Thursday , September 24 2020
Breaking News

The Iceman (2014) | නැවත පලිගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ] (100)

Rating: 8.6/10. From 5 votes.
Please wait...

The Iceman 2014ඔන්න ඉතිං මගෙත් සියවෙනි උපසිරැසිය තමයි මේ එලිදැක්වෙන්නේ. 2013 ජූනි 7 වෙනිදා මගේ පළවෙනි උපසිරැසිය වන Kick Ass පළවෙනි කොටස චිත්‍රපටිය දුන්නට පස්සේ අද වෙද්දී ගතවුන කාලය අවුරුද්දයි සති තුනක් වගේ කාලයක්. උපසිරැසි 50ක් දෙන්න ගත වුන කාලය මාස හතර හමාරක් විතර උනාට ඉතුරු පනහ දෙන්න කාලය ටිකක් වැඩිවුනා. ඒකනම් අනිවාර්යෙන්ම යෙදුන වැඩයි, යොදාගත්ත වැඩයි එක්ක තමයි එහාට මෙහාට උනේ. ඒවගේම මේ චිත්‍රපටියත් දැන් සති එකහමාරක් දෙක්ක විතර බාරගෙන. අද තමයි ඔන්න කරලා ඉවර උනේ.

කියන්නම් ගොඩක් දේවල් නැහැ. බොහොම සතුටින් මේ කරගෙන යන වැඩේට අතහිත දෙන හැමෝටමත්, ඒ වගේම අඩුපාඩු පෙන්නලා දෙන හැමෝටමත්, බයිස්කෝප් කාර්ය මණ්ඩලයතේ ස්තූතිවන්ත වෙනවා. සියවෙනි උපසිරැසිය, එහෙමත් නැත්වම් මේ දක්වා ඔබට ලබාදුන්න හැම උපසිරැසියක් පිටිපස්සේම ගොඩක් අය හිටියා. නොදන්න තැන් වලට උදවු දුන්න අය, ඒ වගේම චිත්‍රපටියක් ආවහම, අලුතින් ආවහම ඒ ගැන කියලා මේක කරපං මචං කියන අය ගොඩක් හිටියා. නම් කියන්න අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ ඒ අයගේ. මොකද අපේ උපසිරැසිකරුවන් සියලු දෙනාම කවුද මේ පිටිපස්සේ ඉදන් වද දෙන කට්ටිය කියලා හොදටම දන්නවනේ 😀 
තව දෙයක්. උපසිරැසිය බාගත කරගෙන අදහසක් දක්වලා ගියපු හැමෝටම ස්තූතියි. ඒවගේම අදහසක් නොදක්වා උපසිරැසිය බාගත් පිරිසටත් ස්තූතියි. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැදෙන්න. කාත් එක්කවත් තරහක් මරහක් අපේ අඩවියේ කිසිම කෙනෙක් අතරේ නෑ. වෙනත් අය එක එක අංචි ඇද්දට අපි එහෙම කරන්න යන්නෙත් නෑ. අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව අපේ ගමන යන එකයි කරන්නේ. අනික ඒක තමයි ගොඩක්ම වටින්නෙත්. අලුතින් එන චිත්‍රපටි අතරේ පරණ, ඔය ගොල්ලෝ බලල නැති, සමහරවිට නම පවා අහල නැති චිත්‍රපටි පවා අපේ බයිස්කෝප් අඩවියෙන් ඔය ගොල්ලොන්ට ලැබිලා තියෙනවා සිංහල උපසිරැසි සමඟම. ඒ වගේම තවත් ඉදිරියටත් ඒක ඒ අයුරින්ම ලැබෙනවා. එහෙනම් අද බයිස්කෝප් එක පැත්තට හැරෙමු.
100
