Monday , September 28 2020
Breaking News

The Miseducation of Cameron Post (2018) Sinhala Subtitles | වැරදි ලිංගික අධ්‍යාපනයක් [සිංහල උපසිරසි] (18+)

Rating: 9.0/10. From 28 votes.
Please wait...

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර කතාවක් ඒවායින් නවත්වන්න හැකිවෙයිද? නීතියකට පුලුවන්වේවිද ආදරයකට හරස් වෙන්න? කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න? අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුලුවන්ද? අසම්මත වුනත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද?

මේ ගැටලු සියල්ලටම පිළිතුරක් හොයාගන්න පුලුවන්, මේ බයිස්කෝප් එක නැරඹුවොත්…!

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවලට අනුව, සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු වීම සාපරාදී වරදක් නොවන අතර, ඒ හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත නොහැක. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය 365 අනුව සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු අසැබි ලිංගික හැසිරීමක යෙදී සිටියදී හමුවුවහොත් පොලීසියට එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකිය. නමුත්, ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවල ඇතුලත්වන ”ස්වභාව ධර්මයට විරුද්ධ” සහ ”තදබල අශෝබන ක්‍රියා” යන පාඨ බොහෝ විට සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට හිරිහැර කිරීමටත්, වෙනස් කොට සැලකීමටත් සහ අපරාධකරුවන් සේ සැලකීමටත් අනිසි ලෙස භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවට අනුව රටවැසියන් සියල්ලෝම නීතිය ඉදිරියේ සමාන වේ. එය සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට ද අදාළ වේ. අනෙක් අය මෙන් ඔවුන් ද පාසල් යන, රැකියා කරන, රජයට බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්‍ ය. ඔවුන්ටද රටේ අනෙක් පුරවැසියන්ට හිමිවන අයිතිවාසිකම් සියල්ල හිමිවේ. එහෙත් ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රීපුරුෂ සමාජභාවීය අනන්‍යතාව මත පදනම්ව වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් නිරන්තරව සිදුවේ. එය ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධවේ. (උපුටා ගැනීම-Equite/Equal Ground/Accept Sri Lanka/Colombo Pride facebook pages and Frangipani movie)

”සමරිසි, සංක්‍රාන්ති ලිංගික තත්ත්වයන් මානසික රෝග ඝනයට අයත් නොවේ. එය ලෙඩ රෝග වර්ගීකරනයේද සදහන් නොවේ. එය ජීව විද්‍යාත්මක විෂයයකි. එම පුද්ගලයන්ගෙන් සමාජයට කිසිම තර්ජනයක් නොමැති අතර එවැනි පුද්ගලයන්ට සමාජයෙන් තර්ජන එල්ලවේ. එමෙන්ම එය විදේශ සංස්කෘතියක් නොවන අතර රටේ මෙතෙක් පැවැති සංස්කෘතියෙන් කොටසකි.”
– පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , විශේෂඥ මනෝ වෛද්‍ය පබාසරී ගිනිගේ මහත්මිය.

”ක්‍රි.ව.1977 දී සමරිසි, සංක්‍රාන්ති ලිංගික තත්ත්වයන් මානසික රෝගයක් නොවන බව හදුනාගෙන ඇත. එතැන් සිට මේ දක්වා එය මානසික රෝගයක් ලෙස හදුන්වනු නොලැබේ. මෝහනයකින්, ඖෂධ මගින් හෝ කිසිම ආකාරයකින් එම තත්ත්ව වෙනස් කළ නොහැකියි. එම ලිංගික නැමියාවන් බලෙන් වෙනස් කළ නොහැකියි. විද්‍යාත්මකව සමරිසි, සංක්‍රාන්ති ලිංගික තත්ත්වයන් වරදක් නොවේ. ඒ පිළිබදව සාමාන්‍ය පුද්ගලයන්ට අධ්‍යනය සදහා නිවැරදි ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවයක් පවතී. අතත්‍යන්තයෙන්ම එම තත්ත්වයන් රෝගයක් නොවන අතර ඖෂධ ද නොමැත.”
– විශේෂඥ ලිංගික වෛද්‍ය ප්‍රනීත් ප්‍රේමදාස මහතා.

