You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / 18+ / Thunderball (1965) – Sinhala Subtitles | බෝම්බ සෙල්ලම්! [සිංහල උපසිරැසි සමඟ]

Thunderball (1965) – Sinhala Subtitles | බෝම්බ සෙල්ලම්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Thunderball-1965

මම කීව නේද JB වැඩකට බැස්සොත් ආයෙ අහන්ඩ දෙයක් නෑ කියලා. කොහොමද රන්අංගුලියා(Goldfinger) පරදවන්ඩ දරපු වෑයම. කිව්වා වගේම ලේසි වුණේනම් නෑ. සතුරො එන්ඩ එන්ඩ ප්‍රබල වෙනවද මන්දා? වැඩේ කියන්නෙ මේ සතුරො සේරම කොහෙන් කොහෙන්හරි ලෝකව්‍යාප්ත ත්‍රස්ත සංවිධානයට ඈඳිලා තියෙනවනෙ. මේ පාරත් තියෙන්නෙ එහෙම එකක්ම තමයි. මේ පාර ලෑස්තිය ලොකු කප්පමක් ඉල්ලන්ඩ. ගිය වතාවෙ සතුරන්ගෙ සංචිත විනාශ කරන්ඩ හැදුවට හරි ගියේ නෑනෙ. මේ පාර ඒක නිසා වෙන ක්‍රමයකට වැඩක් දෙන්ඩයි සැරසෙන්නෙ. මෙන්න මෙහෙමයි වෙන්නෙ වැඩේ. මේ පාර තර්ජනය අපි කවුරුත් හොඳින් අහල තියෙන NATO සංවිධානයටයි එල්ල වෙන්නෙ. උතුරු අත්ලාන්තික සමගි සංවිධානය ලෙස හැඳින්විය හැකි මේ සංවිධානය සකස් කරගෙන තිබෙන්නෙ යුධමය අරමුණු එහෙමත් නැතිනම් ආරක්ෂක අරමුණු වෙනුවෙනුයි. මේ සංවිධානයෙන් කෙරෙන්නෙ ඒ කලාපයේ රටවලට එල්ලවන තර්ජනයන්ට එරෙහිව සාමූහිකව පෙළ ගැසීම. කලාපයේ රටවල් ආශ්‍රිත හමුදාවන්ට විශේෂ පුහුණු අවස්ථා සහ මෙහෙයුම් සංවිධානය කිරීමත් මොවුන් කරනවා. මෑත කාලයේනම් මේ සංවිධානය ගැන නිතර දෙවේලේ අහන්ඩ දකින්ඩ ලැබුණා අපටත්! නේද?

මේ සංවිධානය සූදානම් වෙනවා තමන්ගේ සාමාජික රටවල ‍තෝරාගත් හමුදාංකයකට පරමාණු බෝම්බ ගැන දැනුමක් ලබාදෙන ගමන්ම, පරමාණු බෝම්බ යොදාගනිමින් එල්ල වන තර්ජනයකට මුහුණ දිය යුතු ආකාරය ගැන පෙරපුහුණුවක් ලබාදෙන්නට. කරුමෙ කියන්නෙ මේ පාරත් SPECTRE ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ සූදානම මේ මෙහෙයුමට ගෙන යන බෝම්බ දෙකම යානාව පිටින්ම උස්සලා තමන්ගේ අරමුණු උදෙසා බළල් අතක් කරගන්නයි. මේක ලොකු සැලසුමක්! මේ යානය පදවන නියමුවා වගේ වෙන්ඩ ඔවුන්ගේ කෙනෙක්ව ප්ලාස්ටික් සැත්කම් මගින් සකස් කරනවා. ඉන් පස්සේ ඔහුට එම නියමුවා අකුරටම අනුකරණය කරන්නට හැකි වෙන්න හඬ පාලන පුහුණුවක්/ උච්චාරණ පුහුණුවක් සහ අනෙකුත් හැම ආකාරයෙන්ම විශේෂ පුහුණුවක් දෙනවා. මොකද NATO කියන්නෙ එසේ මෙසේ සංවිධානයක් නොවෙයි. බොහොම බලගතු සංවිධානයක්. ඔවුනගේ සැකයට ලක් නොවී මේ කටයුත්ත කරගත්තොත් කල්ල මරේ. මොකද ත්‍රස්තයන්ගේ මීළඟ පියවර වෙන්නේ, ඇමෙරිකාවේ හෝ යුරෝපයේ ප්‍රධාන මර්මස්ථානයක් පුපුරුවා හරින්නට හැකි වෙන පරිදි මේ බෝම්බය ඇටවීම. ඉන් පස්සෙ බෝම්බය පුපුරුවා නොහරින්නටනම් ඊට හිලව් වන්නට ඔවුනට කප්පමක් ගෙවන්නටම වෙනවා ලෝක බලවතුන්ට. මේ විදිහට ගියවර අසාර්ථක වුණු Bond නිසා අසාර්ථක වුණු අරමුණ මේ වර සඵල කරගන්නටයි ඔවුනගේ සූදානම. මේ බෝම්බයත් සමග පැහැර ගන්නා යානය ගෙනිහින් හංගන්නේ මුහුද යට. ඔන්න ඉතිං Bondට වැඩ.