ගොඩක් අය දන්නවා IP MAN කියන චිත්‍රපටි පෙල. මේ වෙද්දි ඒ චිත්‍රපටි පෙළටම සිංහල උපසිරැසි ලබාදීලයි තියෙන්නේ. ඉතින් මේ මම අද දෙන්න යන චිත්‍රපටියේ ඉන්නේ ඒ IP MAN චිත්‍රපටි පෙලේ ප්‍රධාන චරිතයට පන දුන්න Donnie Yen කියන නළුවා. හැබැයි IP MAN විතරක් නෙමෙයි. මේ අවුරුද්දේ ඔහුගේ තවත් චිත්‍රපටියක් ආවා THE MONKEY KING කියලා. ඒකටත් මම උපසිරැසි ලබාදුන්නා. ඔහුගේ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේක ඇවිත් චීන චිත්‍රපටියක්. 2014 අප්‍රේල් 24 තමයි මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න පටං ගත්තේ. චිත්‍රපටියේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදක පිළිවෙලින් Law Wing-cheung සහ Huang Jianxin වෙනවා. නම් කියවද්දි දිව අනිත් පැත්ත ගහනවා 😀
මේ චිත්‍රපටිය 1989දී දෙපාරක් සම්මානයට නිර්දේශ වුන චිත්‍රපටියක නැවත සංස්කරණයක්. හැබැයි කලින් චිත්‍රපටියේ තිබුන චරිත සහ අනිකුත් කතාවන් සියල්ලම සේරම පාහේ වෙනස් කරලා තියෙනවා මේ සිතුවමේදී. නමුත් ජෙනරාල්ගේ චරිතය පරණ චිත්‍රපටියේදී වගේම මේ චිත්‍රපටියේදීත් ඒ ආකාරයටම නිරූපණය කරලා තියෙනවා.
කතාව ටිකක් කිව්වොත්, මින්ග් රාජ වංශයේ අනාතයෝ හතර දෙනෙක් ඉන්නවා. යින්ග්, සාඕ, යුආන්ලෝන්ග් සහ නෙයිහු. මේ අය හැදී වැඩෙන්නේ ඒයෝවුන් කියන ගමේ. ඉතින් මේ අය සහෝදරයෝ වගේ තමයි හිටියේ. ඔවුන්ට තිබුන මාර්ෂල් ආර්ට් කියන සටන් හැකියාව නිසා එකල අධිරාජ්‍යයාගේ ආරක්ෂකයින් බවට පත්වෙන්න ඔවුන්ට හැකිවුනා. ජපානයේ හමුදාවට අණ දුන්න පුද්ගලයාව මරාදැම්මට පස්සේ, අධිරාජ්‍යයා යින්ගට නියෝග කරනවා හින්දුන්ට අයිති කාලයේ රත්‍රං වක්‍රය නැවත අගනගරයට අරගෙන එන්න කියලා. මේ වක්‍රෙයන් පුලුවන් අනාගතයටත්, අතීතයටත් ගමන් කරන්න. නමුත් ජපන් මංකොල්ලකරුවන් සමඟින් සම්භන්ධයක් තියෙනවායැයි යින්ග්ට බොරු චෝදනාවන් ඉදිරිපත් කරලා යින්ගේ මුලු ඥාතීන් සේරම මරාදමන්න මින්ග් අධිරාජ්‍යයා නියෝග කරනවා. මේ හේතුව නිසා යින්ග්ව අත්තඩංගුවට ගන්න පිරිසක් එනවා. නමුත් එතන සිදුවෙන යම් ගැටුමක් නිසා ඔවුන් සියල්ලෝම සහ කාලයේ රත්‍රං වක්‍රයද හිමෙන් වැහිලා යනවා. අවුරුදු 400කට පස්සේ යින්ග්, සාඕ සහ නෙයිහු නැවත ඉපදෙනවා. ඉපදෙනවා කියන්නේ ඔවුන් නින්දකයි හිටියේ.
ඉතින් මේ කාලයට ආවේ කොහොමද?, මොකක්ද ඇත්තටම අවුරුදු 400කට කලින් උනේ, කවුද මේ යින්ග්ව බොරුවට ජපන් මංකොල්ලකාරයොත් එක්ක සම්බන්ධයි කියලා කිව්වේ, ඇත්තටම සිද්ධිය මොකක්ද, මේ තුන්දෙනා විතරක් ඇයි හිමායන නින්දක තැන්පත් කරලා තිබුනේ, කවුද එතකොට මේ අලුත් කාලයේ මේ තුන්දෙනාගෙන් ප්‍රයෝජන ගන්න ඉන්නේ. යින්ග්ට, සාඕට සහ නෙයිහුට මොකද වෙන්නේ, අවුරුදු 400කට කලින් තිබුන සහෟදත්වයට මොකද වෙන්නේ… මේ සේරම බලන්න එහෙනම් චිත්‍රපටියෙන්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Iceman (2014) on IMDb

