Saturday , December 5 2020
Breaking News

The Thing About Harry (2020) Sinhala Subtitles | හිතුවක්කාර ආදරයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.4/10. From 50 votes.
Please wait...

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර කතාවක් ඒවායින් නවත්වන්න හැකිවෙයිද? නීතියකට පුලුවන්වේවිද ආදරයකට හරස් වෙන්න? කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න? අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුලුවන්ද? අසම්මත වුනත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද? මේ ගැටලු සියල්ලටම පිළිතුරක් හොයාගන්න පුලුවන්, මේ බයිස්කෝප් එක නැරඹුවොත්…!

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවලට අනුව, සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු වීම සාපරාදී වරදක් නොවන අතර, ඒ හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත නොහැක. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය 365 අනුව සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු අසැබි ලිංගික හැසිරීමක යෙදී සිටියදී හමුවුවහොත් පොලීසියට එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකිය. නමුත්, ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවල ඇතුලත්වන ”ස්වභාව ධර්මයට විරුද්ධ” සහ ”තදබල අශෝබන ක්‍රියා” යන පාඨ බොහෝ විට සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට හිරිහැර කිරීමටත්, වෙනස් කොට සැලකීමටත් සහ අපරාධකරුවන් සේ සැලකීමටත් අනිසි ලෙස භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවට අනුව රටවැසියන් සියල්ලෝම නීතිය ඉදිරියේ සමාන වේ. එය සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට ද අදාළ වේ. අනෙක් අය මෙන් ඔවුන් ද පාසල් යන, රැකියා කරන, රජයට බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්‍ ය. එහෙත් ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රීපුරුෂ සමාජභාවීය අනන්‍යතාව මත පදනම්ව වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් නිරන්තරව සිදුවේ. එය ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධවේ. (උපුටා ගැනීම-Equite/Equal Ground/Accept Sri Lanka/Colombo Pride facebook pages and Frangipani movie)

ඉහත විස්තරය ගෙන ආවේ, මේ බයිකෝප් එක නරඹද්දි ඒකෙ තේමාව හා එහි ලාංකේය පසුබිම දැනගත්තොත් හොදයි කියලා හිතුනු නිසා. මේ බයිස්කෝප් එකේ තේමාව නම් ලංකාවට කිසිසේත් අදාළ වෙන්නේ නම් නෑ. ඒත් සබ් එකේ අවශ්‍ය තැන්වල ඒ ඒ විදිහට වචන පාවිච්චි කරලා තියනවා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කිව්වොත්, මේ බයිස්කෝප් එකේ අමුතු විශේෂත්වයක් තියනවා. ඒ තමා මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ වැලන්ටයින් දවසේ. ඒ කීවේ 2020 පෙබරවාරි 14 වෙනිදා. පැය 1යි මිනිත්තු 25ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇමරිකාවේදී. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇමරිකානු ජාතික Peter Paige. මේ අධ්‍යක්ෂවරයාගේ ගොඩක් ෆිල්ම් ජනාදරයට පත්වෙලා තියනවා. ඒවගේම මොහු ටෙලි නාට්‍ය කිහිපයකුත් අධ්‍යකෂණය කරලා තියනවා. මේ ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂකවරුන් වන Timo Chem සහ Mateo Messina චිත්‍රපටයේ සවුන්ඩ්ස් පැත්තට ලොකු සාධාරණයක් කරලා තියනවා. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Jake Borelli සහ Niko Terho.

මේ බයිස්කොප් එකේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ටිකක් කල්පනා කරලා බලන්න ඔයාගේ තරහාකාරයෙක් එක්ක පැය නවයක් එක දිගට කාර් එක්ක යන්න වෙනවනම් කොහොම වෙයිද? ආන් ඒ වගේ දෙයක් තමයි මේ කතාවේ ඉන්න සෑම් කියන පිරිමි ළමයට ඉස්සල්ලාම වෙන්නේ. හැමදාම ඉස්කොලේදි කරදරයක් වෙන, හැමදාම සෑම්ව බයිට් එකට අල්ලන් විහිලු කරන ළමයෙක් ඉන්නවා සෑම්ගේ ඉස්කෝලෙම සෑම්ගේ පන්තියේ. එයාගේ නම හැරී. සෑම්ට මේ කොල්ලා එක්ක තියෙන්නේ නයි වෛයිරක්. ඒ තරමට එපා වෙන ඩයල් එකක්. දවසක් සෑම්ට පාටියකට ආරාධනා කරනවා හොදම යාලුවෙක්. හැබැයි පාටිය තියෙන්නේ දුරක. ගෙදර කාර් එකත් ලෑස්ති කරන් පාටියට යන්න ඉන්නකොට, සෑම්ට මාර මරාලයක් පාත්වෙන්නේ. අර කරදරකාර කොල්ලවත් පාටියට එක්කන් යන්න වෙනවා කාර් එකේ දාගෙන. හිතන්නකෝ තරහාකාරයෝ දෙන්නෙක් කාර් එකක ගමනක් ගියොත් මොන වගේද කියලා… ප්‍රශ්න ගොඩක් දාගෙන මේ ගමන යන හැටි, ගමන ඉවර කරලා මේ තරහාකාරයා එක්ක දාගන්න ප්‍රශ්න ගොඩ, අවුරුදු කීපෙකට පස්සේ ආයෙත් මේ දෙන්නගේ කතාව පටන් ගන්න හැටි..මේ හැමදේම බයිස්කෝප් එක බලලා දැනගන්න පුලුවන්වේවි..

සම්මතෙන් එහාගිය
අසම්මත බැඳීමක්….

ඒත්,
ආදරයට කොහෙද
සීමා මායිමක්….

හැගීම්
ආධ්‍යාත්මික නම්
කොහේද එතන
අසම්මතයක්….

ආදරය
අසීමාන්තිකයි….

එනිසයි ඔවුන් ලග
මෙතරම් ප්‍රේමයක්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිත් දිලීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

අ සිම්පල් මර්ඩර් [S01 : E07] Sinhala Subtitles | මීයාගේ අවසන් ජවනිකාව [සිංහල උපසිරසි සමඟ]

Sony Liv විසින් අලුතින්ම එලි දක්වපු වෙබ් සීරීස් එක තමයි මේ A Simple Murder. කොටස් …

Leave a Reply to yomal Cancel reply

Your email address will not be published.

14 comments

  1. keep it up

  2. Don't Remember...

    Ft…
    Keep doing movies like this…
    ❤❤❤

  3. Prabath Dulshan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.. දිගටම කරන්න.. ජය..

  4. Godak lassanai sub eka niymai proffectional gathiya hoata thiyenawa.serious than wala serious widihatah ,normal irony wage ewa hodata niyameta translate karala thiyenawa.thanks thanks. wish karnawage oyage future ekata .very talented.

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  6. lankeshwara mayasunne

    thanks for sub.. just friends 2005 ෆිල්ම් එකේ සබ් එක දාන්න පුලුවන්ද?..ප්ලීස්

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  8. sub ekta thanks.puluwnnam long shot 2019 ekta sub dennko

  9. ස්තූතියි සහෝ.. දිගටම බයිස්කෝප් එක්ක සබ් කරමු.

  10. Thanks …………….good luck …………….

  11. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  12. godak thanks .thawa digatama denakm balan innawa

  13. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  14. thanks saho saba haduvata

error: Alert: Content is protected !!