අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Incredible Burt Wonderstone (2013) | මෙන්න බලනවානම් මැජික් ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Incredible Burt Wonderstone 2013අලුතින්ම ආපු චිත්‍රපටියක් අරගෙන ඔන්න ආවා. හිතුවටත් වඩා කලින් දෙන්න පුලුවන් උන එක ගැනනම් ගොඩක් සතුටුයි. මේක 2013 මාර්තු 15 තමයි මහජන ප්‍රදර්ශණයට ඉදිරිපත් කෙරුනේ. ඊයෙ තමයි චිත්‍රපටියෙ කොපියක් ආවේ. ඉතිං ඔන්න ඊයෙ රෑ ටිකක් දාල අද උදෙන්ම පටං ගත්ත වැඩේ ඉවර කරා. IMDb රේටින්ග් වලින් 5.9ක අගයක් මේ වෙනකොට මේ චිත්‍රපටිය අරගෙන තියෙනවා. මේක අයත්වෙන්නේ කොමඩි ගනයට. ඇත්තටම විහිලු ගොඩක්. හැබැයි ගොඩක්ම මැජික් ගැන තමයි චිත්‍රපටියෙ අඩංගු වෙලා තියෙන්නේ. විනාඩි 100ක් මුලුල්ලේ දුවන කතාව ඊලඟට මොකක්ද වෙන්නේ කියන කුතුහලය මත කැත නැතිව බලාගෙන ඉන්න පුලුවන් තත්වේ එකක් මේ චිත්‍රපටිය. හරි වැඩි කතා බතා ඕන නෑනේ. අපි කතාව දිහාට හැරෙමු.

ඇල්බට් කියන්නේ කිසිම යාලුවෙක් නැති කුඩා දරුවෙක්. ඒ 1982දී. එයාගෙ උපන්දිනේ දවසේ අම්මා එයාට දෙනවා මැජික් පුරුදු වෙන්න පුලුවන් වීඩියෝ ටේප් එකක්. ඉතින් එකේ කියවෙනවා මැජික් ඉගෙනගත්තොත් ඕනතරම් අය යාලුවෝ කරගන්න පුලුවන් කියන වචනෙන් මෙයාට මැජික් ගැන ආසාව තවත් වැඩිවෙනවා. මෙයා කොහොම හරි මැජික් ටිකක් ඉදගෙන ගෙන ඉස්කෝලෙට ගිහින් කරනකොට ඕක දැකලා එයාට යාලුවෙක් හම්බවෙනවා. ඒ තමයි ඇන්තනී. කොහොම හරි දෙන්නම කතාවෙලා ඇන්ටන්ගෙ ගෙදර යනවා තව විජ්ජාවන් ටිකක් පුරුදු වෙන්න. කොහොම හරි ඇන්තනී අහනවා ඇන්ටන්ගේ හවුල්කාරයා එහෙමත් නැත්නම් සහයකයා වෙන්නද කියලා. ඇන්ටනුත් ඒකට කැමති වෙලා මේ දෙන්නා දන්න විජ්ජා සේරම පොතක ලියනවා. කරන හැටිත් එක්කම. කොහොම හරි මෙයාල මෙහෙම ලොකු වෙලා හොඳ මැජික් ශිල්පියන් බවට පත්වෙනවා. මෙයාල ප්‍රසිද්ධ විජ්ජාකාරයන් බවට පත්වෙනවා. කාලයා අවෑමෙන් මෙයාලගේ නම් පවා වෙනස් වෙනවා.

