

    හිතේ සතුටෙ වටිනාකම ගැන හිතන්න පොලඹවනව ..

    හිතේ සතුට තමන්ට අවශ්‍යයි වගේම අනුන්ටත් ලබාදෙන්න ඕන ..

    Reply
  • thanks machan thank you soooo much.godak lassana movie ekak.sub 1ta godak pin

    Reply
  • සුපිරි ෆිල්ම් එකක්නෙ. ඒ කාලෙ බලන්න හිටිය, පස්සෙ අමතක උනා.
    දැන් තමයි දැක්කේ උපසිරසත් දීල ඉවරයිනේ කියල. දැන්වත් බලන්න ඕනෙ.
    ස්තුත්යි උපසිරසට.

    Reply
  • කැත වැඩේ කියන්නේ මම මේ ෆිල්ම් ඒක බැවා..
    ඒත් බෑවේ ඩෙස්ක්ටොප් එකෙන්..
    එකේ ජරමරයක් වෙලා දැන් පැත්තක දාලා තියෙන්නේ..
    ඒ නිසා තාම බලන්න උනේ නැහැ..
    දැන් ආයේ මේ බාන්න හදන්නේ..
    සමාවෙයන් මචං කමෙන්ටුවක් දාන්න බැරි උන ඒකට..
    හේතුව දන්නවා නේ..
    මේක නම් අනිවා බලන උන්නු එකක්..
    එහනම් ඔන්න ගන්නවා..
    ජය වේවා…
    මේ ලඟදි අර කැස්බෑවෝ බේරගන්න ෆිල්ම් එකත් බැලුවා..
    නම මතක නැහැ බොලේ..
    මොනා උනත් සුපිරි ඒකත්..
    ජය වේවා..

    Reply
    • මතක් උනා, මතක් උනා,..
      ද ලාස්ට් සෝන්ග්…
      ඒක නේද?

      Reply
      • අප්පේ මේ උබද
        ඔව් ඔව් එක තමා අන්තිම සින්දුව 😀

        Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • thanks for the sub

    Reply
  • ඔහොම එව්වා බලන්න බෑ බං… ටයිටැනික් බලල ඇඩුන මට ඕක බැලුවොතින් මූදට පනින්න තමා වෙන්නෙ… පුරුශ ශක්තිය අරන් බාගෙන බලමු 😀 එල එකක් ශාන් අයියා එල එකක්

    Reply
  • අනිවා බලනවා.
    මට Film එකේ Pic එක දෑක්කමත් ඈඩෙනව සහෝ…!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.මේක එනකම් බලන් හිටියේ…… 😀 😀 😀

    Reply
  • elazzzz ahhhhhh…
    pattama kathavak vageee…
    shit danne bn meka dakke…
    ekath kanavata dake…
    danma banava bn mekaa…
    thanks machan sub ekatahh…

    Reply
  • මේක ඇත්තටම ලස්සනයි… ඒත් ඔයාලා My sisters keeper-2009 ඒකත් බලන්න මේ කතාවම මීට වඩා ටිකක් පුළුල්ව තියෙනවා..ඒක ආදර කතාවක්ම නෙවෙයි… හැම ආදරයක් ගැනම තියෙනවා
    උපසිරැසි වලට පින් ,
    මන් මුලින් වෙන උපසිරැසියක් එක්කයි බැලුවේ නමුත් නිවැරදිම උපසිරැසි පරිවර්තනය තිවුනෙ මේකේ.. Direct translate නැතුව ලස්සනට sub එක කරලා…. ස්තූතියි

    Reply
  • ඇඩෙන ෆිල්ම් එකක් සහෝ…සිංහල සබ දුන්නට බොහොම පින්…I walk to remember ෆිල්ම් එකෙන් පස්සේ මම ආසම ෆිල්ම් එක…පුදුම ලස්සන ආදර කතාවක්…මම මුනු පොතේ මේ ෆිල්ම් එක ගැන දානවා සහෝ…තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න හොදේ… 😀 😀 😀

    Reply
  • godak lassana saha arthawath film ekak …. sub ekath mmaru…. thawath me sath karyaye yedenna shakthiya labewa… jaya….

