Thursday , September 24 2020
Breaking News

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 07] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඔන්න යාළුවනේ මේ තමයි 7 වෙනි කොටස. ඔයාලා 6 වෙනි කොටස අන්තිමේදී බැලුව විදිහට හානා ගේ මල්ලි ඔහ් ඩේ බුක්, චෝයි වොන්ගෙන් උදවුව්වක් ඉල්ලනවා. ඒ එයාලගේ දෙමව්පියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙන්නව නිවාඩුවකට ජේජු දූපතට යවන්න. චෝයි වොන් කියනවා එයා ටිකට් අරන් දෙනවා කියලා නේද? ඊට  පස්සේ හා නාගෙ ඔෆිස් එකේදී එයාගේ සහයිකාවක් සමඟ පොඩි බහින් බස්වීමක් ඇති වෙනවා. ඒ වගේම හා නාගෙ තාත්තා චෝයි වොන් එක්ක පොඩි බීමක් ගන්න  එළියට එනවා. ඒ දෙන්නා කතා වෙන්නේ හා නා ගැන වගේම චෝයි වොන්ට කියනවා ඇයි එයාට හා නාව කැමති කරගන්න බැරි වුණේ කියලත්. ඒ දෙන්නගේ සංවාදයෙන් පස්සේ චෝයි වොන් එයාගෙයි හා නාගෙයි තැනට ගිහින් ඒ දෙන්නාගේ පරණ මතකයන් ගැන මතක් කරනවා. ඔයාලට මතකයිනේ යාළුවනේ.

ඉතින් මේ කොටස ඒ විදිහට තමයි පටන් ගන්නේ. චෝයි වොන් ගෙදර ආවහම හා නාගෙ අම්මා හා නාට දෙන්න කියලා බිස්කට් වගයක් වොන් අතේ යවනවා.ඒත් වොන් ඔෆිස් එකට ගිහාම හා නා නැහැ. එයා යාළුවන්ට කෝල් කළත් හොයාගන්න බැරි වෙනවා. හා නා ගේ අම්මට ඒ වෙලාවේ හා නාගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා එයාට මහන්සි නිසා යාළුවෙක්ගේ ගෙදර රෑ ඉන්නවා කියලා. ඒත් එයා ඇත්තටම ඉන්නේ හෝටලයක. අම්මත් මේක දැනගෙන හෝටලයට යනවා. එදා රෑ ඒ දෙන්නා තමයි එකට ඉන්නේ. ඉතින් හා නා එයාගේ අම්මට ඔක්කොම විස්තරේ කියනවා. මේ කොටසෙත් මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් තියනවා.

එහෙනම් යාළුවනේ අපි ඊළඟ කොටසින් හමුවෙමු.  

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E07.150718.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

5 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thnx sis…

  3. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sub walata Thank You Sis

error: Alert: Content is protected !!