අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The X Files [S01 : E01 – Pilot] with Sinhala Subtitles| පිටසක්වල සහයකයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 50 votes.
Please wait...

The X-Files S1P1

පුර්විකාව :
මම මේ ලිපිය පුංචි කතාවකින් පටන් ගන්නම්. එක්තරා ප්‍රසිද්ධ නගරයක, ප්‍රසිද්ධ ජාතික පාසලක කොල්ලෝ තුන්දෙනෙක් සිටියා, ෆොක්ස් මෝල්ඩර් (The X File), මොර්පියස් (Matrix), නියෝ (Matrix). මේ තිදෙනාගේ සංවිධානයක් තිබුනා Three Aliens නමින්. මුලස්ථානය එම නගරයේ තිබෙන වැවක් අද්දර කුඹුක් ගසක අට්ටාලයක්, සංවිධානයේ කාර්යය භාරය තමයි පිටසක්වල ජීවින් ගැන, ඔව්න්ගේ ආක්‍රමණ ගැන තොරතරු රැස් කිරීම සහ පිටසක්වලයින් පැමිණෙන තුරු බලා සිටීම. ඉතින් මේ තුන් කට්ටුව සතියකට දවසක් දෙකක් මේ අට්ටාලයේදී මුණගැසෙනවා සොයා ගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට. (විශේෂයෙන්ම බ්‍රහස්පතින්දාට මොකද එක්ස් ෆයිල් විකාශනය වුනේ බදාදා නිසා.) අපි මේ වැඩේ කරගෙන ගියේ කාටත් හොරෙන් තමයි. පසුව අපි ගැන දැනගත්ත දෙමාපියන් ඇතුළු යාළු හිතමිත්‍රාදීන් කිව්වේ නම් මුන්ට පු*** ඉදන්ම පිස්සු කියලයි. මේ කතාවේ වර්තමානය ගැන කිව්වොත් පැවති රජයේන් වැව් දහසක් ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩපිළිවල යටතේ කුඹුක් ගහ පෙරලලා දැම්මා. මොර්පියස් පරිඝනක විශාරදයෙක් වශයෙන් රටේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරනවා. නියෝ අධිකරණ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇමෙරිකාවට ගිහින් තාමත් ඉගෙන ගන්නවා. ෆොක්ස් මෝල්ඩර් ඒ කියන්නේ මම සබ් කොට කොටා ඉන්නවා. එක්ස් ෆයිල් කතාවට කොච්චර පිස්සු වැටිලා සිටියද කිව්වොත් මං ගාව ස්කලිගේ සහ මෝල්ඩර් ගේ අත්සන් සහිත ෆොටෝස් මෙන්ම අපිම සාදා ගත් FBI හැදුනුම්පත්, ටි ෂර්ට් තිබුනා. ඔන්න ඔහොම සුව නොවුණු පිස්සුවක් තිබුන නිසා තමයි මම කතාංග 09 ක් ම තිබෙන මේ වැඩේ කරන්න ඉල්ලුවේ. මෝඩ කමට බෙහෙත් නෑ කිව්වළුනේ. මෙච්චර කතා සංඛ්‍යාවක් කරන්නේ කොහොමද තනියම. ඉතිං අපේ රොයිලි සහෝ තමයි මේ කතාංග 09 එකිනෙකාට බෙදලා දීලා වැඩේ කෙරෙන විදියට සෙට් කෙරුවේ.

කථා මාලාව :
Drama, Action & Adventure, Horror, Suspense, Science Fiction යන ගණයන්ට අයත්,ලෝකයේ මිලියන සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයින් නරඹලා තිබෙන, Peabody,Golden Globe සහ Emmy සම්මාන විශාල සංඛ්‍යාවකට උරුම කම් කියන, හොඳම රුපවාහිනි නාට්‍ය අතර ඉහලම ස්ථානයක් තිබෙන ,Chris Carter විසින් නිර්මාණය කළ, චිත්‍රපටි දෙකකටත් (The X-Files හා I Want To Believe) සහ වෙනත් ටෙලිවෘතාන්තයකටත් (The Lone Gunmen) පාදක වූ,THE X FILE කතාමාලා සියල්ලම අද පටන් යාලුවන්ට බලන්න පුළුවන්.