ඉහත විස්තරය ගෙන ආවේ, මේ බයිකෝප් එක නරඹද්දි ඒකෙ තේමාව හා එහි ලාංකේය පසුබිම දැනගත්තොත් හොදයි කියලා හිතුනු නිසා. මේ බයිස්කෝප් එකේ තේමාව නම් ලංකාවට කිසිසේත් අදාළ වෙන්නේ නම් නෑ. ඒත් සබ් එකේ අවශ්‍ය තැන්වල ඒ ඒ විදිහට වචන පාවිච්චි කරලා තියනවා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කිව්වොත්, 2012 දී Emily M. Danforth විසින් රචිත නවකතාවක් ඇසුරින් 2018 දී නිෂ්පාදනය වුනු චිත්‍රපටයක් මේ. මෙය ඇමරිකාවේදී ප්‍රථමයෙන්ම තිරගත වුනේ 2018 අගෝස්තු 3 වෙනිදා, මෙය එංගලන්තයේදී ප්‍රථමයෙන්ම තිරගත වුනේ 2018 සැප්තැම්බර් 7 වෙනිදා. පැය 1 යි මිනිත්තු 31 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇමරිකානු ජාතික Desiree Akhavan විසින්. සංගීත අධ්‍යක්ෂණය Julian Wass විසින්. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Chloe Grace, Quinn Shephard සහ Forrest Goodluck. මේ චිත්‍රපටියට ලැබුනු සම්මාන ගැන කීවොත්, Sudance Film Festival හිදී Grand Jury Prize, Valladolid International Film Festival හිදී Silver Spike සහ තවත් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් 8 කට සම්මාන ලබා ගැනීම සදහා නිර්දේෂ වෙලා තියනවා.

මේ බයිස්කෝප් එකේ කතාව ගැන ටිකක් බැලුවොත්, මේකෙ ප්‍රධාන චරිතය කැමරන් කියලා අවුරුදු 17ක ගැහැණු ළමයෙක්. මේ ගෑණු ළමයාට තියෙන්නේ සමරිසි ආදරයක් කොලී කියන ගැහැණු ළමයත් එක්ක. ඒක ටිකක් අමුතුයි තමා. ඒත් මේ කතාව වෙන්නේ ඇමරිකාවෙනේ. ඒ නිසා ඒකෙ ඒ හැටි පුදුමෙකුත් නෑ. ඉතින් මේ දෙන්නා ආදරෙන් කාලය ගත කරනකොට ඒ හැම දේම වෙනස් වෙන සිද්ධියක් වෙනවා. එයාලා දෙන්නා පාටියකට ගිහින් පාටියෙන් එලියට ඇවිත් සෙක්ස් කරද්දි එයාලගේ පවුලේ අය දන්න පිරිමි ළමයෙක්ට මාට්ටු වෙනවා. හැමදේම උඩුයටිකුරු වෙන්නේ මේ සිද්ධියෙන් පස්සේ. කැමරන්ව යවනවා කතෝලික පාසලකට. මේ පාසල වෙනස්ම විදිහේ පාසලක්. හිතේ තියෙන සමරිසි අදහස් වෙනස් කරන්න හදන පාසලක්. ඒ දේ කරන්න බැරි දෙයක් කියලා ඔප්පු කරන්න හදපු ෆිල්ම් එකක් මේක. පාසල ඇතුලෙත් සෙක්ස් වෙනවා ගොඩක්. කැමරන්ට අලුත් යාලුවෝ දෙන්නෙකුත් හම්බෙනවා එහෙදි. එතනින් එහාට කතාව ගලන් යන හැටි ෆිල්ම් එක බැලුවොත් තවත් හොදින් තේරෙයි.

සම්මතෙන් එහාගිය
අසම්මත බැඳීමක්….

ඒත්,
ආදරයට කොහෙද
සීමා මායිමක්….

හැගීම්
ආධ්‍යාත්මික නම්
කොහේද එතන
අසම්මතයක්….

ආදරය
අසීමාන්තිකයි….

එනිසයි ඔවුන් ලග
මෙතරම් ප්‍රේමයක්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිත් දිලීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. thanks …………………..

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    බුදු ස‍රණයි! ජය වේවා!!

  4. Thahx bro……………….

  5. මචං උබ කරපු හැම film එකක්ම වගේ සමලිංගිකත්වය ගැන හදපු films , ඒ හැම එකකම උඔ ලියන note එකේ සමලිංගික එවුන්ට සලකන විදිය ගැන පුදුම දුකකින් කතා කරනවනේ බන් ,උඔත් සමලිංගියෙක් ද බන් …

    • Don't Remember...

      ඌ සමලිංගිකයෙක් නෙවෙයි මොකෙක් වුනත් උබට මොකද…අනුන්ගේ රෙද්ද අස්සවල් හොයන්නේ නැතුව උගේ පාඩුවේ ඌට වැඩේ කරගන්න දියන්…තොට ඕනෙනම් සබ් එක ගනින් නැත්තම් පලයන්…තොපි තමයි ගෑණු…අනුන්ගේ රෙද්දවල් හොයන…

  6. එල මචන් ඔයාගේ සබ් සුපිරි..පුලුවන්නම් පිරිමි සමලිංගිකත්ව පැත්තට නැතිව මේ වගේ ගැහැනු පැත්තට යන ඒවම දෙන්න..ඉල්ලීමක් විතරයි

  7. ambe meke sub enakm mn awruddak thisse balan hitiye.pin sidda wenawa

  8. Thanks jayawewa…..!

  9. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  10. Thanks..

  11. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. Prabath Dulshan

    උපසිරැසියට ස්තූතියි සහෝ.. ජය..

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Thanks bro ela jaya wevaa…..

  15. Good work friend, Thanks for the sub!

error: Alert: Content is protected !!