Sunday , October 17 2021
Breaking News

The Walking Dead [S11 : E06] Sinhala Subtitles | අත්භූත නිවස [සිංහල උපසිරසි] [18+]

Rating: 9.3/10. From 10 votes.
Please wait...

මෙන්න එහෙනම් මේ සතියෙ The Walking Dead එපිය අරන් ආවා. මේ වසරෙ එන අවසන් TWD එපි තුනෙන් පළවෙනි එක තමා මේ එපිය. ඊළඟ සති දෙකෙන් Season 11 Part A අවසන් වෙනවා කියලා තමා AMC නාලිකාවෙන් දැනුම් දිලා තියෙන්නේ. Part B 2022 මුල් භාගයෙත්, Part C අග භාගයෙත් නරඹන්න ලැබෙයි.

හරි එහෙනම්, මේ අද අරන් එන්නෙ දැනට ආපු සුපිරිම TWD එපිවලින් හොඳම එකක්. එහෙම කිවුවෙ ඇයි කියලා ඔයාලට කතාව බලද්දි තේරෙයි, අද අපේ පරණ යාලුවො දෙන්නෙක් කතාවට එක් වෙනවා. ඒ කවුද කියලා කුතුහලයට හානි නොකරන්න ඕන නිසා මම නොකිය ඉන්නම්. කොහොම හරි මේ දෙන්නා වෝලකර්ස්ලගෙන් බේරෙන්න ඕන නිසා ගෙදරක් ඇතුලෙ හැංඟෙනවා. නිකන් ගෙදරක් නෙවේ, මිණීමරු අති භයානක අත්භූත ගෙදරක් ඇතුලෙ.

ඒ අතර තුර ඩැරල්ගෙ අලුත් කණ්ඩායම රීපර්ස්ලා ඔත්තුවකට අනුව අපේ අනිත් සෙට් එක පස්සෙ පන්නවා. රීපර්ස්ලට මැගී ඇතුලු පිරිස අහුවෙන්න යන බවක් තමා පේන්නේ. මේ අතරවාරෙදි කෙලිත් අතුරුදන්වෙලා. ප්‍රශ්න ගොඩයි.

අද කොටසට IMDB දර්ශකයේ 9.4 ක ඉතා ඉහළ අගයක් ලැබිල තියෙනවා. ආපු ගමන්ම වගේ නිසා මේක කාලයත් එක්ක අඩු වෙන්න පුලුවන්. ඒත් තාමත් මේක හොඳ අගයක්. මේ සීසන් එකේ දැනට ආපු එක එපියක් ඇරුනම අනිත් හැම එකක්ම 8.0 කට වැඩි අගයන් ලබාගෙන තියෙනවා. ඒකෙන්ම පේනවා අන්තිමේට ආපු සීසන් කිහිපයට වඩා මේ ෆයිනල් සීසන් එකට හොඳ ගුණාත්මක ගලා යාමක් ලබාදෙන්න නිර්මාණකරුවො ලොකු උත්සහයක් අරන් තියෙන බව.

ආහ් තව එකක්, අද එපිය බලන්න රෑ දෙගොඩ යාමෙ තනියෙන් නම් ඉඳගන්න එපා.😉

එහෙනම් ඉක්මණින් ආයෙත් හමුවෙමු. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක.

෴෴ සුබ දවසක්…! ෴෴

On The Inside

IMDB rating: 9.4
Air Date; September 19 2021
Director : Greg Nicotero
Writer: Frank Darabont
Age rating: TV-MA (For Violence, Profanity and Frightening Scenes)

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

සනක් (2021) Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම..! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අද අරගෙන ආවා ත්‍රිලර් හින්දි චිත්‍රපටයක්. නළුවා කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

  2. ස්තුතයි උපසිරසියට

  3. සචිත්‍ර නිර්මාණ

    සබ් එකට බොහොම ස්තූතියි ඇත්තටම මේ ටීවී සීරීස් එක මේ අවුරුද්දත් ඉවර වෙන්න නැද්ද කොල්ලනේ දැන් මේක අප්පිරිය වීගෙන වගේ එන්නෙ

    • Sachintha Benat

      මේ අන්‍තිම සීසන් එක​. මේක ලබන අවුරුද්ද වෙනකන් ගිහින් ඉවර වෙනවා.

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. බොහොම ස්තූතියි සහෝ

  6. බොහොම ස්තූතියි උපසිරැසියට

  7. ගොඩාක් ස්තූතියි සිංහල උපසිරසට. මග බලාගෙන හිටියේ සිංහල උපසිරස එනකම්. මම ආසම කරන කතාව තමයි වෝකින් ඩෙඩ්

    • සච්ත්‍ර නිර්මාණ

      මාත් මේක හෙන ආසාවෙන් බැලුවෙ ඒ උනාට දැන් මේක එපා වේගෙන වගේ එන්නෙ

  8. Thanks බොක්ක

  9. සබ් එකට ස්තුතියි…

  10. මචං සබට ස්තුති……එපිය ආපු දවසට පහු වෙනිදාම දානවනම් ගොඩක් හොදයි බං.great work

    • Sachintha Benat

      අනිවා එන සතියෙ එපිය ආපු ගමන්ම දෙන්නම්

error: Alert: Content is protected !!