විසදීමට නොහැකි වූ අසාමාන්‍ය සිද්ධීන් සහ අපරාධ මෙන්ම ලෝක න්‍යායන්ට පටහැනිව අස්වාභාවික ලෙස සිදු වූ සිදුවීම ඇතුලත් එක්ස් ෆයිල් අංශය FBI ආයතනයේ තරමක් විහිළුවටද ඉතාම ප්‍රසිද්ධියටද පත් අංශයකි.මෙහි පරීක්ෂක වරුන් වන ඩෙනා ස්කලී සහ ෆොක්ස් මෝල්ඩර් මෙම විසදීමට නොහැකිව පැත්තකට දමා තිබු එක්ස් ෆයිල් සිද්ධීන් එකිනෙක විසදන ආකාරය ඉතාම කුතුහලෙන් යුක්තව මනාවටම නිර්මාණය කර ඇත. 1993 සිට 2003 දක්වා ඇමරිකානු Fox රූපවාහිනී ජාලය ඔස්සේ විකාශනය වූ .මෙහි චරිත හා ඇතැම් වැකි ( “The Truth Is Out There”, “Trust No One”, “I Want to Believe”) ජනප්‍රිය සංස්කෘතියක් බිහිකිරීමට මුල් වූ අතර රසිකයන් තුල නොමැකෙන මතකයන් තැබීමට සමත් විය.

ලබා ගත් සම්මාන -Emmy Awards
2001 – Outstanding Makeup for a Series for episode DeadAlive
2000 – Outstanding Makeup for a Series for episode Theef
– Outstanding Sound Mixing for a Drama Series for episode First Person Shooter
– Outstanding Special Visual Effects for a Series for episode First Person Shooter
1999 – Outstanding Makeup for a series for episodes Two Fathers/One Son
1998 – Outstanding Art Direction for a Series for episode The Post-Modern Prometheus
– Outstanding Single Camera Picture Editing for a Series for episode Kill Switch
1997 – Outstanding Lead Actress in a Drama Series for Gillian Anderson
– Outstanding Art Direction for a Series for episode Memento Mori
– Outstanding Sound Editing for a Series for episode Tempus Fugit
1996 – Outstanding Guest Actor in a Drama Series to Peter Boyle for episode Clyde Bruckman’s Final Repose
– Outstanding Individual Achievement in Writing for a Drama.

සම්මාන 92 ක් සහ නිර්දේශිත නාම 202 ලැබී ඇති අතර ලිපිය අනවශ්‍ය ලෙස දීර්ග වන නිසා ලැබූ සම්මාන සහ නිර්දේශිත නාම සියල්ලම මෙහි සදහන්ව නොමැති බැවින් වැඩි විස්තර බලාගැනීමට මෙතනින් යන්න.( http://x-files.host.sk/xawards.php)

ප්‍රථම කතා මාලාව:
The X Files Season 01 ගැන කතා කලොත් පහත ලෙසට මෙම කතා මාලාවට අදාලව විස්තර පහත ආකාරයට සාරාංශ ගත කරන්න පුළුවන්.(මේ ලිපියේ විස්තර වැඩි නිසා මෙසේ සාරාංශ ගත කලෙමි.)
කතා මාලාවේ නම : The X Files Season 01
ලබා ගත් රේටින් සංඛාව : 8.8/10
කතාංග සංඛාව : 24
ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson
ෆොක්ස් මෝල්ඩර් – David Duchovny