නිකම්ම නෙමෙයි, මේ පාරත් අලුත් උපකරණ තියෙනවා. Bond Gadget Pack එකට අලුතින් මේ පාර එකතු වෙනවා Jet Pack එකක්. මේක තනි මිනිසෙකුට ගුවනින් යාහැකි, ජෙට් එන්ජින්වලින් ක්‍රියාකරන කුඩා ගුවන්යානයක් වැන්නක්. මේක ඇත්තටම වැඩ කළ එකක්. මේක කොච්චරනම් සාර්ථක වුණාද කිව්වොත් මේ චිත්‍රපටිය වෙනුවෙන්ම මේක නිර්මාණය කළා වුණත්, මෙය නිපදවපු සමාගම එය විවිධ අවස්ථාවලදී විශේෂ දර්ශනයක් වශයෙන් ක්‍රියාකාරී ලෙස ප්‍රදර්ශනය කරන්නටත් පෙළඹුණා. Bond Gadget ප්‍රදර්ශනයන්හිදී මෙය සාර්ථකව ක්‍රියාකරන අයුරු Bond ලෝලීන්ට දැකගන්නටත් ඉඩකඩ සැලැස්සුවා. ඒ විතරක් නෙමෙයි මෙවර චිත්‍රපටයෙන් සෑහෙන පමණක් දිය යට දර්ශන අඩංගු වෙනවා. දිය යටදී සතුරන් හා ගැටෙන Bondට පාවිච්චියට ගත හැකි වෙන උපකරණ රාශියක්ම මේකේ දැකගන්ඩ පුළුවන්. ඒ අතර කිමිදුම් උපකරණ, දියහෙල්ලයන් වගේම Underwater Jet එකකුත් තියෙනවා. ඒ ඇරුණම දැල්ලන්ගෙන් අල්ලගත්ත කට්ටකමකුත් තියෙනවා. ඒක සතුරන්ගෙන් බේරිලා වහං වෙන්ඩ නිතරම වගේ ප්‍රයෝජනවත් වෙනවා. අනික් කාරණේ තමයි මේ චිත්‍රපටියේ තමයි “මුල්ම වතාවට” Bondගේ දියයට වැඩ කිඩ අන්තර්ගත වෙන්නේ. ගොඩබිම විතරක් නෙමෙයි දියයටත් කරණම් සෙල්ලම් දාන්ඩ මේ වතාවෙ ඔහුට සිද්ධ වෙනවා. කොටිම්ම චිත්‍රපටයෙන් 1/4කට ආසන්න ප්‍රමාණයක්ම මාලුවොත්තෙක්කයි ගෙවෙන්නේ. මේ චිත්‍රපටයත් Oscar සම්මානයකට හිමිකම් කීවා. ඒ ඉහතින් විස්තර වුණු පරිදි මේ චිත්‍රපටය පුරාම විශිෂ්ට ලෙස සංකලනය කර තිබුණු දර්ශන ප්‍රයෝග වෙනුවෙන්. විශේෂම කාරණේ අන්තිමට තියාගත්තා මම. ඒ තමයි Bond සිනමාපටයක ප්‍රථම වතාවට සම්පූර්ණ නිරුවත යොදාගැනීම. මෙතෙක් චිත්‍රපටිවල සමාරම්භයේදී ඇතුළත් වුණ රංගනයට සම්පූර්ණ නිරුවත යොදා ගැනුණේ නැහැ. එය වෙනස් කරමින් සම්පූර්ණ නිරුවත් කාන්තා රූප පෙළක් චිත්‍රපට ආරම්භයේ පෙන්වන රංගනය උදෙසා මෙහිදී භාවිතා වුණා.