 

 

760 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1FE1C5E3D183DB5C2521C2FF65B754DE751DEDAD

1.23 GB (BR) කොපිය මෙතනින් බාගන්න

F2DD9840AA7542F7639AB8394DED066D0FD7A9B3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

107 comments

  1. thanks bro…

  2. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි චලිදු bro

  3. Thanks for Sub!

  4. Tharindu Madushan 96

    thank brother digatama sub denna

  5. RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ…..

  6. dimuthu lakmal

    Thanks machan.මේකෙ 2 ඇවිත් ගොඩක් කල් පුලුවන්නම් උපසිරැසි ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලනව.බුදු සරණයි.ජය වේවා

  7. චලිදු සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය

  8. Teenage Mutant Ninja Turtles (2014) dennako br rip eka net dala thiyenne,plz kolla api asawen inne eka balanna….ikmanatama dennako…..

  9. Sub ekata thanx aaaaa

  10. sub ekata thanx wewa..
    100 weni sub ekata suba patm saho!!!!

  11. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. හශාන්

    එකක් දාන්නෙත් බොහොම අමාරුවෙන්…මෙයා 100ත් දාල…කොන්ග්‍රෑට්ස් 😀

  13. Aditha Praween

    සුභ පතනවා 100 වෙනි නිර්මාණයට
    ඔයාගේ ඒවා නම් නොබලා ඉඳලා නෑ .
    ගුණාත්මක තත්වයේ හොඳ උපසිරැසි ලබා දුන්න ඔයාට,
    තවදුරටත් ඉදිරියට උපසිරැසි කරණයේ යෙදෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
    😀

  14. Mchn aiya, sinhala sub ekaka watinakama therenne api danne nathi language ekaka film ekak blanakota…… Godak thanks nemei bn godak pin me krna wadeta……. ube wada katayuthu sarthaka wewa…… Jaya wewa.

  15. supeb….. ela.. lot of thanks… nothing to say about that..great work.
    උණුසුම් සුබ පැතුම් චලිඳු සහෝ

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මගේ උණුසුම් සුබ පැතුම් සහෝ, ඔන්න අද තමයි මම මේක දැක්කේ, ඒකයි අදහසක් දාන්න පරක්කු උනේ, තවත් දිගු ගමනක් යන්න මම ඔයාට සුබ පතනවා, ජයවේවා.

  17. Godaaak Thanx………, mahansiya nobala hemoogema rasa windanayata Sub: dena ekata. 🙂

  18. Saman Prasad ( Black Panther )

    සමාවෙන්න ඕනා කිනෝ සුභ පතන්න පරක්කු උනාට. එහෙනම් 150ත් ගහලා 200ත් ගහමු නේ….. 100 වෙනි උපසිරසියට මාගේ උණුසුන් සුභ පැතුම්…!!!

