Wednesday , October 21 2020
Breaking News

The Way He Looks (2014) Aka Hoje Eu Quero Voltar Sozinho Sinhala Subtitles | හිත වශී කරන බැල්මක් [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.3/10. From 35 votes.
Please wait...

මේක වෙනස්ම තේමාවකට නිර්මාණය කරපු චිත්‍රපටියක්. විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් තවත් පුද්ගලයෙක් වෙනස්ම කෝණයකින් බලන්නත් පුලුවන්. ඒත් ආදරකතාවක් ඒවායින් නවත්වන්න බෑ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවා. ඒත් නීතියකට පුලුවන්ද ආදරයකට හරස් වෙන්න. කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න. සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වෙන කතාවක් තමයි මේ.

කොරියාව, ජපානය වැනි රටවල වර්ථමානයේ විශාල ආදායම් ලබන චිත්‍රපට වර්ගයක් තමයි BL films කියන්නේ. ඒ කිවේ boy’s love films. ඒ තේමාවට නිර්මානය කළ චිත්‍රපටයක් මේ. මෙම චිත්‍රපටය ආදායම් වාර්ථා බිද දමමින් ජනප්‍රියත්වයට පත් වුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය,තිර රචන‍ය කරේ එකම පුද්ගලයෙක්. ඒ ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කියන Daniel Ribeiro. මේ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපට විශාල ප්‍රමාණයක් ජනාදරයට පත් වෙලා තියනවා. මොහු කෙටි චිත්‍රපට කිහිපයකටත් හිමිකම් කියනව‍ා. මොහු නිර්මාණය කළ කෙටි චිත්‍රපටික් වන ”I Don’t Want to Go back Alone” යන කතාව අනුසාරයෙන් මේ ” The Way He Looks” චිත්‍රපටය නිර්මාණය කරලා තිබෙන්නේ. මේ චිත්‍රපටය එලිදැක්වුනේ 2014 නොවැම්බර් මාසේ. මෙයට පැය 1 යි මිනිත්තු 36ක ධාවන කාලයක් පවතිනවා. මෙය‍ට IMDb අගය 7.9ක් හිමිවෙලා තියනවා. එලිදැක්වුනු පලමු දි‍නයේම වැඩිම පිරිසක් නැරබූ චිත්‍රපට අතරින් මෙය පස්වෙනි ස්ථානය ලබා ගෙන තියනවා. ” The Way He Looks” චිත්‍රපටිය ,64වෙනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී හොදම BL චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගෙන තියනවා.87වෙනි ඇකඩමි සම්මාන උළලේදී හොදම විදෙස් මාධ්‍ය චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගැනීමටත් නිර්දේශ වී තිබෙනවා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහි රංගනයෙන් දායක වෙන්නේ..
-Ghilherme Lobo
-Fabio Audi
-Tess Amorim
-Eucir de Souza
-Issabela Guasco

මේ සියලු දෙනාම teen වයසේ. මේ කතාව දිව යන්නෙත් පාසලක් ආශ්‍රිතව.මේ කතාවෙ ප්‍රධාන චරිතය ලියෝ කියලා අවුරුදු 17ක පිරිමි ළමයෙක්. මෙයාගේ ලොකු විශේෂත්වයකුත් තියනවා.ලියෝට , ජිවෝනා කියන ලස්සන ගැහැනු ළමයගේ ආදරය ලබා ගන්න හැකි වෙලා තියනවා.. ලියෝත්, ජිවෝනාත් පාසලේ පැවරුම් ආදිය එකමුතුව කරනවා.ඒත් මේ කතාව වෙනස් පැත්තකට යොමු වෙනවා මෙයාලගේ පන්තියට ගේබ්‍රියෙල් කියන පිරිමි ළමයා ආවාට පස්සේ. ලියෝ මේ පිරිමි ළමයත් සමග ටික ටික කුලුපගු වෙනවා.ලියෝට එක එක අමුතු අදහස් පහල වෙනවා නිතරම. ලස්සන ජිවෝනාගේ ආදරයත් ලබමින් ඉන්නවිට මේ ආදර කතාව ගලන් යන ආකාරය මේ චිත්‍රපටයේ ඇතුලත්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිත් දිලීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Unhinged (2020) Sinhala Subtitles | කල කල දෙ පල පල දේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතින් මම බයිස්කෝප් අඩවියට අලුතෙන් එකතුවුනේ ඉතින් මට මේකට එන්න දුන්න සැම කෙනාටම …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. ගොඩක් ස්තූතියි සබ් එකට

  2. පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! ❤️

  3. Prabath Dulshan

    ගොඩක් Thanks සහෝ සබ් එකට.. Thanks කියනවටත් වඩා පිං.. ගොඩක් කල් ඉඳල බලන්න ආසාවෙන් හිටපු එකක්.. ටිකක් බලලත් නැවැත්වුවා තේරෙන්නේ නැති නිසා.. මේ සබ් එකට නං Thanks කරන්න වචන නෑ mcn..
    පලවෙනි උපසිරැසියට ත් සුභ පැතුම්.. දිගටම කරන්න.. ජය..

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. thank you

  6. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා !! බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!

  7. Thanks jayawewa……!

  8. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

  9. පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

  10. පළවෙනි වැඩේට සුභපැතුම් බ්‍රෝ. දිගටම සබ් දෙමු. ජය.

  11. අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ…
    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරස කරමු…
    ජය.. ✌

error: Alert: Content is protected !!