Saturday , February 4 2023

The Girl from Oslo AKA Bortført [S01 : E09] Sinhala Subtitles | කබලෙන් ලිපට. [සිංහල උපසිරසි]

No votes yet.
Please wait...

මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස්ට් එකේ උඩම 10 අතරෙ රැදී ඉන්නත් පුළුවන් උනා. Drama/Thriller කැටගරියෙන් කියල කිව්වත් action එහෙමත් නැතුවම නෙවෙයි. IMDB අගය 6.3/10ක් කරකවා ගත්ත මේක අධ්‍යක්ෂණය කරන අය රඟපාන අය එහෙම අපි දන්න කියන අය නෙවෙයි. ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නෙ නෑ හොඳේ. මේක නෝර්වේජියානු/ඊශ්‍රායල සුසංයෝගයක්. ඒ නිසා නළු නිලි සෙට් එකම ඒ රටවල් දෙකේ අය තමයි ඉන්නෙ. දන්න අය නෑ කියල බලන්නෙ නැතුව ඉන්න එපා. එහෙම උනොත් ඉතින් අපරාදෙ. තව දෙයක් කියන්න ඕනෙ. මේක ඊශ්‍රායල කතාවක් නිසා එයාලගෙ නම් ගම් එහෙම ටිකක් නුහුරුයි. ටිකක් බලන් යද්දි හරි යයි. අනික මං සබ් එක කරල තියෙන්නෙ English Dubbed කරපු කොපියට. ඒක බාගෙන බලන්න. ඊශ්‍රායල භාෂාවෙන්ම තියන කොපි එකක් මං සබ් කරන්න පටන් ගද්දිත් රිලීස් වෙලා තිබ්බෙ නෑ.

උමග ඇතුලෙන් ගිහින් තුන්දෙනාම හමාස් සංවිධානය අතටම යනව ඔයාල කලින් කොටසෙ දකින්න ඇති. එතන සිද්දිය ඇත්තටම යූසුෆ් එහෙම දැනගෙන තමා වෙන්නෙ. ඒක තමා සැලැස්ම වෙලා තිබ්බෙ. ඒත් ඒ සැලැස්ම අද කොටසෙදි ටිකක් වෙනස් වෙනව. ඒ වගේම අබු සලීම් වෙනුවෙනුත් වෙන සැලැස්මක් ක්‍රියාත්මක වෙනව ඔයාල කලින් කොටසෙ දැක්ක. ඉතින් එතනින් එහා වෙන්නෙ මොකද කියල අද කොටස බලලම දැනගමු නේ. අන්තිම එපියෙන් හම්බෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ben 10 (2005-2008) [S04 : E11-E12-13] AKA Ben 10: Secret Of The Omnitrix (2007) Sinhala Subtitles | බල ඔරලෝසුවේ අභිරහස [සිංහල උපසිරසි]

තවත් අවුලක් තියෙන එපිසෝඩ් තුනකට සබ් අරගෙනයි මේ ආවෙ. කොහොමහරි බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාවෙ …

Leave a Reply

Your email address will not be published.

4 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Thanks jayawewa….!

error: Alert: Content is protected !!