  19. mudiya / මුදියා

    නියමයි කිනා.
    ඔන්න කමෙන්ට් එක දාන්න පරක්කු වුනාට ෆිල්ම් එකනම් බාලත් ඉවරයි.
    සං සං ගාල සබ් දුන්න යකෙක්නෙ උඹ.
    පස්සෙ පස්සෙ වැඩකත් එක්ක වෙන්න ඇති සබ් කෙරුවාව පොඩ්ඩක් පමා වුනාට අනිව උඹ දුන්න සබ් වලින් වැඩි හරිය බලල ඇති.
    එහෙනම් තව තව සිංහල සබ් අපිට ගේන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

  20. SUPERB……. THANKS A LOT FOR YOUR DEDICATION!!!!!!!!!!!!!!!!!

  21. උණුසුම් සුබ පැතුම් චලිඳු සහෝ….සබ් 100 දුන්නා කියන්නෙ ඉතිං පිස්සු හැදෙනව නෙව.150ත් ඉක්මනටම දෙමු.
    ජය වේවා….!!!

  22. Thank you very much bro..!
    100 weni upasirata subapathum…:)

  23. Ela kolleknne a, Thanx………………………….

  24. Wish to watch “Maleficent” movie……. Apita dennako Sub akka meee film aka…..

  25. ela ela ohoma yan

  26. All the best for your 100 subtitle thanks for all

  27. Niyamai,,, puluwannam JACKIE CHAN’S FIRST STRIKE film eke sub danna ,,, jayawewa

  28. SAMEERA DILSHAN

    එල සහෝ… සුභ පැතුම්…!

  29. ජයවේවා!
    100ට උණුසුම් සුභ පැතුම්….

  30. supri paatai
    aragenama balanna oona

  31. 100 weni subaata unusum suba pathum saho.kina saho api wenuwen kladeta godak pin.issarahatath sub denn labewa…jayen jayama wewa KINAsaho obata…..

  32. රවිඳු නිපුන්

    මුලින්ම සුබ පතනවා 100 වෙනි එකත් ලබා දීම වෙනුවෙන්!!
    මේ විදියටම තව ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඉක්මනටම 150 සහ 200 කඩයිමුත් පාස් කරමු.
    ඒ වගේම මේ උපසිරසියටත් බොහොම ස්තුතියි!!

  33. 100 ගැහුවට සුබ පැතුම්.අවුට් වේන්න එපා හොදේ.

  34. tnx tnx congrtz bro……….
    jaya wewaaaaaaaaa

  35. උණුසුම් සුභ පැතුම් සහෝ!

    දිගටම උපසිරස ලබා දෙන්නට ශක්තිය වාසනාව ලැබේවා!

    ජයෙන් ජය!

  36. Thanks machan……!!! Fatta!!

  37. supiri bro…Congratzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!!!!!!!!!! NiyamayYYYYYYYYYY…………..

  38. congratz for the 100 brov…!

  39. “චූටී මල්ලි”

    එල
    තවත් 100ක්
    දැන් දැන් ලග ලග සීයෙ ඒවා වදිනවා
    හැබැයි ඔයා මුලදි ගේමට එන්ටර් වුනු විදිහටම දිගටම ආවා නම් මේ
    100
    දකින්න ලැබිලා ගොඩක් කලෙ නෙ
    කමක් නෑ කෝම නමුත් කඩයිමක් පහුකලානෙ
    මචන් මට හිතුනු දෙයක් තමා උබට තව පොඩ්ඩක් ඉවසලා
    100 ගහන්න තිබ්බෙ හොද සුපර් හිට් එකකින්ම
    මොකද ගොඩක් සුපර් හිට්වල
    හොද කොපි එන්න තියෙ ඉස්සරහට
    චීන එව්වටත් කැමති අය ඉන්නවනෙ ඉතින්
    එහෙනම් දිගටම ගිහින් 150ත් ගහමු
    අද සබට තුති
    ඔබට ජය………..

  40. thax a lot

  41. 100වෙනි උපසිරසට මගෙන් සුබපැතුම්.