එහෙමනම් යාළුවනේ මුල් චිත්‍රපට 03ම ගෙනාව වගේ මේ සිව්වැන්නත් මම අරගෙන ආව ඔයාල වෙනුවෙන්ම. ඔයාලගෙ සතුට වෙනුවෙන්ම. හිතාගත හැකියි නේ මම දරපු මහන්සිය. නමුත් මේ වෙනුවෙන් කෙතරම් මහන්සි වුණත් මට ඒ ගැන ඇත්තටම සතුටක් නෑ. හේතුව මෙන්න මේකයි. මේ දක්වා උපසිරැසි ලබාදීපු 007 චිත්‍රපට ත්‍රිත්වයම එකිනෙකක් දහසකට ආසන්න පිරිසක් බැගින් උපසිරැසිත් එක්ක බාගත කරගෙන තියනවා. නමුත් කමෙන්ට්නම් වැටෙන්නෙ බොහොම අඩුවෙන්, ඒ ගැන නම් බොහොම කණගාටුයි. මේක බොහොම දිග චිත්‍රපට මාලාවක්. සම්පූර්ණ චිත්‍රපට 23යි. තවමත් සිංහල නොවූ ගණන 15ක් විතර වෙනවා. ඒ නිසා අමුතුවෙන් කියන්ඩ ඕනි නැහැ මේ සියල්ලම ඔබ වෙනුවෙන් රසවත් කරන්නට මම ගත යුතු වෙහෙස ගැන. ඒ වගේම මගේ වටින කාලය. ඒ නිසා මම තීරණය කළා ඊළඟ එක ඔයාලට ඕනෙ නම් විතරක් කරන්න. ඔයාලගෙ අදහස් දැක්වීම් මත මීළඟ එක කෙරෙන නොකෙරෙන වග තීරණය කරන්නම්. එහෙනම් නැවත වරක් උපසිරැසක් එක්ක හමුවෙන තුරු ආයුබෝවේවා…..!

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 03                                                                                                              007 – 05 >>

 

Leave a Reply

69 comments

  1. Nishanpradeep95

    Tnx welldone

  2. Subata thanks bro…!!!

  3. සබ් එකට ගොඩාක් ස්තූතියි!

  4. Supiri bro.thanks a lot

  5. Dear samee,dont give up. we all with u and Biscop set .

  6. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  7. thanks machan

  8. ගොඩක් ස්තුතියි

  9. ela ela wae digagatama karagana yamu….

  10. pissu karanna epa kollo… umbe watina kale mehema anith un wenuwen weya karana 1ma madei. apita sub hambuna wagema sathutak ekath. jaya wewa oonn!!!

  11. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  12. anith ekak oneeeee

  13. රාම් රාජ්

    ස්තූතියි.

  14. ane macho ahema karanna apa

  15. dimuthu තරංග ඉලුක්කුඹුර

    අනේ සහෝ නවත්වන්නනම් එපා .මේක හිමිහිට හරි ඉවර කරමු.මමත් සබ් දෙන කෙනෙක් වශයෙන් අදහස් අඩුවෙනකොට කරන්න එපා වෙනවා තමයි,නමුත් ගන්න අය ගැන හිතල මම කරනවා,ඒක නිසා අතහරින්න එපා,ඔබට ජය.

  16. maxxa macho
    digatama me film walata sub denna

  17. niyamayi machan mama 1,2,3, baluwa niyamay… ithuru okkoma dapan machan… ube wadeta suba pathanawa bokkenma…

  18. maru maru yaluwa.api innawa oya ekka.anith ewath danna………..

  19. සහෝ කරන උදව්වටනම් තෑන්ක් යූ වෙරි මච්… දිගටම වැඩේ කරගෙන යන්න.

