Tuesday , March 28 2023

The Princess (2022) Sinhala Subtitles | රණශූර කුමරියගේ වික්‍රමය [සිංහල උපසිරසි]

Rating: 7.3/10. From 25 votes.
Please wait...

ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනින්ම මේ වසරේ නිකුත් උන් තවත් අළුත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් ගෙනාපු The Sea Beast (2022) ඇනිමේෂන් චිත්‍රපටය ඔයාල රස විදින්න ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ගෙනාවේ ඓතිහාසික ගණයේ කුමාරිකාවක් ඉන්න කතාවක්. කුමාරිකාවක් ගැන කතාවක් කිව්වම ඔයාලා හිතන්න එපා සුරංගනා කතාවල හෝ ඩිස්නි චිත්‍රපටවල ඉන්න ළඳ බොළඳ කුමාරිකාවක් කියලා. මෙයා නිකන් එසේ මෙසේ කුමාරිකාවක් නෙමෙයි යක්ෂ කුමාරියෙක් කිව්වොත් නිවැරදියි. මම එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට මේක නැරඹූවට පස්සේ තේරුම් යයි. එහෙනම් වෙනදා කියනවා වගේ අදනම් මම කතාව ගැන මුකුත්ම කියන්නේ නෑ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකන් ක්‍රියාදාම පිරුන චිත්‍රපටයක් බලන්න ඔයාලට පුළුවන් කියලා මම සහතික වෙනවා.

The Princess චිත්‍රපටය 2022 ජූලි 01 වෙනිදා තමයි HULU ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නිකුත් කෙරුනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Le-Van Kiet විසින්. මේ වෙද්දි IMDb හි 5.5ක මධ්‍යස්ථ අගයකුත්, 65%ක ගූගල් මනාප ලබාගන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. Action\Drama කාණ්ඩයන්ට තමයි මේ සිනමාපටය වෙන් කරලා තියෙන්නේ. චිත්‍රපටයේ රංගනයෙන් The Act (2019) , The Conjuring (2013) , Smartass (2017) සහ The Kissing Booth චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් සුරූපි නිළි Joey King කුමරිය ලෙසත් Need for Speed (2014) , Dracula Untold (2014) , Captain America: The First Avenger (2011) වැනි නිර්මාණ වලට දායක වු Dominic Cooper “ජුලියස්” ලෙසත්, ඊට අමතරව Ed Stoppard “රජතුමා” ලෙසත්, Ngô Thanh Vân “ලින්” ලෙසත් Olga Kurylenko “මොයිරා” ලෙසත් රංගනයෙන් එක් වෙනවා. ඒ වගේම මට මේක උපසිරසි ගන්වන්න අවසර දුන්න එල්. සී ද මැල් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ෆිල්ම් එකක් බලලා ගුණ් දොස් කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Check Also

Chor Nikal Ke Bhaga (2023) Sinhala subtitles | උඩු ගුවනේ කුමන්ත්‍රණය… [සිංහල උපසිරසි]

ඊයේ දවසේ Netflix ඔස්සේ මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමා අපි මේ අරන් එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Thanks bro..

  2. උපසිරසියට බොහෝම ස්තුති

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  6. Thanks for Sub!

  7. thanks..

  8. elaaaaaaaaaaaaaa

  9. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා ..!!

  10. බොහොම ස්තූතියි සහෝ……

  11. Thank you

  12. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  13. Thanks brother
    Keep it up

  14. Thanks for sub

  15. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  16. Thanks bro enakal balan hitiya sub 1k

  17. අම්බෝ එක් දිඟට
    සබට තුති සහෝ ❤️

  18. ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  19. Hasitha Madush

    යුරාන් ධනුක සහෝ ඉතිං දුන්නොත් සුපිරියක් තමයි.Thank you brother.!

  20. සිංහල උපසිරැසියට ස්තූතියි

  21. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  22. thank you dear

  23. හිෂාන් සමරසිංහ

    Thanks for the Subtitles.

  24. කලින් එවලා පරක්කු වෙලා upload වෙලාද? The gray man 2022ට සබ් දෙනවද?

error: Alert: Content is protected !!