  42. Nelson Rodrigo

    සබ් එකට ස්තුතියි යාළුවා

  43. 100වෙනි උපසිරසට මගෙන් සුභපැතුම්.

  44. හර්ෂ ලහිරු

    ශතකයට උණුසුම් සුභපැතුම් කිනා 😀
    තව තවත් මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙනයන්න ශක්තිය ලැබේවා 😀 😀 ජය

  45. Godak pin Sahota…. 100 ta Unusum Suba Pethum……..

  46. MAGE UNUSUM SUBAPATHUM

  47. මිහාන්

    උපසිරැසි 100 වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් සහෝ !
    ජය වේවා!

  48. දිනිඳු සම්පත්

    ඔන්න මාත් මුළු හිතෙන්ම චලිඳු සහෝට සුභ පතනවා උපසිරැසි 100 වෙනුවෙන්. මුල් 50ට උපසිරැසි දාපු තරම් වේගයෙන් දෙවෙනි 50ටත් උපසිරැසි දැම්මනම් මෙලහකට 150ත් පන්නලා නේද? කොහොම උනත් පෞද්ගලික දේවල් කරන්න තියෙන වෙලාව අපි වෙනුවෙන් කැප කරලා මේ වගේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දීම ගැන අපිට කෘතගුණ දක්වන්න පුළුවන් කමෙන්ටුවකින් විතරයි.. මේ වෙනකොට චිත්‍රපටිය 600කට වඩා බාගෙන තිබුනත් එයින් 1/10 ක්වත් අදහස් දක්වලා නෑ. ඒකනම් ඉතිං කණගාටුවට කරුණක්. හැබැයි ඉතිං ඕවට සැලෙන්න හොඳ නෑ.

    ඉතින් සහෝ.. බොහෝම ස්තූතියි සහෝ මෙතෙක් ලබා දුන් සියළුම උපසිරැසි වලට. ඉදිරියටත් තව තවත් හොඳ චිත්‍රපටි වලට උපසිරැසි ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!!!

  49. නලින්

    නියමයි කිනා උඹ දිපු 100 අඩුම තරමේ 50 ත් 60 ක්වත් මම බලලා තියෙනවා !

    ඉතිං මේ අාපු ගමනේ 100 නතර නොවි තව තවත් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !

    ජය වේවා! කිනෝ!!!

  50. සුබ පැතුම්..සහෝ

  51. හදපිරි සුභ පැතුම් සහෝ 100 වන උපසිරැසියට…. එකෙන්ම ඉතින් බානවා ෆිලුම.. සියලු පැතුම් ඉෂ්ට වේවා..! දිගින් දිගටම උපසිරසි නිර්මාණයට කාලය හා ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියලා තමයි ඉතින් කියන්නේ.. ජයෙන් ජයම වේවා…! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්……

  52. Amanda Jayasinghe

    Niyamai macho..issarahatath me wage sub denna hakiyawa labewa kiyala prarthana karanawa…

  53. වරුණ රංගජිත් (වරූ)

    niyamai kina niyamai….
    100 ta jayama wewa….
    mama dannawa oyala sub karanna godak mahansi wenawa kiyala..
    mmath sub karapu nisa aka terenawa
    200 tah ekmanata yamu

  54. සුභ පැතුම්

  55. 100 weni nirmanayata subapethum saho,,,,degatama karagena yamu,,,jaya wewa!!!

  56. my congratulation saho. wel done.

  57. 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්

  58. හේ….මගේ ප්‍රියතම ඇක්ටර් ඩොනී යෙන්…ගින්දර වගේ ෆිල්ම් ගිනි විසික් වෙවී දෙන කිනා සහෝට ජය හෝ..!!!!! ජය හෝ..!!!!! ජය හෝ..!!!!!

