Wednesday , September 22 2021
Breaking News

The Man with the Answers (2021) Sinhala Subtitles | ප්‍රේමණීය චාරිකාව [සිංහල උපසිරසි] [18+]

Rating: 8.3/10. From 26 votes.
Please wait...

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර කතාවක් ඒවායින් නවත්වන්න හැකිවෙයිද? නීතියකට පුලුවන්වේවිද ආදරයකට හරස් වෙන්න? කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න? අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුලුවන්ද? අසම්මත වුනත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද? මේ ගැටලු සියල්ලටම පිළිතුරක් හොයාගන්න පුලුවන්, මේ බයිස්කෝප් එක නැරඹුවොත්…!

The Man with the Answers බයිස්කෝප් එක පැය 1 යි මිනිත්තු 25කා ධාවන කාලයකින් යුක්තයි. මෙය අයත් වෙන්නේ Drama, Romance කාණ්ඩයට. මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2021 ජූලි 20 වෙනි දිනයි. කතාව නිර්මාණය සහ අධ්‍යක්ෂණය කර ඇත්තේ Stelios Kammitsis විසින් වන අතර ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙන්නේ Vasilis Magouliotis, Anton Weil සහ Stella Fyrogeni යන අයයි. සයිප්‍රසය, ග්‍රීසිය සහ ඉතාලිය යන රටවල රූගත කර ඇති මෙම චිත්‍රපටිය ඉංග්‍රීසි, ග්‍රීක්, ජර්මන් සහ ඉතාලි යන භාෂා හතරෙන්ම සමන්විතයි.

මෙම බයිස්කොප් එකේ කතාව දිගහැරෙන්නේ තරුණ වයසේ කිමිදුම් ශූරයෙක් පාදක කරගෙනයි. ඔහු තමන්ගේ මවගෙන් වෙන්වෙලා ජීවත් වන්නේ. හදිසි කාරණාවක් හේතුවෙන් මේ තරුණයාට තමන්ගේ මව බලන්න යන්න සිදුවෙනවා. ඒත් මව ජීවත් වෙන්නේ තවත් රටක. ඒ නිසා මේ තරුණයාට ලොකු චාරිකාවක් යන්න සිදු වෙනවා. ඒ අතරතුරදී ඔහුට හරිම අපූරු අමුත්තෙක් මුන ගැහෙනවා අහම්ඹයෙන්. මෙතැන් සිට තමයි කතාව ප්‍රේමණීය විදිහට දිගහැරෙන්න පටන් ගන්නේ. ඉතින් ඊලගට කුමක් වෙයිද කියලා දැනගන්නනම් බයිස්කෝප් එක බලන්නම වෙනවා. මේක බලන්නම ඕන බයිස්කෝප් එකක්..!

මම නොහිතපු විදිහට මා වටා බොහෝ රසික පිරිසක් එක්වෙලා සිටිනවා. ෆේස්බුක්, වට්ස්ඇප්, ටිවිටර්, ටික්ටොක්, ටෙලිග්රෑම්, ඉන්ස්ටග්රෑම් සහ හැන්ග්අවුට්ස් හරහා මට පණිවිඩ එවන විශාල රසික පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සෑම දෙනාම විවිධ චිත්‍රපටවලට සහ ටෙලි කතා සදහා සිංහල උපසිරසි ඉල්ලීම් කරනවා. මට හැකි පමණින් එම ඉල්ලීම් ඉටු කරන්න උත්සාහ කරනවා. බයිස්කෝප් වෙබ් අඩවියේ මගේ උපසිරසි සදහා කමෙන්ට් පලකරන ධෛර්ය සපයන පිරිසක් සහ සමාජ මාධ්‍ය හරහා මට ධෛර්ය සපයන විශාල පිරිසක් සිටිනවා. ගොඩක් කාලය කැප කරලා නිර්මාණය කරන උපසිරසි නිමවුමකට එලෙස ශක්තියක් වන ඔවුන්ට මන් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මට බයිස්කෝප් සිංහලෙන් වෙබ්සයිට් එකේ උපසිරසි පල කිරීමට අවස්ථාව සලසලා දෙන ඇඩ්මින් අයියලාටත් ස්තූතිවන්ත වෙනවා. මේ චිත්‍රපටියට සිංහල උපසිරසි ගෙන ආවේ 2021 ජූලි 30 වෙනි දිනට මට ලබපු 19 වෙනි උපන්දිනය වෙනුවෙන් ඒ රසික පිරිසට පුංචි ත්‍යාගයක් ලෙසයි.

