අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Irishman (2019) Sinhala Subtitles | පාතාලයේ සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 57 votes.
Please wait...

” රාත්‍රියේ නිසල බව මැද…
වැළඳ ගතිමි මා ඔබ…
තදින්ම වැළඳ ගතිමි මා ඔබ…
මන්ද, මා ආදරය කල බැවින්…
ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්…
පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක…,
යන්නට නොදෙමි ඔබ හට…

මා හට මතකයි…
මැයි මාසයේ ඒ රාත්‍රිය…
ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන…
මා ප්‍රාර්ථනා කලා…, මා අයැද සිටියා…,
ඔබේ ඒ මාහැඟි ආදරය නොවෙනස්ව තබා ගැනුමට…
ඉතින්, හිරු උදාවට පෙර…
වැළඳ ගන්න මා යලිත්…,
ඔබේ සියලු වෙර යොදා… “

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Where Is The Friends House (1987) හරි ලස්සන පුංචි හිත්… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

එක්දහස් නවසිය බර ගනන් වල ඇමරිකාවේ පාලු මාවතක් දිගේ ධාවනය වූ ට්‍රක් රථයක්, හිටි හැටියේම එන්ජිමේ අමුතු සද්දයක් එක්කම මහ මග නතර වන්නේ තව දුරටත් ඉදිරියට යෑම සිහිනයක් බවට පත් කරවමින්. කිසිවක් සිතා ගත නොහැකිව සුක්කානම් රෝදය අත හැර රියැදුරු අසුනින් බිමට බසිනු ලබන්නේ වයස විසි ගනන් වල බොහොම ලාමක පෙනුමක් තිබුනු තරුණයෙක්. රියැදුරු රස්සාව කලාට කාර්මික රස්සාව නොදත් මේ කොලුවා අසරණව සිටිනා අයුරු දැක එතැනට පැමිණෙන්නේ ක්ලීන් සූට් ගහපු බොහොම වැදගත් පෙනුම තිබුන මහත්මයෙක්. ක්ලීන් සූට් මහත්මයාගේ හැකියාව නිසාම මොහොතකට පසුව ට්‍රක් රථය ගොරවමින් නැවතත් පණ ගැන්වෙනවා. ඔව්, පාලු මාවත කොණක සිදුවූ ක්ලීන් සූට් මහත්මයාගේත් ළාමක කොලුවාගේත් ඒ අහඹු හමුව ඇමරිකානු ඉතිහාසයයේ වඩාත්ම ආන්දෝලනාත්මක ඝාතනය සිදුකල ඒ සිත් පිත් නොමැති ඝාතකයා බිහි කල බව ඒ ක්ලීන් සූට් මහත්මයාවත් ළාමක කොලුවාත් කිසිඳු දිනෙක දැන නොසිටින්නට ඇත… ඒ වගේම ඒ ළාමක කොලු ගැටයා කවදා හෝ  ඉතාලි – ඇමරිකානු මාෆියා අපරාධ ඉතිහාසයේ සිය නාමය ඉහලින්ම සඳහන් කරනා බව ඇමරිකානු ෆෙඩරල් නියෝජිතයින් කවදා හෝ දැන සිටියානම්…? කතාව ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක නැරැඹීමෙන් මිස කියවීමෙන් රසවිඳිය නොහැකි සුන්දර සිනමා නිර්මාණයක් වන නිසාවෙන්ම.

ඇමරිකානු මාෆියා කල්ලි ඉතිහාසයේ අදුරු අහු මුලු ඉව කරමින් ගවේෂණාත්මක ලේඛක “Charles Brandt” විසින් සත්‍ය සිදුවීම් අලලා රචිත “I Heard You Paint Houses” කෘතිය ඇසුරින් මාෆියා සිනමා සිත්තම් කළාවේ හොලිවුඩ් මැවුම් කරුවා වූ Martin Scorsese විසින් නිර්මාණය කළ මේ විශිෂ්ට සිනමා සිත්තම, සිනමාවේ මාෆියා රජුන් වූ Robert De Niro, Joe Pesci, Al Pacino තිදෙනාවම එකම තිරයක් මතට ගෙන ආ දැවැන්ත සිනමා පටයක් බවට පසුගිය වසරේදී පත් වනවා. 2014 වසරේදී මුල්ම වතාවට Martin Scorsese විසින් Robert De Niro, Joe Pesci, Al Pacino තිදෙනාවම එක් කර ගනිමින් සිය මීලග සිනමා පටය නිර්මාණය කරනා බව නිවේදනය කල දා පටන් ලොව පුරා ප්‍රේක්ෂකයින් ඇගිලි ගනිමින් බලා සිටියේ මේ විශිෂ්ට සිනමා සිත්තම තිරගත වන දිනය උදා වන තුරාවටය. මාෆියා සිනමා කළාව ලොවට හඳුන්වාදුන් මේ පෙරළිකාරයින්ගේ අවසන් මාෆියා සිනමා සිත්තම බවට බොහෝදුරට මේ සිනමා සිත්තම පත් වේවි.