  20. patta machan….you only live twice 1 nam onimai…(Y)

  21. කොමෙන්ට් නිසා මේ වැඩේ අතාරින්න එපා සමීර මල්ලි. මොකද ලංකාවේ කෙනෙක් විදිහට ඒක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍යය දෙයක්. අපි කරන දෙයින් ආත්ම තෘප්තියක් ලබන්න මගේ මහන්සියෙන් කෙනෙක් කොහොම හෝ පහසුවක් විඳිනවානේ කියලා. මම නම් සලකන්නේ මේක එක්තරා පිනක් කියලා. මොකද කිසි දෙයක් බලාපොරොත්තු නොවී තව කෙනෙක් ගේ හිතක් සතුටු කිරීම ඇත්තටම පිනක්. ඒ සතුට ආපහු බලාපොරොත්තු වෙන එක මිනිස් ගතිය උනාට. ඒක එහෙම වෙන්න ඕනේ කියලා හැමෝම නොහිතන එකත් මිනිස් ගතිය. ඒක නිසා කරන වැඩේ ඉවරයක් කරන්න බලන්න. හිත කඩා ගන්න එපා. 😀

  22. uda සහෝගෙ කතාව නම් හරියට හරි…මේ සෙට් එකට සබ් දෙන වැඩේ දිගටම කරගෙන යන්න…ජයෙන් ජය…….

  23. මම හිතුවා බෝම්බ සහ රෝස කියලා…… 😛 එල එල ඔහොම යන්….. 😀

  24. Ane macho ehema karanna epa… Kauru nathath mama nam denakan inne me set eka balanna. Thanks a lot …. Onna gaththa.

  25. maxxa bro….ee langa ekath karanna shakthiya labenna ona…

  26. නලියා

    ස්තුතියි සමිර සහෝ..

    ඔයාගේ තිරණය සාධාරණයි.

    මේ වෙන මහාන්සිය ගැන අපි දන්නවා
    ඔබට
    ජය වේවා

  27. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. අනෙක් චිත්‍රපටත් ඉක්මණින් ම උපසිරැසි ගන්වන්න. ස්තුතියි.

  28. mudiya / මුදියා

    නියමයි සමීර සහෝ.ඔයා කරන්නේ කවුරුවත් කරන්න හිතන්නෙවත් නැති එකක්.මෙච්චර වටින ෆිල්ම් ටිකක් සිංහලෙන් අපිට ගේන්න ඔයා වෙන මහන්සියට ස්තූති කරන්න වචන නෑ.දිගටම 007 කථා ඔක්කොටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  29. Thanks friend,Keep it up!!!

  30. patta opata patazzzzzzzzzzz

    jaya wewa

  31. අනිවා සහෝ; එක ඉල්ලීමක් කරන්නම් මේ වැඩේ නතර කරන්ඩනම් එපා. මේක එදා ඉදන් අද දක්වාම උපරිම තලයේ තිබෙන චිත්‍රපට පෙළක්. හිතන්ඩ වසර 50ක් එකම චරිතය එකම ජනප්‍රියත්වය(නෑ… එන්ඩ එන්ඩ වැඩි වෙලා) හැබැයි කොච්චර කල් ගියත් බොන්ඩාට නොලැබෙන එක දෙයක් තියෙනවා.
    දන්නවද කවුරුහරි?
    නිසැකයෙන්ම ඔහුට කිසිදු උසස්වීමක්නම් ලැබෙන්නෙ නෑ නෑ නෑමයි. හේතුව ඔහු තමා හොදම මිනිහා. හොදම මිනිස්සුන්ට හොදම දේවල් හම්බෙන්නෙ නෑ. හැබැයි හොදම වැඩ කරන්නේ ඒ අය. හොදම වැඩ්ඩොත් ඒ අයමයි. ඔයාත් ඒ වගේමයි සහෝ…

    හොදම දෙයක් දුන්නත් ආපිට ලැබෙන දෙයක් නෑ…
    එතකොට බොන්ඩ් සහ ඔයා එකවගේ ඒ අතින්.
    එහෙමයි කියලා බොන්ඩ් වැඩේ අත්තැරියේ නෑ; ඇතැම් වෙලාවක ඔහුත් ඒ ගැන කම්පා නොවුණා නෙමෙයි. නමුත් අත්හැරියේ නෑ… ඔහුගේ රටට, ඔහුගේ සේවය වුවමනාව වෙලාව ආවම ඔහු එතැන ඇති. අපිටත් ඔයාගෙ සේවය ඕනිමයි. ඉතින් අපිටත් වඩා ළගින් බොන්ඩ්ව අදුනන බොන්ඩ්ව ඇසුරු කරන ඔයත් ඒ විදිහටම වැඩ කරයි කියලා විශ්වාසයි සහෝ… ඉතිරි ටිකත් ගේන්ඩ.
    ජයෙන් ජය!

