You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / All / The Terror [S01 : E01] Sinhala Subtitles | භීෂණයක ඇරඹුම..! [සිංහල උපසිරැසි සමඟ]

The Terror [S01 : E01] Sinhala Subtitles | භීෂණයක ඇරඹුම..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 58 votes.
Please wait...

ඔන්න ඉතිං මගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතු නිමා කරල ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්නකොට ශාන් විමුක්ති නැත්තං අපි කියන්නෙ විමා කියලනෙ, විමා ඇහුව The Terror කියල සීරීස් එකක් තියෙනව කරමුද කියල.. මාත් නිදහසේ ඉන්න එකනෙ කියල බාර ගත්ත.. ඉතිං ස්තූතියි විමා මට මේක බාර දුන්නට.. භීෂණය කතාවට නියමෙටම ගැලපෙන නම කියල කියන්නම ඕනෙ. මුළු සීරීස් එකම බලල වැඩේට අතගැහුව නිසා මම දන්නව මේකෙ රස කොහොමද කියල. සෑහෙන කාලෙකට පස්සෙ, කියන්නෙ Game of Thrones, The 100, The Last Ship, Vikings, The Walking Dead, වගේ පට්ටම සීරීස් වලට පස්සෙ Game of Thrones වලට පමණක් දෙවෙනි වෙන මේ සීරීස් එක මගේ අතට ආපු එක ගැන නම් තියෙන්නේ සෑහෙන ලොකු සතුටක්. ඉතිං පළවෙනි එපිය බලල කවුරුහරි මේ කතාව අතාරිනවනම් කියන්න තියෙන්නෙ Game of Thrones මුල් සීසන් දෙක බලල ඒක අතෑරල දාපු අයට කියන්න තියෙන කතාවම තමයි. “එයාල පව්.. හොඳම ටික මිස් කරගෙන..” මේකත් ඒ වගේ පළවෙනි එපිය කියන්නෙ පදනම් කතාව. එතනින් එහාට එපි නමයම එක වගේ භීෂණය රජ කරනව. එහෙනං කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

මේක ඇත්තටම සෑහෙන ආස හිතෙන කතාවක්. මේක පටන් ගන්නෙ සෑහෙන පරණ ඉතිහාසෙකින්.. 1845 දී රාජකීය නෞකා දෙකක් එංගලන්තයෙන් පිටත්ව යනව ගවේෂණය කිරීමේ අරමුණින්, ඒ දෙකේ නම් තමයි “ටෙරර් සහ එරබස්”. දැඩි ප්‍රයත්නයකින් පසු ඔවුන්ට ආර්ක්ටික් හරහා යාත්‍රණීය මාර්ගයක් සොයා ගැනීමට හැකි වෙනව. මේ නෞකා එම කාලයට අනුව තාක්ෂණයෙන් අනූන නෞකා දෙකක් විදියට තමයි හදල තිබුණෙ.. කොහොම හරි මේ නැව් දෙක ආර්ක්ටික් සාගරට ඇතුළු වුණාට පස්සෙ හිම මත හිර වෙනව.. ඒකට හේතුව තමයි අධික වේගයෙන් ආර්ක්ටික් සාගරය ඝනීභවනය වීම.. ඉතිං මෙහෙම දින සති මාස ගෙවෙනකොට ඔවුන් අවසාන වරට දකින්නෙ තල්මස් දඩයමේ ගියපු පිරිසක්.. ඒ වෙනකොටත් ඔවුන් යහපත් කාලගුණයක් අපේක්ෂාවෙන් ඉඳල තියෙනව ආක්ටික් සාගරයේ ඝණ නොවුණු සාගර තීරයට ඇතුළු වෙන්න අපේක්ෂා කරමින්.. හැබැයි පස්සෙ ඒ නෞකා දෙකම තුරුදහන් වෙනව.. ඔවුන්ට මොකද වුණේ..? කවුරු හරි, නැත්තං මොකෙක් හරි පහර දුන්නද?
ඔවුන්ට ජීවිත බේර ගන්න හැකි වුණාද?
අද සිට මේ දිගහැරෙන්නෙ ඒ භීෂණයේ කතාන්දරය..

අද කොටසින්..

