You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / All / The Legend of Zorro (2005) with Sinhala Subtitles | අසිපත අතගත් අසරුවා [සිංහල උපසිරසි සමඟ]

The Legend of Zorro (2005) with Sinhala Subtitles | අසිපත අතගත් අසරුවා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Legend of Zorro (2005)

අසි අසි අසි….
අසිපත අතගත් අසරුව සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ…
සවිමත් බලවත් අසිපත් සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ…

කොහොමද කස්ටියට ඉතින්. උඩින් කියලා තියෙන සින්දුව කස්ටිය අහලා ඇතිනෙ. ටයිටස් තොටවත්තයන් සිංහලෙන් හඬකවලා අපි පොඩි කාලෙදි ජාතිකරූපවාහිනියේ විකාශය වෙච්ච සෝරෝ කාටූන් එකේ තේමා ගීතයෙන් කොටසක් තමා මම උඩින් කිවුවෙ.( මට මතක තිබ්බෙ ඔය කොටස විතරයි. ඔය කොටසෙත් වැරැද්දක් තියෙනවා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා. මොකද කාලය හුඟාක් ගෙවිලා ගිහින් නිසා පොඩි කාලෙ සමහර දේවල් හරියට මතක නෑ). ඉස්සර මතකයි ඉතින් අපිත් ඕක බලලා සෝරෝ වගේ ඇඳගෙන පිස්සු නැටුවා. මූණ බඳින්න තාත්තාගේ කළු කලිසමක් කපලා හොඳටම ගුටි කෑවා අද වගේ මතකයි. 😀 . ඔයාලටත් එහෙම අත්දැකීම් ඇති කියලා හිතනවා. පොඩි කාලෙ හරිම සුන්දරයි. හරි… එහෙම කිවුවට මේක කාටූන් එකක් නෙවෙයි. මම ඔයාලට 2013 නොවැම්බර් 11 වෙනිදා ගෙනාපු The Mask of Zorro කියන ෆිලුමේ දෙවනි එක තමා මේක. නම ඇවිල්ලා The Legend of Zorro. මුල් ෆිලුම බලපු නැති අයට ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. හැබැයි නොබැලුවා කියලා මේක බලන්න බාධාවක් වෙන්නෙ නෑ. මේකෙ ගලාගෙන යන්නෙ වෙනමම කතාවක්. මුල් එක සම්බන්ධ නෑ. ෆිලුම IMDb රේටින්ග්ස් වල 5.9ක අගයක් තමා අරගෙන තියෙන්නෙ. කස්ටිය ඉතින් දන්නවනෙ මේකෙ සෝරෝ, එහෙමත් නැත්නම් වංශාධිපති අලෙහැන්ද්‍රෝ ද ල වේගා කියන චරිතය රඟපාන්නෙ කවුද කියලා. වෙන කවුරුවත් නෙවෙයි ඉතින් අපේ Antonio Banderas අයියා. මේ අයියා Spy Kids 1, 2, 3 ෆිලුම් වලයි තව Desperado, Once upon A Time in Mexico වගේ ෆිලුම් වල රඟපානව දැකලා ඇතිනේ… ඒ වගේම ඊයෙ පෙරේදා ලීක් වෙච්ච Expendables 3 එකෙත් මෙයාගෙ රඟපෑම කොහොමද කියලා කස්ටිය දකින්න ඇතිනෙ. මේ අයියට දැන් වයස 53ක්. හෙ හේ……. මට පුදුම මොනා නැතත් මේ අයියට වෙරි මරගාතෙ ඉන්න තැන් නම් හොඳටම රඟපාන්න පුළුවන්. ඔයාලා මේකෙදි දකියි ඒක. ඉතින් සෝරෝගේ පෙම්වතිය, ඒ කියන්නෙ එලේනා( එහෙම කියන්නත් බෑ. දෙන්නා බැඳලා නිසා. ලස්සන නිසා මම එහෙම කියන්නම්) විදිහට රඟපාන්නේ Catherine Zeta -Jones අක්කා. අක්කා කිවුවට මෙයාට දැන් 44යි. Red 2, Side Effects, Broken City, Rock of Ages, වගේ ෆිලුම් වල මේ අක්කගෙ රඟපෑම දැකලා ඇතිනේ. Rufus Sewell. එයා තමයි ආමන්ඩ් විදිහට රඟපාන්නේ. Abraham Lincoln: Vampire Hunter, A nighte’s Tale වගේ ෆිලුම් වල මේ අයියාව දැකලා ඇතිනේ. ඒ වගේම ඉස්සරහදි එන්න තියෙන හර්කියුලිස් ෆිලුමෙත් මෙයා රඟපානවා කියලා ආරංචියි. දැන් එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමුකෝ…..

මේක සිද්දවෙන්නෙ කැලිෆෝනියාව ඇමෙරිකා එක්සත් ජනපදයට එකතුවෙන්න උත්සාහා දරන කාලයේ. සෝරෝ ඉතින් දැන් පවුල් වෙලානෙ ඉන්නෙ. ඉතින් දැන් සෝරෝට පුතෙකුත් ඉන්නවා. නම ඔඅකින්. මම හිතන්නෙ සෝරෝ එයාගෙ පුතාට ඒ නම දාලා තියෙන්නෙ සෝරෝගෙ මැරිච්ච සහෝදරයාව මතක්වෙන්න වෙන්න ඕනා. ඉතින් පවුල් වුණාම කොහොමද කියලා පවුල් වෙච්ච කස්ටිය දන්නව ඇතිනෙ ( ඔන්න අපි නම් තාම තනිකඩයි).ඉතින් සෝරෝගේ නෝනත් ඒ කියන්නෙ එලේනත් කියනවා සෝරෝට දැන් ඔය වැඩේ නවත්තන්න කාලය හරි කියලා. ඇවිල්ලා එයාගෙ පවුලත් එක්ක කාලය ගතකරන්න ඕන කියලා. කොහොම හරි සෝරෝ කියනවා තව ටික කාලයක් මට සෝරෝ විදිහට ඉන්න ඕන කියලා කැලිෆෝන්යාව ආරක්ෂා කරන්න. එතකොට ඉතින් වෙන දේ හිතාගන්න පුළුවන්නෙ. දෙන්නා වලි. සෝරෝට ගෙදර එන්න හම්බෙන්නෙත් නෑ. ඉතින් දෙන්නා දික්කසාද වෙනවා. හැබැයි දික්කසාදයට හේතුවෙන්නෙ ඒ රණ්ඩුව නෙවෙයි. හේතුව නොකියා ඉන්නම්. ඉතින් දික්කසාද වෙලා ඉවරවෙලා මාස තුනක් විතර ගියාට පස්සෙ සෝරෝට එලේනව එක සාදයකදි හම්බවෙනවා. හැබැයි ඒ ආමන්ඩ් කියල ප්‍රංශයේ ඉඳලා ආපු සිටුවරයෙක් එක්ක ඉන්නකොට. හැබයි මේ සිටුවරයා කැලිෆෝනියාවට ඇවිල්ලා ඉන්නෙ හොඳකට නම් නෙවෙයි…. එහෙනම් දික්කසාදයට හේතුව, සිටුවරයා ඇයි කැලිෆෝනියාවට ආවේ කියන ප්‍රශ්න වලට උත්තර ටික ඔයාලම බලලා හොයාගන්න. එහෙනම් තවත් ෆිලුමකින් හම්බවෙනකම් Baiscopelk එන හැමදෙනාටම බුදු සරණයි…!!!

යනගමන් කමෙන්ටුවක් කොටාගෙනම යන්න ඈ…. ටයිප් කොරලම ඇඟිලි ටික රිදෙනවා…

 

The Legend of Zorro (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Legend.of.Zorro.2005.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

31 comments

  1. thnks saho

  2. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  3. deela thiyenne (Legend.of.Zorro.2005.1080p.BrRip.x264.YIFY) ekane ,,,YIFY ekema 720p ekatath sub eka gelapeida?(Legend.of.Zorro.2005.720p.BrRip.x264.YIFY)

  4. Dilshan madusha

    Ela….. bro.. tnq… for subtitles….! Well.done..

  5. Pasindu kushan

    Thank u for the sub broo

  6. Thanx for the sub saho…

  7. earnga pathirage

    man lunch ganna ane promis

  8. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  11. අපේ කාණ්ඩයට සැට් වෙන තවත් එකක්
    නියමයි ඈ
    සබට බොහොම ස්තුතියි සමනෝ
    උබ ඉතින් අවුරුදු ගානක් තිස්සේ එක විභාගයක් මත්තෙම නැහෙන නිසා තව අරන් වරෙන් කියන්නේ නැතුව me අවුරුද්දෙවත් ඕක ඉවරයක් කරහන් ඊට පස්සේ ට්ව ගෙනෙන් 😀

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,කලින් එකත් බැලුවා මේකත් බලන්න ඕනි, තව කතා දෙකක් තියෙනවා.
    The Mark of Zorro (1940) IMDb 7.6ක් සහ Zorro (I) (1975) IMDb 6.5ක්, දෙකටම ටොරන්ට් තියෙනවා, සමහරවිට හොඳ ඇති, දන්නේ නම් නැහැ, ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      The Mark of Zorro (1940) එකට සබ් මම දෙන්නම්, ඔයාට පුලුවන්නම් අනිත් එකට සබ් දෙන්න, ජයවේවා.

  13. වරුණ නිරෝෂණ

    ස්තුතියි සහෝ…..

  14. ela machan….thanx….

  15. Thank You brother……………………………….

  16. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන නියම චිත්‍රපටියක්. මතකය අලුත් වෙන්නත් එක්ක ආපහු සබ් එක්කම බානවා. ජය෴෴ 😛 😛

  17. thanks machan 1 baluwa mekath balannama wenawa

  18. niyamai.subata thanks SAMAN saho.digatama ohoma ymu.jaya wewa……

  19. එලස් මචන්….
    මෙක බලලා නැහැ…..
    දැන්ම බාගන්නවා මේක……..
    තැන්ක්ස් මචන් සබ් එකටහ්හ්හ්…

  20. The_Necromancer

    Thanks for subtitles

  21. සුපිරිම සුපිරි. නියම චිත්‍රපටයක්

  22. උපසිරැසියට තෑන්ක්ස් සමන් සහෝ…

  23. නලින්

    ස්තුතියි සමනා!!

    ජය වේවා!

  24. නියමයි මචං
    සබ් එකට නම් Thanks


  25. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  26. කප්ටෝන්

    මරුද ??

  27. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

error: Alert: Content is protected !!