අද කථාව:
එක්ස් ෆයිල් පළමු කොටස -“පිටසක්වල සහයකයා”.
කතාවේ නම : Pilot (කතා මාලාව හදුන්වා දීම)
ලබා ගත් රේටින් සංඛාව : 8.3/10
අධ්‍යක්ෂණය : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන් :
· ඩෙනා ස්කලී – Gillian Anderson
· ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
· ස්මොකින්ග් මෑන් – William B Davis
· බිලි මයිල්ස් – Zachary Ansley
· ඔර්ඩේලි – Alexandra Berlin
· මරණ පරීක්ෂක ට්රුයිට් – Stephen E Miller
· වෛද්‍ය ජේ නිම්මන් – Cliff De Young
· වෛද්‍ය ග්ලාස් – Malcom Stewart

අසාමාන්‍ය සිද්ධීන් ගැන අනුපමේය උනන්දුවක් සහ ඇති දක්ෂ පරීක්ෂක වරයෙක් වන ෆොක්ස් මොල්ඩර්ගේ සහයට සහ ඔහු පිළිබඳව ඔත්තු බැලීමටත් එක්ස් ෆයිල් විමර්ශන වාර්ථා කිරීම සදහා ඉතාම තරුණ දක්ෂ වෛද්‍ය වරියක් වන පරීක්ෂක ඩේනා ස්කලීව පත් කරනවා.

මේ දෙදෙනාගේ පළමු විමර්ශනය නම් වයඹ ඔරිගොන් ප්‍රාන්තයේ සිදු වූ අභිරහස් මිනි මැරුම් තුනක් සම්බන්ධවයි. උපාධිය ලැබීම සමරන පිණිස කැලයේ සාදයක් පවත්වමින් සිටින තරුණ පිරිසක් පිටසක්වල් ජීවින් විසින් යම් පරීක්ෂණයක් සිදු කිරීමට පැහැර ගන්නවා. නමුත් මේ පරීක්ෂණය අසාර්ථක නිසා බිලි මයිල්ස් කියන තරුණයාගේ ඔළුවේ සවි කරන ලද උපකරණයක් මගින් ඔහුව පාලනය කරමින් පරීක්ෂණයේ සියලුම සාක්ෂි විනාශ කිරීමට අණ දෙනවා. ඒ අනුව අනිත් දෙදෙනාම මිය යනවා. මේ මිය යාම් පිළිබඳව පරීක්ෂණ පවත්වන මෝල්ඩර් සහ ස්කලී දෙදෙනාට බිලිගේ පියා වන ප්‍රාන්ත රහස් පරීක්ෂක වරයා නිතරම බාධා කරන නිසා මේ ගැන මොල්ඩර්ට සැක සිති ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවීම නිසා මේ සිද්ධින් වලට බිලි මයිල්ස් සම්භන්ධ බව ඔවුනට සොයා ගැනීමට හැකි වෙනවා.කථාව අතරතුර මේ FBI පරීක්ෂක වරු දෙදෙනාවත් පිටසක්වල පැහැර ගැනීමකට ලක් වන නමුත් දැනුවත්ව ඔවුන්ට එයින් කිසිදු හානියක් සිදු නොවෙයි.ස්කලිගේ සමීක්ෂණ වාර්ථාව කියවන FBI ඉහල නිලධාරින් එම විමර්ශනයේ සාක්ෂි වශයෙන් බිලි මයිල්ස්ව මෝහනය කර ලබා ගත් වාචික සාක්ෂි පිළි නොගන්නා අතර එයට භෞතික සාක්ෂි ඉල්ලා සිටියත් එයට ස්කලී අපොහොසත් වීම නිසා මේ සිද්ධියත් විසදුම් සොයාගත නොහැකි සිද්ධීන් යටතේ එක්ස් ෆයිල් සිද්ධියක් ලෙස වර්ගීකරණය කරයි.

එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය………

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                             All Episodes                     Next Episode >>

128 thoughts on “The X Files [S01 : E01 – Pilot] with Sinhala Subtitles| පිටසක්වල සහයකයා. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තූතියි…

    Reply
  • gmmt 4 series ek blnne, පුදුම ආසාවකින් x files බලන්නෙ, thank you very much mister

    Reply
  • Excellent quality and good subtitles

    Reply
  • 720p Bluray x 264 ta set wenne ne. Hariyana subs danna puluwn da?

    Reply
  • අවුරුදු ගානකට පස්සේ ආයේ මුල ඉදන් බලන්න යන්නේ. ස්තුතියි.

    Reply
  • me tv series eka mula idan okkoma download krnda puluwn link ekak danna kawru hri .

    Reply
    • Telegram එකෙ තියෙනවා The x files 1- 11 කියල චැනල් එකක් ඒකෙ තියෙනවා ඔක්කොම මුල ඉදල, මම න්ම් ඒකෙන් එපිය ගානෙ අරම් මේකෙ අදාල සබ් එක දාං බලනව වෙන හොයාගන්න නැ

      Reply
  • Ane mewa phone eken balance kohomada kiyannko

    Reply
  • Ane mewa phone eken balance kohomada kiyannko

    Reply
  • Lap eken me series balanne kohomada ? Plz help

    Reply
    • Man dannawa site ekak. Man okkoma episodes tika eken download karagaththa.one nam email ekak daagena yan

      Reply
  • සබ් එක අවුල් නේ

    Reply
  • x files season 1 eke episode 9 n passe subtitle download krnna ba ne

    Reply
  • Thanks for your subtitles…subtitles වැඩේ ජයටම කරල තියනව..

    Reply
  • බොහෝමත්ම ස්තුතියි ඔබට.ජයවේවා !!

    Reply
  • link ekak dennako match wena

    Reply
  • Ayye Season 3, wala idan Season 9, wenakam Episcod walath Sinhala subtitles dendakoo. Plzzz…

    Reply
  • Ituru season tikath ikmanata denna math x file pissek…..wadenam patta….

    Reply
    • Mama tharam The X Files pissek ne…mama okkoma seasons wala episodes download karagaththa..one nam kiyanna

      Reply
      • මොන වෙබ් සයිට් එකෙන්ද ඩවුන්ලෝඩ් කරේ?

        Reply
  • “පැවති රජයේන් වැව් දහසක් ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩපිළිවල යටතේ කුඹුක් ගහ පෙරලලා දැම්මා.” අම්මෝ ඒක සුපිරි වැඩක් පටන් අරන් තියෙන්නෙ. එදා ඉදං අද වෙනකං තිබුන හැම ෆෝන් එකේම Lock screen signature එක “I want to believe!” ජය වේවා!!

    Reply
  • ඇයි හැම Film එකක Torrent File එක නැත්තෙ ????????? Help me…………..

    Reply
    • Site ekaka link ekak dennam…Eka torrent database ekak… download karaganna…

      Reply
  • Yako pattai hode kiyanna welawak na meka balanna thiyenawa thankuuuuuuuuuuuuuu

    Reply
  • Thank u bro! keep up the good work!!

    Reply
  • Mcn The x files season 9 wenakn blu ray relese wela tiyenne, sub denawa nm blu ray wlta match wena ewa dapan natnm wadak na kollo…

    Reply
  • meka loku wedak machanla..umbala karanne loku deyak..thanks !!! puluwan widiyakata me okkoma ewata sub deepan….jaya wewa!!

    Reply
  • සුපිරියි… ඔක්කොම කොටස් වලට සබ් දෙමු අනුරාධ සහෝ… ජය වේවා…!!!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජය!!!

    Reply
  • උබේ පිස්සුවට ගොඩක් ස්තුතියි…! අපි හැමෝටම එක එක පිස්සු තියෙනවා බං… උඔ සබ් කරන ගොඩක් එවා ඩවුන්ලෝඩ් කරගෙන බලනවා… ඒ හැම එකකටම ගොඩාක් පිං… උඔට ලබන ආත්මේ මොල්ඩර් වෙලා ඉපදෙන්න ලැබේවා… මේ ආත්මේ ස්කලී වගේ කෑල්ලක් සෙට් වේවා… (එහෙම එකක් නෙමෙයි නම් දැන් සෙට් වෙලා ඉන්නේ…. ඒකත් ලබන ආත්මෙම ලැබේවා) පිට සක්වල ජීවීන්ගෙන් අතුරු-ආන්ර්‍තාවක් නොවේවා…!!!