    Reply
  • අම්මේ උබ නම් දෙයියෙක් මචන්….. පට්ටම ෆිල්ම් එකක් තමයි මේක…. මම බලපු හොදම ෆිල්ම් ගොඩට තව එකක් එකතු කලාට උබට බොහොම ස්තුති මචන්… මේ වගේ වටින වැඩ කරන්න (සබ් දෙන්න) ශක්තිය ලැබේවා කියලා පතනවා

    ජයවේවා…..

    Reply
  • සමාවෙයන් විමෝ කොමෙන්ටුවක් දාන්න පමා උනාට
    (එකට හේතුව ඔබ තුමා දන්නවනේ)..මේක තාමත් බලන්න බැරි උනා බන් 🙁 🙁
    මේක එනකං මාර කල් බලාගෙන උන්නා එත් තාම බලාගන්න බැරි උනා
    ඉක්මනටම බලන්න ඕනේ..ආයෙමත් සමාවෙයන් කමෙන්ට් එකක් දාන්න පමා උනාට
    සබට තුති මචෝ ජය 🙂 🙂

    Reply
  • thanx bro patta film ekak thama

    Reply
  • ඔන්න බලලම කොමන් පාර දාන්න ගත්තා 😛
    ආයෙ කියන්න වචන නෑ… 😛 බං කොර බොක්කටම වදිනවා කදුළු පයිනවා 😀
    සබ් දුන්නට බොහොම ස්තුතියි විමා කොල්ලො 😀 ජය

    Reply
    • Watch cool kids dont cry

      Reply
  • ආශික් එක බැලුව මොන විකාර කතාවක්ද ඒක, මටනම් කිසිම වැඩක් නැති ෆිල්ම් එකක් සහෝ, පේන විදියටනම් මේක ලස්සන කතාවක් වගේ, ආශික් එක ගැන ඔබේ අදහස මගේ මුහුණු පොතේ ලියන්නකෝ, මේක ලස්සන අර්ථවත් කතාවක් වෙන්න ඇති, ආශික් එකේ තියෙන්නේ කොන්ද පණ නැති, ජිවිතයට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නැති පිරිමියෙක් සියදිවි හානි කරගන්නේ කෙසේද කියල පෙන්වන කතාවක්, මේක මම හිතන්නේ ජිවිතයට මුහුණ දෙන්නේ කෙසේද කියල පෙන්වන කතාවක් ඔය දෙක අතර වෙනස ඒකයි, ඉතින් මේ කතාව සුපිරි ඇති, බොහොම ස්තුතියි ශාන් මල්ලි මේක සිංහල උපසිරසි ගන්වලා ගෙනාවට, අනිවා බලන්න ඕනි,ජයවේවා.

    Reply
    • ඔව් දිමුතු සහෝ අනිවාර්යෙන්ම මේකේ ගන්න යමක් තියනව!
      අදහසක් දක්වලා තියෙන්නේ ඔන්න 🙂
      බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන්

      Reply
  • අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝ. ස්තුතියි…..

    Reply
  • thanakz maccoooooooooooo…………
    essarahatath me wage wada demu hode……………

    Reply
  • thank you bro ! 😛 😛 😛 great work ! 😀 😀 😀

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.මේක එනකම් බලන් හිටියේ…… 😀 😀 😀

    Reply
  • oyage sub 1 harima pahadili……..film 1 hodatama rasawinda……bohoma sthuthi Shan saho…… 😀

    Reply
  • තැන්කූ විමා අයියා…
    විභාගේ හන්දා බලන්ඩ පහු උනා…
    එල හොදේ. 😀

    Reply
  • ගිනි ගින්දර.. නියම සිලුමක් සහෝ.. මේකට තියන Comentz නිසා seen එක බලන්නමයී හිටියෙ. සබ් දුන්නට ඔබට තුති සහෝ.. ජය වෙවා..! 🙂

