Monday , March 8 2021
Breaking News

The Originals [S04 : E11] with Sinhala Subtitles | ආදරේ වෙනුවෙන් තවත් අවස්ථාවක් ලැබුණොත්!? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

The Originals S3P2

එලයිජාව නැති උනා කියලා හිතුවට හෝප්ගේ උදව්වෙන් දැනගත්තා එලයිජා ජීවතුන් අතර ඉන්නවා කියලා. මේකට ඉතින් ෆ්‍රේයට සිද්දවුනා එලයිජාගේ මතකයන් අතරට යන්න. නමුත් එයා ගියාට එයාට ලේසියෙන් වැඩේ කරන්න ලැබුනේ නම් නෑ. මොකද අවුරුදු දහස් ගානක මතකයන් තමයි එයාගේ ඇතුලේ තියෙන්නේ. එලයිජගේ හොදම මතකය එහාට හමුවෙලා එක මොහොතකින් ක්ෂණිකවම නැති වෙලා ගියා. මේ නිසා එයාට කරන්න හදපු වැඩේ කරගන්න බැරුව ගියා වගේම මේකට හෙයිලි ඉදිරිපත් වුනා.හෙයිලි එලයිජාගේ මතකයන් ඇතුලට ගියාට මොකෝ වැඩේ නම් සැහෙන්න අමාරු වුනා. මොකද එයාට මුණ ගැහුනේ එලයිජාගේ ක්‍රැරම මතකය වන වයිකින්ග් සංස්කරණය. එයා නොසැහෙන්න මිනිස්සුන්ව මරලා තියෙනවා. ඒ නිසාම එයා හැදුවේ හෙයිලිවත් මරලා එයාගෙන් ලේ බොන්න. මොකද එයාට සිහියක් නෑ. මේක වෙන්න ගත්තම තමයි හෙයිලිගේ සිරුර තියෙන තැන ගැහෙන්න ගත්තම හෝප්වත් මතකයන් ඇතුලට යවන්නේ ෆ්‍රේයා එක්ක ජපා කරන එක නවත්තලා. හෝප් එලයිජාගේ මතකයන් ඇතුලට ගියාට එයාට බැරි උනා හෙයිලිව හොයාගන්න මේ නිසාම එයා එයාගේ මායාබලය පාවිච්චි කරනවා. මේ දේ වෙද්දීම එලයිජා හෙයිලිගේ ලේ බිව්වා. හැබැයි එයාට හොද සිහිය ආවා. නමුත් මෙතනින් පස්සේ තාමත් හෙයිලි එලයිජාට බයයි.

සොෆීයාව හොද කරගන්න ඕන නිසා මාසෙල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අර රෝස කටු අත්තවල් හොය හොයා ගියා. මෙහ් වෙද්දී රෙබෙකා, ක්ලවුස් හා කෝල් එකතු වෙලා හොලොව්ගේ අනුගාමිකයන් මර මර ඒ රෝස කටු අතු විනාශ කර කර යනවා. කෝල් දැනගන්නවා ඩවීනා ගැන. එයා යනවා ඩවීනාව බේරගන්න විදිහක් හොයාගෙන. ප්‍රංශ අංගනයේ එදා එලයිජා මරලා බිලි දෙන්න හදපු හාව්ස්ට් කෙල්ලොන්ගෙන් උදව් බලාගෙන. නමුත් ඒ අය නම් කෝල්ට උදව් කලේ නැහැ. මාසෙල් අර රෝස කටු තියෙන කිනිස්ස හොයන හේතුව රෙබෙකා දැනගන්නවා. එලයිජාව බේරගත්තට පස්සේ එයාව නැවත ජීවිතයට ගේන්න නම් එක්කෝ හොලොව් ව මරලා දාන්න ඕන නැත්තම් ක්ලවුස් හො මාසෙල් ව මරලා දාන්න ඕන. කෝල් ගිහින් ඩවීනාගේ සොහොන ලග අඩා වැලපෙද්දී එතනට හොලොව් ඇවිත් එයාට ගණුදෙනුවක් කරනවා. ඒ වෙන මුකුත් නෙවෙයි. ඩවීනාව දුන්නොත් කෝල් එයාට වැඩ කරන්න ඕන කියලයි.

අද කොටසින් බලාගන්න පුලුවන් වේවි කෝල් කොහොමද එයාගේ පවුලට විරුද්ධව වැඩ කරන්නේ කියලා. අවසාන හරියට වගේ වෙනකන්ම හුග දෙනෙක්ට ඒ ගැන දැනගන්න වෙන්නෙත් නෑ. වැඩිය නොපෙන්නුවාට මොකද හොලොව් එයාගේ අනුගාමිකයන් එක්ක අලුත් සැලසුම් හුගක් ගහලා තියෙන්නේ. කෝල්ට එයාගේ ආදරේ ආයේ වතාවක් ලැබෙයිද? බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.

ගිහින් එන්නම්. ජය!

The Originals S04xE12 Promo 

ගැලපෙන පිටපත්

The.Originals.S04E11.HDTV.x264-KILLERS
The.Originals.S04E11.720p.HDTV.x264-KILLERS
The.Originals.S04E11.XviD-AFG
The.Originals.S04E11.480p.x264-mSD
The.Originals.S04E11.720p.HEVC.x265-MeGusta
The Originals S04E11 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E11.720p.HDTV.2CH.x265.HEVC-PSA

 The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Check Also

Below Zero (2021) Aka Bajocero Sinhala Subtitles | නොමිනිසුන් [සිංහල උපසිරසි]

බයිස්කෝප් හිතවතුනි වෙනදා එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම මේ වතාවෙ බයිස්කෝප් කණ්ඩායමෙ ඉල්ලීමක් …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Milinda Sadaruwan

    Thank you bro

  2. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  3. තෑන්ක්ස් බ්‍රෝ සබට
    12 වෙනි කොටසෙන් හමු වෙමු

  4. මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    සබ් එකට තුති චාමර සහෝ

  5. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  6. thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. පරක්කු උනත් සබ දුන්න එකට tnx මම බලන්නැතුව අමාරුවෙන් හිටියෙ සබ දානකන්

  10. ස්තුතියි සහෝ උපසිරැසට

  11. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  12. විසල්

    Thnx bn

  13. Bohoma pin sahodaraya….. jaya wewa.

  14. tnx bro…ftta

  15. Gathsara Umesh Kumara

    En kmifye chmr shooo…bohoom sthuthiy hode…..
    Elg epiyn hmuwemooo….
    Eyhk jym weea….

error: Alert: Content is protected !!