IMDb දර්ශකයේ 7.9 ක් වගේම Rotten Tomatoes දර්ශකයේ 96%ක් ලබා ගත් ලොවපුරා සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් නිර්දේශවීම් 310ක් හා සම්මාන 67ක් දිනාගත් මේ සිනමා සිත්තම රසනොවිඳි දෑසක් කුමට…? පසුගිය වසරේ පැවති ප්‍රධානතම සිනමා සම්මාන උළෙලවල් වූ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සිනමා පටය ඇතුලු සම්මාන 10කටත් ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම සිනමා පටය ඇතුලු අම්මාන 5කටත් නිර්දේශ උන මේ සිනමා සිත්තම ගැන කියන්න මම තවත් වචන නාස්ති කරන්න ඕනෙ නෑනෙ. මොකද සම්මාන ලිස්ට් එක තව සෑහෙන්නම දිගයි. ෆිල්ම් එක පුරාවටම කෙනඩි ඝාතනය, කියුබානු බේ ඔෆ් පිග්ස් ප්‍රහාරය, නික්සන්ගේ වෝටර්ගේට් සිදුවීම වගේම අතීත සිදුවීම් සහ විශේෂ අවස්ථාවන් බොහෝමයක් ගැන කියවෙනවා. ඒ ගැන විස්තර දැනගෙන ඉන්න එක ෆිල්ම් එකේ රසය වැඩියෙන් විඳ ගන්න උපකාරී වෙන නිසාවෙන්ම අදාල තැන් වලදී ටයිම් ලයින් එහාට මෙහාට කරලා ඒ ගැන පොඩි විස්තරයක් දාල ඇති. කවුරු හරි කෙනෙක් අපෝ පැය 3.30ක්නේ කියලා අත ඇරල දැම්ම නං, මේ නිවාඩු කාලෙ ආපහු බලන්න ගන්න මේක තමයි හොඳම වෙලාව. මොකද මේ සිනමා සිත්තම එක තැනක ඉදගෙන බොහොම නිවී සැනසිල්ලේ රසවිඳින්න ඕනෙ ජාතියේ එකක්.

තවම ෆිල්ම් එක බලන්න හිතුනෙ නැත්තං ෆිල්ම් එකේ ට්‍රේල බලලම ඉන්න. වාසනාවන්තයෝ නරඹත්වා…!

තවත් සම්මානනීය වූ විශිෂ්ට ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු…!
ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන අලුත්, පරන, භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් එහෙම තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්…. එහෙමත් නැත්තං [email protected] ඊමේල් ලිපිනය හරහා මාව දැනුවත් කරන්න.
ස්තූතියි…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

97 thoughts on “The Irishman (2019) Sinhala Subtitles | පාතාලයේ සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම සතූතියි සහෝ.කවදාවත් අමතක වෙන්නැති ෆිල්ම් එකක්.ඒ සින්දුවත් වෙනම හැගීමක් ගේන්නෙ.පට්ට සින්දුව

    Reply
  • Casino 1995 film 1t sub dent puluwand

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි , ඔබසැම සුවහසක් වූ සිනමා ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මේ කරනා මෙහෙය අපි ඉතාමත්
    හද පිරි ගෞරවයෙන් හා ආදරයෙන් යුක්තව අගය කොට කන්නෙමු .

    Reply
  • Donnie brasco 1997 sinhala subtitles krnna plz

    Reply
  • silence 2016 movie eke sinhala subtitle denna puluwanda

    Reply
  • Thnx bro..

