අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Omen (2006) with Sinhala Subtitles | මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

The Omen (2006)

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. කරපු ඒවට ලැබුනු ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. තවත් හොඳ නිර්මාණ ඔයාලට අරන් එන්න තමයි හිතන් ඉන්නේ.

රොබට් කියන්නේ ඇමරිකානු දේශපාලනයේ ඉහල තනතුරක් දරන්නෙක්. එයාගේ බිරිඳට දරුවෙක් ලැබෙනවා. ඒ ඩේමියන්. ඒත් ඒ දරුවා පිලිබඳව ලොකු රහසක් රොබට් ඔහුගේ බිරිඳ ගෙන් වසන් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 5ක් ගතවෙනවා. එතන ඉඳන් තමයි අවුල පටන් ගන්නේ. ඩේමියන් “ආගන්තුකයි” කියලා අම්මාට තේරෙණවා. ඒත් එයාගේ සිතුවිලි ආදරණීය සැමියා රොබට්ට හෙලිකරන්න එයා කැමති වෙන්නේ නෑ. කොහොම හරි රොබට් තේරුම් ගන්නවා ඔහු වසර පහකට පෙර විශාල වරදක් සිදුකර ඇති බව. කවුද මේ ඩේමියන්..? ඔහු මේ ලෝකෙට ආවේ මොකටද? අවාසනාවන්ත සිදුවීම් පෙලක් සමග රොබට්ට සිද්ද වෙනවා මේ වරද නිවැරදි කරන්න කටයුතු කරන්න. මේ ගැන දන්න අය තවත් ඉන්නවා. ඉතින් රෝමයේ පැරණි නගර තුලට පිවිසෙමින්.. අනාගත වෘක්ත කරුවන්ගේ අනාවැකි ඔස්සේ. ඔවුන් ගවේශනය අරඹනවා. අවසානය කෙබඳු වේවිද? කතාවේ විස්තර වැඩිය කියන්නේ නෑ. කුතුහලය තියාගෙන බලන්න.

මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක. බයිබලයේ අනාවැකි සහ වර්ථමාන ලෝකයේ සිදුවීම් සුපිරියටම ගලපලා අරන් කතාව ගොඩ නගලා තියෙන්නේ. ඉතින් අනිවා මේක බලන්න. එක පාරට උඩ යන දර්ශණ කිහිපයක්ම මේකේ තියනවා. උපරිම ෆීල් එකක් ගන්න නම් රෑට බලන්න ඕනේ. දැන් අපේ කට්ටියත් හැලොවීන් පාටි දානවනේ, ඉතින් මෙන්න මං ගානේ හැලොවීන් තිලිණයක්. මේකට torrent සීඩ් නම් අඩුවක් නෑ. එහෙනම් තව එකකින් හමුවෙමු. ජය!

The Omen (2006) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Omen.2006.BRRip.XviD.AC3-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

22 thoughts on “The Omen (2006) with Sinhala Subtitles | මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

  • සුපිරියක් තමා…

    Reply
  • Kohomada download karanne

    Reply
  • Thanks for sub………………………………………………………

    Reply
  • bohoma sthuthi sub ekata. meke potha puluwannam balanna. film ekata wada supiri..

    Reply
  • බොහොම ස්තූතියි comment කරපු downlode කරපු හැම දෙනාටම. බය වෙන්න ඇති කියල හිතනවා. 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි සහෝ….නියමයි…!!!
    බොහොම ස්තුතියි සබ් එකට.

    Reply
  • මේකට සබ් එක දුන්න එකට ගොඩාක්ම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • ස්තූති වේවා bro!
    සුභ හැලෝවීන් රාත්‍රියක් වේවා! 😛 දැන් වෙලාව මැදියම් රාත්‍රී 12.00 පසු වී විනාඩී 04යි. එළියේ මහ මූසල පාළු හුලංගකුත් එක්ක ලාවට වහිනවා. තව සැරින් සැරේ උලමෙකුත් කෑ ගහනවා. දැන් මං මේක බලන්නයි හදන්නේ. 😮
    ඔබට සතුටුයි ද දැන්! 😀

    Reply
  • මම මෙ චිත්‍රපට සිංහල උපසිරැසි නැතිව 2පාරක් නරබල තියෙනව සුපිරිම සුපිරි horror ස්ටොරි එකක්. මම මෙක සර්ච් දෙනකොට සයිඩ් එක උපසිරැසි තිබුනෙ නෑ තවම,තියෙ මෙකෙ සිංගල් dvdඑක මම ලග ඔයට බොහොම ස්තුතියි සහො උපසිරැසි ගැන්නුවට මෙ වගෙ තව සුපිරි එව කොච්චර ඇතිද. මෙක ඇගෙ රොම කෙලින් වෙනව ලාස් හරියෙ . 666කියන්නෙ බයිබලයේ සදහන් වන,විදියට සාතන්ගෙ ලකුනක් ලොකෙ අන්තිම කාලය එද්දී නොයෙක් නොයෙක් ලකුනු පහල වෙනව,කියල බයිබලයේ සදහන් වෙනව
    දෙවියන් වහන්සේගේ ඉම ලන් වෙනකොට අලුත උපන් දරුවන්ගෙ පවා මෙ 666ලකුන සදහම් වෙනවලු, සාතන්ගෙ ලකුනක් ලෙස තම මෙය සදහන් වන්නෙ මෙ චිත්‍රපටය එ සම්බන්ධයෙන් නිර්මාණය උන බායානක චිත්‍රපට . ක්‍රිස්තියානි අය න්ම් දන්නව එක .
    ෆිල්ම් එක ලස්සනට නිර්මාණය කරල පෙන්වල දිල තියෙනව ස්තුතියි උපසිරැසි වලට ඔබට ජය

    Reply
    • ඒකේ පොඩි bio hazad ලකුණේ අභාෂයකුත් තියේ වගේ පේන්නේ මට විතරද? 😀 අර x men days of future past එකේ විස විදින එකාගේ අතේ තියෙන්නෙත් මීට ටිකක් සමාන එකක්. 🙂

      Reply

Leave a Reply to Amila Mudalige Cancel reply

Your email address will not be published. Required fields are marked *