    Reply
  • film eka gatta eath sub eka match wen ne ,oya gatta aya kiyannako kohomada beluwe kiyala

    Reply
  • ඔන්න එහෙනම් මමත් ගත්තා 🙂
    තැන්ක්ස් හොදේ

    Reply
  • හම්මේ ඉතින්… උබ කොච්චර කාලයක් මේක එනකම් බුකියෙ සද්දේ දදා හිටියද ඉතින්… උබ දන්නවනේ ඉතින් මං ගැන. ලව් ස්ටෝරි අරහං. ඒත් උබ බයිස්කෝප් මංසලට ලියපු ලිපිය කියවපු දවසේ තමයි මම හිතාගත්තෙ මේක බලනවා කියලා… ඔන්න එහෙනම් බානවා. හැබැයි ඉතිං උබලට වගේ බූල් බල්ලො නම් අපට නෑ ඉතින් පොත් ගැනයි උබලට බලන්න ඕන ෆිලුම් ගැනයි කියලා දෙන්න. :3 …. ඔන්න එහෙනම් අද තනියෙන් මා……. කියාගෙන ෆිලුම බලනවා… බොට මොකටෙයි ස්තූති කොරන්නෙ (Repaying for Hulk :3 )

    Reply
    • අනේ තොගේ ස්තුතිය තියාගන් 😛

      Reply
  • නියමයි වීමා
    මේක අනිවා බලන්න ඕනේ.
    උපසිරැසියට බොහොම තෑන්ක්ස්.ඔබට ජය…!

    Reply
  • machn sabata bahoma sthuthi. honda introduction 1 deela tiynwa balanna asa hitena widiyata. issarahtath me wage sub denna suba patanwa!

    Reply
  • Thank you saho very much…… Thawath supirima film ekak aran ikmanatama enna aiya.. Jaya wewa…!!!

    Reply
  • විශිෂ්ඨ කළා කෘතියක්….
    ඒකෙ විවාදයක් නෑ.
    මොකද ජීවිතයට ලොකු අර්ථයක් එකතු කරන කෘතියක්.
    මම බලපු ඒවගෙනුත් හොඳම එකක්.
    බලල තියන ඒවගෙන් ඇහැට කඳුලක් එක් කරන්න සමත් වුණු ඒවා තියනවනම්, ඒ අල්පයයි.
    මේකත් ඒ වගේ එකක්.
    එක පාරක් නම් බැලුවා.
    තව පාරක් බලන්න ඕනේ කියල හිටියේ.(ලේසියෙන් හිතෙන දෙයක් නෙමෙයි).ඒත් වෙලාවක් ලැබුනේ නෑ.
    ඔන්න දැන් නම් උඹේ සබත් එක්ක අනිවා තව වතාවක් බලනවා.
    මේ වගේ ඒවගේ තේරුම් ගන්න තියන ප්‍රමාණය වැඩි නිසා, ඉක්මනට දෙන්න ගිහින් ඒ අදහස විකෘති කරනවට වඩා වෙලාව අරගෙන හරි හොඳට කරන ඒකයි වටින්නේ.ඒ නිසා චිත්‍රපටිය හරියට තේරුම් ගන්න සිංහල උපසිරැසිය ගොඩක් වැදගත් වේවි.
    ඔබට ජය!!!

    Reply
    • බොහොම ස්තුතියි ඩිලෝ උදව් කොලාට
      අනිවාර්යෙන්ම
      මැරෙන්න ලග බව දන දැනම සතුටින් ජිව්වත් වෙන්න හදන එක එහෙම හරි අපුරුවට පෙන්නලා තියනවා
      🙂
      අන්තිමටම කියලා තියන දේ ගැන මුකුත් නොකියා ඉමු නේ ඉතින් 😀