    Reply
  • ඒ කාලේ අපිත් මේක බැලුවේ ඔය වගේම තමයි……..
    දැන් මතකත් නැහැ කතාව…
    සබ් එක්කම දෙනව නම් මේ පාර නම් පිලිවෙලටම බලන්න ඕනි…
    ස්තුතියි සහෝ……….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    Reply
  • Ada kale tyna tv series wage newei mewa. Supiri kiyala wedak na. Ubata man dana gahala bada gagen mage hada bati sthuthiya sathuta saha gaurawaya puda karanawa. Kochchara tv series giyath mekata gahada ekak adatat na. Man meka iwara unata passe tv series balana ekath newettuwa. Meka kawada koi wele giyath balanawa. Thanks a lot machan. Supiri wedak

    Reply
  • mama asama tv series ekakata oya sub denne thankx…saho

    Reply
  • බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. දැන් ඉතින් බැලිල්ලක් තමා. ජය෴෴ 😛 😛

    Reply
    • අනේ අයියේ x flies ඉතුරු සබ් දෙන්න

      Reply
      • Ituru season tikath ikmanata denna math x file pissek…..wadenam patta….

        Reply
  • බොහොම ස්තූතිියි…. ලොකු කැපවීමක්… දිගටම යමු….

    Reply
  • kohome hari X-files patan gaththaa niyamai…
    harima amaaru wadak eth supiri digatama karagene yanna labewaa…
    jayaweewaa!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම මේකට නම් ස්තුතියි කරලත් මදි. ජය වේවා෴
    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
    ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න බලන්න…

    Reply
  • මචො 10වන සිසන් ඒකත් අැවිල්ලා ඉක්මනට ඒකටත් යමු කකුල් දෙකේ පොටො ඒකක් ඒවපන් මල් තියන්න

    Reply
  • Mamath hoya hoya hitapu eka!
    Serama tika denna!
    Thanks machan!

    Reply
  • මේකට සබ් නෑ කියන්නේ සයිට් එකටත් අඩුවක් දිගටම දෙමු

    Reply
  • එහෙමනම් හාපුරා කියල පටන් ගත්ත වැඩේ අවසානයක් කරා ගෙනියන්න දිරිය ශක්තිය ලැබේවා
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Good work. Thank you very much 4 ur sub. Thanks baiscope….

    Reply
  • sab wala awul monawaa hari thiyenawaa nam apita kiyanna ethakota e waradi hadaagena apita idiriyata gunaathmaka bhaawayen wadi sub karanna puluwan..thank you

    Reply
    • පොඩ්ඩක් බලන්න PositiveID තේරැම

      Reply
  • thanks machan me krana deta
    s9tama sub 1 denna puluwan wewa kiyala suba pathanawa.

    Reply
    • මොන වගේ අවුල්ද සහෝ?

      Reply
  • ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී
    ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී
    සබ් එකට

    Reply
  • මේක දෙනකම් කාලෙක ඉඳන් බලන් හිටියා……………
    දැන් එහෙනම් වැඩේ පටන් ගත්ත එකේ ඉක්මනට ම දීගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • ගොඩාක් ස්තුතියි සහෝ සබ් එකට………

    Reply
  • නියම කතාවක් මේක ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
    . දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    මම ඔයාලා දුන්න Boys Over Flowers , FULL HOUSE , autumn in my heart ,PERSONAL TASTE , ARROW . TEEN WOLF . GOTHAM ,
    SUPERNATURAL , අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.

