අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Ottoman Lieutenant AKA Osmanlı Subayı (2016) Sinhala Subtitles | ඔබට මා, ආදරය කල බව මෙතරම්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 23 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Amour (2012) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක්ම අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී ගිය වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කරලා උපසිරැසියක් කරමු කියලා ඉල්ලීමකුත් කරපු ඉන්දික (Indika) සොයුරාට බොහොමත්ම ස්තූතියි මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කලාට. මොකද එහෙම නොවන්නට මටත් මේ සිනමා සිත්තම මග හැරී යන්නට තිබුනා.

IMDb දර්ශකයේ 6.7ක් ලබා ගත්තු මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා මේ ආදරය විඳගැනීම ඔබටම බාරයි.

නැගෙනහිර ඇනටෝලියාවේ කොනක පිහිටි එක්තරා රෝහලක්…
සියල්ල ගිනිබත් කරමින් ඉදිරියට ඇදුන රුසියානු ආක්‍රමණයන් පිරිසක්…
කැරලි ගැසූ ආර්මේනියන්වරුන්…
සිය මබ් බිම උදෙසා සටන් වැදි තුර්කීන්…
අතරේ,
ඔහු ඔටෝමාන් රාජකීය හමුදාවේ ලුතිනන් වරයෙක්…
ඇය ඇමරිකානු තරුණියක්…
ඔහු අසරණයන්ට සරණ වූ වෛද්‍යවරයෙක්…
ඉතිහාස පොතේ ලියැවුන හරි අපූරු,
තුන්කොන් ආදර කතාවක්…

ඇය ඔහුගේම නූනත්…
ඔහු ඇයගේම නූනත්…
කවම කවදාවත්ම,
ඔවුන් ඔවුන්ගේම නූනත්…
ඔවුන් ඔවුන්ගේමයි
හිතෙනා ඒ හැඟුම විතරක්….
පුරවමින් හදවතට අලුත් හුස්මක්,
ජීවිතය ජීවත් කරවයි
හැමදාමත්…
අවසරයි රසවිඳින්න,
” ඔබට මා, ආදරය කල බව මෙතරම්….. “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.  තවත් වෙනස්ම විදියේ වියට්නාම සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

36 thoughts on “The Ottoman Lieutenant AKA Osmanlı Subayı (2016) Sinhala Subtitles | ඔබට මා, ආදරය කල බව මෙතරම්… [සිංහල උපසිරසි සමඟ]

  • diriliş ertuğrul හෙමීට සබ් හදාගෙන දෙන්න පුලුවන්ද?

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • kara sevda (endless love) ane me tv series ekata sub dennako

    Reply
  • The virgin cuicides
    Dog tooth 2009(canine)
    Puluwan nam sub denna

    Reply
  • early bird (erkenci kus) sinhala sub danna puluwanda?

    Reply
    • සමාවෙන්න, කාල වේලාවේ අඩුකම නිසාවෙන්ම මම නං ටීවී සීරීස් බලනවා වගේම සබ් කරනවාත් හරිම අඩුයි සහෝ…

      Reply
  • ගොඩක් ස්තුතියි…
    ජයවේවා…!

    Reply
  • මේ තරම් අගේ ඇති ෆිලුමක් අරගෙන තියෙන ගණන මට නම් හොඳටම මදි.
    හසිත.
    ඔයාට වෙනමම ස්තුති කරන්න ඕනේ
    මේ තරම් ලස්සන ලොකේෂන්වල ගත්තු film එකකට සබ්ස් කිරීම වෙනුවෙන්ම වුණත්.
    මම එච්චර ෆිල්ම්ස් නොබලනවද මන්දා,
    මේ වගේ පසුබිමක ගත්තු එකක්වත් මතක් වෙන්නේ නැහැනේ.
    කතාවත් අපූරුයි. අනෙක් අංගත් සුපිරියි.
    සබ්ස් ටිකත් මසුරන්.
    තව හොඳම හොඳ ෆිල්ම ගොඩක් ඔයාගෙන් ලැබෙයි කියලා පෙනෙනවා ඉල්ලලා තියෙන විදියෙන්ම.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි හසිත අයියා, ඔයාගේ ඒවා අනිවා බලනවා. වෙනස්ම විදිහෙ ඒව දෙන නිසා..ඔන්න ගත්ත‍ෙ

    Reply
  • Thanxx bro………….

    Reply
  • Thanks so much for your devoting time….

    Reply
  • Halloween 2007,2009 dekata sub denna

    Reply
  • The girl in the sun 2013

    Reply
  • Danger close 2019. Mekat karanna

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට..
    පුලුවන් නම්..
    bring it on film series එකට සබ් කරන්න …

    Reply
  • හොද චිත්‍රපට තියෙනවා නම් පහලින් දාන්න කියල තිබ්බා මේක ජපන් චිත්‍රපටයක් හැකි නම් උපසිරස ලබා දෙන්න

    Kingdom 2019

    キングダム 2019

    තව හොද චිත්‍රපට තියෙනවා නම් දෙන්නම් හැකිනම් උපසිරස කරන්න

    ස්තුති
    ありがとうございました

    Reply
    • මේක නම් මටත් බලන්න මග ඇරුන ෆිල්ම් එකක් සහෝ… මම බලලම කියන්නම් කොහොමද කියලා…

      Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • බයිස්කෝප් එකේ ලෝක සිනමා විප්ලවයක් කල හසිත සොයුරාට උණුසුම් සුභපැතුම්

    Reply
  • ස්තුතියි උපසිරසියට (හසිත මධුෂාන්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

    Reply
  • film එක ඩවුන්ලෝඩ් කරගෙන අවුරුදු එකහාමාරක් වෙනවා සබ් එක එනකන් මග බලා ගෙන හිටියේ ගොඩක් ස්තුතියි සබ් එක දුන්නට

    Reply
  • thankyou verymuch..

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *