අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

To the Wonder (2012) | ආදරය, කරුණාව හා විවාහය…(18+) [සිංහල උපසිරැස සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

To the Wonder (2012)මගෙ 50 වන උපසිරැස නිර්මාණය වෙනුවෙන් සුභ පතලා අදහස් පළකල හැමෝටම බොහොම ස්තුතියි. මෙන්න එහෙනම් 51 වැන්න. අද මම අරගෙන ආවෙ වෙනස්ම විදිහක සලරුවක්. නමුත් මම දන්න නැහැ ඔයාට මෙ ආරට කොහොම රුචිකත්වයක් දක්වයිද කියල. මොකද ලෝක සිනමාව එක මානයක එක ආරක සිරවුන දෙයක් නෙමෙයි. අපි ඒ තුල අමුතු අමුතු හැඩයන්ගේ ලකුණු දකිනව. ඉතින් මම දැක්ක එහෙව් ලකුණක් ඔබ වෙත ගේන්නයි මේ සූදානම්. ඒ වගේම ප්‍රංශ, ස්පාඥ හා ඉතාලි යන භාෂාවන් මෙයතුල ඉංග්‍රීසි භාෂාවටත් වඩා භාවිතා වෙනව.

මේකත් 2012 කියල වර්ග කරන්න හේතුව 2012 සැප්තැම්බර් 02 වන දින වැනීසියේ එක දර්ශන වාරයක් පැවැත්වීම. නමුත් නියම විදිහට ප්‍රේක්ෂකයා වෙත ප්‍රදර්ශනය ඇරබෙන්නෙ 2013 පෙබරාවාරි 22 මහා බ්‍රිතාන්‍යයේ හා 2013 අප්‍රේල් 12 ඇමරිකාවේදි. පිටපත හා අධ්‍යක්ෂණය ඔස්කා සම්මාන ත්‍රිත්වයකට නාම යෝජනා ලද Terrence Malick ගෙන්. මෙහි ප්‍රධාන චරිත තුනක් තමයි මූලික වශයෙන් දිවයන්නෙ ඉන් පුරුෂ චරිතය නිරූපණය කරන්නෙ සුපිරි නළු Ben Affleck ඔහු සමඟ ප්‍රධාන කාන්තා චරිත නිරූපනය කරන්නෙ Olga Kurylenko හා Rachel McAdams යන දෙදෙනා. මේ නම් ගැන මම අමුතුවෙන් කියන්න යන්නෙ නැහැ ඔක්කොම බොහොම හුරු පුරුදු නිසා. Drama, Romance ගණයට අයත්වන මේ සලරුව IMDB දර්ශයක තුල 6.3ක අගයක් හිමිකරගෙන තියනව.

හරි දැන් කාතාව වෙන්නෙ මෙහෙමයි; නීල් නම් යුරෝපයේ සංචාරය කරන ඇමරිකානු ජාතිකයාට හමු වෙනව තරුණ වැන්දබුවක් ඇය නමින් මරීනා, ඇය යුක්‍රේන ජාතිකයෙක්, ජිවත් වෙන්නෙ මුල් කසාදයේ දුවනිය වන ටටියාන එක්ක පැරීසියෙ. මේ දෙදෙනා හමුවීමත් එක්කම එය ආදරයක් බවට පත්වෙනව. මේ ආදරවන්තයන් යනව ශාන්ත මිචෙල් කන්දට සවාරියක්. ඒ සමඟම දලුලා වැඩෙන ඔවුන්ගේ බැදීම එක්ක නීල් ආරාධනා කරනව මරියා හා ඇයගේ දියනියට තමා එක්ක ඇමරිකාව බලා යන්න. ඔවුන් ඔක්ලහෝමාවේ පදිංචියට යනව, ඔහු ස්වාභාවික පරීක්ෂකයෙකු ලෙස රැකියාව කරන අතර ඇය හැඩ ගැහෙනව රාගයෙන් හා ප්‍රාණයෙන් පිරි නව ඇමරිකානු ජීවිතයට. නමුත් ඔවුන් අතර මත ගැටුම් ඇතිවෙන්න වැඩි කලක් යන්නෙ නැහැ……