ඇන්ටන් , බර්ට් වොන්ඩර්සන් නමින්ද; ඇන්තනී , ඇන්තන් මාර්වෙල්ටන් නමින්ද වෙනස් වෙනස් වෙනවා. එයාලා ලාස් වේගාස්වල තියෙන හොඳම කැසිනෝවේ ප්‍රදර්ශණයන් ඉදිරිපත් කරමින් ඉහලින් වැජබෙමින් සිටියා. නමුත් අවුරුදු දහයක් පමණ යනවිට එකම විජ්ජාවන් කරන නිසා ඇන්තනීට මේ ක්‍රියාවන් එපා වෙනවා. ඒත සමඟම මෙච්චර කල් හිටපු සහායිකයාව වන නිකෝල්ව අයින් කරලා, ජෙනී කියල කෙනෙක්ව සහයිකාව බවට පත්කරගන්නවා.මේ දෙන්නගෙ මැජික් පරණ වෙන්න පරණ වෙන්න වැඩිය කවුරුවත් එයාලගෙ ප්‍රදර්ශණ බලන්න ආවේ නෑ. ඉතිං කොහොම හරි ඔය කාලෙ වෙනකොට පාරවල් ගානෙ මැජික් කරන ස්ටීවන් ග්‍රේ කියල කෙනෙක් බිහිවෙනවා. ස්ටීවන් ටීවි ෂෝ එකක් කරන කෙනෙක්. ගොඩක් අය මෙයාගෙ මේ වැඩවලට කැමතියි. ඉතිං මේ ස්ටීවන් කරන එක දේකින් මේ බර්ට්ට(ඇන්ටන්) තමන්ගේ ප්‍රදර්ශණ අයිතිය නැති කරගන්න වෙනවා. ඉතිං කොහොම හරි ටික කාලයක් යද්දි බර්ට්ට කරගන්න දෙයක් නැතිව හැමතැනම රැකියාවන් හොය හොය ඇවිදින්න ගත්තා. ඔය කාලයේ එයාට මහලු මඩමක රැකියාවක් ලැබුනා. එතන එක විශේෂ පුද්ගලයෙක් හිටියා..අන්න ඒ විශේෂ පුද්ගලයා නිසා බර්ට්ගේ මුලු ජීවිතේම වෙනස් වෙනවා. ඒ වගේම බර්ට් සමඟ ඉතාමත් හොඳ අඹ යාලුවා වෙන ඇන්තනී බර්ට් සමඟ තරහත් වෙනවා. කොහොම හරි අවසානේදීනම් බර්ට්, ඇන්තනී සහ ජෙනී එකතුවෙලා කට්ටියව ෆුල් හොල්මන් වෙන්න ලොකු වැඩක් දෙනවා..

ඉතිං, බර්ට්ට තමන්ගේ ප්‍රදර්ශණ අයිතිය නැතිවෙන්නෙ කොහොමද, කවුද මහලු මඩමෙදි හම්බවෙන විශේෂ පුද්ගලයා, ඇයි බර්ට් සහ ඇන්තනී තරහ වෙන්න හේතුව, ඒ අතර ස්ටීවන් මොන වගේ කපටි වැඩද කරන්නේ බර්ට්ගේ තැන ගන්න, අවසානයේදී මෙයාල කවුරුවත් කරල නැති මෙයාලවත් අඩුම ගානෙ කරන්න අසමත් උන මැජික් එකක් කරනවා, ඒක කරන්නේ කොහොමද?! මේ ප්‍රශ්ණ සියල්ලටම උත්තරේ තියෙන්නේ චිත්‍රපටිය ඇතුලේ. ඒකට ඉතිං ඔයාට ඒක බලන්නම වෙනවා.

එහෙනම් ඔන්න මම ගියා. අලුත් උපසිරැසියකින් හම්බවෙමු. මොනවහරි උපසිරැසි අවුලක් තියෙනවනම් කියන්න. ජයවේවා!

The Incredible Burt Wonderstone (2013) on IMDb

 

 

2976e5a87d494e77714fa35623c72e062dd8eb6d
0516eb3d6e571c4a4ed75729934ec8273e56d14f

8ae55d032c6d750604f3374e11b7959ed28852fe

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

77 thoughts on “The Incredible Burt Wonderstone (2013) | මෙන්න බලනවානම් මැජික් ! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks Bro Great movie !!! 😀

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

    Reply
  • පට්ට පතුරු ෆිල්ම් එකක් වගේ….. අදුරන යාළුවෙක්නේ රගපාන්නේ…… 😀

    Reply
  • එහෙනම් අපිත් මැජික් බලමුකෝ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • මේක බැලුවා මචන්
    කොටින්ම කියනවනම්
    පට්ට පතුරු
    කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්
    මෙන්න මේ වගෙ
    ඒවා දෙනවනම් ගොඩාක් වටිනවා
    කිසි කම්මැලි කමක් නැතිව අගටම බලතෑකි
    ඔබට ජය………….

