You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / Time Lapse (2014) | අනාගතය දෙස තෙවැනි ඇසකින් බලමු..!! [සිංහල උපසිරැසි සමඟ]

Time Lapse (2014) | අනාගතය දෙස තෙවැනි ඇසකින් බලමු..!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

Time Lapse (2014)

ඔන්න මේ සැරේ The 100 කොටසින් පස්සේ, තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි අරගෙන බයිස්කෝප් එක පැත්තට ගොඩ වෙන්නයි මේ සූදානම. මේ චිත්‍රපටිය දැනට නිකුත් වෙලා වගේම, ඉංග්‍රීසි පිටපතක් නිකුත් වෙලා එහෙමත් ටික දවසක් වෙනවා. මේ දවස් ටිකේ අසනීප තත්වයෙන් පසුවුණු නිසා, කෝමින් කෝම හරි ගේන එක දවසකින් දෙකකින් ප්‍රමාද වුණා. ඉතින් මම මේක අවස්ථාවක් කරනවා හැමෝගෙන්ම සමාව ඉල්ලන්න…

Time Lapse (2014) කියන්නේ කෙටියෙන් කිව්වොත් අමුතු ගණයේ චිත්‍රපටියක්. අපි හැමදාම බලන සාම්ප්‍රධායික චිත්‍රපටි වල තේමාවෙන් ඔබ්බට ගියපු, වෙනස්ම ආරක තේමාවක් රැගත් චිත්‍රපටියක් කිව්වොත් හරි. ඔයාලා නිකමට හරි හිතලා ඇති නේද, අපි අද දවස ගත කරන කොට, හෙට දවස ගැන මොනායින් මොනා වේවිද කියලා හිතන ගොඩක් දෙනෙක් ඉන්නවා කියන එක ගැන. සාමාන්‍යයෙන් අපි නිකමට හිතලා බලමු, හෙට දවස ගැන යම් ඉඟියක් දෙන්න පුළුවන්, පත්තරයක්, සටහනක් නැත්තම් පින්තූරයක් හරි වෙන මොනයම් හෝ දෙයක් අපිට ලැබුණොත් කොහොමට තියේවිද..!? එහෙනම් මුළු ජීවිතේම සාර්ථක කර ගන්න පුළුවන් වෙනවා සිකුරුයි! දවසකින් කෝටිපතියෙක් වෙනවා සිකුරුයි!! මම මේ කියන්න හදන්නෙත්, ඒ විදිහේ තේමාවක් ගැන කියවෙන චිත්‍රපටියක් ගැනයි..

ෆින්, කැලී සහ ජැස්පර් කියන්නේ නිකං ජීවිතය ගැන වටිනාකමක් හරි හැටි දන්නේ නැති යාළුවො තුන් දෙනෙක්. මේගොල්ලෝ ජීවත් වෙන්නේ එක ගෙදරකයි. ෆින් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම ජැස්පර් කියන්නේ, තරඟයට ඔට්ටු අල්ලන කෙනෙක්. මෙයාල මෙහෙම ජීවිතය ගෙනියද්දි, හිතුවේ නැති විදිහට පෙර වාසනාවක් පෑදෙනවා. ඒ, මෙයාලා ඉන්න ගෙදරට එහා පැත්තේ හිතාගන්න බැරි අරුම පුදුම යන්ත්‍රයක් හමුවීමෙන්. ඇත්තෙන්ම කිව්වොත් මේක, අනාගතය ගැන පින්තූර එළියට දාන කැමරාවක්! හිතාගන්නත් පුළුවන්ද වැඩේ කොහොමද කියලා..!! මේ අරුම පුදුම යන්ත්‍රයේ නිමැවුම්කරුවා වගේම, ගෙදර අයිතිකාරයා වෙන, බෙසරීඩිස් යන නමින් හඳුන්වන විද්‍යාඥයා කළක සිට ආගි අතක් නැති බව මේ යාළුවන් තුන් දෙනාට දැනගන්නට ලැබෙනවා..

අරුම පුදුම සිදුවීම් සිදුවෙන්න පටන්ගන්නේ, එතැන් සිටයි. හැම රැයකම රාත්‍රී 8 පසුවන කණිසමට, හෙට දිනයේ විය හැකි පින්තූරයක් එම අරුම පුදුම කැමරාවෙන් එළියට දානවා. යාළුවෝ තුන්දෙනාට හිතාගන්නත් අපහසුයි මේක නම්.. ඔයාලාට හිතාගන්න පුළුවන් ද මේ වැඩේ කොහොමින් කොහොම කෙළවරක් දකීවිද කියන එක..?? මම ඒක ඔයාලාට බාර කරනවා බලන්න. ඒ වගේම කියන්න ඕන, චිත්‍රපටිය ලබාගෙන තියෙන IMDb චිත්‍රපට දර්ශක අගය 6.4ක්. ඒ වගේම, Rotten Tomatoes විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරය 92%ක ඉහළ අගයක් ගන්නවා. ඉතා විශේෂයෙන් කියන්න ඕන, චිත්‍රපටය සඳහා කැලී ලෙස රංඟනය දායකත්වය සපයන Danielle Panabaker, අප කවුරුත් දන්න The Flash කතාමාලාවේ එන කෙට්ලින් චරිතයට පණ පොවන්නේ ද මැය වීමයි..