ඉන් එහාට ඔවුන්ගේ ජීවිතය හා ආදර හමුවේ ඔවුන් දක්වන සංවේදීතාව අමුතුම ආරකින් ඔබට දැකගන්න පුලුවන්, ඒ තරම්ම දෙබස් ගණනක් මේ මිනිත්තු 112 තුල ඔබට දකින්න නොලැබේවි. නමුත් ඒ අතර විශාල නිහැඬියාව අපි හට සිතීමට ඉතිරි කරන ජීවිතය වටහා ගන්න උත්සාහ ගන්න. එසේනම් තවත් උපසිරැසක් සමඟ හමුවන තුරු ඔබ සැමට ජය….!

To the Wonder (2012) on IMDb

 

 

360 MB (480p) කොපිය මෙතනින් බාගන්න

632fec7641f4df168ec3973a993c7e3efebe2d62

820 MB (720p) කොපිය මෙතනින් බාගන්න

f5c93393ba4e98661f7d3b2ec87c0ea25c3a2e76

1.7 GB (1080p) කොපිය මෙතනින් බාගන්න

960d8a9fd35a278b6b9eeb5e637f396b682564ac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

44 thoughts on “To the Wonder (2012) | ආදරය, කරුණාව හා විවාහය…(18+) [සිංහල උපසිරැස සමඟ]

  • Sub good..thanks ….state of play 2009 denna

    Reply
  • ලස්සන ෆිල්ම් එකකට කළ
    ලස්සන සත්කාරයක්!
    රසික අපටත්!
    ගොඩක් ස්තුතියි සමීර!

    Reply
  • ගොඩක් ස්තුතියි යාලුවා…. 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • බොහොම ස්තුති

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    Reply
  • එල කිරි සමීර.ලස්සන කතාවක් වගේ.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • ඔහොම යන් එල එල

    Reply
  • සමීර කොල්ලා මේ පාර ගෙනල්ලා තියෙන්නේ අපිටම ගැලපෙන චිත්‍රපටියක්නේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඇක්ෂන් චිත්‍රපටිම නැතුව, මේ වගේ නිර්මාණත් දෙන එක ගැන බොහොම ස්තුතියි!
    51 වන උපසිරසියට බොහොම ස්තුතියි!
    ඒ වගේම උපසිරසි 51ක් නිර්මාණය කිරීමට ගත්ත අවංක උත්සාහය ඉහලින්ම අගය කරනවා. ඔයාගෙ මහන්සිය සහ කාලය තමයි අපිට නිකන් ලබා දෙන්නෙ.
    ජයම වේවා!

    Reply
  • gindara parak wenna one..thanks sahoo

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දෙනවා කියන්නේ නොබලා කොහොමද? ජය෴෴ 😛 😛

    Reply
  • මොකද බන් සමීයෝ?
    50 පැන්නට පස්සේ දාපු සබ් 1.කමක් නැහැ.එළ වගේ ෆිල්ම් 1කට සබ් දානකන් අපි බලන් ඉන්නවා.

    Reply
    • මොකද්ද මචෝ මේ කතාව? සිනමා ලෝකයේ තියෙන්නෙ ඇක්ෂන් විතරක් නෙමෙයි. ඔයා බලන්නෙ ඒක වෙන්න පුළුවන් නමුත් අනික් නිර්මාණ දහස් ගණනාවක් වෙනත් කෝණ වලින් බිහි වෙනව. එහෙව් ඒව බලන උදවියට උපසිරැසක් ගේන්න 51ක ම වෙන්න ඕනෙ නැහැ.