    Reply
  • thank u sooooooooooooooooo much….ගොඩාක් පින් 🙂

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් බලමු බලන්න මැජික්. ජය෴෴ 😛 😛

    Reply
  • එල මචන් මේක දෙනකම්
    තමා බලන් උන්නෙ
    හැබැයි මන් නම් එච්චර ෂුවර් කරන් උන්නේ නෑ දෙයි
    කියලා
    තව දෙන්න සහෝ සබ්
    ඔබට ජය……………

    Reply
  • සමාවෙන්න ඕනි කොමන්ට් කරන්න පරක්කු වුනාට..දැන් තමා අලුත් ෆිල්ම් ටික බලාගෙන යන්න නිවාඩුවක් ලැබුනෙ.නියම ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නෙ..මේක නම් අනිවා බාගන්න ඕනි..උපසිරැසියට නම් මහමෙරක් තෑන්ක්ස් ඔන්න..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • Sub 1ta thanx wewa……………

    Reply
  • නියමයි සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • maxxxxxxxxxaaaaaaaaaaa…..

    Reply
  • දිගමට Horrorනේ බැලුවේ. බලමු එහෙනම් මෙහෙම එකකුත්???

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….Thanks very much…

    Reply
  • I Cant Download the Sub file. Can you please send that to my my mail.

    Chanaka

    Reply
    • If you cannot download S.Subtitle file, Please press Alt button in keyboard and click on the Download link. Thank You!

      Reply
  • එළනේ. උපසිරැසියට ස්තුතියි!

    Reply
  • ජිම් කැරී ඉන්නවනම් ඕන එකක්… උපසිරැසියට ස්තුතියි.

    Reply
  • මේ ඉන්නෙ තව හොද අශ්වයෙක්…
    එහෙනම් දැන් ඉතින් බයිස්කෝප් එකට චිත්‍රපට මග හැරෙන එක්ක නැහැ වගේ…
    අගෙයි සහෝදරයා, මෙහෙම සුපිරි සිනමා පට ගෙන එන්න.. අර ඔයා කරන්න ගත්ත අංකයක් නමට තියන එක දෙනකම් නම් මම බලා ඉන්නව බොහොම ආසාවෙන්, මේකත් කොමඩියක් කිව්ව නිසා බලන්නම ඕනෙ. බොහොම ස්තුතියි.. ජය!

    Reply
  • කීනත් ගේන ඒවා…
    මෙයා ලග ලගම නමනවා..
    අලුතෙන් එන ඒවා
    මටනම් දෙන්ට බෑ කියා කලින් කීවා..
    ඒත් මේ දෙන්නෙ මේවා…
    ඇයි අළුත් නොවෙද මේවා ?
    පසුව අනිවා බලනවා
    මේ ටිකේ වෙලාවක් නැතුවා
    තරහ අවසර කීනා
    තව දෙන්න මේවා
    සබට තුති වේවා
    උබට ජය වේවා 😀

    Reply
  • හොදා, හොදා, කිනා කොලුවත් එක දිගටම දෙන්න පටන් අරන් වගේ…
    කලින් එකත් බෑවා.
    තාම බලන්න නම් උන් නැහැ. හෙට අනිද්දම බලනවා..
    මේකත් ආතල් ගොඩක් වගේ…
    කොහොමත් රස්සාවේ පොඩි පොඩි අවුල් නිසා තැවුලෙන් ඉන්නේ..
    ඒ නිසා මෙයින් එකක්වත් බලල හිත හදා ගන්න ඕනේ…
    එහනම් එල කිනා මචෝ…
    හෙට උදේට හිනා වෙලා වැඩට යන්න සැලස්සුවට….