  59. ammata udu 100i 😀 niyamai aiye thanxxxxxxxxx 🙂

  60. සියවෙනි උපසිරසට සුබ පතනවා කොල්ලෝ. සයිට් එකට ඇවිත් වැඩි කලක් නොවුනට සම්පත් දැක්කම උපරිම පල නෙලා ගන්න අපේ විකියා දන්නවා. මොකද එහෙම පයේ හැප්පිලාත් ඇහැට නොපෙනුන මැණික් දෙකක් ඉන්නවා අද අපිත් එක්ක ශතක ලාභින් විදිහට. ගොඩක් ආඩම්බරයි. උඹ කිව්වා වගේ කාටවත් වලවල් කපන්න අපිට උවමනාවකුත් නැහැ කරන්න උවමනා උනත් ඒකට වෙලාවකුත් නැහැ. කරන වැඩේ හරියට කරගෙන යන එක අපි හැමෝගෙම පරමාර්ථය. ඉදිරියේදී කලින් වගේ අපිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා. පුද්ගලික වැඩ වලට මුල් තැන දීලා මේ විනෝදාංශයත් කරගෙන යන්න ඉඩ ප්‍රස්තා ලැබේවා කියලා පතනවා !!!

  61. Tharindu Perera

    niyamai machan..
    unuusm subapathum machan 100 ta..
    digatama karan palayan machan mee vadee…
    ayeth unusum subapathum machan 100 ta..
    ikamanatama 150 th gaham u machann….

  62. සචිත උදාර

    එල සහෝ… සුභ පැතුම්…! උපසිරැසියටත් ස්තූතියි.

  63. SUBA PETHUM..MAGEN

  64. එළ එළ >………
    සුබ පැතුම් සහෝ…

  65. සිය වෙනි නිර්මාණයට මගෙනුත් සුබපැතුම්…
    ඉක්මනටම 150 ත් ගහමු..
    උපසිරැසිය ලබා දුන්නටත් ස්තුතියි 😀

  66. niyamai mcn digatama karagana yamu lagadima 150 gahanna bariya…!

  67. උණුසුම් සුභ පැතුම් සහෝ……… කස්ටිය දැන් තරගෙට වගේ ශතක , අර්ද ශතක ගහන්නෙ…එල එල….දිගටම වැඩේ කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා…

  68. එළ එළ >………
    සුබ පැතුම් සහෝ…

  69. 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ…

  70. සහෝ චිත්‍රපටි 100 ක් සබ් කරලා තියෙන එක ගැන ගොඩක් සතුටුයි ඒකට ගොඩක් සුබ පතනවා නමුත් කියන්න තියෙන ‍දෙය තමයි මේ චීන මල මගුල් චිත්‍රපටි දෙන්න යන්නේ ඉංග්‍රිසි චිත්‍රපටි නැති නිසාද අනික මෙච්චර ඉංග්‍රිසි චිත්‍රපටි තියෙද්දි මේ නිකන් පනුවෝ වගේ දගලන චින්නුගේ එවා දෙන්නේ මොකද අනික දැන් ලංකාවේ සිංහලයන්ට වඩා ඉන්නේ චින්නුනේ ඒක හන්දද මේවාට වඩා හොද ඉංග්‍රිසි චිත්‍රපටි තියෙනවා ඒවා සබ් කරන්න බලන්න 100 ක් කරනවා කියන්නේ මේවාගේ ගොන් පිසුසු චින්නුගේ මල දානවල් කරන්න එපා බලන්නකෝ මේ චිත්‍රපටි
    the cave(2005)
    deep rising(1998)
    the rough(2007)
    drive(1997)
    dna(1997)

    • උඹල කැමති නැති උනාට ඒවට කැමති අයත් ඉන්නවනෙ බන්..