සම්මතෙන් එහාගිය
අසම්මත බැඳීමක්….

ඒත්,
ආදරයට කොහෙද
සීමා මායිමක්….

හැගීම්
ආධ්‍යාත්මික නම්
කොහේද එතන
අසම්මතයක්….

ආදරය
අසීමාන්තිකයි….

එනිසයි ඔවුන් ලග
මෙතරම් ප්‍රේමයක්….

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිත් දිලීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E03] Sinhala Subtitles | මරණ මංචකය අබියස..!! [සිංහල උපසිරැසි]

ප ද ෆැමිලි මෑන්, බ්‍රීත්, මිර්සාපූර් වගේ වෙබ්කතා මාලා නිකුත් කරපු ඇමසෝන් ප්‍රයිම් විසින් එලිදක්වපු …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. happy birthday මගේ ජූලි 31

    • Rusith Dileepa

      තැන්ක්ස්.. ❤️❤️
      ඔයාටත් සුභ උපන්දිනයක් වේවා..

  2. Prabath Dulshan

    අම්මෝ රුසිත් සබ් එකක් දාල.. බලන් හිටිය ගොඩක් කල්.. ❤️
    ගොඩක්, ගොඩක් ස්තූතියි මලයෝ සබ් එකට…
    ඉස්සරහටත් මේ වගේ ලස්සන කතා ඔයාගේ අකුරු වලින් ම බලන්න, බලාගෙන ඉන්නවා… ❤️
    ජය..
    ආ Sorry, අමතක උනානේ.. Happy Birthday… Wish u all the best kollo…

    • Rusith Dileepa

      හායි අයියා……… ❤️❤️
      තැන්ක්ස් විශ් කරාට… ❤️❤️

  3. නිමල් දිසානායක

    රුසිරුය දිලෙන තරුවකි මේ film එක
    පාරයි හද වෙණෙහි තත් ගෙන එකින් එක
    අසංයමය සංයමයෙන් කියන එක
    එච්චර පහසු නැත, විදිහට කලාත්මක

    ගොඩාක් ස්තුතියි රුසිත්!

  4. Sahodaraya hondatama karala thiyenawa
    F9 film ekatath subak demu ne

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  6. Thanks……….good luck………….

  7. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦ Happy Birth Day Machannnn…….♣♦♠♠○•☺☺☻♥

  8. tawath me vidihe films walata sub denna

    happy birthday

  9. Happy birthday bro!!!
    ‘young royal’ swedish series ekat hakim sub denwqda

    • තැන්ක්ස් සහෝ.. ❤️
      කාලවේලාව ලැබුනොත් කරන්නම්..

    • කොහොමද බං…
      වැඩත් එක්ක මේ පැත්තට එන්න අමතකවුනා…
      අදම බලනවා…
      ඒක නෙවෙයි කොල්ලෝ සුභ උපන්දිනයක්…
      හොදි ඔක්කොම වැඩ ටික කරගන්න…
      ❤❤❤

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ…. හැපි බර්ත්ඩේ

  11. Wish you a Happy Birthday! Stay Blessed. ❤️

  12. Thanks for the sub. Keep doing the good work. Wish you all the very best!

  13. මලින්ද

    Thanks For the Sub

  14. Thanks jayawewa….

  15. thank you very much.very much appriciate your hard work dear very optimistic taste you have .

error: Alert: Content is protected !!