    Reply
  • Great work brother

    Reply
  • Mean Girls Film ekata sub ekak denna saho

    Reply
    • ගොඩක් කාලෙකට පස්සෙ නරබපු හොදම ෆිල්ම් එකක්…මෙක මගෙ මතකෙන් කිසිදාක ඈත් වෙන එකක් නෑ..සබ් එකට ගොඩක් ස්තුතියි …පුලුවන් නම් insten family කියන මූවි එකට සබ් දෙන්න..

      Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • In the name of the father (1993) pattama film ekak bro puluwannam sub denna. Sub nathuwa balala wadak na etharam patta film ekak. Imdb 8.1 ihala agayak thiyena film ekak ragapanne daniel day lewis.

    Reply
    • ඔයාමද මීට කලිනුත් මට මේ ෆිල්ම් එක ගැන කිව්වේ. මමත් මේ ළගදියි බැලුවේ. ඇත්තටම සබ් එකක් හදන්නම වටින් ෆිල්ම් එකක්…

      Reply
  • thank u very much ane aiye martin scorsese ge 2016 silence eke sub dannako, thawa deer hunter 1978 dalath ne

    Reply
    • ඔය දෙකම බාලා බලන්න ළග තියාගෙන ඉන්න තවම බලන්න බැරි උන ෆිල්ම් දෙකක්… ස්කෝසියෝගෙ ෆිල්ම් එකක් බලනවයි කියන එක වෙනම විඳගන්න ඕනෙ ෆීලින් එකක්. මම බලලම කියන්නම්කො කොහොමද කියලා…

      Reply
  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • thanxxx bro…………..

    Reply
  • hari lassana punchi hith film eka banawa dan.bohoma stuthie a film eka sub ekath kapaweeman api wanuwan hadala dunnata.

    Reply
  • film eka tawama gatta na, a unata lipiya kiyawauwa bohoma stuthtie aoi wanuan karana kapawemata.

    Reply
  • පට්ට බොක්ක
    තැන්ක්ස් අහ්
    වැඩේ සුපිරි

    Reply
  • සම්භාව්‍ය සිනමා රසිකයින් වෙනුවෙන් හසිත කරනා අපමණ වෙහෙසට සමූහයේ උත්තමාචාරය….. එමෙන්ම Body of Evidence (1993) ඔබ එනතුරු බලා සිටී….

    Reply
    • මට මේ ගැන කියලා කලින් මේල් එකක් දාල තිබුනෙත් ඔයාමද…?
      අද තමයි ෆිල්ම් එක බලන්න වෙලාවක් ලැබුනේ. හැමෝටම බලන්න සබ් එකක් කරන්න වටිනම එකක්. පුලුවන් තරම් ඉක්මනටම දෙන්නම්… ස්තූතියි හොඳ ෆිල්ම් එකක් මග ඇරෙන්න නොදී මතක් කලාට…

      Reply
  • මේ වෙච්ච මහන්සියට නම් ඔයාට ගොඩක් ස්තුතියි .. පැය 3.30ක ෆිල්ම් එකකට සබ් කරනවා කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නම් නෙමෙයි.. ඉතින් බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

    Reply
  • Mission kashmir , Waqt , Deewar hindi movies walata sinhala subs dennako..Please….Thank you for your service.

    Reply
    • මම බලලනම් නෑ සහෝ. බොලිවුඩ් සිනමාව බැලෙනවා ටිකක් අඩුයි. ඒ නිසා වෙන්න ඇති. කොහොම උනත් මම බලලම කියන්නම් සහෝ… බොහොම ස්තූතියි කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට…

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි හසිත අයියේ උපසිරැසියට!
    දැන් තමයි බලන්න හදන්නේ…
    ලයින් 3000කට එහා ෆිලුමකට සබක් කොටන එකම මොන තරම් කට්ටක්ද?!
    බොහොම ස්තූතියි ඒ කැපකිරීමට… කාලයක් තිස්සේ බලන්න උවමනාවෙන් හිටියත් එහෙම්මම අමතක වෙලා ගිය චිත්‍රපටියක්!
    දැන් ඉතිං තේරෙන සිංහලෙන්ම බලන්න පුලුවන් නොවැ!
    හැමදාම යුරෝපියන් පැත්තටම බරවෙන එකේ, වෙනසකටත් එක්ක Kireedam (1989) චිත්‍රපටයටත් උපසිරැසි ගන්වන්න කියලා ඉල්ලනවා
    ජය වේවා!!!!