      Reply
    • ඔහොම කියන්ට එප සහෝ
      ඔයා ඇක්ෂන් ඒවට ආස වෙන්න පුලුවන් ඒත් ඔයා නිකමටවත හිතුවද ඇයි ඔයා ඒවට ආස කියල
      ඇයි ඔයා ලංකාවෙ ‍ෆිල්ම් වල ඇක්ෂන් වලට හිනා වෙනව ඇති නේද
      ඇයි එහෙම හිනාවෙන්නෙ?
      ඒවගේ නාට්‍යමය ගුනයක් ඇත්තෙම නැති නිසා නේද
      ඔයා ආසාවෙන් බලන ඇක්ෂන් ‍ෆිල්ම් වලයි මේ වගේ නාට්‍යමය ‍ෆිල්ම් වලයි වෙනස මේ වගේ ‍ෆිල්ම් වලදි ඒ තියෙන්න ඕන නාට්‍යමය ස්වරූපය එක දිගටම තියෙනව, සිනමාවේ විවිධත්වය කියන දේ තිබුනේ නැත්තම් ඔයාට ඇක්ෂන් ‍ෆිල් බලන්න වෙන්නෙත් ලංකාවෙ ‍ෆිල්ම් වල තියෙන ගහ මරාගැනීම වගේ තමයි 😛
      ලංකාවට මෙහෙම වෙන්නත් හේතුව ඔන්න ඕකම තමා සහෝ
      පෞද්ගලිකවම මමත් ආසම මේ වග ඒවට තමයි ඒ නිසා සමීර සහෝ එයාගෙ පනස් එක්වැන්නට ‍තෝරගත්තු නිර්මාණය ගැන මම ගොඩක් තෘප්තිමත් වෙනව
      ජය 🙂

      Reply
  • ආ… ඔව් අර දිදුලය කියන්න වගෙ කෙල්ලෙක්වත් සෙට්
    උනාද මචන් 😀

    Reply
  • ෆිලිම් එක තියෙ
    සබ් දෙයි කියල තමා බලන් උන්නෙ
    එල සහෝ 52ත් ඉක්මනටම දෙමු
    ඔබට ජය…………

    Reply
  • නියමයි මචං.. අලුත් මාතෘකාවකට බැහැල වගේ.. අපේ සමීරයා ආදර බර වෙලානෙ. එල එල.. බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා෴

    Reply
  • සුපිරි සමීර

    Reply
  • නියමයි.. ලිපියේ හැටියට නම් අමුතුම එකක් වගේ..

    එළ එළ සැමී.. ඔන්න එහෙනම් ලිස්ට් එකට ඇඩ් කොර ගත්තා

    ජය වේවා!

    Reply
  • එල වැඩක් හොදේ

    Reply
  • ඔහෙපලයන් මේකා දැන් එක එක අයිටම් එකේ එව්වා ගේනවා නේ…
    නියමයි, නියමයි…
    මමත් හරි කැමතියි මේ වගේ කතා වලට…
    නිදහසේ බලන්න පුළුවන් කතාවක් වගේ…
    ජය වේවා එහෙනම් සැමියෝ…

    Reply
    • හත්වලාමේ මේකත් 18+ එකක් ද, දැන් නොවැ ඒක දැක්කේ….
      චාහ්….හිතන් හිටියේ සාලේ ඉදන් පුළුල් තිරේට (ටි වී එක) දාන් බලන්න…
      ඒ වැඩෙත් අන්ජබකල් උනා…

      Reply
  • කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නෑ
    ජය !

    Reply
  • සුපිරි මචං

    Reply
  • දිගටම සබ් දෙන්න මචං

    Reply
  • එල එල මචං

    Reply
  • බොහොම තුති

    Reply
  • අඩේ මරු මචෝ මේවගේ ඒවාත් දෙන එක වටිනවා නියමයි

    Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • එලස් බාන්න දානව හෙට තුති

    Reply
  • ela maxxa love story akak wage

    Reply

Leave a Reply to h[A]s Cancel reply

Your email address will not be published. Required fields are marked *