Thursday , December 2 2021
Breaking News

The Handmaid’s Tale [S01 : E10] Sinhala Subtitles | අඳුරින් නික්මයාමද… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.6/10. From 25 votes.
Please wait...

කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවද? ඔන්න එහෙනම් පළමු කතා සමයේ අවසන් වෙළුමටත් කෙමෙන් කෙමෙන් පියවර තැබුවා.මේ අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දසවන වෙළුමයි. දෙවන කතා සමය 2018/04/25 වන දින විකාශය ආරම්භාවි. මේ වනවිට විකාශය වෙමින් පවතිනවා. වෙබ් අඩවිය හරහා සමගාමී විකාශනයකට අවසර ලැබුනහොත් දෙවන කතා සාමය සඳහා  සමගාමී විකාශනයත් එක්ක උපසිරැසි දෙන්න පුළුවන් වේවි හිතනවා. අපි බලමු ඉස්සරහට. මං කලින් කොටසින් මෙතෙක් කතාව මතක් කරේ, පසුගිය කොටස එනම් නමවන වෙළුම හා අවසානය ගැන දේවල් කතා කරන්න තිබුන නිසාවෙන්,

පළමුව ජෙනින් හා ඇන්ජෙලාගේ සම්බන්දයෙන් පටන්ගෙන,එය කමාන්ඩර් වොරන්ගේ රෙදි ගැලවෙන තැනටම කටයුතු යෙදුනා මතක ඇති කියලා හිතනවා හැමෝටම, ජෙනින් මැරේවි ද ?කමාන්ඩර් ට කුමක් වේවිද? දරුවාව හදා වඩා ගන්න පුට්නම් මෙලෝ හසරක් දන්නේ නැහැ. Mayday හා එක්වූ ජූන්, කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් හරහා නැවත ජිසෙබෙල් වලට ගොස් පාර්සලයක් රැගෙන එන මෙන්ඇ ල්මාගෙන් ඇයට නියෝග ලැබෙනවා, ඇයට එහෙදි ඒ සඳහා අවස්ථාව නොලැබෙන්නේ ෆ්‍රෙඩ් ගේ සැකයට ඇයව භාජනය වීම නිසාවෙනි. ෆ්රෙඩ් ජුන්ට මොයිරා හා කතාකිරීමට අවස්ථාවක් සකසා දුන් අතර, එහි ප්‍රතිපලයක් ලෙස ජුන්ට එම පාර්සලය මොයිරා හරහා ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙනවා. එම පර්සලය රහසේ සඟවාගෙන නිවසට ගෙන ඒමට ඇය සමත් වෙනවා.සීමාවෙන් එපිට ලෝකයට පැන යාමට දරන උත්සහයක්, නමවන කොටස අවසානයේදී මොයිරා ගෙන් අපට දැකගන්න පුළුවන් වුවා. බිඳුණු ස්වරූපයකින් සිටි ඇයට ඒ තුලින් ගොඩ ඒමට ජුන්ගේ කතාව ඉවහල් වූ බවක් තමයි අපට දකින්නට ලැබුනේ.

අවසාන කොටසින්

මෙච්චර කාලයක් ෆ්‍රෙඩ් ජිසෙබෙල් වල නටපු නාඩගම් සෙරීනා ට එළිවෙන්න වගේ යන්නෙ, අපි බලමු ඒ දේවල් එක්ක ජුන්ගේ කතාව කුමක් වේවිද කියා. ඇයට අවසානයේ කිනම් තැනක නතර වෙන්නට සිදුවේවිදැයි කියා. අද කතාව ගොඩක් සංවේදී වගේම තියුණු මුහුණුවරක් ගන්නවා, මොකද අද වැඩ වෙන්නේ එකට එකක් ලෙස, මං කියපු කතාව ඔයාලට තේරේවි කතාව බලන් යනකොට. අවසාන කොටසට IMDb දර්ශකයේ මෙතෙක් වාර්තාවූ වැඩිම අගයක් එනම් 9.2ක අගයක් ගන්නට සමත්වී තිබෙනවා.

කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ නිවසේ ජූන් හැර අන් සැවොම බලා සිටි කාරණාවක් අද කතාවට පාදක වෙනවා. ආරම්භයේ පටන්ම හැල හැප්පීම් තුලින් ගමන් කළ ජුන්ගේ ජිවිතයට වෙනසක බලාපොරොත්තුවක් අපේක්‍ෂාවෙන් සිටි. එයට ඉඩහසර සැලසේවිද? ජෙනින්ගේ කතාවට යුක්තිය සාධාරණය කෙලෙස ඉෂ්ට වේවිද? මොයිරාට පැන යෑමට හැකිවේවිද? සීමාවෙන් එහා ලෝකයේ කෙලෙසද වැඩ කටයුතු සිදුවන්නේ? නික්, ජූන්, මොයිරා, ලුක්, ෆ්‍රෙඩ්, සෙරීනා,ජෙනින්, මේ ප්‍රශ්න වලට පිළිතුරු කෙසේ සොයාවිද? මෙහි අවසානයක් පෙන්නටවත් තිබේවිද? ඔයාලට පළමු කොටස මතකනම. එහි අවසානයේ ප්‍රශ්න වැලක් ඉතුරු කලා මතකද, එලෙසම ඔබව ප්‍රශ්න වැලක පටලා ජූන් ෆ්‍රෙඩ් ගේ නිවසින් පිටවනවා. ඔව් ඔව් පිස්සු වගේ තමයි. මේක පිස්සු හැදෙන කතාවක් කිව්වේ ඒක තමයි මුලදීම.මේ සියළුම ප්‍රශ්න වලට පිළිතුරු දෙවන සමයේදීවත් හොයාගන්න බලාපොරොත්තුවෙන් ආයෙත් දෙවන කතා මාලාවෙන් හමුවන තුරු හැමෝටම ජය !!! 🚩 😉✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න

  2. Milinda Sadaruwan

    Thank you bro

  3. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. 1st Season එකම ගත්තා. Thanks මචං..

  5. KUSAL LIYANAGE

    season 01 eka supiri thanks

  6. Thanks bro Epi 10tama…

  7. thanks for sub broo…………………………

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. මේ සිරියස් එක දුන්නට ඔයාට ගොඩාක් ගොඩාාාාාාාාාාාක් ගොඩාාාාාාාාාාාක් ස්තුති සහො.දෙවනි සිසන් එක දෙනව කිවුව එකම ඇති සහො.පුලුවන් උනොත් දෙන්න.

    සොම්බිලා නැ එත් survaival කතාවක් තමයි…………….
    රතු වත හැදි කතුන් ඇත එත් herlock homes නෙමේයි………….
    කට්ටිය හිතයි අණ පිලිපදින කිකරැ වහලියක් කියල එත් එහෙම නෙමේයි…………….
    මේවට සබ් නැත්නම් බයිස්කොප් බයිස්කොප් නෙමෙයි.

  10. thank you

  11. sub ekata thanks saho. jaya wewa!!

  12. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  13. සිංහල උපසිරැසියට ස්තූතියි……..ජයවේවා…….!!!!!!!

  14. Thanks machan kathawa genawata……jayawewa……!

  15. Thank you very much for all subS…..!!! It`s a great work..

  16. Tnx for all subs…..Bs

  17. සිංහල උපසිරැසියට ස්තූතියි
    2 වන කතාසමයෙන් මුන ගැහෙමු
    ජය

  18. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  19. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    Season 2 එකටත් දෙමු දෙන්න පුලුවන්නම්…

  20. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. ස්තුතීයි සහෝ ඉතා ඉක්මනින් සමිපුර්ණ කථා මාලවම ලබා දුන්නට S02 මෙි වගේම ඉක්මණට උපසිරස ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා ජය වෙිවා

  23. Thank You

  24. elama..
    ilaga season ekath ikmanata demu..
    Thanks for sub..
    GoodLuck..

  25. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

error: Alert: Content is protected !!