Wednesday , October 20 2021
Breaking News

Titans (2018-) [S03 : E08] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව! [සිංහල උපසිරැසි] [18+]

Rating: 9.9/10. From 16 votes.
Please wait...

පසුගිය කොටසින්

තවත් හොදම විදිහට ටීම්-අප් එහෙම නැත්තම් සුපිරි වීරයින්ගෙ එක්කාසු වීමක් පසුගිය කොටසින් දකින්න ලැබෙනවා ඒ බ්ලැක්ෆයර් පවා මේ කණ්ඩායමට සම්බන්ධ වීමත් එක්ක. ඒක තමයි ප්‍රධානම දේ වෙන්නෙ. මොකද ස්ටාර්ෆයර් කිව්වත් වගෙ බ්ලැක්ෆයර්ව ආපහු ටැමරාන් වලට යවන්නත් බැහැ වගේම කෝරිට එයාව මරන්නත් බැහැ. මේ අතරෙම බ්ලැක්ෆයර් එයාලගෙ දෙමව්පියන්ව මරපු හේතුව ඇතුළු හුගක් දේවල් දැනගන්න ලැබුනා. මේ හේතුවේ ප්‍රධාන වශයෙන් ඇතුලත් වුනෙ බ්ලැක්ෆයර්ව ටැමරාන් වලදී සලකලා තියෙන්නෙ ශාපලත් දරුවෙක් විදිහට වගේම එයාට දෙවැනි අවස්ථාවක් ලැබිලත් නැහැ. මේ නිසාම ස්ටාර්ෆයර් එයාට අනුකම්පාව දක්වලා ටයිටන්ලා අතරට එකතු කරගන්නවා.

මේ අතරේ ක්‍රේන් හදන බෙහෙතට වහල් වෙච්ච රෙඩ් හුඩ් පිස්සුවෙන් වගෙ හැසිරෙන එක ටිකකට නවත්තලා එයාව පාලනය කරගන්න ක්‍රේන් ගත්ත තීරණයත් එක්ක කොටස පුරාවට වැඩි වශයෙන් ක්‍රේන්ගෙ චරිතය ඉස්මතු කරලා පෙන්නුවා. ලේඩි වික් ලව්වා හොරකම් කරවපු මැෂින් එක පාවිච්චි කරලා මේ අය හදලා පරික්ෂා මට්ටමින් තිබුණු ශක්තිජනක බෙහෙත පුළුල් මට්ටමින් ඉහලට ගෙනියන්නයි එයා ලැස්ති වුනෙ. ඒත් ටයිටන්ලගෙ මැදිහත් වීමෙන් ඒකත් අතරමග නැවතුනා.

මේ අතරේ GCPD එකේ කාලයක් පුරාවට වහලා තිබ්බ ඔරකල් පද්ධතිය ඩික්ගෙ පෙරැත්ත නිසාම ආයෙ වතාවක් බාබ්රා පාවිච්චි කරන්න ගත්තා ඒක යොදාගෙන ස්කෙයාක්‍රෝ අල්ලන අරමුණින්. ඒත් ඩික්ගෙ ජීවීතේ අනතුරේ වැටෙනකල්ම මේ අයගෙන් කවුරුත් දැනන් හිටියෙ නැහැ ඒ වෙද්දීත් ක්‍රේන් ඔරකල් පද්ධතියට රිංගලා ඉවරයි කියලා. ක්‍රේන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙ බාබ්රා වගේම ලේඩි වික් අතරේ ඇතිවුන සටන අතරේ ලේඩි වික් ලං කරලම ගත්ත බාබ්රාගෙ මූනෙ පින්තුරේ පාවිච්චි කරලා. මේ ගැන හත්වැනි කොටසෙ මුල් හරියේදීම දැකගන්න ලැබුනා.

