Wednesday , September 23 2020
Breaking News

The Game (1997) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 26 votes.
Please wait...

මාගේ සයවැනි සිංහල උපසිරැසිය ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුතර චිත්‍රපට ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය ලෙස නම් කරන The Game(1997) චිත්‍රපටයයි..

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අග්‍රගණ්‍ය චිත්‍රපට කිහිපයකටම මට සිංහල උපසිරැසි ගෙන ඒමට හැකි වුනා.. ඒ අතර The Kite Runner(2007), Sweet November(2001), The Suspect (2013) ඉහළින්ම සදහන් කළ හැකියි.. ඒ අතරට අද එකතු වෙන The Game (1997) චිත්‍රපටය IMDB අගය 8කට ආසන්න අගයක් මෙන්ම Rotten Tomatoes අගය 72%ක් ලබා ගෙන තිබෙනවා. Michael Douglas(නිකලස් වෑන් ඔර්ටන්) රගපෑ චිත්‍රපට ගොන්න අතර ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස නම් කරනුයේ මෙම චිත්‍රපටයයි.. ඔහුට අමතරව කොන්රඩ් ලෙස Sean Penn විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මෙහි අධ්‍යයක්ෂණය David Fincher විසින් සිදු කර තිබෙනවා. හරි අපි එහෙනම්චිත්‍රපටය පැත්තට යමු…

නිකලස් වෑන් ඕර්ටන් සැන් ෆ්රැන්සිස්කෝ නුවර වෙසෙන කොටස් වෙළදපොළ සමග ගනුදෙනු කරන ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්.. ඔහුට ව්‍යාපාර වලින් තොර ලෝකයක් නෑ.. එ නිසාම ඔහුගේ 48වන උපන්දිනය සමරන්න සිදුවන්නේත් තනිවමයි. ඔහුගේ සහෝදරයා කොන්රඩ් එදින ඔහුව හමුවීමට පැමිණෙනව.. ඒ හිස් අතින් නම් නෙවෙයි නිකලස් ගේ ජීවිතය වෙනස් කරන තීරනයක්ද අරගෙනයි.. මොකක්ද මේ නිකලස්ගෙ ජීවිතය වෙනස් කරන දේ.. ඔහු එයට කෙසේ මුහුණ දෙයිද. මම වැඩිය මේ පිළිබඳව හැදින්වීමක් කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නෑ.. අනිවාර්යෙන්ම ඔබ නැරඹීය යුතුම චිත්‍රපටයක්.. චිත්‍රපටයේ අවසාන විනාඩි කිහිපයේ ඔබ ලබන අත්දැකීම ජීවිත කාලය පුරාම මතකයේ රැදෙනු නොඅනුමානයි.. අවසානය පිළිබඳව නම් ඔබගේ මතය විවිධාකාර වන්න පුළුවන්..

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්නෙ කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරවයි. එනිසා ඔබගේ අදහස මට තවත් විශිෂ්ඨ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන ඒමට උපකාරයක් වෙයි. එහෙනම් නැවත හමුවෙන තුරු ඔබ සැමට සුබ දවසක්..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. thanks bro

  2. Sasindu chamod

    බලන්න කියලා හිතාගෙන හිටපු එකක්.අද තමා සෙට් වුනේ.සබට තුති!!!!ඔබට ජය!!!!

  3. Saranga J. Liyanagama

    Thanks

  4. Bimsara_Yashan

    tnx bro sub ekata

  5. thanx……………!

  6. Tnx saho fatta

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  8. niyama film ekek. thanks

  9. සෑහෙන කාලයක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්,පොඩි කාලෙ සිරසෙ එක පාරක් ගියා…බොහොම ස්තූතියි

  10. Thanks bro

  11. Nishanfernando

    Thanx bro

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. sub ekata thanks saho.. jaya wewa!!

  14. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉෂාන් සහෝ..
    ජයෙන් ජය.

  15. wow… නියමයි මචන්.. ඇත්තටම අපිට තියන් රාජකාරි එක්ක කාල කළමණාකරනය තමා අමාරු.. film එකක් බල්න්න කාලය හදා ගන්නෙත් බොහෝම අමාරුවෙන් ..ඒ අතින් ඔයාලා මේ කරන දේ ඇත්තටම විශිෂ්ටයි.. ගොඩාක් ස්තුතියි.. මේ වගේ සුපිරි film වල උපසිරුසි හැකි විටක දාන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් තවත් වරක් ස්තුති කරනවා… එල එල

  16. Amilasudarshana

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…ඔබට ජය!

  17. one of the best film i have ever seen , thank you!!!!!!!

  18. සුපිරිම කතාවක්. බොහොම ස්තූතියි සහෝ…!!

  19. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….

  20. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!

  21. Kavindaweer1998

    Ubala ekthara widiyaka Pinak bn me karanne
    Tnx bokke Sub ekata

  22. බොහොම ස්තුතියි

  23. සිංහල උපසිරැසි දෙනකම් සෑහෙන කාලයක් බලන් ඉඳල බැරිම තැන ලඟදි ඉංග්ලිෂ් උපසිරැසි එක්ක බැලුවා..කොහොම උනත් සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ..දැන් ආයෙත් සිංහල උපසිරැසි එක්ක බැලුවහැකි

  24. AsithaDilruwan

    elama saho thanks

  25. oba idiripath karana visists nirmaan walata sthuthi

  26. ස්තුතියි සබ් එකට…. හොඳ නළුවෙක් ඉන්න හොඳ ෆිල්ම් එකක්…..

  27. මේක බලන්න හිතාගෙන හිටිය ෆිල්ම් එකක්. සබ් තිබුණ නැති නිසා කල් දැම්මා.. බලල ඇවිත් කමෙන්ට් එකක් දාන්නම්.. ජය..!

  28. උපසිරැසියට බොහොම ස්තුතියි ඉෂාන්

  29. Deshan_Abeysinghe

    Thank you very much

  30. මචන්ලා IMDB 250 අප් ඩේට් කරහල්ලකො.. එ ගමන් dr strangelove එකෙත් සබ් දෙන්ඩෝ

  31. ෆිල්ම් එකේ අන්තිම ගැන කියනවනම් මොලේ කුරුවල් උනා..තාමත් කවුරු හරි එකෙක් බලන්න හොද ෆිල්ම් එකක් කියපන් කිවොත් ඉතින් මුලින්ම කියන්නෙ Game 1997 කියල තමා සිංහල දාපු එක පට්ට…මේක අනිව IMDB මුල 50 අතරෙ තියෙන්න ඔනි කියන එකයි මගෙ මතයනම්

  32. sagaradarshaka

    Thanks broo

  33. sampath n perera

    බොහොම ස්තුතියි ඉෂාන්
    විශිෂ්ට නිර්මාණ සඳහා දායක වෙන හැමෝටම අප ණයගැතියි
    බුදුසරණයි..ජය වේවා!

  34. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉෂාන් සහෝ.
    ජයෙන් ජය.

  35. බොහොම ස්තුතියි ඉෂාන් , KITE RUNNER උපසිරස නැතිව සමහර තැන් තේරුම් ගන්න අමාරුයි. මම ගොඩක් කල් ඉඳලා ඒකට සබ් එනකන් බලා හිටියා . ඔබ සබ් දුන් පසු ඒක කිහිප වතාවක් නැවත බැලුවා
    ඔබ වගේම විශිෂ්ට නිර්මාණ සඳහා දායක වෙන හැමෝටම අප ණයගැතියි. හැකිනම් CITIZEN KANE එකට සබ් දෙන්න

    • ඇත්තෙන්ම IMDb අගය 8.0 ට වැඩි ඒවාට සිංහල සබ් දෙනවානම් එය ඉතාමත් වටිනා කාර්යයක්. එවැනි එකක් මා අනිවාර්යයෙන් නරඹනවා. ඉහත සඳහන් කර ඇති ඇල්ෆඩ් හිච්කොක් සිනමාකරුවානන්ගේ Citizne cane, Rebeca… වැනි සිනමාපට සම්මාන ලාභී සිනමාපට. එවැනි ඉතා පැරණි ඒවාත් බලන්න ලැබෙනවානම් ඉතාමත් වටිනවා. මේ උපසිරසියට ඉතාමත් ස්තුතියි!

  36. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…බුදුසරණයි..ජය වේවා!

  37. Udara Damith Dissanayaka

    …………..බොහොම ස්තූතියි……………

  38. බොහොම ස්තූතියි සහෝ

  39. මෙකට සබ දෙනකන් බලන් හිටියෙ
    බොහොම ස්තූතීයී

  40. thanks bn..downlod wenna demma film eka

  41. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!