Tuesday , December 1 2020
Breaking News

The Pacific [E04] Sinhala Subtitles – Gloucester/Pavuvu/Banika |ග්ලෝස්ටර් තුඩුව.[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

කලින් එකේ වෙච්ච දේවල් හැමෝටම මතක ඇති කියලා හිතන නිසා මම කෙලින්ම මේ කොටසේ කතාවට බහින්නම්. මේ කොටස යුධ බිමේදී සොල්දාදුවන් මුහුණ දෙන මානසික පීඩනය හා ඔවුන්ට එය බලපාන ආකාරයය ගැන හදපු කොටසක්.

මේකේ දෙවෙනි කොටස බලපු කට්ටියට මතක ඇති මේ කතාවේ කථානායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වන ඉයුජින් ස්ලෙජ් හමුදාවට බැඳෙන්න තීරණය කරපු හැටි. ඉතින් කතාව ආරම්භයේදී පෙන්වන්නේ ඉයුජින් හමුදා පුහුණුව ලබන හැටියි. මේ අතරතුර කාලයේ ලෙකී ඇතුලු අනිත් භට පිරිස නව බ්‍රිතාන්‍ය දූපත් අසල පිහිටි ග්ලොස්ටර් තුඩුව නම් ප්‍රදේශයට ගොඩ බහිනවා. මැරීන් භටයන්ට එදා මෙදා තුර හමුවුන දුෂ්කරම පරිසරය හම්බ වෙන්නේ මේ ප්‍රදේශයේදියි. ඒ වගේම මේ ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන වැසි වලින් නම් කිසිම අඩුවක් නැහැ. ඉතින් මැරීන් භටයන්ට ජපන්නුන්ට අමතරව වැස්ස, මඩ සහ කැලෑව එක්කත් සටන් කරන්න සිදු වෙනවා. එකම ඇඳුම මාස ගණන් ඇඳගෙන මඩ පිරුණු බූට් දාගෙන වැස්සේ සටන් කරන්න වෙන නිසා ගොඩක් භටයෝ මානසිකව දුර්වල වෙනවා. ඉතින් ඔය අස්සේ ජපන්නුගේ රාත්‍රී ආක්‍රමණයකුත් කඳවුරට එල්ල වෙනවා.

කලින් කොටසේදි ලුතිනන් කොරිගන් ලෙකීව බුද්ධි තොරතුරු ඒකකයට මාරු කරා කට්ටියට මතකයි නේ. ඉතින් මේ කොටසෙදි ලෙකීට වැඩ කරන්න වෙන්නෙ ලුතිනන් ලාර්කින් කියල නිළධාරිය යටතේයි. ඉතින් ලෙකීගේ අනිත් යහලුවො ජපන්නු එක්ක සටන් කරද්දි ලෙකීට කුඩාරමක් මුර කරන්න වෙනවා. කොහොම හරි අන්තිමට ලෙකී ලුතිනන් ලාර්කින් එක්කත් අවුලක් දාගන්නවා. මේ නිසා ලාර්කින් ලෙකීව පිරිසිදු කිරිමේ අංශයට මාරු කරනවා. අන්තිමට මැරීන් භටයො දැනගන්නවා ජපන්නු පහුබහින බව. ඉතින් මේ මැරින් භටයෝ ටික ග්ලෝස්ටර් තුඩුවෙන් ඉවත් වෙලා පුවූවු කියන දූපතේ තියන එයාලගේ කඳවුරට යනවා. පුවූවු වල ඉන්න කොට ලෙකීට අසනීප වෙන නිසා එයාට රෝහලකට යන්න වෙනවා. ඉතින් මේ රෝහලේදී ලෙකීට දැන ගන්න ලැබෙනවා යුද්ධය විවිධාකාර සොල්දාදුවන්ට බලපාල තියන ආකාරය ගැන. තව මේ රෝහලේ ඉන්න ලෙකීගේ යාලුවෙකුත් ලෙකීට හම්බ වෙනවා.

ඒ වගේම මේ කිව්ව ටිකට අමතරව තව ගොඩක් දේවල් වෙනවා. ඉතින් මේක බලලම තමයි ඒ ටික නම් දැනගන්න වෙන්නේ. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Hashan M. Priyadarshana

    Thanks

  2. වරුණ රංගජිත් (වරූ)

    සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
    සබට තුති..
    ජයම වේවා..

  3. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  4. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  5. සාරංග ලියනගම

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ

  6. බොහොම ස්තුතී…!!! ^_^

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  8. බොහොම සතුටුයි සහෝ.
    මේකත් කලින් එක වගෙම අගේට තියෙයි.
    දිගටම ඉවරෙටම දීපු එක තමා නියමම!

  9. බැරියෝ බැරියෝ….. මේවා බෑවොත්, නිදාගන්නෙත් නැතුව එක දිගට බැලෙනවා……. 🙁

  10. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  11. රාම් රාජ්

    ස්තූතියි.

  12. සුපිරි කතා සෙට් එක සහෝ නියමයි…බොහොම පින් මේ වගේ එකකට සබ් දුන්න එක ගැන…

  13. මන් පුදුම ආසාවකින් බලපු සිරිස් එකක් . කොහොමද පටන් ගනිද්දී යන මියුසික් එක . හදවත කඩාගෙන යන තාලේ එකක් . සුපිරියි

  14. mudiya / මුදියා

    එලකිරි පුබුදු.දිගටම දෙන එකනම් මරු.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!

  15. ටැන්කූ පුබුදු……… 😀 ගොඩක් පිo..

  16. එල කොල්ලෙක් නෙ ඔයා… පට්ටයි ආආ.. හොදට වැඩෙ කරනවා…….. thanks කොල්ලො…… (‍y)

  17. එල මරු.අනිවා බලනවා.
    දිගටම සබ් දාන්න ලැබෙන්න ඕන.
    ඒත් The Pacific එකේ සබ් 1ක් වත් ඕපන් අනේම නැනෙ මට.
    කරැමෙ තමා.
    කොහොම උනත් පින් මචෝ!

  18. දිගටම සබ් දෙන්න සහෝ බොහොම පින් මේ වැඩේට

  19. සිංහලයා

    ඇත්තම මේක නම් සුපිරියටම හදලා තියෙනවා..ජය වේවා!!!!!

  20. සුපිරි කතා සෙට් එක සහෝ නියමයි

  21. “චූටී මල්ලි”

    පට්ට මචං දිගටම කරමු

  22. thnxxxxx

  23. මේක අදම බලනවා බොහොම පින්

  24. ජය වේවා සහෝ

  25. download Thanks

  26. මෙහෙම සබ් දෙන එක නම් ලොකු දෙයක්… ජය

  27. නියමයි සහෝ අනිවා බලනවා

  28. supiri kollo maxxa hodey

  29. Thanks 😀

  30. rusuru | රුසිරු

    සුපිරිම සුපිරි කතාව කියලා වැඩක් නෑ බොහොම පින් මේ වගේ එකකට සබ් දුන්න එක ගැන…

  31. ඉක්මනට දෙන එක පට්ට හොදේ ජයම වේවා!!!!!!

  32. සුපිරි කතාව මැක්සා

  33. එල එල මචං එනකම් උන්නේ ජය වේවා

error: Alert: Content is protected !!