Tuesday , September 22 2020
Breaking News

The Light Between Oceans (2016) with Sinhala Subtitles | ආදරණිය ලූසි-ග්‍රේස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

The Light Between Oceans (2016)

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි හැම දෙනාටම, මගේ 10 වන උපසිරැසි නිර්මාණයට මම දැවැන්ත ආදර කතාවක් ගෙනාවා. මේ කතාව නම් සුපිරිම සුපිරි ආදර කතාවක්. වෙන ආදර කතා වගේ නෙමෙයි දරුවෙක් වටා ගෙතියන ආදර කතාවක්. බැලුවේ නැත්නම් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ! IMDB දර්ශකයේ 7.2ක ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍රධාන නළුවයි නිළියයි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . දකිනකොට දන්නවා ඇති. නළුවා විදියට රංගනයෙන් දායක වෙනවා “Michael Fassbender” ඔහුව හැමෝම දන්නේ එක්ස් මෑන් එකේ හිතුවක්කාර “මැග්නේටෝ” විදියට. තව ඔහු “Assassin’s Creed”, “Steve Jobs“, “Macbeth” ඇතුළු තවත් දැවැන්ත චිත්‍රපට කිහිපයකයකට රංගනයෙන් දායක වුනා. නිළිය නම් ඉතින් ගොඩක් අය දන්නවා ඇති “ජේසන් බොර්න් ” ගාවට යහළුවෙකු ලෙස පැමිණි සතුරා විදියට! රංගනයෙන් දායක වෙන්නේ “Alicia Vikander” ඒ වගේම ඇය “The Danish Girl“, “The Man from U.N.C.L.E.” යන ෆිල්ම් වලට රංගනයෙන් දායක උනා. මේ ෆිල්ම් එකට මට උපසිරැසිය කරන්න මෙච්චර පරක්කු උනේ, BluRay පටය නිකුත් උනාට පස්සේ තමා හොද උපසිරැසියක් නිකුත් උනේ අන්තර්ජාලයට. කොහොමහරි මට පුළුවන් තරම් ඉක්මනට මම උපසිරැසිය නිර්මාණය කරලා අපේ බයිස්කෝප් යාලුවන්ට ඔන්න ලබාදුන්නා. දැන් අපි යමු ෆිල්ම් එක පැත්තට.

ටොම් ශර්බෝන් කියන්නේ යුද්ධය නිම කර පැමිණි යුධ වීරයෙක්. ඔහු රැකියාව විදියට තෝර ගන්නවා ප්‍රදිපාගාරයන් රැකබලාගන්නෙක් විදියට. ඔහුට තාවකාලික රැකියාවක් ලැබෙනවා බටහිර ඕස්ට්‍රේලියාවේ දුපතක. මේ දුපත තමා ඔහුගේ ජීවිතය අනිත් පැත්ත ගහන්නේ. ඉසබෙල් කියන තරුණිය මුණ ගැහෙනවා මේ ටොම් ශර්බෝන් ට. මේ කතාවේ කතා විලාශය එහෙන් පිටින්ම වෙනස්, ආචාරශීලි ලෙස හැමකෙනා එක්කම කතා කරන්නේ, ඒ විදියටම මම උපසිරැසිය නිර්මාණය කරා. ඉසබෙල් සහ ටොම් විවාහා වෙලා අර කාත් කව්රුත් නැති දුපතේ පදිංචියට යනවා. එහෙ ගත කරපු අව්රුදු 3 නේදී ඇය දරුවන් දෙදෙනෙකු බලාපොරොත්තු උනත් ඒ අවස්ථා දෙකේදීම ඇගේ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර මිය යනවා. මේ විදියට අසරණ වෙලා ඉන්න ඉසබෙල් ගේ ජීවිතය වෙනස් කරේ. මුහුදේ ගහගෙන ආපු ඩිංගි බෝට්ටුවක්. ඒ ඩිංගි බෝට්ටුවේ මිය ගිය පුද්ගලයෙකුයි, ජිවත් වෙන කුඩා දරුවෙකුයි ඉන්නවා. ඉතින් ඒ කුඩා දරුවා වටා තමා කතාව ගෙතී යන්නේ. මේ දරුවාගේ අම්මා ජිවත් වෙනවා වගේම, ඇය හැම විදියකින්ම මේ දෙන්නව හොයාගන්න උත්සාහා කරත් ඒ හැම විදියක්ම අසාර්ථක වෙනවා. ඇත්ත අම්මා මේ දරුවාව හොයා ගනියිද, හදාගත්ත අම්මටයි තාත්තටයි ආවසානයේ මොනවයින් මොනවා වෙයිද. ඇයි මේ දරුවාගේ නම ලුසී-ග්‍රේස් උනේ! මේ වගේ ප්‍රශ්න ටිකක් ඉතුරු කරලා මම අදට ඔබෙන් සමු ගන්නවා.

මම හැමෝටම ආරාධනා කරන්නවා මේ ෆිල්ම් එක බලන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕනා මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ පොතක් පාදක කරගෙන.  තවත් උපසිරසියකින් හමුවෙමු.

The Light Between Oceans (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Light.Between.Oceans.2016.720p.BluRay.x264.ShAaNiG

The.Light.Between.Oceans.2016.720p.BRRip.x264-MkvCage

The.Light.Between.Oceans.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. Saranga J. Liyanagama

    Thanks..!

  2. Thanks bro

  3. Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Thanks……..

  5. Nice try,But subtitle file is not supported B/R copy.This is for web copy bro.Thanks

  6. update දාන්න බැරි නම් සබ් ටයිටල් නොදා ඉන්නේ අපි ෆිල්ම් ඩවුන් ලෝඩ් කරනවා.ඒ වුන්ට මේ සබ් එක සපෝර්ට් වේන්නේ නැහැ

  7. Patta film eka saho…

  8. ආදර කතාවක් නේ… තැන්කු සහෝ සබට…
    ඒ බං YTS එකේ බ්ලු රේ එකට මේක සෙට් වෙන්නේ නෑනේ…

  9. ආදර කතාවක් නේ… තැන්කු සහෝ සබට…

  10. Thank you for the sub bro.

  11. meke sub eka hariyata play wenne nehe neh…. timeline ganata hadanna kawruhari dannawada….nethnm obathumata puluwanda newatha update karanna…

  12. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. දිලාන්

    ගොඩක් ස්තුතියි යාළුවා.

  14. Sub ekata thanx

  15. mata kiyanna film eka download karanna site ekkak

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.
    දිගටම සබ් කරමු.

  17. bohoma sthuthi sahooo. aniwarayan balanna oni..

  18. Sub ekata thanks saho….film eka balanna asa hituna…bt download kara ganna ba ne….google eke hoyalama epa una…puluwan nam…link ekak denna….kawru hari…plz…..

    • yts.ag සයිට් එකට ගිහින් උඩම කොනේ ඇති.. Browse Movies එක ක්ලික් කරාම , එකේ දෙවැනි පිටුවේ දෙවැනි පේලියේ ඇති ෆිල්ම් එක PC එකෙන් නම් !!

  19. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  20. Aniwa balanawa machan… Thanks.

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Thilina weerasinghe

    Thanks for sub….

  23. දමිත්

    ස්තුතියි සහෝ..
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  24. එලම සහෝ තෑන්ක්ස්

  25. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  26. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  27. Thanx broo Sub ekata . Elzzzzz

error: Alert: Content is protected !!