අද දැනගන්න පුළුවන් කතාවේ පදනම.. ඒ කියන්නෙ එංගලන්තයෙන් ටෙරර්, එරබස් නෞකා පිටත් වෙලා ආර්ටික් වලට ආවට පස්සෙ ඔවුන් කොහොමද හිම කාන්තාරයේ හිර වෙන්නෙ කියල.. මේ කොටසෙදි නැවේ වැඩ කරන කොලුවෙක් හදිස්සියේම අසනීප වෙනව.. ඒ කොහොමද? ඒ මොකක් නිසාද? මැරෙන්න මොහොතකට කලින් කොලුව දැක්කෙ මොකද්ද? බලලම දැනගන්න.. ඒ වගේම නැවේ හටගන්න ගැස්සීමකින් නාවිකයෙක් මුහුදට වැටෙනව.. ඔහුට මොකක් වේවිද? ඒ වගේම ගත්ත තීරණ වල ප්‍රතිවිපාකම් මොනවද ?මේ භීෂණයේ ඇරඹුම පමණයි.. රැඳී ඉන්න බයිස්කෝප් එක්ක..!

මේක IMDb හි ප්‍රේක්ෂක ඡන්ද 19000+කින් IMDb 8.1ක අගයක අති විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලබා ගන්න හැකි වුණු ඉහළ මට්ටමේ සීරීස් එකක් කියල බොහොම විශ්වාසෙන් කියන්න පුළුවන්.. ඒ වගේම කුණු තක්කාලිකාරයො(Rotter tomatoes) 95%ක ප්‍රසාදය වගේම, ගූගල් භාවිතා කරන්නන් (Google users)95%ක් සිය ප්‍රසාදය පළ කරල තියෙනව. හිතන්නකො ඇයි මේ තරම් කට්ටිය මේකට කැමති කියල. ඒකට හේතු මුළු කතාව පුරාම තියෙනව. ඒ වගේම මේක Adventure | Drama | History | Horror | Thriller ගණයට නම් කරල තියෙනව.. AMC එකෙන් තමයි මේකත් අරගෙන ආවෙ.. කියන්න ඕනෙ මේකෙ භාෂාව අතිශය සංකීර්ණයි. ඒ නිසා සෑහෙන ලොකු කට්ටක් කාල තමා වැඩේ ගොඩ දැම්මෙ. ඒ නිසා අඩුපාඩු ඇතොත් සමාව අයැද සිටිනවා මිත්‍රවරුණි.. ඉතිං එහෙනම් දිගටම භීෂණය පතුරන්න පටන් ගනිමු.. පටි තද කරගන්න.. හොඳ හුස්මක් ගන්න.. ඊලඟ කොටස අරන් ආපහු ඉක්මනට එන්නම්..!

ජය වේවා…!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Leave a Reply

76 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ 🙁
    ජය වේවා.!

  2. yasith udayanga

    bukcel up… take a deep breath….

  3. බලන්න පටන් ගත්ත ඕන්. තැන්කූ . ❤❤❤

  4. Haashan Dhanushka

    thnxxxxxxxxx

  5. thanks ………………….

  6. Lahiru Lakshan

    thanks machn…

  7. Tharindu Katuwawala

    Thanks bro sub ekata..

  8. Thanks saho sub ekata blamu GOT wage pattada kiyala

  9. prageeth chamalka

    උපසිරැසියට ගොඩක් ස්තුතිය සහෝ..

  10. chathuranga.sampath

    you are ma bro.love you forever.ඔයා තමා මටත් සීඊස් බලන්න පෙලඹෙව්වෙ.ආදරෙයි පැලෙන්න.

  11. Thanks bro

  12. පට්ට කතාව…බොහොම ස්තූතියි

  13. thanks……….

  14. sherlock_holmes1234

    kauruth meka karanne nethuwa idi kiyala hithuwe.
    thankzzzzz sahao

  15. ස්තුති උදයංග සහො …..

  16. හොඳයි වගේ……
    බලලම ඉමු..
    ස්තූතියි !!!!!!

  17. thanks bro…..

  18. සබට තුති බන්
    අහපු ගමන් හා කිව්වට ආයෙත් තුති
    බාන කට්ටිය මුල් එපි තුන් HDTV අරගෙන ඉතුරු සේරම web ගන්න

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..AMC සීරිස් එකක් නොබලා කොහොමද…දිගටම උපසිරස දෙමු..බුදුසරණයි..ජය වේවා!!!

  20. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    පට්ට වගේ කතාවනම්…

  21. elama wedak thankz

  22. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. උදයංග සම්පත් හතරසිංහ

    මිත්‍රවරුනි අපි දෙන කොපිය හරියටම බයිස්කෝප් එකේ පළ වෙනකං පුළුවන් නම් එපිය බාන්නෙ නැතුව ඉන්න.. අපි දෙන්නෙ පළවෙනියටම ආපු කොපියට.. හැම කොපියටම සින්ක් කරන එක, එක පාර කරන්න බෑ.. ඒකට අමතර කාලයක් යනව. ඒ නිසා හැකිනම් උපසිරැසිය නිකුත් කළාට පස්සෙ ඒකට අදාල කොපිය බාගන්න. ඒකෙන් ඔබට වෙන හිරිහැර වලක්වාගන්න පුළුවන්.. ස්තූතියි..!

  24. Ela 1 baluwa 2,3,4, bana gaman sub eka thama nea machan

  25. නියමයි. උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා!

  26. Nadeesha rox alahakoon

    Tnx bro subata ahenum mekath balanna patan gamuko.

  27. rashmikanaveen29

    elma ikamata anith ekath denno

  28. සුපිරි machan

  29. hammo mekata denakalmai balan hitiye.. sub ekata thanks aiye.. puluwannam ilaga para idan web copy walatath sub denna. jaya wewa!!

  30. විස්තරය කියෙව්වාට පස්සේ මටත් හිතුනා බලන්න ඔන්න එහෙනම් සබ අරගත්තා ස්තූතියි සහෝ ජයවේවා

  31. niymai mcn menna me wage katha nam maru game of thrones wage katha thiyanawanam danwada

  32. Thanks හොඳේ..එපි ඔක්කොම බාගෙන ඉංග්‍රීසි සබ් එක්ක බලන්න හැදුවෙ ඒත් මෙලෝ දෙයක් තේරුනෙ නෑ වැඩේ අතැරල දාල හිටියෙ.. 🙂

  33. npmuweerasinghe

    thanks……

  34. meke anith s1 ep 1 withatada sub thiyenne??? anith tikath dapanko ikmnta

  35. good work thank you

  36. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  37. අම්මෝ සබ් දානකම් හිටියෙ

  38. Thank You

  39. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  40. ගහ ගන්න හරි හිනා යන එකකට හරි සබ් එකක් කරහන්කෝ බන්…

    • ඉසුරු සම්පත් සිරිසේන

      ගහගන්න, හිනා යන ෆිල්ම් කියල නම් නෑ ඉතින්.. action, comedy කියල නම් සයිට් එකේ ඕන තරම් ෆිල්ම් තියෙනව දාල. බලන නොබලන එක ඔබට බාරයි.

      • Ravindu Rukshan

        ඉහට විකල්පය තෝරාගැනීමට අපහසු නම්,

        රන්ජන් රාමනායක මහතාගේ සිනමාපට නරබන්න.උපසිරසි අවශ්‍ය නොවේ කියල.

  41. Kaushan Herath

    මේ වගේ හිස්ට්‍රි සිරිස් එකක් බලන්න නැතුව වේලි වේලි හිටියේ.සබට තැන්ක්ස් සහෝ.

  42. Shanilka vithanage

    අඩෝ එනකන් බලාගෙනමයි හිටියේ ❤️

  43. අම්මෝ සුපිරි භාන්ඩයක්නෙව… එල එල.. බෝම ස්තුතියි සහෝ..! ජය..!

  44. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  45. Bluray ඇවිත් තියෙන්නේ. ඒකට උපසිරස කරන්නග උපසිරසට ස්තුතියි!

  46. supiri wadak saho thnx sub ekata

  47. Thanks !!!!!!!!!!!

  48. හොද tv සිරීස් එකක්.දින ගැන ගැන ඉදල බලපු එකක්..මේකට සබ් කරපු එක සතුටක්..thanks

  49. krishanmadusanka

    ela ela thanks for sub

  50. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  51. සබේ අවුල් ගොඩක් තියෙනවා. පොඩ්ඩක් චෙක් කරහන් ප්ලීස් මම බෑවේ ” The.Terror.S01E01.720p.WEB-HD.x264.ESubs” කොපිය

    • උදයංග සම්පත් හතරසිංහ

      Sync කරල බැලුවෙ නැද්ද?

      • කරන්න තියෙන ඒවා කරා බන්, එත් අවුල්. අනේ මන්දා මට විතරද කියල

        • ලහිරු ප්‍රසාද්

          HD කොපියට දුන්න සබ් එක WEB කොපියට සෙට් උනොත් තමා අවුල මචං.

    • මගේ කොපියේ වෙනස තියෙන්නේ

      • උදයංග සම්පත් හතරසිංහ

        මචං මීට පස්සෙ උඹට කතාව හොඳයි කියල සෙට් වෙනවනම්, අපි සබ දුන්නට පස්සෙ ඒකට අදාල කොපිය බාගනින්..අදල කොපියෙ නම් දාල තියෙනව සබ් එක ලඟ.. එතකොට ඔහොම අවුලක් වෙන්නෙ නෑ..

    • Matah awl.bn madden thanin thanin wena wena eewa yanne mchm

  52. Sub ekata Thanks bn

  53. Thenks bro sub ekata, digatama denna

error: Alert: Content is protected !!