  71. ස්තුතියි සහෝ.
    100 වෙනි කඩයිමට මගෙනුත් උනුසුම් සුබ පැතුම් සහෝ.
    ඔයාලට බොහෝම ස්තුතියි මේ කරන කැපකිරිමට.
    ඉක්මනින්ම 150 ත් ගහමු.
    ජයවේවා,


  72. 100වෙනි උපසිරසියට මුළු හදවතින්ම උණුසුම් සුබ පැතුම්. ඒ වගේම මෙච්චර කල් තමන්ගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් මෙසේ උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තූතියි.
    ඔය 100න් අඩුගානේ 60කට වඩා මං බලල තියෙනවා.
    තව තවත් උපසිරසි ලබා දෙන්න හැකියාව ලැබේවා. ඒ වගේම ඉක්මනටම 150, 200,….. උපසිරසි ලබාදෙන්න හැකියාව ලැබේව..
    ජයවේවා…… ඉක්මනටම 101න් හමුවෙමු

  73. උණුසුම් සුබ පැතුම් සහෝ

  74. Fatttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa machan 🙂 ayeh katha karala wadak naha man bolage okkoma sub download karala mage hard eka server ekak karala thiyenneh kandy paththa palathatamah

  75. 100 ට සුබ පැතුම්…
    උපසිරැසියටත් බොහොම ස්තූතියි..

  76. ආව්ස් අපේ ශතකෙ අය්යල සෙට්
    එකට තව පොරක් එකතු වෙනව එහෙනම්… 😀
    මරු මෙච්චර කල් අපි වෙනුවෙන්
    මහන්සි වෙලා සබ් දුන්නට බොහොම පින්
    ඉස්සරහට කරන හැමදේම සාර්තක
    වෙන්න කියල ප්‍රාර්තනා කරනව..
    මේ සබටත් තුති ගොඩක් 😉

  77. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔව් නේන්නම්, 100 ට කල් ගියා වැඩි නොවැ..
    අනික මමනම් හිතන්නේ 100 ට මීට වඩා හොඳ එකක් දුන්නනම් හොඳා කියලා..
    (මේකත් හොඳ ඇති, මගේ ටයිප් එක නොවුනට)
    අනික 100 ලිපියත් හරි චාම්…
    එහෙනම් කිනා මචෝ…
    100 වෙනි උපසිරසියට ඔන්නමගෙනුත් උණුසුම් සුභ පැතුම්…
    ඔන්න ඔහේ ඉන්න එකේ 150 ත් ටාර් ගාලා ගහල දාමු බං…
    ජය වේවා..

  78. 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ…

  79. Thanks and keep up the good work

  80. නම දැක්කම ආයේ ෆිලුම මොකක්ද නොබලා බාගන්න අයගේ නම් ලැයිස්තුවේ
    හිටපු කෙනක් තමා කිනා. 🙂 සහෝගේ ෆිල්ම් සීයෙන් 60-70 වක් අනිවා මම
    බලලා ඇති. අපිත් ඉතින් ඔයාලා දිහා බලාගෙන තමා මේ වැඩේට සෙට් උනේ
    මේ ෆිලුමත් අනිවා ගන්නවා සියට ගෙනත් තියෙන්නෙත් පට්ට ෆිලුමක් නේ.
    සහෝගේ සියළු සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා පතනවා!!
    වෙඩි වගේ උපසිරැසි 150 කඩයිමට යන්න අවැසි ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා. 🙂 🙂

  81. 100 weni upasirasiyata subapathum

  82. අප්පද බොල, කිනාටත් 100යි 😀
    බොලා පහුගිය ටිකේ අයිස් කාරයෙක් වෙලා උන්න නොව
    කොහොමින් හරි සියය ගැහුවා ඔන්න.
    එහෙනම් කොල්ලෝ මෙච්චරකල් අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි, බොහොම පින්
    එකසික එක්වෙනි එක අරන් වර
    බොට ජයෙන් ජය!

  83. Hadawathinnma Suba Pathanawa 100 weni Sun Ekata…..
    Shathaka Labin Kihipa Denekma Baiscope Adawiyata Tika Kalayak Thula Ekathu Una….
    Gunathmaka Upadirasi Laba Dime Ek Sagayek Thamai ‘Deshan’ Sahoo Oya…
    Diagatama Baiscope Samaga Saha Apith Samaga Idima Thamai Ekama illima Mage…

    101 Weni Sub Eka Lagadima Balaporoththu Wenawa……
    150…. 200….. 500….. 1000……………..
    Dakawa Yamata Shakthiya Labewa !!!

    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

  84. Lahiru Lakruwan

    lassana film ekak niyami

  85. එල බං 😀 එකෙන්ම සුබ පැතුම් 😉 ඊලග කඩඉමත් පහු කරන්න ශක්තිය ලැබේවා !!

  86. එක උපසිරැසක් කරන්න ලේසි නැහැ නෙව, ඉතින් 100 කරන්න විදින්න ඕනේ දුක අපි දන්නවා නෙව හොඳටම. මේ වගේ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ කාලය කැපකළ පිනෙන්ම සහෝගේ අනාගත බලාපොරොත්තු සපල වෙන්න තව තවත් උපසිරැස අපිට ලබාදෙන්න ශක්තිය ලැබෙන්න කියල ඉල්ලා සිටිනවා. එහෙනම් ආයේ ඉස්සර වගේ වෙඩි වගේ 150 ට යන්න ඔන්න මමත් සුභ පැතුවා…!!!

  87. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    සුබ පැතුම් සහෝ…
    100 කියන්නේ ලේසි පාසු දෙයක්ද මම අහන්නේ.
    තවත් උපසිරසි කරන්නට ලැබෙන්න ඕනේ.

  88. සිය වෙනි නිර්මාණයට මගෙනුත් සුබපැතුම්…
    ඉක්මනටම 150 ත් ගහමු..
    උපසිරැසිය ලබා දුන්නටත් ස්තුතියි 😀

  89. පට්ට,උණුසුම් සුබ පැතුම් කිව්වා ඔන්න.

  90. Suba Pathum Hadawathinma. Digatama Apita Me Wage Honda Janapriya Movies Walata Sub Denna.
    Dahaswarayak Thuthi Saho…!

  91. mata hithun ada rata meka sub eka dei kiyal;a patta hode dan balanda one sub ekata thankz

  92. ජයවේවා!! සුභ පැතුම්!! 😀

  93. Excellent bro….thanks..congrats for 100 sub

  94. සියවෙණි උපසිරැසිගැන්වීම සුබ පැතුම් කිනා….තව ඉදිරියට සබ්දාන්න ශක්තිය ලැබේවා….ජය වේවා….!

  95. thanq saho, niyamai

  96. thanx bro
    congratzzzzzzzzzzzzz for 100
    go to 1000 plz

  97. උණුසුම්ම උණුසුම් සුබ පැතුම් චලිඳු සහෝ. සිරාවටම 50 ගහපු විදියටනම් 100 ගහන්න මෙච්චර කල් යාවි කියලා හිතුවෙ නෑ. කොහොම වුණත් ඔන්න අද බයිස්කෝප් සිංහලෙන් ශතක ලාභී කණ්ඩායමට එකතු වීම වෙනුවෙන් ලැබෙන පළවෙනි කමෙන්ට් එක මගෙන්. දැන් ඉතින් 150 ට යමු විදිල්ල වගේ. වෙනදා වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
    • AHHHHHH KINA sahoth 100 gahuwa ne….elazzzzzzz…100 weni subata suba pathum KINA saho.suba pathanna parakku una sry saho… KINA saho mechchara kalayak api wenuwen kla kapa kirimata godak pin e wgema hisa namala achara krnawa.me wge idiriyatath ape rasavindanayata me wge sub krnna shakthiya, dairya labewa….e wgema KINA sahoge jewethe krn kiyana dewal sarwaprakarayen sarthaka wewa kyla hadawathinma sub pathanawa….jayen jayama wewa KINA saho………. ohoma yn……

error: Alert: Content is protected !!