    Reply
  • කිනා… කිනා…

    බයිස්කෝප් කිනා
    අලුත් ෆිල්ම් ගෙනා
    සබ් එකකුත් දෙනා

    වෙන මක් කරන්නද?
    අපිත් ඉතින් බලන්නා…

    නැද්ද මං අහන්නෙ? තුති සහෝ, මැජික් ගැන කතා කොච්චර ආවත් මේක වෙනස් මගක කතාවක්! එහෙම නේද? කොමඩි අඩුවක් ඇති ව්එන්ඩ නොදී පුරවනවට බොහොම තුති හොදේ… දිගටම දෙමු තව තවත් නේද ඉතිං? 🙂

    Reply
  • tx 🙂 tx 🙂 tx 🙂 tx 🙂 tx 🙂

    Reply
  • math balanna one meyka.jaya

    Reply
  • පට්ට මචං මේකේ සබ් දෙනකම් මාත් බලාගෙන උන්නේ.

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ ෆිල්ම් එකට! කොල්ල්නේ 500 කොපිය හොදයිද මම කොම් එකෙන් බලන්නේ බාගන්න හදන්නේ දැන්ම කියන්නෝ…..

    Reply
  • dwn wenna damma onna.thuthi sahota

    Reply
  • බලන්නම එපැයි. මේකේ ඉන්නේ සුපිරි නළුවෝ ටිකක් නේ.මෙතන අදුරගන්න අමාරු.imdb ගියාමනේ දැක්කේ.නියමයි හොදේ.තවත් කොමඩි පහරක් ඕනේ ඔන්න

    Reply
  • pattai hode math download karanwa.Thanks!!!!!!!!!!!!!!!!!

    Reply
  • “චලිදු දේශන් (කිනා)” සහෝට බොහොම ස්තුතියි

    Reply
  • බලමි හෙට දිනයේ.මේවා සබ් එක්ක බලනකොට තමා කතාව ඇගට හිතට මනසට වදින්නේ.ජයම වේවා! තවත් පට්ට එකක් ලගදීම ඕනේ සහෝ .තුති

    Reply
  • සුපිරි ෆිල්ම් නේ දෙන්නේ යාළුවා.

    Reply
  • පට්ට පට පට 🙂 ලොවෙත් පට්ට

    Reply
  • එලම හොදේ.මමත් කැමති මේ නළුවන්ගේ ෆිල්ම්ස් බලන්න විශේෂයෙන් ජිම් කැරී ගේ

    Reply
  • අපිත් ගන්නවා..පින්

    Reply
  • බයිස්කෝප් එක පට්ට ආ….. එ වගේම කොල්ලෝ සෙට් එකත්.

    Reply
  • නියමා……යි හොදේ

    උබ නම් දෙයියෙක්

    Reply
  • ade maru macho ubata pin 😀

    Reply
  • අනිවා මේක නියම පහරක්

    Reply
  • නියමයි චලිදු සහෝ

    මේ තියෙන්නේ වැඩකිඩ!
    තවතව සුපිරි බාන්ඩ ගෙන්ඩ ලැබේවා

    ජය වේවා

    Reply
  • මැක්සා හොදේ මාත් ඊයේ මේක බෑවා මෙච්චර ඉක්මනට සබ් දාවි කියලා නම් හිතුවේ නෑ අදම බලන්න ඕනේ ඔන්න.. පින්

    Reply
  • එලස් බාමි

    Reply
  • ජය වේවා මචෝ නියමයි මමත් මේ වගේ ඒවා බලන්න කැමති

    Reply
  • පට්ට නේ ලග ලග දෙනවා නේ සබ් 🙂 දිගටම හොද ඒවා ඕනේ ඔන්න.

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • එළනේ කොල්ල දෙනවා නේ නියම ඒවා ඔහොම යන් 🙂

    Reply
  • patta hode ikmanata sub aka gahala dunna akata txz

    Reply
  • ජය වේවා මේ ෆිල්ම් එකේ සුපිරිම නළුවෝ ටිකක් ඉන්නේ.

    Reply
  • මේක පට්ට ෆිල්ම් එකක් සබ් ඉක්මනට දීලා නේ කොල්ලා මැක්සා හොදේ

    Reply

Leave a Reply to mindika Cancel reply

Your email address will not be published. Required fields are marked *