Wednesday , December 2 2020
Breaking News

The Outpost (2018-) [S02 : E11] Sinhala Subtitles | වික්‍රමාන්විත කිසිත් නැත [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 11 වැනි කොටස

මේ කොටසෙදි තවත් විශේෂ දෙයක් සිද්ධ වෙනවා. මැරිලා කියල හිතාගෙන හිටපු රෝස්මන්ඩ් රැජිණගෙ සහෝදරයා (මල්ලි) වන ඇල්ටන් කුමාරයා මුරපොළට එනවා. ඒ ඇල්ටන් කුමාරයාම බව රෝස්මන්ඩ්ට පිළිගන්න සිද්ධ වෙනවා. රෝස්මන්ඩ්ගෙ ළමා අවධියෙ හැම සංවේදී අවස්ථාවක්ම ඇල්ටන් කුමාරයා මතක් කරනවා. ඒ අතරෙ ටැලොන්ට ගැරට්ව මුණ ගැහෙනවා. ගැරට් තමන්ගෙ පියවි සිහිය නැති කරපු එවුන්ගෙන් පළිගන්න ආපහු අගනුවරට යන්න පටන් ගන්නවා. විශේෂම දේ ඒක නෙවෙයි. ජැන්සෝ Plaguelingලා සනීප කරන්න බෙහෙත හොයා ගන්නවා. ජැන්සෝට ඒ වෙනුවෙන් රැජිණගෙන් ලැබෙන තෑග්ග මොකක්ද? ඇත්තටම මුරපොළට ආවෙ ඇල්ටන් කුමාරයාමද? ගැරට්ට අගනුවරට යන්න පුළුවන් වෙයිද? ඒ ඔක්කොටම උත්තර මේකෙ තියෙනවා.

එහෙනම් අරගෙන බලන්න. ගිහින් ඉක්මනට එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

අ සිම්පල් මර්ඩර් [S01 : E04] Sinhala Subtitles | අපි ආයෙ පැනල යමු… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ප්‍රියා දවාස්. දේශපාලඥ ප්‍රාන් දවාස් කියන්නෙ මගෙ තාත්තා. මම මගෙ ආදරවන්තයත් එක්ක පැනල …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. Lahiru Lakshan

    thanks…

  2. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. good job

  5. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  6. Thank You

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 ..
    ජය වේවා.!

  8. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!