Saturday , June 19 2021
Breaking News

The Punisher [S01: E05] Sinhala Subtitles | ගනර් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 42 votes.
Please wait...

එපි 13ම එකට ආපු නිසා ඔයාලාට සතියෙන් සතිය නැතුව සිංහල උපසිරැසි ටික ඉක්මණට ඔයාලාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ නිසා පරණ කොටස ගැන වැඩීපුර මතක් කරන්න ඕන නැතිවෙයි කියලා හිතනවා. ඉතින් කෙලින්ම එහෙනම් පස්වෙනි කොටසේ මොකද වෙන්නේ කියලා බලමු.

ඉතින් ලිබර්මන් සහ ෆ්රැන්ක් එකතුවෙලා ආයුධ ලොරිය කොහොමහරි ඉස්සුවා. ෆ්රැන්ක් අතේ පයේ වැඩකාරයා වගේම ලිබර්මන් කොපියුටර් ජිල්මාට්කාරයා නිසා වැඩේ ලේසි උනා. ඩීනා ආයුධ ලොරිය පස්සේ පන්නගෙන යනකොට ෆ්රැන්ක් කොහොමහරි ඩීනාව අවහිර කරලා එයාගේ අවධානය අරගත්තා. ඩීනා එතකොට එලවන්න ගත්තේ ෆ්රැන්ක්ගේ පස්සේ. කොහොමහරි ලිබර්මන් ඔය අස්සේ ඇවිත් ආයුධ ලොරියෙන් ඩීනාගේ කාර් එක හප්පලා දානවා. එතකොට ඩීනා එක්කම කාර් එක පෙරලිලා ගිහින් ඩීනාට තුවාල වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඩීනාව එලියට ඇදලා ගත්තේ ෆ්රැන්ක්. එයා හිතුවේ ඩීනාට සිහිය නෑ කියලා. ඒත් එයාට සිහිය ආපු නිසා එයා ෆ්රැන්ක්ගේ මූණ දකිනවා.

ඩීනාගේ ජීවිතය බේරගත්තේ ෆ්රැන්ක්. හැබැයි ලෝකයාට එයා මැරුණු කෙනෙක්. ඉතින් මේ මැරුණ කෙනා කොහොමද මාව බේරගත්තේ කියන එක ඩීනාට තියෙන ප්‍රශ්නය. ඉතින් ඩීනාට තේරුම් යනවා ෆ්රැන්ක් මැරුණා කියන එක බොරුවක් කියලා. එයාගේ ඊලඟ වැඩේ තමයි ෆ්රැන්ක්ස් ගැන හොයන එක. එතකොට අනික් කාරණය තමයි ෆ්රැන්ක්ගේ පවුලේ අයව මරලා දාපු අයව ෆ්රැන්ක් හොය හොයා මරලා දානවා. ඉතින් තව අය ඉතුරුයි. ඒ අය ගැන හොයාගන්න තියන එකම විදිය තමයි එයා එක්ක කණ්ඩායමේ හිටපු ගනර් කියන කෙනා. ඉතින් එයා ලිබර්මන් එක්ක මේ කොටසේදී ගනර් හොයාගෙන යනවා. බලමුකෝ එහෙනම් ගනර් සොයා යන ගමනේදී ෆ්රැන්ක් මොනවාටද මුහුණදෙන්නේ කියලා.

ඉතින් ඊලඟ කොටස් ටිකත් ඔයාලාට ඉක්මණටම ලැබෙයි කියලා හිතනවා. අදහසක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ටෲ බියුටි [S01 : E07] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසීනී සුභ දවසක්… සැබෑ සුන්දරිය නරඹන ඔයාලට දැන් නම් කතාවේ බාගයක් දුර ආපු නිසා …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  2. Thank you!

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  5. උපසිරැයට බොහෝම ස්තුතියි…………………..

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Amila Mudalige

    Sub ekta Thanks saho

  8. ඉක්මනින් දෙන එකට thAnks අයියලා.
    සුපිරිම tvs eka mama බලපු .
    සුපිරි වැඩක් .

  9. sub ekata thanks saho.. jaya wewa!!

  10. බොහොම ස්තූතියි සහෝ……
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

  11. Thanks……

  12. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. bohoma sthuthi sahooo degatama karagena yamooo

  15. Comment adu unata ubala duk wenna epa api apu gaman bagena yanawa sub eka comment karanne wenne aduwen ubala patta ban

  16. Bhanuka Himansha

    බොහොම ස්තුතියි සබ් එකට

  17. Tnq saho
    Dwsta ep 2 gnwth dnna iwsan inna ba

  18. තෑන්ක්ස් ෆ්‍රෙන් .මච් ලව්

  19. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    පට්ට කතාව….
    සබ් එක දෙනකන් හිටියේ….

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..කට්ටිය සෙට් වෙලා මේ වගේ සබ් එක දෙන එකනම් මාර වටිනවා සහෝලා!

  22. බොහොම ස්තූතියි සහෝ……

  23. S.K.Ruchiranga

    Thzzz broo sub ekat

  24. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  25. ස්තුතියි සහෝ උපසිරැසියට……………!

error: Alert: Content is protected !!