      Reply
      • ඒත් ඒක ලොකු උදව්වක් නෙමෙයි බන්.වෙලාවක් තිබුණා නම් උදව්වක් කියල හරියට කියන්න පුළුවන් විදියට උදව් කරනවා.
        ඇත්තෙන්ම බං.නියම කතාවක් කියන්නේ.මමත් මේ ෆිල්ම් එක බලන්න කලින් හිතාගෙන උන්නේ ජීවිතේ කියන්නේ මහ විකාරයක්, කවදා හරි අපිට මේ හැමදෙයක්ම දාලා යන්න වෙනවා නේද කියලා.
        ඒත් මේ ෆිල්ම් එක ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරා.
        දැන් මම විශ්වාස කරන්නේ, මරණය කියන දේ කවදාහරි අපි බලාපොරොත්තු වුනත් නොවුනත් එනවා.ඉතින් අනිවාර්යෙන් වෙනවා කියල දන්න දෙයක් වෙනකම් බලාගෙන ඉන්නවට වඩා අපිට ලැබිලා තියන ජීවිතේ අර්ථවත්ව ගත කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ.

        Reply
  • Meka release una dawase indalama balan hitiye hoda copiyak enekam……..me film ekata gahapu GINDARA sindu tikakututh thiyenawa…………………..

    Reply
    • අනිවා සහෝ
      boom clap එක එහෙම නියමයි 🙂

      Reply
      • ai….what u wanted.

        Reply
  • 2014 apu supirima film 1k.bohoma sthuthi sub 1ta

    Reply
  • නියමයි වීමා අයියේ.. 😛
    කාලයක් තිස්සේ එනකම් බලන් හිටිය වසරේ ආදරණිය සිනමා පටය.
    බලමු අපිවත් අඩවන්න පුලුවන්ද කියලා.
    නිලිය ගැන කතා කරන්නනම් බෑ මට. 😛
    වීමා සහොගේ අඩුව තදින්ම බයිස්කොප් එකට දැනෙනවා කියලා අන්තිමට කියන්න කැමතියි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
    • අපොයි එහෙම නැහැ මල්ලි
      තව ඈයො ගොඩක් ඉන්නේ අඩුව පුරවන්ට
      බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන් ඉසු සහෝ 🙂

      Reply
  • උපසි‍රැසියට ස්තූතියි.
    ජයවේවා ! 😀 😀 😀

    Reply
  • බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන්න මහන්සි වෙලා දාපු සබ් එකක් නේද මේ? බලමු බලන්න එහෙනම් මෙච්චර කල් අගය කරපු මේක කොහොමද කියලා. ජය෴෴ 😛 😛

    Reply
    • නොබලනවානම් ආයේ ෆිල්ම් බලන්නත් එපා ඈ
      සබ් කලාටනම් කමක් නැහැ හැබැයි 😉
      අදහස් දැක්වීම වෙනුවෙන් බොහොම ස්තුතියි රොයිලි අයියේ!

      Reply
  • නියමයි මචෝ.
    ෆිලුම නම් බාලා ඉවරයි.
    ස්තුතියි සබ් එකට.

    ලිපියත් සුපිරියටම තියනවා.

    Reply
    • බොහොම ස්තුතියි සහෝ
      ලිපිඑ අදහස නම් මගේ නෙමේ හැබැයි 😀

      Reply
  • “හප්පේ ඉතින් නේ”

    අනේද කියන්නෙ 😀
    මේක නොබලා ඉන්නෙ කොහොමද බන් ඉතින්
    ෆිල්ම් එක තියෙ සබ ගන්නවා
    ලිපියත් එල ඈ…
    සබට තුති
    ඔබට ජය…….

    Reply
    • නැතුව නැතුව චුටි මලේ
      අනිවා බලාන් 😀

      Reply
  • Running Shaadi.com එකටත් සබ් දෙන්න

    Reply
  • ස්තුතියි විමා.සබ් දෙන කම් බලන් හිටියෙ.ජයවේවා !