අද කොටසින්

ක්‍රේන්ගෙ පිස්සු විකාර වැඩ ජේසන්ට එපා වෙන්න අරං තිබ්බත් මේ දෙන්නගෙ හවුල කවදා හො ඉවර වෙන විත්තිය කලින් කොටස් වලදී ඉගි ලබා දුන්නා. ඉතිං ඒ ඉගි වලට හරියන විදිහට අද කොටස හදලා තියෙනවා. හයවෙනි කොටසෙ උපසිරැසිය අරං එද්දී මං කිව්වනෙ ඊලග රොබින්, ඒ කිව්වේ තුන්වෙනි රොබින් කතාවට එන්නයි හදන්නෙ  කියලා?! ඒකට හරියන මුල්ම පියවර මේ කොටසින් හරිආකාරව සිද්දවෙනවා. සමහරුන්ට නම් මේක විහිළුවක් වගෙ පෙනේවි. මොකද මේ තරම් රොබින්ලා එන්නෙ කියලා. ඒත් ඇත්තම කිව්වොත් කාන්තා රොබින් කෙනෙක්වත් මේ කතාව හරහා හදුන්වාදෙන්න පුලුවන් කියන විශ්වාසය මුලදීම සිද්දවුනා.

කේරි කෙලී ගැන තමයි ඩික්ට මුලින්ම බැට් කම්පියුටර් එකෙන් දැකගන්න ලැබෙන්නෙ. මුල්ම රොබින්ලා තුන්දෙනා අතරේ නැති උනත් කේරි කියන්නෙ Frank Miller, Klaus Janson, Lynn Varley තුන්දෙනාගෙ එකතුවෙන් 1986 වසරේදී නිකුත් වුන ‘The Dark Knight Returns’ කොමික් කලාපය ඔස්සෙ හදුන්වාදෙන අලුත්ම රොබින් චරිතය කැරොලයින් කීන් ‘කේරි’ කෙලී නොහොත් කේරි කෙලී කියන්නෙ. කොමික් වලදී දකින්න ලැබෙන මුහුණුවරට සමානම කෙනෙක් තමයි ටයිටන් මුල්ම කොටසෙ බෲස් බදවාගන්න හදන අලුත්ම තරුණ ළමයින්ගෙ එකතුවේ මුලින්ම දැකගන්න ලැබෙන්නෙ. සාමාන්‍යයෙන් මේ කතාවේ නිකමට කොමික්වල චරිතෙක නමක් හො  නළුවෙක් හො නිලියෙක් නිකන් පාවිච්චි කරන්නෙ නැහැ. ඒ කෙනාවට ගොඩක් දුරට කතාව ගේනවා.

ඒත් දැන් මේ කතාව ගොඩනැගෙන්නෙ තුන්වෙනි රොබින්ව නිර්මාණය කරන්නනෙ. බැට්මෑන්ට හිටිය තුන්වෙනි රොබින් තමයි ටීම් ඩ්‍රේක් කියන්නෙ. ඉතිං මේ වෙද්දීත් ටීම් ඩ්‍රේක්ව ටයිටන් කතාව ඇතුලෙ පෙන්නලා ඉවරයි. දැන් තියෙන්නෙ ටීම් ඩ්‍රේක්ව තුන්වෙනි රොබින් බවට පත් කරන එක. මේ දේ වෙයිද නැද්ද කියන්න නම් අමාරුයි. බලාගෙන ඉමුකො ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා.

එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The Forgotten Battle (2020) AKA De slag om de Schelde Sinhala Subtitle | අමතක වී ගිය සටන… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Ithuru Sub Tikath Ikmanata Dannako….

  2. බොහොම ස්තූතියි සබ් එකට

  3. 9weni episode ekt sinhala subtitle denne nadd

  4. අලුත් එපිය නැද්ද තාම

  5. episode 09 ekata sub denne ndda?

  6. thanks sago

  7. Shanaka Madushanka

    thnaks sub ekata bro

  8. thank you brother

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. බොහොම ස්තූතියි සහෝ…. ❤️❤️❤️

  11. සබ්එකට Tnx Mchn,,, stephen amel ඉන්න heels සීරීස් එකට පුලුවන්නං සබ් දෙමුද ,,, ජය!! ✌️✌️

  12. Sex Education එකට සබ් දෙනවද ඔයාලා?

  13. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  14. Shang-chi දෙන්නෙ නැද්දෝ….?

  15. පුලුවන්නන් Star Girl Season 2 subtitle ටිකත් දෙන්න.

  16. Thanks Bro.

  17. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!