  32. thanks saho……….
    patta pata pata

  33. “චූටී මල්ලි”

    අනිවා අනිවා කොල්ලෝ මාත් දන්නවා
    කමෙන්ට් අඩු උනාම කොච්චර හිතට දුකද කියලා
    ඒක තෙරෙන්නෙ සබ් හදන කෙනෙක්ටම තමා

    කමක් නෑ බ්‍රෝ නවත්තන්න එපා මේක දිගටම දෙන්න
    වටිනා ෆිල්ම් සෙට් එකක්නෙ අනාගතෙ මේකට එන කට්ටියත් මේවා බලලා සතුටු වෙයිනෙ

  34. wede nam mal 7i macan..
    digatama karagena yanna…
    ela ela.
    ela.

  35. Nice Work macho,keep it up,thanks

  36. niyamai saho nosali karamu mey wade

  37. එල කිරි මචං මෙන්න ෆිල්ම්ස්

  38. mihin ලංකා

    ජය වේවා..පටන් ගත්ත වැඩේ ඉවර කරමු සහෝ…. මැක්සා

  39. patta wadak ohoma yamu 😀

  40. anikath ada hetama denna jaya

  41. ela kiri kollo 007 awa tika nam maxxa

  42. thnksss bro digatam denna

  43. thx all the best

  44. බොහොම තැන්ක්ස් කිවූවා….

  45. කමෙන්ට් නැති උනාට ගණන් ගන්න එපා සහෝ . මොනා කරන්නද අපේ කට්ටිය ඔහොම තාමා දැනටම 100 විතර අරන් ඉතින් කෙමෙන්ට් කියාද.මොකා නොදැම්මත් අපි දානවා.. ජය

  46. rusuru | රුසිරු

    සුපිරි ඔන්න දිගටම දෙන්න හොදේ

  47. maxxa maxxxaxaxaxxaxaxaxa anith akath ikmanat denna

  48. අන්න අන්න වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ. මම එකක් බලලා ඉවර වෙලා අනික් එක එනකම් මේ බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මෙන්න ඒ පාර සමීර සහෝට එපා වෙලා වගේ පෝස්ට් ලියවෙනවා. සහෝ වැරදිලාවත් නවත්වන්න නම් එපා. මේ සීරීස් එකම ඔයාගෙන් අතින්ම හැඩ වුනොත් අනිවා ඒක හොඳ තත්වයක තියෙන වටිනා කියන එකතුවක් වේවි. අපි වෙනුවෙන් වැය කරන වටිනා කාලෙට බොහොම පිං කියන අනේ සහෝ නවත්වන්න නම් එපා ඔන්න.

    උදා එහෙන් කියනවා සබ් දාන්න හිතෙන්නෙ නෑ කියලා. මෙන්න මේ පාර සමීරත් අදි මදි කරනවා. කෝ හැමෝම නිකන්ම බාගෙන යන්නෙ නැතුව කමෙන්ට් එකක් දාලා ගමු නේද?

  49. පට්ට සේරම සබ් එක්ක බලන්න ලැබෙනවා කියන්නේ සුපිරි මචෝ නවත්වන්න එපා දිගටම යමු කරගෙන

  50. ela ela ela macho

  51. එලස්. දිගටම දෙමු පට්ට්ට

  52. පට්ට මචෝ අනිත් ඒවාත් ඉක්මනට දෙන්න …ජය

  53. lasanatha!!!!!!

    supiri macho 😀

  54. patta 07 awa digatama denna thxxxxx

  55. notisamanalaya

    නියමයි මචං…

  56. elazzz thnxzzz

  57. පට්ට පට්ට මචං නියමයි හොදේ… මේක දෙනකම් උන්නේ

  58. patta patta macho

error: Alert: Content is protected !!