    Reply
  • ​යන්තම් මේකා දීලා 😛 පරක්කු නැහැ බන් ! මොකෝ දේව හදවත විකෘති කරලා ඉක්මනින් විකාර දෙන්න ඕනේ නැහැ නෙව 😉 (උඹ මේකේ තේරුම දන්නවා නෙව අනික් උදවිය දැනගන්න ඕනේ නැහැ ඉතින්). HD එක ආව දවසෙම බැලුවා ආයේ බලනවා සුපිරිම කතාවක් ආශිකී එකට මිනිස්සු හොඳයි කියනවා නම් මේකට කියන්න වචන නැහැ ඔන්න මට කියන්න තියෙන්නේ එපමණයි. තැන්කු බන් ! 😀

    Reply
    • හෙහ් හෙහ් හේ….
      ආයෙත් අහලා තේරෙනවා තේරෙනවා. පල්ලියට යන පාර නේ 😉

      Reply
    • පට්ට හදවත නේ… 😀

      Reply
  • අනේ බන් දුකයිද මේක.. මම මේ දවස් වල ඉන්නෙත් පට්ට දුකේ නිසා මා මේක පස්සේ බලනවා බන්.. අනිවාර්යෙන් සබට පින් ඈ.. 🙂

    Reply
    • අදහස් දැක්වීම වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ
      ඉක්මනට දුක නැතිවේවා 😉

      Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • kollonge basawen kiwwoth me lipiya kiyawwama bokkatama waduna.e nisa aniwa adenna kiyalama balanawa.thanks VIMA saho me wge 1k dunnata.digatama sub denn.jaya wewa……

    Reply
    • අනිවාර්යෙන්ම
      ඉදිරියේදී තව එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා
      බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන් සහෝ 🙂

      Reply
  • Godak stutei mchn sub ekata

    Reply
  • balanna kalin adena size ekak thiyenne……mama nm wadiya romance paththata bara na…eth meka balwna..thnx saho..

    Reply
    • එහෙමම නැහැ කොල්ලෝ
      ලස්සන කතාව,
      අනිවා බලන්න 😀

      Reply
  • ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍මෙන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍බ‍යිස්‍‍කෝප්‍ ‍රෝ‍මී‍යෝ‍ගේ
    ‍හි‍ත ‍ඇ‍දි‍ලා ‍ගි‍ය ‍ක‍තා‍ව ‍ගෙ‍නල්‍‍ලා.
    ‍අ‍පි(‍ම‍ම) ‍ඔ‍ය ‍ව‍ගේ ‍ක‍තා‍වක්‍ ‍බ‍ල‍යි‍ද ‍කි‍ය‍ලා ‍නම්‍ ‍දන්‍‍නේ ‍නෑ.
    ‍න‍මුත්‍ ‍නි‍ලි‍ය‍ව ‍දැ‍ක‍ලා ‍නම්‍ ‍නො‍බ‍ලා ‍ඉන්‍‍නත්‍ ‍ලෝ‍බ‍යි.
    ‍බ‍ල‍මු ‍බ‍ල‍මු.
    ‍කට්‍‍ට ‍කා‍ලා, ‍ද‍වස්‍ ‍ගා‍නක්‍ ‍බ‍ලන්‍ ‍ඉ‍ද‍ලා ‍ඉ‍ද‍ලා,
    ‍ක‍ර‍පු ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තු‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

    Reply
    • අපි(මම) අනේමන්ද ඉතින් නේ 😛
      අනිවා බලන්නලස්සන කතාවක් සිරාජ් මලයෝ

      Reply
  • ඔන්න පුතේ එහෙනම් මාත් සබයි ටොරන්ට් එකයි දෙකම ගන්නවා………..
    සබට වගේම ‍ෆිල්ම් එක ගැන ලියපු ලිපියටත් තුති එහෙනම්.

    Reply
    • ලිපිය ගැන නම් අනේමන්දා 😀
      අනිවා බලන්න උදාර අයියේ
      අදහස් දැක්වීම වෙනුවෙන් බොහොම ස්තුතියි!