ඉතින් හිතන්න දෙයක් ඉතිරි කරන චිත්‍රපටයක් සහ අනිවාර්‍යෙන්ම බලන්න කියලා ඔයාලාගෙන් ඉල්ලනවා.. 🙂

සුපුරුදු පරිදි කමෙන්ට් එකක් ඳැම්මට මගේ කිසි තරහක් නෑ.. 😀

Time Lapse (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

5b016ec3e3fa0a2eeb1ad2139d5f102b5d66c5fc

1.48 GB (HD) කොපිය මෙතනින් බාගන්න

a29351dd93c582caa5c3ddb543f40adabdacfa6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. blue ray dennakooooo pin oyalat

  2. Dominance_dishantha

    Sub ekata thanks bn..

  3. මෙකේ blyray එක update එකක් නෑ නේ. Hd සබ් එක වැඩ කරයිද bluray එකට

  4. sunanda shanth

    thanks

  5. Malith dilshan

    උපසිරසියට ස්තූතියි

  6. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  7. mata meka down karana hati poddak kiyanavada kauru hari pls kattiya sub eka dana vidiyath poddak kiyapalla

  8. onna adai mama sub eka gaththe thans macha….

  9. Yashmika, onna oya sub kala ewain 8 weni film ekath beluwa. thanks! digatama subs denwata godak thanks!

  10. Lakshman Karunarathne

    thanx lot..good luck

  11. thanx.good luck

  12. බොහොම ස්තූතියි යස්මික සහෝ මේ වගේ විද්‍යා ප්‍රබන්ධ කතාවලට sub දානවට.

  13. patti,thanks saho

  14. ස්තුති ඔබට…..! BR පිටපත ඇවිල්ල

  15. තැන්ක්ස් හොදේ…බොහොම පින්.ජයෙන් ජය!!!

  16. Thank you

  17. thnx saho sub ekata

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  19. Nice story 🙂 Thank you bro!!

  20. රවිඳු නිපුන්

    මේ යශ්මිකයනේ….
    තෑන්ක්ස් ආ….
    සොරි වෙන්න ඕන පරක්කු වුනාට…
    බෑමක් තමා.

  21. බොහොම ස්තුතියි උපසිරසියට, එනකම් බලන් හිටියේ

  22. බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  24. sub ekata thanks!

  25. බ්ලැක් පැන්තර්

    තුති වේවා කොල්ලෝ…!!!
    ජය…!!!

  26. Maxximum film ekak thama……. Blew My Mind…

  27. thanks sahooo

  28. Thanks Saho… Sub akata Thuthi……..


  29. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  30. ela ela bro patta film ekak wage bala balamu ehenam thanks sub ekata

  31. gooooooooooood i downloded meny may be 1500/2000 film and tv ser….

  32. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  33. bohoma sthuthi saho….:)

  34. නලින්

    ස්තුතියි යස්මික සහෝ..!

    ජය වේවා!

  35. ෆිල්ම් එක හොදයි වගේ 🙂 බලමු THNX 😀

  36. patta bro

  37. මචං සබට තුති පුලුවන් නම් APOLLO 13(1995) චිත්‍රපටිය සබ් කරලා දෙන්න මේක RON HOWARD අධ්‍යක්සවරයාගේ සුපිරි වැඩක්TOM HANKS නුත් ඉන්නවා ඒක නිසා එල ඔයාට පුලුවන් විතරක් කරලා දෙන්න බැරි නවුනාට හිතේ තරහක් නැහැ

  38. මචං සබට තුති පුලුවන් නම් APOLLO 13(1995) චිත්‍රපටිය සබ් කරලා දෙන්න මේක RON HOWARD අධ්‍යක්සවරයාගේ සුපිරි වැඩක්TOM HANKS නුත් ඉන්නවා ඒක නිසා එල ඔයාට පුලුවන් විතරක් කරලා දෙන්න බැරි නවුනාට හිතේ තරහක් නැහැ

  39. thanx bro…….

  40. ela kathaawak wage maath film eka banooo!! thanks for subtitle !! 🙂 🙂

  41. සබට තුති සහෝ !!!!

  42. niayamai…thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  43. i tamil film eke dvd rip eka avilla puluwannam ekatath sub denna.

  44. chathura madusanka

    ela baun

  45. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    සබට බොහොම ස්තුතියි .

  46. Thanks.

error: Alert: Content is protected !!