Thursday , October 22 2020
Breaking News

The Pacific [E05] Sinhala Subtitles – Peleliu Landing | පුවූවු සහ පෙලෙලූ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

මේ පැසිෆික් කතාවේ 5 වන කොටසයි. ඒ වගේම මම හිතන විදිහට කතාව නියම විදිහට පටන් ගන්නේ මේ කොටසෙදියි. සමහරුන්ට නම් මුල් කොටස් 4 බලන කොට ටිකක් කම්මැලි කමක් දැනෙන්න ඇති. හැබැයි මෙතන ඉදන් ඉතුරු කොටස් බලන කොට නම් කිසිම කම්මැලිකමක් හිතෙන එකක් නැහැ.

කතාව පැත්තට හැරුනොත් නම් ජෝන් බැසිලෝන් තුන්වන කොටසෙදි ආපහු තමන්ගේ රටට ගියා කට්ටියට මතක ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදි ජෝන් බැසිලෝන් ගැන විස්තර ටිකක් පෙන්වනවා. ඒ වගේම ලෙකීත් තමන්ගේ අසනීප තත්වය සුව වූ පසු නැවත පුවූවු වල තියන කඳවුරට එනවා. මේ කාලේදී මේ කතාවේ දෙවෙනි කතා නායකයා වන ඉයුජින් ස්ලෙජ් තමන්ගේ පුහුණුව සම්පූර්ණ කරනවා. ඉන්පසු ඔහුවත් ඔහුගේ යාලුවා සිඩ් ඉන්න පුවූවු දූපතටම එවනවා. හැබැයි ඉයුජින්ට කඳවුරේ ඉන්න පරණ හමුදා භටයන්ගෙන් නම් උණුසුම් පිලිගැනීමක් ලැබෙන්නේ නැහැ. මෙතනදි ඉයුජින්ට පස්සේ කාලෙක එයාගේ හොඳ යාලුවෙක් වෙන ස්නෆු කියල අමුතුම චරිතයක් හම්බ වෙනවා. ඔහු දීර්ඝ කාලයක් යුධ බිමේ හිටපු දරුණු සහ අමුතුම චරිතයක්. ඒ විතරක් නෙමේ ටික කාලෙකට පස්සේ සිඩ්ටත් ආපහු ඇමරිකාවට යන්න වෙනවා. ඊට පස්සේ මැරීන් සේනාංකයටත් ආපහු සටන් බිමට යන්න වෙනවා. මෙවර ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ පෙලෙලූ නම් දිවයිනක පිහිටා ඇති තවත් ගුවන් තොටුපලකුයි. මේ සටනෙදි තමයි ඉයුජින්ට පළමු වරට සටන් බිමට යන්න වෙන්නේ. එතනදි එයා ඉක්මනටම ඉගෙන ගන්නවා යුද්ධය කියන්නේ එයා හිතා ගෙන හිටිය විදිහේ දෙයක් නොවන බව.

ඉතින් ඉයුජින් කොහොමද යුධ බිමේ තමන්ගේ පළමු දවස ගත කරන්නෙ? ඔහුට මුහුණ දීමට වන අත්දැකීම් මොනවද? ස්නෆූ කියන්නේ කොහොම කෙනෙක්ද? මැරීන් සේනාංකයට වෙරළ ආක්‍රමණය කිරීම සාර්ථකව කරන්න පුලුවන් වෙයිද? ඉතින් මේ කතාව බලලම ඔයාල මේවට උත්තර හොය ගන්න. 🙂

තවත් වැදගත් දෙයක් කියන්න තියනවා. මෙතන ඉදන් ඉදිරියට එන කොටස් වල මේ කතාව හරිම තාත්වික ආකාරයට ඉදිරිපත් කරනවා. ඒක නිසා සංවේදී අය මේක ටිකක් පරිස්සමින් බලන්න.

ඒ වගේම මේ කොටස තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශන තියන බවත් මතක තියාගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. Supiri deyk oyl krnne jayen jaya

  2. වරුණ රංගජිත් (වරූ)

    සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
    සබට තුති..
    ජයම වේවා..

  3. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  4. Adow patta bn

  5. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  6. සාරංග ලියනගම

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ

  7. බොහොම ස්තුතී…!!! ^_^

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  9. තව මේ වගේ ඒවා හම්බුණොත් ඒවත් ගේන්ඩ සහෝ. දෙපාරක් හිතන්ඩ දෙයක් නෑ ඕං!

  10. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  11. tnx kolla………

  12. රාම් රාජ්

    මේ සීරිස් එකනම් හොදයි.නමුත් මම යුද්ධ කථා බලන්න ආස නෑ.රොයිලි දුන්නු කථා සීරීස් එකත් බාගෙන ඉන්නවා.නමුත් බැලුවේ නෑ.මට හරිම දුකය් කට්ටිය මැරෙන කොට.අපේ රටේ යුද සෙබලු මතක් වෙනවා.

  13. භාගන්න බෑ..ඇයි ඒ.. torrent වැඩ නෑ…

  14. mudiya / මුදියා

    ගොඩක් ආසාවෙන් ඉන්නෙ බලන්න.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!

  15. meka banna bariyo, poddak balannba pls

  16. thanx macha.. uba monawa unath meka digatama dena eka nam loku deyak..pin

  17. මෙන්න බානවෝ..තැන්කූ සබට 🙂

  18. විශ්ව

    එනකන් තමයි සහෝ බලන් හිටියේ ,වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ හරිය..:D

  19. “චූටී මල්ලි”

    පට්ටම පට්ට කතාවක්.. දිගටම දෙන්න

  20. දිගටම බලනවා මේ කතා ටික.ඇත්තටම පට්ට

  21. මේක එනකම් උන්නේ. ජය වේවා බයිස්කෝප්

  22. thnxz kiwuwa saho

  23. බොහොම ස්තූතී

  24. ඔන්‍න‍ මේක නම් සුපිරි වැඩක් , දිගටම දෙන එක නියමයි

  25. ලොවෙත් නැත ලොවි ගහෙත් නෑ

  26. niyamai machan meyka hoda wadak

  27. ඔන්න මමත් ගන්නවා.
    මේක එලස් එලස්…….

  28. rusuru | රුසිරු

    ජය වේවා පුබුදු

  29. ඔන්න මමත් ගන්නවා මේක බලන සුපිරිම කතාවක්

  30. බොහොම තුති පට්ටම පට්ට කතාවක්.. දිගටම දෙන්න ජය

  31. ලොවෙත් නෑ පට්ට සහෝ මේක සුපිරි කතාවක්

  32. oh hoooo
    mehema balanna nam bariyooo
    sub denawa kiyala mehemath dmak 😛

  33. jaya wewa thx

  34. එල එල මචන් නියමයි 🙂

  35. සිංහලයා

    සුපිරි කතාවක් මචං ජයම වේවා

  36. ela ela machan

error: Alert: Content is protected !!