      Reply

  • හම්මේ නියමයි. brrip ආව දවසේ ඉඳන් බලන් හිටියේ සබ එනකල්.. 😛 මේ දවස් ටිකේම බැලුවේ රොමැන්ටික් ඒවමයි. ඒ ඔකොටම හරියන්න මේ තියෙන්නේ සුපිරිම එකක්. මන්සලේ ලිපිය කියෙව්වට පස්සේ මග බලන් හිටියේ.
    උපසිරැසියට තුති ශාන් සහෝ. තව ටිකකින් බාගෙන ඉවරයි. අද රෑම බලනවා…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
    • රොමැන්ටික් ඒවම බැලෙන්න නම් එහෙනම් හේතුවක් ඇති නේද තිසර සහෝ 😛
      බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන්

      Reply
  • අප්පේ මේ දීලා තියෙන්නේ… මේ ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නැහැ විමෝ.. උබ සබ් එක දෙන්න කලින් දෙපාරක් බැලුවා කිව්වොත් තරහා වෙනක් එකක් නැහැ නේද?.. මොකද උබේ සබත් එක්ක ආයේ බලන නිසා.. අනික කවුද බං කියන්නේ පරක්කුයි කියලා. මේ ෆිල්ම් එක එනකම් මාස ගානම් ඉන්න පුළුවන් නම් ඇයි එක දවසක් නිවැරදි සිංහල උපසිරැසියක් එක්ක බලන්න ඉවසන් ඉන්න බැරි.. ආ නැද්ද මම අහන්නේ??? ජය කිව්වා එහෙනම්, හැමදාම මේ වගේ ෆිල්ම් අරන් එන්න හැකියාව ධෛර්ය ලබෙන්නම ඕනේ. ලිපියත් සුපිරියටම තියෙනවා.

    ඔන්න එහෙනම් මම මේ පාර තනියෙන් නම් නෙමේ මේක බලන්නේ ඈ… 😛

    Reply
    • අපිට කොයින්ද පූසො මාළු
      අපි යනවද මූදූ… :p
      දෙන්නෙත් එක්කම බලන්නකෝ ආයෙම එහෙනම් 🙂

      Reply
      • මුට මොකුත් කියන්න බැහැ, දැන් ඒ අසරනයාටත් හින්ට් පාස් කරන්න අරගෙන… 😛

        Reply
  • ELA ELA
    DANMA BAMI
    JAYA

    Reply
  • wowww..menna badu..tnx bro..

    Reply
  • සුපිරිම ආදර කතාවක්
    නියමයි සහෝ

    Reply
  • kalayak thisse enakan balan hitapu film ekak lassana love story ekaj thanks a lot mcn……….

    Reply
    • බොහොම ස්තුතියි සහෝ

      Reply
  • මම English Romantic Movies බලන්නෙම නෑ. ඒත් බයිස්කෝප් මංසලේ තිබුන ලිපිය කියෙව්වම අනිවාර්යෙන් ඕන බලන්න හිතුනා. මාව අඩවපු ෆිල්ම් තියෙන්නේ අතේ ඇගිලි ගාණට.බලමු මේ ෆිල්ම් එකත් එහෙමද කියලා.(ලිපියත් ලස්සනයි)
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
    • English Romantic නොබලා දෑස මක්කටෙයි ආ 😮

      Reply
  • උපසි‍රැසියට ස්තූතියි.
    ජයවේවා !

    Reply
  • පරක්කුයි කිව්වට පරක්කුම නෑ…
    මටත් හිතුණා විමා කොළුවම මේ ගෙනෙයි කියලා..
    අවසානය ඇඬෙන එක නේද?(මට නිකන් දැන්මම ඇඬෙන්න වගේ)
    කොහොමහරි තෑක්ස් විමෝ!!!

    Reply
    • අවසානය වෙන්න කලින් ඇඩෙනවා කොලුවෝ 🙁

      Reply
  • sira vadak…thanks.thanks.thhan…………………s

    Reply
  • pain demands to be felt……
    බොහොම ස්තූතියි මල්ලි උපසිරසියට .එනකන් බලන් හිටියෙ.උපසිරසියත් නියමයි.ගොඩක් ලස්සන ඒ වගේම ගොඩක් දුක හිතෙන කතාවක්.බලලා ඇඩුවත් එක්ක.ඒත් ස්තූතියි හොදේ.තව මේ වගේම ලස්සන කතාවක් අරන් ඉක්මනට එමු නේද.ජය…

    Reply
    • අනිවාර්යෙන්ම අක්කේ මේ වගේ තව ලස්සන කතාවක් ඉස්සරහදි එනවා එකත් අරන් එන්නම්කෝ 🙂

      Reply
  • thank you malli pattai….

    Reply
  • Thank you very much for keeping us happy.

    Reply
  • හම්මේ….! මුළු දවසම සබ් සීන් එක අප්ඩේට් වෙනකන් බලාගෙන ඉදලා උඹ අපි වෙනුවෙන් කරපු කැපවීම අගය කරනවා විමෝ…! පෝස්ට් එක කියෙව්වම මෙහෙම ඇඩෙන්න ආවනම් කථාව බැලුවම කොහොමද කියලා හිතන්න පුළුවන්. මචන් දිගටම රොමෑන්ස් වලට දාපන්. “If you want the rainbow – you have to deal with the rain” well said මචන්. සැප හා ජය!

    Reply
    • අනිවා අනිවා මලයෝ
      ඒවා අත්හැරලා කොහොමද ඉතින් නේ 😀

      Reply
  • ela kiri machan 😉 thanxx

    Reply
  • sirawata balanna kalinma adenawa 😛

    Reply
  • ela ela maka aniwa balanawa thaz sahooo superi katawak waga vestaranam niyamatama tiyanawa subapaum….

    Reply
    • බොහොම ස්තුතියි සහෝ 🙂

      Reply
  • හප්පේ ඉතින් නේ!
    අයියගෙ ලිපිය කියවලා මට ඇඬුනා…
    කතාව බලන්න හිත හදාගන්න අමාරුයි.
    :'(

    Reply
    • අයියා 😮
      මම මල්ලි අයියේ 😀

      Reply
  • බොහොම ඉස්තුතියි

    Reply
  • නියමයි ශාන් අයියා !
    බාලා තියාගත්තා කලින් .
    මේක ගැන නේද කොලුවා බුකියේ සද්ද දැම්මේ .:D
    ෆිලුමනම් කියන්න දෙයක් නෑ සුපිරි.
    එච්චර පරක්කුත් නෑ .
    ඊළඟ එකත් ඉක්මනට ගේමු .:D
    ජය !

    Reply
  • ස්තුතියි විමා!

    හිතුවේ නැහැ මෙතරම් සුපිරි කථාවක් කියලා!

    ලිපිය කියෙව්වම අනිවා බලන්න ඕනේ කියලා හිතුනා!

    ජය වේවා!

    Reply
    • අනිවාර්යෙන්ම බලන්න නලින් අයියේ
      බොහොම ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන් 🙂

      Reply
  • Ade film eka gena kiyapu tika ahala edenna wage… film eka aashiqui wagema ethi ehenam… baiscope enakanma hitiye meka monawageda kiyala denaganna.. den balamuko.. thank u bro

    Reply
    • ආශිකී පරාදයි සහෝ 😉
      බොහොම ස්තුතියි සෙනිල් අදහස් දැක්වීම වෙනුවෙන්!

      Reply
  • thxxxxxxx……… me enakan balaaagena hitiyeeee………:)

    Reply
  • Thank you Shan..

    Reply
  • මෙන්න විමා බඩු දීලා….මේක දෙනකන් ගොඩක් කල් ඉදලා බලාගෙන හිටියෙ..සබට බොහොම තුති…ජය වේවා…!

    Reply
    • බොහොම ස්තුතියි ලක්ෂාන් සහෝ අදහස් දැක්වීමට
      මාත් සැහෙන කල් බලන් හිටියා උපසිරසක් එනකම් 🙂

      Reply

Leave a Reply to sumith Cancel reply

Your email address will not be published. Required fields are marked *