    Reply
  • ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
    කට්ටිය දාන කමෙන්ට්ස් වලට මට කියා ගන්න දෙයක් නැහැ..
    මේ හැම ස්තුතියක්ම අපේ රොයිලි ලොක්කට වගේම සමීර සහොටත් මාව පළමු එපිසෝඩ් එකෙන් ගලවා ගත්ත නිලුපුල් , සමන් වගේම අනිත් එපිසෝඩ් කරන අපේ සහෝ සෙට් එකටම අයිති වෙන්න ඕනා.

    Reply
  • Elama!!! Fatta!!!!!!!!!! Digatama sub demuu!!!!!

    Reply
  • niyamai sahooo mama asawen idapu ekak
    ath thanin thana beluwata piliwelata balala nea
    suba pathanawa gamana idiriyatama yanna
    last episoide 1 wenakanma api innawa brooo
    eka kiri
    bs tc

    Reply
  • නියම වෑඩක් සහෝ…. ආසාවෙන් බලන්න පුලුවන් tv series එකක්. දිගටම කරගෙන යන්න…. ඉක්මනට අනිත් එවා ටිකත් දාන්න.

    Reply
  • tnx kollane……. math podi kale idlama asai mekta………jaya wewa………tnk a lot

    Reply
  • ගොඩාක් ස්තුතියි සහෝ සබ් එකට 😀 😀 😀
    වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනවා
    ජය!!!!!

    Reply
  • adoo ubanam pissuma porak bn.balahan dan itin ilaga episode tikata sub eka enakam mata nindayanna.elama tamai kollo.man aurudu ganak mekata sub eka danakan balan hitiya

    Reply
  • නියමයි සහෝ…පුළුවන් ඉක්මනට ඉතුරු ටිකත් දෙමු.
    ඒ කාලේ ජාතිකේ බැලුවා.හැබැයි දැන් මෙලෝ දෙයක් මතක නැහැ.
    ඒ නිසා ආයෙම බලන්න ඕනේ..උපසිරසිවලට තුති.

    Reply
  • bro….season 1 eke episode 2eke sinhala sub khd

    Reply
  • සබ් එකට ස්තුතියි

    Reply
  • අඩෝ තෑනක්ස් බං සිරාවටම
    මේකෙ සබ් දෙනකං බලන් හිටියෙ
    thnks lot bro

    Reply
  • නියමයි සිසන් 9 යටම පුලුවන් ඉක්ම්නට දෙන්න… සිසන් 9ක් තිබ්බට බලන්න ගත්තම මාසයක්වත් යන් නැති වෙයි…. 😀 පට්ටයි ජාති.. සුපිරි වැඩක් කියන්න වචන නැ… 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ … ඔන්න මමත් මේක බලන්න එකතු උනා ..ජාතික රූපවාහිනියේ ගිය කාලේ කඩින් කඩ තමයි බලන්න ලැබුනේ දැන් ඔක්කොම පිළිවෙලට බලන්න පුළුවන් 😀 ජය වේවා !!

    Reply
  • jaya weewaaa enakan balan hitiyeeeee

    Reply
  • නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… 🙂
    ස්තුතියි…

    Reply
  • ස්තුතියි අනුරාධ සහෝ.ජයවේවා !

    Reply
  • බොහොම තුති සහෝ සබ් එකට.
    ඒ වගේම ලිපියටත්…
    ජාතිකේ යද්දී තැනින් තැන තමා මේක බැලුවෙ. ඒ බැලුවෙත් අපේ නෑදෑ කෙනෙක් පිස්සුවෙන් ඕක බලපු නිසා. ඉතින් එහෙ ගිය දවසට මටත් ඕක බලන්න සෙට් වෙනවා. 😀
    එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු…
    ජය වේවා…!!!

    Reply
  • කාලෙක ඉදන් බලගෙන හිටිය එකක්,කියල වැඩක් නෑ සහෝ සුපිරිම වැඩක්.ගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යමු.

    Reply
  • Thanks Bro Supiri Wedak.Keep It Up And Good Luck.

    Reply
  • මේක දෙනකන් කාලයක් බලන් හිටියා සහෝ..ගොඩාක් ස්තුතියි…දිගටම සබ් දෙන්න..thnx again…

    Reply
  • ado pin mcn.godak pin.elzzzzzzzzzzzz…..

    Reply
  • ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    Reply
  • thanx saho math meka hoyapu nathi thanak na thanks a lot ewagema meke seasons
    10k thiyanawa nada?

    Reply
  • niyamai,digatama karagena yamu,x file denakan balagena hitye///////////////////////

    Reply
  • patta happy machan keep continue bokkenma suba pathanawa

    Reply
  • නියමයි සහෝ ඔයා නම් දෙයියෙක්.X Files වලට sub නැති නිසා බලන්න කම්මැලිකමේ හිටියේ.දිගටම sub දෙමු නවත්තන්න නම් හිතන්නවත් එපා.සබ් වලට තෑන්කූ.ජය වෙවා. (ඊලග එකත් ඉක්මනින්ම ඕනේ)

    Reply
  • Kiyala wedak ne. Thank you!

    Reply
  • මෙන්නසහෝදරයා කතාව ….මෙක බලන්න පුදුම ආසාවකින් හිටියේ ..මේක රූපවාහිනියේ පෙන්නන කාලෙ අපේ ගෙදර tv තිබුනේ නෑ ඉතින් කොච්චර ආසා කලත් බලන්න හම්බෞනේ නෑ …පුදුමයි මෙන්න අයේත් ඇවිත් අනිවා බලනවා දැන් එතින් සහෝදරයා බොහොම thnzzz වේවා …………………….

    Reply
  • පට්ට ආ මාත් අසවෙන් හිටපු එකක් සීසන් 09 ම තියෙන නිසා ඉක්මන්ට දෙයි කියල හිතනවා සුබ පතනවා මේ වැඩේට අත ගැහුවට

    Reply
  • හා… . ඔය ජාතියෙ තව එකෙක් මෙන්න මෙහෙත් ඉන්නව… මං නං ඔක්කොම දෙවනි පාරටත් ඩවුන්ලොඩ් කළා… ( පළවෙනි පාර එකක් 2800 ගානෙ සල්ලි දීලා ගත්තා 2004 දි.. ඒවා ඔක්කොම අපෙ මල්ලි පිනට දීලා..)

    ඕකට සිංහල සබ් දෙන එක පිස්සු හැදිලා ආයිත් හැදෙන වැඩක්… ඔන්න දැම්මම කිව්වා…. ස්කලී කියවන විකාර සයන්ටිෆික් කතන්දර වලට වචන අලුතින් හොයන්න වෙයි…. හි හි

    Reply
  • Godak thnx saho.. Me darama series eka site ekata dapu eka godak hodai. Meta kalayak jatika rupawahiniye essara yanakaota hemadama wage beluwa. Season 9tama sartakawa sub denna shaktiya dairaya lebewa… Jaya wewa saho

    .

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • එහෙමනම් හාපුරා කියල පටන් ගත්ත වැඩේ අවසානයක් කරා ගෙනියන්න දිරිය ශක්තිය ලැබේවා
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජයෙන් ජය

    Reply
  • සුපිරිම ඩයල් ටිකක් තමා බයිස්කෝප් එකේ ඉන්නේප
    24 (E205)
    Supernatural (E233)
    The Mentalist (E151)
    Prison Break (E81) වගේ සුපිරිම සුපිරිම ටීවී සීරීස් සෙට් ටිකක් දීල තියෙනවා.ඒ ගොඩට The X Filesලුත් එකතු වෙන්න යන්නේ. ඒ ගැන නම් ලොකු සතුටක් තියෙන්නේ. ^_^
    ජාතික රූපවාහිනියේ යනකොට X Files තැනින් තැනින් බැලුවා.ඒත් දැන්ම කතාව බලන්න සෙට් වෙන්න බෑ.අනිවා අගෝස්තු වලින් පස්සේ බලන්න ගන්නවා. 😀 වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනවා.
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • season 9 wenakamma denna shakthiya labewa