    Reply
    • මම බලලනම් නෑ සහෝ. දමිල සිනමාව බැලෙනවා ටිකක් අඩුයි. ඒ නිසා වෙන්න ඇති. කොහොම උනත් මම බලලම කියන්නම් සහෝ… බොහොම ස්තූතියි කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට…

      Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ..බයිස්කෝප් එකෙන් මේක එලියට එනකන් අත තිබ්බෙ නෑ ෆිලුමට..නැවතත් ස්තූතියි

    Reply
  • I’m waiting 3 months for the sub. finally thank you machan

    Reply
  • මේ වෙච්ච මහන්සියට තකහනියෙම ඇවිල්ල ස්තුතියි නොකිව්වොත් පට්ට ආත්මාර්ථකාමියෙක්.
    සබ් එකට බොහොම ස්තුතියි සහෝ
    ඔයාගේ සබ් එකත් එක්ක බලන්න ඕන නිසාම මාස ගානක් තිස්සේ ෆිල්ම් එකට අතවත් තිබ්බෙ නැහැ.
    අද බලනවා.

    Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • Thanks Puluwan nam Instant Family 2018 film ekata suba dennako

    Reply
  • මීට පෙර ලබා දුන්න හරි ලස්සන පුංචි සිත්, ඉරාන සිනමා සිත්තම මා රස වින්දෙමි. එවැනි චිත්‍රපට උපසිරසි ලබා නොදුන් තව බොහෝ ඇත.හැකිනම් ඒවාටද උපසිරසි ලබා දෙන්න.මේ උපසිරසියටත් බොහොම තුති.ඒ වගේම මේකත් අනිවා බලනවා. ඔබගේ සිනමා උපසිරසි කිසිවක් මා අත හරින්නේ නැත. ඔබගේ උපසිරසි සියලු සිනමා මා රස විදනා ඔබගේ රසිකයෙක්මි. ජය..

    Reply
    • බොහොමත්ම ස්තූතියි සහෝ හැමදාම කමෙන්ට් එකක් දාල යන්න නතර වෙනවට…

      Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • thanks bn.pattama film ekak

    Reply
  • Pissu hadenawa 3h30min Movie ekakata Sub kala ekama.
    Thank you very much for this.

    Reply
  • Thnx …………..

    Reply
  • My name is sara(2020) film ekata puluwannam sub ekak karla denna.thanks…..

    Reply
    • රියල් ලයිෆ් ස්ටෝරියක් නේද…? මටත් නං බලන්න මග ඇරුනු එකක්, දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ෆිල්ම් එකක්වත් මග අරින්නෙ නං නෑ… බලලම කියන්නං සහෝ කොහොමද කියලා…

      Reply
  • ella supiri puluwannan ( 10000 BC) karala denna 2008 fill eka supiriyak karata padu na balanna hodai nan sub eka denna thanks

    Reply
  • Thanks Machoooo…..!!! Jayavewa….!!~!!

    Reply
  • Thank you… sub ekata

    ”The Villagers 2018” eke sub dennko…Meka South Korean Mystery /Thriller movie ekak..
    plzzzzzzzzzz mekata sub dennkoo..

    Reply
    • ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක් නේද? මම බලලම කියන්නම් කොහොමද කියලා…

      Reply
      • Ok..Thank you.

        Reply
  • බොහොම ස්තුතියි reply එකට.. 702 Dixits එක marathi film එකක් මමත් බලල නම් නෑ අද හෝ හෙට download කරන්න කියල ඉන්නෙ fb එකේ දැක්ක 702 Dixits film එක ගැන post එකක් සුපිරි thriller එකක් කියල තිබ්බා ඒකයි පුළුවන් සබ් එක දෙන්න කියල ඉල්ලීමක් කරේ 🙂
    මේ සබ් දීලා තියන Irishman film එකත් line 3000ක විතර එකක් කියල දැක්ක comments කියවද්දි මං තාම download කරේ නම් නෑ.. ඒ කැපවීමට බොහොම ස්තුතියි හසිත මධුෂාන් සහෝ 🙂

    Reply
      • Silence ස්කෝර්සියෝගෙ කලින් ෆිල්ම් එක… තවම බලන්න බැරි උනා. මම් බලලම කියන්නම් කොහොමද කියලා… මේක නම් සබ් එකක හදන්නම වටින එකක්…

        Reply
  • thank you very much bro…

    Reply
  • සුපිරි… ඔබගේ goodfellas sub එක වගෙම සුපිරි….ජයවෛ්වා….

    Reply
  • ස්තුතියි හසිත….
    පැය තුන හමාරක ෆිල්ම් එකක් කියන්නෙ ලොකු මහන්සියක් බවට සැකයක් නෑ…
    ජයවේවා…
    ස්තුතියි බයිස්කෝප්…

    Reply
  • Asawen Balanna Hitapu Ekak.Thanks.

    Puluwannan Casino 1995.
    The Deer Hunter 1978.
    Ewathath Sub Denna.

    Reply
    • Casino සබ් මම දන්න කාලෙ ඉදලාම එකිනෙකා අතරේ මාරු වෙනවා. නමුත් සබ් එකේ තියෙන අතිශය සංකීර්ණත්වය නිසාම තවම කවුරුවත් හදල නෑ. ඒ වගේම හුඟ දෙනෙක් සෑහෙන වතාවක් ඉල්ලපු එකක්. ස්කෝර්සියෝගෙ Godfellas සහ The Irishman දෙකට සබ් හදන්න ගිහිල්ලා අම්බානක මට්ටු වෙලා ඉන්න මට තනියම Casino එකත් කරන්න අමාරුයි. හැබැයි පෞද්ගලිකවම මමත් කරන්න ආසාවෙන් ඉන්න සබ් එකක්. තව කෙනෙක්වත් එකතු කරගෙන කරන්න උත්සාහ කරන්නම්.
      The Deer Hunter තවම බාලා බලන්න බැරි උන ලග තියන් ඉන්න එකක්. අද හෙටම බලලා කියන්නම් කොහොමද කියලා…

      Reply
  • ආසාවෙන් බලාසිටිය චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන් ඔබට ස්තුතියි

    Reply
  • ආසාවෙන් බලාසිටිය චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන් ඔබට ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි හසිත අයියේ සෙල්ලම් සබ් එකක් නෙවෙයි line 3000 පනිනවා මෙකේ කරපු කැපකිරිමට ගොඩක් ස්තුතියි අයියේ

    Reply
      • Godfellas එකට සබ් කලාට පස්සේ ආයේ පන තියෙන තුරාවට ස්කෝර්සියෝගෙ මාෆියා ෆිල්ම් එකකට නං සබ් කරන්නෙ නෑ කියලයි හිතං හිටියේ…

        Reply
      • Sub ekata bohoma sthuthi saho…

        Reply
  • Thanks me mage ewa supiri wage WWE the main event 2020 Netflix movie ekata sub dennko supiriyata thx please denna kataharikiyanna

    Reply
    • රේටින් නම් ටිකක් අඩුයි වගේ නේද සහෝ…? මම බලලනම් නෑ. බලලම කියන්නම් කොහොමද කියලා…

      Reply
  • බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂
    පුළුවන් නම් මේවටත් සබ් දෙන්න..
    * K-Pax (2001)
    * Primal Fear (1996)
    * 702 Dixit (2016) Marathi
    🙂 🙂 🙂 🙂 🙂

    Reply
    • 702 Dixit එක නම් මම බලල නෑ සහෝ. අනිත් දෙකම සුපිරිම ෆිල්ම් දෙකක්. හුග දෙනෙක් සෑහෙන වතාවක් සබ් ඉල්ලලා තිබුනා. මමත් කවදා හරි ඔය දෙකට සබ් එකක් හදන්න ආසාවෙන් ඉන්නෙ. අනිවාර්යයෙන්ම දෙන්නම්…

      Reply
    • බොහොම ස්තුතියි reply එකට.. 702 Dixits එක marathi film එකක් මමත් බලල නම් නෑ අද හෝ හෙට download කරන්න කියල ඉන්නෙ fb එකේ දැක්ක 702 Dixits film එක ගැන post එකක් සුපිරි thriller එකක් කියල තිබ්බා ඒකයි පුළුවන් සබ් එක දෙන්න කියල ඉල්ලීමක් කරේ 🙂
      මේ සබ් දීලා තියන Irishman film එකත් line 3000ක විතර එකක් කියල දැක්ක comments කියවද්දි මං තාම download කරේ නම් නෑ.. ඒ කැපවීමට බොහොම ස්තුතියි හසිත මධුෂාන් සහෝ 🙂

      Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කාතාවක් මේකත්….
    දිගටම සබ් කරමු….

    Reply
  • තෑන්ක්ස් සබ් එකට, මොකෝ පරක්කු උනේ?

    Reply
    • මුලින්ම ප්‍රමාදය ගැන සමාවෙන්න….,
      සබ් එක හදන එක සෑහෙන්නම අමාරු කටයුත්තක් උනා. ලයින් 3500ක්, භාෂාව කැඩුණු ඉතාලි – ඇමරිකානු මාෆියා වචන වලින් පිරිලා, හැම තැනකම පොලිටිකල් හිස්ට්‍රි එකත් එක්ක කතාව ලින්ක් වෙනවා, ඒ මදිවට ඉඩියම්ස්. සරලවම කිව්වොත් තවත් ෆිල්ම් 7,8කටම සබ් හදන්න පුලුවන් තරමේ කාලයක් මේ සබ් එකට වැය කරන්න සිද්ධ උනා.
      ඒ වගේම තිබුණු හදිස්සියට ඔෆීෂියල් සබ් එක රිලීස් වෙන්න කලින් ආපු සෑහෙන අඩු පාඩු තිබුනු කොපියකටයි සබ් එක හැදුවේ. පස්සෙ ඔෆීෂියල් සබ් එක ආවාම ලයින් එක ගානේ ආයිමත්ම ටයිම් ලයින් වෙනස් කර කර හැම දෙයක්ම මුල ඉදලාම හදන්න සිද්ධ උනා.
      ඒ වගේම පහුගිය මාස ගානෙම නොහිතපු විදියට රැකියා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේත්
      සෑහෙන්නම කාර්යබහුල උනා. සබ් එකේ තිබුන අතිශය සංකීර්ණ බව නිසාම උදව් උදව්වට කෙනෙක් ඉදිරිපත් උනෙත් නෑ.
      මේවා කිව්වේ නිදහසට කරුණු විදියට එහෙම නෙමෙයි, ඔය කිලෝබයිට් ගානක ෆයිල් එක හදන්න කාපු පරිප්පුව තවම දිරව ගන්න අමාරු නිසයි. කවුරු හරි කෙනෙක් මේ ප්‍රමාදය නිසා අපහසුතාවයට පත් උනා ඒ ගැන අතිශයින්ම කණගාටුවට පත් වෙනවා…
      පරක්කුවෙලා දුන්නු නිසා ලයින් 3500යේ ෆිල්ම් එකේ ඔෆීෂියල් සබ් එකටම කිසිම අඩු පාඩුවක් නැතුවම සබ් එක කරලා ඇති. ලංකාවේ වගේම ඇමරිකාවේත් පාතාලයයි දේශපාලනයයි දෙකක්
      නොවී එකක්ම වෙන නිසා, මේ ෆිල්ම් එකේ ස්ටෝරියත් හැම තැනකින්ම ඒ රටේ ඒ කාලයේ පොලිටිකල් හිස්ට්‍රි එකත් එක්කම සම්බන්ධයි. කාට හරි කෙනෙක්ට කලින් බලද්දි ස්ටෝරිය මගදි තේරෙන්නෙ නැතිව ගියා නම් බෝරින් උනා නම් ආයිමත් මේ සබ් එකත් එක්කම සිල්ම් එක රසවිඳින්න ගන්න. ඒ අදාල හැම තැනකදීම ස්ටෝරිය තේරුම් ගන්න අදාල පොලිටිකල් හිස්ට්‍රියට අදාල දේවල් දාල ඇති.
      ඒ වගේම ඉවසීමෙන් බලා ඉදපු ඇඩ්මින් මණ්ඩලේ විමා,චාමර, හසන්ත ඇතුලු හැමෝටම ස්තූතියි…!
      මේ ටික ලිපියේ ලියන්න බැරි උනා ඒ නිසයි කමෙන්ට් එකක් විදියට හරි පස්සෙ එල්ලුවේ…

      Reply
  • තැන්ක්ස් බං සබට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *