Saturday , October 24 2020
Breaking News

The Little Rascals (1994) | පුංචි මගෝඩි ගොඩයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

thelittlerascals
මේ කියන්න යන්නේ ටිකක් පරණ එත් පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා කරන මගෝඩි වැඩ ටිකක් තියෙන චිත්‍රපටයක් ගැන. නමෙන්ම දකින්න ඇතිනේ කතාව කොහොම එකක්ද කියලා. නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අරගෙන බලන්න. මොකද මෙයාලගේ තියෙන්නේ අමුතුම දර්ශණයක්. පොඩි උනාට හිතන්නේ අමුතුම විදිහට. ඒ ගැන ටිකක් පහුවෙලා කියන්නම්. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1994දී. මේකේ රඟපෑ පොඩි චරිත දැන් ලොකු චරිත වෙලා. මොකද අසූව දශකයේ අග භාගයේ උපත ලබපු පිරිසක් තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. එතකොට එයාලට වයස  6-7 වගේ  ඒ කියන්නේ සෙල්ලං කරන වයසේ දරුවෝ ටිකක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ. ඒ වගේම IMDb අගය 6.2 ලබාගෙන තිබෙනවා. 

එහෙනම් මෙන්න මේකයි කතාව. කලින් කිව්වා වගේම මේකේ ඉන්නවා කොලු පැටවූ ටිකක්. මෙයාලගේ තියෙනවා පොඩි සංගමයක්. මොකද්ද දන්නවද මේ සංගමය.  ගැහැණු විරෝධී සංගමයක්. හික්ස් බටු ඇට දෙකක් උස නැහැ ඒ උනාට කොහොමද හිතන දේවල්. ඉතින් මේ සංගමේ ඉන්න අය ඒ කිව්වේ මේ බටු ඇටටික කිසිම ගැහැණු පරානයක් එක්ක ගණුදෙනුවක් නැහැ. කොටින්ම කියනවා නම් ගෙදර ඉන්න අක්කලා නංගිලා එක්කවත් නැහැ. කෙල්ලෙක් සෙල්ලං කරන්න කතා කලත් මොකක් හරි මගෝඩි වැඩක් කරලා පැනලා යනවා. කොටින්ම කියනවා නම් මේ සංගමයට ගැහැණු කියන්නේ සතුරු පාර්ශවයක්. කෙල්ලෙක් දැක්කොත් එතැනින් මාරු වෙන්නේ පිටසක්වල ජීවියෙක් දැක්කා වගේ. මේ සංගමයේ සභාපති උන්නැහේ තමයි ස්පැන්කි කියන්නේ. මේකේ ඉන්නවා ස්ටයිමි, ෆ්රොගි, පොර්කි, ඇල්ෆල්ෆා කියලා හාදයෝ දෙතුන් දෙනෙකුත්. සේරගේම අදහස ගැහැණු එපා කියන එක. 😛

සංගමයක් උනාම තොරතුරු හුවමාරු වෙන්නත් එපැයි සාමාජිකයෝ අතරේ. ඒක කරන්නේ පීටි කියලා බලු කුක්කෙක්.  මෙයාලට තරහ කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා. එයාල ගැහැණු ළමයි නම් නෙමේ පිරිමි ළමයි දෙන්නෙක්. ඉතින් මෙයාලට තියෙනවා පොඩි කාර් තරඟයක්. එකෙන් අවුරුදු 5ක්ම දිනලා තියෙන්නේ මේ සංගමයේ සාමාජිකයෙක්. මේ සැරේ මේ තරඟයට ඉදිරිපත් කරන්න හදන්නේ ස්පැන්කිගේ මිත්‍රයා ඇල්ෆාෆාව. එහෙම තෝරන කොට මෙයා එතන නැහැ වෙන තැනක සංගමයේ ප්‍රධාන නීතිය කඩනවා. ඒ කියන්නේ ගැහැණු ළමයෙක් එක්ක. මෙයාගේ හිතාගත්ත කෙලි පැංච තමයි ඩාර්ලා කියන්නේ. ඉතින් ඔන්න එහෙනම් ඔයාලට බාරයි මේ සැරේ තරඟයට මොනවා වෙයිද? ඇල්ෆාෆා ඩාර්ලා එක්ක ඉදල අහු උනාට දඬුවම මොකද්ද? ඉන් පස්සේ මේ සංගමයට මොකද වෙන්නේ? මේවා ඔයාලට උත්තර හොයන්න ලැබෙන ප්‍රශ්න. එහෙනම් ආයෙත් හමුවෙමු. හැමෝටම සුබ දවසක් !!!

The Little Rascals (1994) on IMDb

 

 

e558ae1e179318b70227314298698d8d83b0a9ad
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Crackdown [S01 : E05] Sinhala Subtitles | සැබෑ දුශ්ඨයා කවුරුන්ද [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. patta film eka..kalin balala thiyenawa…
    sub ekka aaye balanna onee…
    thanxxx……..

  2. Prasad Kandamulla (චුටි මල්ලි}

    මේක නම් බලල නැහැ …සබ් එකට තැන්ක්ස් මචන් …..

  3. වරුණ නිරෝෂණ

    Thanks machan SUB akata

  4. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  5. good job…..sub eka niyamai..good luck.digatama karagena yanna..

  6. Manjula Kumara

    ස්තුතියි සහෝ
    ජයවේවා!

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක් නේ. අනිවා බලන්න ඕනි, බොහොම ස්තුතියි,ජයවේවා.

  8. බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් අරගෙන ආවේ? ජය෴෴ 😛 😛

  9. හික්ස්…. පොඩි ඈම්ඩන් ලා….. 😛

  10. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  11. Ela.. Ela..
    Sub ekata Thanks..

  12. elama thamai saho…
    thank you wewaa………..!

  13. ස්තුතියි සහෝ.

  14. “චූටී මල්ලි”

    ම්ම්ම්ම්ම්ම්ම්ම්…
    පොඩි උන්ගෙ වැඩකිඩ නෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය…….

  15. නලින්

    පැතුම් අයියා ‍නියම කථාවක් ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා

  16. චතුර මදුසංක

    thanks me wage amuthuma ekek genaawata

  17. THANK YOUUU.. 🙂

  18. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  19. Patta Film aka.Thanks Saho…

  20. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  21. niyamayi saho..aasawen balanna puluwan godak sthuthyi sub laba dunnata

  22. ela ela… 😀

error: Alert: Content is protected !!