    Reply
  • හේ හේ පටන් අරන් තියෙන්නේ ලේසි පහසු වැඩක් නම් නෙවේ… ලොකු අඩුවක් පුරවන්නනේ මේ පටන් ගත්තේ…. පටන් ගත්ත වැඩේ ඉක්මනට ඉවර කරන්න ඕන ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා… ජය !!!

    Reply
  • බුදු අම්මො පටං අරං එහෙනම්,
    FB එකෙ කී දෙන්ක් ගෙන් පුද්ගලිකව මැස‍ේජ් දාලා ඇහුවද සයිට්
    එකෙ මේක පටන් ගන්නෙ නැද්ද කියලා
    ,ඇති යන්තම්.. ලොකු සතුටක් සහො…
    30GB + සීසන් 1-9 එක්ක 10 මේ වෙනකන් යන ටිකත් බාගෙන ගොඩක් කල් බලං හිටියා, දිගටම කරන් යමු සහො
    ජය….. !

    Reply
  • Maxxxxaaa anek awat demu

    Reply
  • Ammatasiri wenawa. Meka denna gattada baiscope la. Ubala denna gatta kiyanne iwara karalama tama passa balanne kiyala mama dannawa. Fatta happy. E kale tv eke baluwata e tharam therumak na. Dan ithin apith dannna sinhalen balanna sudaanam wenawa onna. Thankz a lot baiscopelk. U r the best sub site in sl.

    Reply
  • niayamai…mekata sub dena 1ka nm sahenna watinawa.mula idalama dena 1ka nm hodai.thanks ANURADA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජය!!!

    Reply
    • Fatta saho… Ddigatama demu seasons 10 tama.. Podi kale oka balala matath FBI haduna.dan ayeth hedei..thnxxxx

      Reply
  • ගොඩක් ලොකු වැඩක් මේ සීරිස් 09ටම උපසිරැසි දෙන එක….
    දිගටම දෙන්න හැකියාව ධෛර්යය ලැබේවා….

    Reply
  • නියමයි…මාත් ආසම එකක්…
    දිගටම කරන් යමු…සබ් එකට තැන්ක්ස්….

    Reply
  • ගොඩක් ගොඩක් ගොඩා……ක් තැන්ක් යූ
    අනිත් ටිකත් දෙන්ඩෝ…
    උම්ම්ම්මාහ්
    ගුඩ් ලක්.

    Reply
  • Thanks for the subtitle. Wish u a brilliant future with baisecopelk.com! Keep it up bro..! 🙂 🙂 🙂

    Reply
  • නියමයි මචං සබ් එකට ස්තුතියි .සීසන් නමයම දියන් මචං.

    Reply
  • නියම වැඩක් දිගටම කරගෙන යමු මේක බාගෙන දෙනකන් බලාහිටියේ ගොඩාක් ස්තුතියි

    Reply
  • තැන්කූ තැන්කූ සහෝ. හම්මේ ඉතින් මේක දෙනකන් කොච්චරනම් බලන් හිටියද.

    Reply
  • jaya wewa !!!!!!!!!!!!!!!!!!!!nice work.

    Reply
  • එළස්………………………..
    මගේත් කැමතිම මාලාව.
    ගොඩක් ලොකු වැඩක් මේ සීරිස් 09ටම උපසිරැසි දෙන එක….
    දිගටම දෙන්න හැකියාව ධෛර්යය ලැබේවා….
    ලිපියත් හොඳට ලියලා තියෙනවා සහෝ….
    බොහෝම පින් මේ වැඩේට අතගැහුවට…..

    Reply
  • Thank You sahoo subata!!! jayen jayama wewa!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *