Wednesday , September 23 2020
Breaking News

The New Batman Adventures (1997-1999) [EP 15] with Sinhala Subtitles | සත්ව දොස්තර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ ගේන්නේ 15වෙනි කොටස.මේ කතාවේ හතුරාව නම් අපිට මීට කලින් බැට්මෑන් කතාමාලාවකදී හම්බෙලා නෑ, මං දන්න විදිහට.ඒත් මේ කතාවේ ඉන්න හතුරා Ben 10 කතාමාලාවේ ඉන්න සත්ව දොස්තරට බෙහෙවින් සමානයි.ඒකයි මම මේකේ මාතෘකාවට ඒ නම දාන්න හිතුවේ.මේ කොටසේ අපිට බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,රොබින් දෙන්නාවත් දැකගන්න පුළුවන්.එහෙනම් අද කතාව කෙටියෙන් බලමු.

ෆාමර් බ්‍රවුන් කියන්නේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක්.මෙයා සාමාන්‍ය සත්තුන්ට වර්ධක හෝර්මෝන විදලා උන්ව යෝධ සත්තු බවට පත්කරනවා.පස්සේ මෙයා ප්‍රදර්ශනයක් තියනවා ඒ ගැන ලෝකයාව දැනුවත් කරන්න.එතනට බෲස් වේනුත් එනවා.පස්සේ බ්‍රවුන් පෙන්වනවා යෝධ ගවයෙක්ව.එතනදී ඌ කුලප්පු වෙලා එතන ඉන්න අයට අනින්න එනවා.පස්සේ බෲස් වේන් තමයි ඌව නවත්තන්නේ.ඊට පස්සේ මේ කතාව උසාවියට යනවා.අපි කවුරුත් දන්නවානේ සත්ව පරීක්ෂණ නීතියෙන් අවසර නැතිව කරන්න බෑ කියලා.ඉතින් උසාවිය කියනවා ඒ රාක්ෂ පරීක්ෂණ නවත්වන්න කියලා.ඒත් ඒ වෙනකොට බ්‍රවුන් ඒ පරීක්ෂණ වෙනුවෙන් මිලියන ගාණක් යටකරලා තිබ්බේ. ඉතින් එයා ඒ බව උසාවියට කිව්වත් එයාට සහනයක් නම් ලැබෙන්නේ නෑ.ඒකට මෙයා තරහෙන් ඉන්නේ.අවුරුද්දකට පස්සේ ආපහු මේ යෝධ සත්තු ගෝතම්වලට එන්න පටන්ගන්නවා… එතනින් එහා ඔයාලම බලන්නකෝ.ඇත්තටම මේවා කරන්නේත් බ්‍රවුන්මද? බැට්මෑන් කොහොම එයාව නවත්වයිද? එයා මොන මොන වගේ සත්තුන්ව නගරෙට එවයිද?

වෙනදා කියනවා වගේම ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඊළඟ කොටසින් හමුවෙමු.ඔබට ජය!!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

4 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    ඊළඟ කොටසින් හමුවෙමු.ඔබට ජය
    ela
    thanks

  4. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!