Saturday , October 16 2021
Breaking News

The Man From Nowhere (2010) – Sinhala Subtitles | ලොවක් අහිමි මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

The Man from Nowhere (2010)

ඔන්න යාළුවනේ මම මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීමත් අවසන් කළා. පළවෙනි චිත්‍රපටි දෙක වගේම මේකත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මේකේ ජනප්‍රිය වීම කොතරම්ද කියනවානම් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කල මුල් සති අන්තෙම ටිකට්පත් 712,840 ක අලවියක් වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි සති 5ක් තිස්සේ එක දිගටම බොක්ස් ඔෆීස් (Box office) සටහනේ මුල් තැන ගන්නත් හැකිවුනා. චිත්‍රපටය 2010 දී තිරගත වීම අවසන් කරනවිට ටිකට්පත් 6,228,300 ක් අලවි වී තිබුනා. මේ චිත්‍රපටය IMDb අගය 7.8 ක් ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. Ajeossi (아 저씨) තමයි මේකේ කොරියානු තේමාව. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Jeong-Beom Lee කියන කොරියානු අධ්‍යක්ෂකවරයයි. විවිධ සම්මාන උළෙලවල් වලදී හොඳම නළුවා ඇතුළු සම්මාන රාශියකටද මේ චිත්‍රපටය පාත්‍ර වී තියෙනවා.

උකස් බඩු කඩයක් දමාගෙන රහස් ජීවිතයක් ගතකරන හිටපු විශේෂ බලකා නියෝජිතයෙක් වන චා ටේ-සික් (CHA Tae-shik) ගේ පිටස්තර සමාජයත් එක්ක තියෙන එකම සම්බන්ධය වෙන්නේ සෝ-මි (So-Mi) කියන පුංචි ගැහැණු ළමයෙක්. ඇය ඔහුගේ අසල්වාසී දැරියක්. ඇගේ මව හ්යු-ජොන්ග් (Hyo-jeong) වැඩකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් සමඟ. හ්යු-ජොන්ග් දිනක් මත්ද්‍රවය තොගයක් හොරෙන් ගේනවා තමන්ගේ ප්‍රධානීයාටවත් නොදන්වා. ඉතින් ජාවාරම්කාරයෝ ඇයගේ මේ හොරකම දැනගෙන ඇවිත් ඇයවත් ඇගේ දියණියව සෝ-මි වත් පැහැරගෙන යනවා. ජාවාරම් කල්ලිය චා ටේ-සික්ට පොරොන්දු වෙනවා ඔවුන් වෙනුවෙන් එක ගනුදෙනුවක් කලොත් ඒ දෙන්නා නිදහස් කරන බවට. නමුත් එය ජාවාරම්කාරයින් ඔවුන්ගේ ප්‍රධානියෙක්ව නැති කිරීමට කළ කුමන්ත්‍රණයක් බව පසුව ඔහුට දැනගන්න ලැබෙනවා. ඔහුට දුන් වාහනයේ පසුපස තිබිල හ්යු-ජොන්ග් ගේ සියළු අවයව ඉවත්කළ මළ සිරුර ඔහුට හමුවෙනවා. එයින් ඔහුට තේරුම් යනවා සෝ-මි ගේ ජීවිතයත් අනතුරේ බව. ඉතින් ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තියලා තමන්ගේ එකම හිතවතිය වන සෝ-මි ව බේරගන්න වෙහෙසනවා. සෝ-මි ගේ මවව මැරුවේ චා ටේ-සික් කියලා සැක කරන රහස් පොලිසිය ඔහුව හඹායනවා. රහස් පොලිසියෙනුත්, ජාවාරම් කාරයින්ගේනුත් ගැලවී චා ටේ-සික් ට සෝ-මි ව බේරගන්න හැකිවේවිද? මේ අතර සෝ-මි ගේ ඉරණම කුමක් වේවිද?

අවවාදයයි! සංවේදී දර්ශන ඇතුලත් බැවින් එවන් දර්ශන නැරැඹීමට නොහැකි කුඩා දරුවන් හෝ හදවත් රෝගීන් හෝ යම් අයෙක් වේ නම් මෙම චිත්‍රපටයේ එන එවන් දර්ශන නැරඹීමෙන් වලකින්න….

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. Sub ekata thankz

  2. thanks for the sub

  3. thanks bro

  4. ayesh dimantha

    ❤️❤️❤️❤️

  5. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  6. ekenma patta film ekak.. 🙂

  7. Thank U DINUKA

  8. Super movie.. tnx

  9. lassna film 1k dan baluwa vitharai…..dinuka sahota tnx jaya sri/////

  10. නියම බයිස්කෝප් එකක් යාලුවේ..
    ජයම වේවා!

  11. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  12. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට.. මගේ හතරවෙනි උපසිරසි සටහනත් ළඟදීම දෙන්නම්, ජයවේවා!

  13. සුපිරි ක්‍රියාදාම කතාවක්…පට්ට පට පට තමය්..මේකේ සිංහල වචන වගයකුත් අහනවනේ..ලංකාවේ හාදයෙක් වගේ..

