Friday , September 25 2020
Breaking News

The Pacific [E07] Sinhala Subtitles – Peleliu Hills | පෙලෙලූ කඳුවැටිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

හැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා ගුවන් තොටුපොලෙන් එහාට පැන ගන්න මැරීන් බළකාය සමත් වුනත් ඔවුන්ට තාමත් මේ සටනේ අවසානයක් දකින්න හම්බ වෙලා නැහැ. මොකද ඔවුන්ට සටන් කරන්න වෙන්නේ බිය නොහඳුනන සහ යටත් නොවෙන අතිදක්ෂ ජපන් සොල්දාදුවන් පිරිසක් සමඟයි. ඒ විතරක් නෙමේ මේ ජපන් සොල්දාදුවො ටික පොළව යට හදපු බංකර් සහ ගුහා වල හොඳින් සැගවිලයි ඉන්නේ. ඉතින් මැරීන්ලට සිදු වෙනවා මේ ගුහා එකින් එක පරීක්ෂා කරල බලලා එහි සැගවී සිටින ජපනුන්ව ඉවරයක් කරන්න. ඒත් ඒ හැම අවස්තාවකදිම ඔවුන්ට ජපනුන්ගෙන් තදබල ලෙස ප්‍රහාර එල්ල වෙනවා. ඒ විතරක් නෙමේ මේ සටනෙදි ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කරන හැටි ගැනත් හොඳට බලා ගන්න පුලුවන් වෙයි. 😛

ඉතින් පෙලෙලූ වල එහෙම බිහිසුණු සටනක් යන කොට ඇමරිකාවට වෙලා ඉන්න ජෝන් බැසිලෝන්ටත් එහෙ ජීවිතය එපා වෙනවා. තමන්ගේ සහෝදර සෙබලු යුධ බිමේ සටන් වදිනකොට ඔහුට ගත කරන්න වෙන ඒකාකාර ජීවිතය ගැන ඔහු තුල කලකිරීමක් ඇති වෙනවා. ඔය අතරේ පෙලෙලූ වල සටන් වදින ඉයුජින් සිය පළවෙනි ජපන් භටයා මරා දමන්න සමත් වෙනවා. ඒ විතරක් නෙමේ මැරීන් බළකායට තමන් ගොඩක් ආදරය කරපු දක්ෂ මැරීන් සෙබලු දෙදෙනෙක්ගෙන් සදහටම සමු ගන්නත් වෙනවා.මේකෙදි පෙන්වන තවත් එක් විශේෂ දෙයක් තියනවා. ගොඩක් වෙලාවට අපි චිත්‍රපටි වලින් දකින්නේ යුධ වීරයෝ විතරනේ. ඒත් මේකේ යුද්ධය නිසා සමහර සෙබලු බිය නිසාම මානසිකව වැටෙන හැටිත් පෙන්වනවා.

ඉතින් තවත් මේ ගැන වැඩිපුර ලියන්න ගියොත් ඒක කතාවේ රසයට බාධාවක් වෙන නිසා ඔයාලම ඉයුජින් ස්ලෙජ්ගේ සටන් බිමේ අත්දැකීම් ටික බලල ඉන්න. ඒ විතරක් නෙමේ සoවේදී අය මේක නොබලනවනම් වඩාත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. එහෙනම් යාලුවනේ ඉක්මනටම අට වෙනි කොටසෙන් අපි ආයිත් හමුවෙමු. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
    සබට තුති..
    ජයම වේවා..

  2. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  3. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  4. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට….

  5. බොහොම ස්තුතී…!!! ^_^

  6. kavindu malinga

    ade mama oyalage tha pasific tv siriyas eke 5 weni kotasath balala iwara keruwa .eth 3weni ekei5 weni ekei sinhala subtitle ply wenne nane.kohoma unath uyala karana wadenem pattama thamai.jaya wewa

  7. ගොඩක් ස්තුති මචන්.
    but torrent downloads links වැඩ කරන්නෙ නැනේ..??

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  9. නියමයි නියමයි. මේවා තමා වටින්නේ… 😉

  10. රාම් රාජ්

    ස්තූතියි මචෝ.මහන්සියක් නොබලා වෙඩි වගේ සබ් දෙනවා නේද.උබලාගේ හදවත් කොච්චර සුන්දරද මචෝ.මේ වගේ දෙයක් මුදල් බලාපොරොත්තුවක් නැතිව කරගෙන යන්න තරම්.ඇත්තටම මේ වගේ කොල්ලෝ ඉන්නවානම් මේ රට කොච්චර ලස්සන වේවිද.

  11. සුපිරිම සුපිරි කතාව

  12. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  13. mudiya / මුදියා

    නියමයි පුබුදු.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!

  14. ela machan.. uba me tika ikmanata dena eka nam loku deyak

  15. thanks for series with sinhala sub

  16. දිගටම දෙන එකටනම් බෝම පිං..වැඩි වැඩියෙන් සබ් කරන්න වාසනාව ලැබේවා!!

  17. tnx machan…….

  18. සුමුදු

    ජය වේවා පුබුදු සුපිරි කතා මාලාවක්

  19. “චූටී මල්ලි”

    දිගටම දෙන එකටනම් බෝම පිං

  20. එල එල මාත් ගත්තා..

  21. jaya wewa machan meyka supirima story aka

  22. බොහොමයක් ස්තූතියි

  23. එලස්,,,බලනවා අද රෑට

  24. nice story thx

  25. දෙනකම් උන්නේ..තුති

  26. කැළුම්

    ජය වේවා සහෝ ඔයා නම් නියමයි තවත් හොද මේ වගේ කතාමාලාවක් අරගෙන එන්න

  27. නියමම වැඩක්..එක දිගට දෙන නිසා බලන්න පුළුවන් හොදට

  28. download thxz

  29. ලොවෙත් පට්ටම පට්ට

  30. පිස්සු කොර ජයම වේවා

  31. ජය වේවා පුබුදු සුපිරියටම සබ් දාලා තියෙනවා..මේකට

  32. එනකම් උන්නේ…. ජය

  33. හොට්ටා

    පට්ට මචං ඉක්මනට දෙන නිසා බලනවා දිගටම

error: Alert: Content is protected !!