  14. හොදයි යාලුවා ජය වේවා

  15. දිදුල Kd සිල්වා

    කොරියන් ඒව කොහොමත් මැක්සා… 😉 ජය වේවා෴

  16. හෆ්ෆා භය හිතෙන කතාවක් වගේ……

  17. බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. රාම් රාජ්

    ස්තූතියි.

  19. balamuko balama 🙂

  20. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි නියමයි සහෝ,ඉක්මනින්ම තව එකක් අරන් එන්න ලැබේවා,ජයවේවා.

  21. ela ela patta katawak wage bohoma stuti saho…

  22. thaks machan

  23. Maxxxa filam ekak macho, kiyala wedak ne. me wage film thamai machanla api balanna one.thanks meka sub karatai select karatai..jaya wewa

  24. නලියා

    ස්තුතියි දිනුක සහෝ..

    ජය වේවා

  25. පහරක්නෙ මචං ලොවෙත් නෑ 😉

  26. THANKS DUNUKA

  27. Dan meke baluwe, aththatama hodama movie akak. hamoma balanna.

    thank u …………

  28. niyama film ekak macho….thanks…

  29. “චූටී මල්ලි”

    එල එල මචන් දිගටම කොරියන් එව්වටම දෙන්න
    මේ සබට තෑන්ක්ස් හොදේ

  30. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි හැමෝටම,මේ විදිහට comment දානකොට තව තව සබ් දෙන්න හිතෙනවා;)… අනිවා දිගටම සබ් දෙන්නම්.. ජය.

  31. pradeep nilanga

    thanxxxx

  32. නියමයි මචන් මේ වගේ ඒවා තව දෙන්න ජය වේවා

  33. mudiya / මුදියා

    අපේ දිනූක සහෝ ආයෙත් ඇවිල්ල තියෙන්නෙ සුපිරිම කොරියන් එකකින්.නියමයි මචං.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  34. Thanx a lot….bro…..

  35. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිනුක සහෝ.

  36. දිනුක මචෝ උඹ නම් කොරියන් කිං කෙනෙක් වෙන්න වගේ යන්නෙ… ඔහොම දිගටම කරගෙන යමු කොරියාවෙන එන්න ඉස්සරවෙලා උඹට කියල උපසිරැස අරගෙන යන කලක් ඒවි… බොහොම් ස්තුතියි සහෝ තුන්වෙනි උපසිරැසට… 😀

  37. අනිවා සහෝ, ලිපිය දැක්කම මොකද්ද දන්නවද මතක් වුණේ? The Safe (2012) චිත්‍රපටිය! සෑහෙන දුරට සමානකම් තියෙනවා වගේ නේද? කොහොමත් ඒකත් කොරියන් එකක කොපියක් වගේ තමා මට මතක! ඉතිං සමානකම් නොතිබෙන්ඩ බෑනේ එතකොට!

    ‘අනිවා බලනවා සහෝ!’ කියලා කියන්ඩ ඕනෙකම තිබුණත් මේ යන යෑමට බලන්ඩ හිතන්ඩ වෙන්නෙත් ලබන අවුරුද්ද දිහාවට තමා. ඒක නිසා අමතක වේද දන්නෙත් නෑ 🙁 කමක් නෑ බැලිය යුතු ගොඩට එක්කරගන්නම්කෝ. අඩු කොපියක් ලැබීමේ වාසිය නොසලකා හරින්ඩත් බෑනේ 😀

    නියමයි කොල්ලා. තව ඕනෙ… දෙනවනේ..? ජය!

  38. නියමයි යාළුවා ස්තුතියි ඔබට මේ බදු නිර්මාණ අපවෙත ගෙන එනවාට

  39. නියම කතාවක් වගේ බලන්නම්. තුති

  40. maxxa wadak all the best

  41. thawath koriya awa denna machan

  42. supiri 😀

  43. පට්ට සහෝ තවත් ලස්සන කොරියන් ෆිල්ම්ස් ගෙන්න ලැබේවා! ඔයා කොරියන් ෆිල්ම්ස් විතරනේ දෙන්නේ හේවා හින්දි විතරක් දෙනවා වගේ. මැක්සා 🙂

  44. elazzzzz thnxzzzzzz

  45. thQ so much bro

  46. elakiri kolloo thawtah subs denna,, jaya

  47. තෑන්ක්ස් වේවා!

  48. wow…maru 😀

  49. එලස් බාමි ජය

  50. මේක මම ඉස්සරම ආපු කාලේ බැලුවා.,පට්ටම ෆිල්ම් එකක්, සබ් එක්ක ආයේ බලනවා, තව සබ් දෙන්න ලැබේවා! ජය වේවා !!!!!!!

  51. mihin ලංකා

    නියමයි තවත් කොරියන් ෆිල්ම්ස් සබ් දෙන්න.ජය

  52. lasanatha!!!!!!

    maxxa maxxxaaa machan

  53. jaya wewa!thnxxxxxxxxxx

  54. එළකිරි මචං මේක නම් සුපිරි ෆිල්ම් එකක්

  55. PATTAMA FILM AKAK WAGEY

error: Alert: Content is protected !!